Monday, November 14, 2011

ටික්කො එක්ක සෙල්ලම් කරල තියනවද?


මේ සතාට "ටික්කා" කියල කිව්වට හරියටම මුන්ගෙ නම සිංහලෙන් කිව්වොත් ක්ලික් බීටල් :).මුන්ට ටික්කා කියන නම හැදුනෙ නම් මේ සතාගෙ පිටිපස්ස කොටස ඇගිල්ලකින් තදකරගන හිටියහම ඌ ඔලුව ගහනව ටික් ටික් ගාලා,අන්න ඒක නිසා වෙන්නැති.කාඩ්බොර්ඩ් එකක් හරි පොතක් උඩ හරි තිබ්බම නම් හොදට ඒ සද්දේ අහගන්න පුලුවන්.එහෙමත් නැත්තම් ගිනි පෙට්ටියක් උඩ තියාලා බලන්නකො. :).

පෙනුම ගත්තම නම් එච්චර විශේෂත්වයක් පෙන්නන්නෙ නෑ.ශරීරය කොටස් දෙකක් විදියට පිහිටලා තියනව අර පින්තූරෙ පේන විදියට මතුපිට ටිකක් ගනකම් ආවරණයකුත් තියනව.ඌට උඩුබැලි අතට වැටුනම "ටික්" ගාලා සද්දෙ දාගනම ආය හරි පැත්තට එන්නත් පුලුවන්.

පොඩි කාලෙ මේක ගොඩක් ලොකු විනෝදයක් උනාට පස්සෙ තේරුම් ගියා ඒ සතා පව් ඌට රිදෙනව ඇති කියල.සමහර දවස් වලට අර ලොකු අලියා ගිනි පෙට්ට් වලට දාගන ඉස්කෝලෙත් අරන් ගිහින් මිස් නැති වෙලාවට හොරෙන් එළියට අරන් යාලුවො එක්කත් සෙල්ලම් කරනව.දැන් උනත් මේ සතෙක් දැක්ක වෙලාවක ඌව අරන් සෙල්ලම් කරන්න අමතක කරන්නෙ නෑ.

මේ තියෙන්නෙ ටික්කෝ ගැන විඩියෝ එකක්,ඒකෙ පොඩි විස්තරයක් තියනව බලන්නකො.

23 comments:

  1. හපෝ ඔව්...ඕන තරම්.හැබැයි දැන් තමා තේරෙන්නෙ කරල තියෙන්නෙ මහා පවුකාර වැඩක් කියල.

    ReplyDelete
  2. දැන් වුනත් අහු වුනාම නිකංම යන්න දෙන්නෙ නෑ. ඒත් ඉස්සර තරම් වද දෙන්නෙත් නෑ. :D

    ReplyDelete
  3. @චතුවා සේම් :D

    ඒ නදී අක්කෙ.. බෙලෙක් පිගානක් උඩ තියලා ට්‍රයි කරලා නැද්ද ? මාර සද්දයි :D

    ReplyDelete
  4. මටත් ටික්කෙක් නම් අහු වුනාම නිකන් යන්න දෙන්න හිතෙන්නේ නෑ,. ඒත් පොඩි කාලේ වගේ ඌට හති වැටෙනකන්ම ටින් එකක් උඩ තියලා තද කරගෙන ඉන්නෙ නම් නෑ,.. ටික්කාගේ ඔළුව උඩින් අත බුරුලට තියන් හිටියම සද්දෙත් එක්කම එක පාරට උඩින් ගිහින් වැටෙනවා,. ඒක නම් බලන් ඉන්න ආසයි,.. :)

    ReplyDelete
  5. අලියා ගිනිපෙට්ටිය උඩ තියලා ටික්කාගේ සද්දේ අහපුඑක මතක් උනා පොඩි කාලේ ...

    ReplyDelete
  6. අපෝ මට ඔය කෘමි සත්තු අප්පිරියාවයි ..

    ReplyDelete
  7. ටික් ටික් ටික් ..
    අදට බ්ලොග් ලියන්න ඇරන් අවුරුද්දයි කියලා රංගගේ බ්ලොග් එකේ ලියලා තියෙනවා දැක්කා.
    ෂුවර් නැති හින්දා ආපහු ගිහින් බලලා ආවේ..
    මේක ඉතින් ඒ කටයුත්තට සුභ පතන්න අවස්ථාවක් කර ගන්නවා මං..
    දිගටම රසවත් හරවත් ලිපි තව තව ලියන්න හැකිවේවා කියලා ප්‍රාර්ථනා කරනවා..
    සුභ පැතුම් කෙළීට...

    ReplyDelete
  8. කස්සා බලන්න ගියාමයි දැක්කේ.ළමාවිය සැමගේ අති සුන්දරයි..ඡය.

    ReplyDelete
  9. අය්යෝ.. පුංචි කාලෙ කොච්චර වද දීල තියෙනවද ටික්කන්ට.... දැන් නම් දැක්ක කාලයක් මතක නෑ....

    ReplyDelete
  10. කිව්වමයි මතක් වුණේ. ටික්කෙක් දැක්ක කාලයක් මතක නෑ. ඇත්තටම උන් නැතිවෙලාම ගිහිල්ලද...
    ටික්කොත් සංරක්ෂණය කරන්න වෙයි වගේ.

    ReplyDelete
  11. ඉස්සර අපිට ඉතින් සෙල්ලම් කරන්න සෙල්ලම් බඩු තිබුනේ නැනේ මේ වගේ දේවල් වලින් සෙල්ලම් කලත් අද හිතෙනවා පව් වැඩක් කියලා... කොහොම උනත් දුකෙන් පිරුනු ලොකයේ සතුට දැනුන මොහොතක් මතක් උනා ආයෙමත්

    ReplyDelete
  12. මාත් ඔය සත්තු එක්ක සෙල්ලම් කරල තියෙනවා. මම් හිතුවා අක්ක මේ සතා ගන පෝස්ට් එකක් දාවි කියලා.
    කෝ ඉතින් නැචූ දූ මේකට සම්බන්ධ වෙන හැටි නෑනේ.

    ReplyDelete
  13. සිමෙන්ති පොලව උඩ උනත් හොඳට වැඩ..! මම ඉස්සර හිතන් හිටියේ ඒ ඌ කෑ ගහනවා කියල... පස්සෙයි දන්නේ ඔලුව වදින සද්දේ කියල.. :පි

    ReplyDelete
  14. අපෝ මහ පව් තමයි. ඒත් මමත් පොඩි කාලේ කරලා තියනවා.

    ReplyDelete
  15. ඒ කාලේ තමයි කාලේ...ටික්කෙක් සෙට් උනාම ඉතින් අතඅරින්නේ නැහැ..හිකිස්‌

    ReplyDelete
  16. ටික්කො හොය හොය සෙල්ලං කළා ඉස්සර නම්.. දැන් නම් මතක ඇති කාලෙකින් දැක්කෙ නෑ....

    ReplyDelete
  17. නැතුව නැතුව. ඕක ළමාවියේ කොටසක්නෙ. මේ හ්ඩැනුත් අහුවුනොත් ට්‍රයි කරලා බලනවා දැන් ඉන්න ටික්කොත් ටි ටික් ගානවද කියලා කියලා. සමහර ටික්කො CTB එකෙයි CGR එකෙයිත් වැඩ කලා.
    henryblogwalker the Dude

    ReplyDelete
  18. දවසක්ද රෑ නිදාගෙන ඉද්දි ටක් ටක් ගාල සද්දයක් අැහෙනව, බලද්දි කූඹියෙක් ටික්කව අපාගෙන ටික්ක ඔය කියන සද්දෙ දානව! :D

    ReplyDelete
  19. මමත් ටික්කො එක්ක සෙල්ලම් දාල තියෙනවා හොඳට ..
    හැබැයි .. ඒ කාලෙ හිටපු ලං.ග.ම. ටික්කො එක්ක.

    ReplyDelete
  20. ඒ දවස් වල නම් ඉතින් ටික්කෙක් දැක්කම අත ඇටියේ නෑ.. ඒත් දැං නම් එහෙම නෑ..

    ReplyDelete
  21. මම නම් කවදාවත් ඔයා වැඩේ කරලා නෑ. ඒත් දැකල නම් තියනවා. ඔය සද්දෙත් අහල තියනවා. ඒත් ඒ ගැන කවදාවත් විශේෂ අවධානයක් නම් දීලා නෑ. හොඳයි ටික්කෙක් දැක්කොත් රිද්දන්නේ නැතිව සද්දේ අහන්න බලන්නම්.
    හොඳය ිකියන්න බලන්න කවුද බස් වල ටික්කෝ එක්ක සෙල්ලම් කරලා තියෙන්නේ....:DDDD

    ReplyDelete
  22. සත්ව හිංසනයට එරෙහි වෙමු.

    මට නම් ඔය සත්තු හරි හිරිකිතයි :)

    ReplyDelete