Tuesday, November 29, 2011

ගිල්ලද? අපි දන්නෙ නෑ බඩේ පැලවෙයි එහෙනම්

මේ කියන්න යන කතාව ගොඩක් ලගකදි සිද්ද වුන දෙයක්.ඔන්න දවසක් අපේ ගෙදරලග ඉන්න ආන්ටි කෙනෙක් එයාලගෙ ගෙදර තියන වෙරළු ගහේ ගෙඩි ඉදිලා කියල යන ගමන් ලොකු ශොපින් මල්ලක් පුරවලා වෙරළු ගෙනත් දුන්නා.අපිත් ඇරියේ නෑ රහ කරකර කෑවා.කොහොමත් ලුනුත් එක්ක වෙරළු වල රහ ආය අමුතුවෙන් කියන්න දෙයක් නෑනේ.මම රහ  කර කර කනව දැක්ක නිසා නැචුරල‍්ටත් ඔනේ උනා රහ බලන්න.

අක්කා නැචුරල‍්ට දෙන්න එපා කියල කිව්ව නිසා අපි කන එකෙන්ම පොඩ්ඩක් දුන්න කන්න කියල. කොහෙද එයාට එහෙම බෑ.තනියම කන්න ඔනෙ උනා.මම් 2ක් විතර කන්න දුන්නා.අවුලක් නැතුව යස අගේට අරන් කෑවා.ඇට ටික මට දුන්නා මදේ කාල ඉවර වෙලා..

අවසාන එක කන්න යද්දිම අම්ම ඇවිත් 

ආ...මෙයාට වෙරළු දුන්නද?... කිව්වනෙ කන්න දෙන්න එපා කියලා...

ඔහොම පොඩි සද්දයක් දැම්මා.එහෙම කිව්ව ගමන්ම නැචුරලුත් බය වෙලා වෙරලු ඇටේ ගිල්ලා.දැන් මොකද කරන්නෙ!...,කට්ටියම මට බනිනව කන්න දුන්නෙ ඇයි කියල.දොස්තර ලගට යන්නත් ලෑස්ති උනා.දොස්තර ඉන්නෙ අල්ලපු වැටේ නිසා හොදයි.

එයා අමාරුවක් පෙන්නුවෙත් නෑ.ගිලලා බඩටම යන්නැති.වතුර එකකුත් දුන්නා බොන්න.ම්...අවුලක් නෑ.ඊට පස්සෙ ඉතින් හෙට උදේ වෙනකම් බලාගන හිටියා කොහොම හරි එළියට එන්නෙනැතෑ කියල.එදත් නෑ...ටිකක් බයවෙලා හිටියෙ කට්ටියම.මෙන්න එදා ඉස්කෝලෙත් ගිහින් එහෙම, හවස කක්කි දාලා,අම්ම ඒක ටෙස්ට් කරද්දි කොමඩ් එකේ වෙරළු ඇටේ තියනව.

ආ...වෙලලු ඇටේ...අර...අර...අම්මත්තා ඒක අරන්...ඉහි ඉහි ඈ...

කෑගහන සද්දෙට මාත් ඒ පැත්තට ගියා.මෙන්න බොලේ නැචුරල් අර කක්කි එකේ තියන වෙරළු ඇටේ ඉල්ලලා අඩනව.

චී...චී...පොතේ ඒවා කක්කි!... 

අම්ම ඒක විගහට අයින් කරා.

මට පස්සෙ තමා කරපු වැඩේ බරපතලකම තේරුනේ.ඇයි දෙය්යනේ හිර උනා එහෙම නම්!...

මම් කිව්වෙ අම්මගෙ කෑගෑහිල්ලට තමා එයා වෙරළු ඇටේ ගිල්ලෙ කියල නැත්තම් යස අගේට කකා හිටියනේ මාත් එක්ක කිසි අවුලක් නැතුව.. එක්කො මට තිබුනේ මදේ හූරලා කන්න දෙන්න කොහෙද මම් කන විදියටම එයාටත් කන්න ඔනේ උනානෙ.

අනික අපිත් පොඩි කාලෙ සතේ, සතපහේ ඒවා, සියඹලා ඇට, රඹුටන් ඇට එහෙම කොච්චර ගිලලා තියනවද? ඒත් ඉතින් පරිස්සම් වෙන්න ඔනේ තමා මෙවගේ දේවල් හිර වෙලා අනතුරක් උනොත්!

24 comments:

  1. මමත් පොඩිකාලේ වෙරළු ඇටයක් ගිලල බඩේ පැලවෙයි කියල මාර බයකින් හිටිය,,, හික් හික් ,,,

    ReplyDelete
  2. කක්කි කතාවක්.බඩේ පැළවුනානම් තමා වැඩේ

    ReplyDelete
  3. දන්නවද...? අපේ නෑ වෙන දුවකගෙ නහයෙ සියඹලා ඇටයක් හිර වෙලා... අම්මා ඒක දැක්කෙ ටිකදවසකට පස්සෙ.... මෙයාව ඩොක්ටර්ට පෙන්නලා තමයි එලියට ගන්න උණේ... එක ඇතුලෙම පැළවෙලා.....

    ReplyDelete
  4. පුංචි කාලේ කොච්චර ඔය වගේ දේවල් කරල ඇතිද?

    ReplyDelete
  5. පොඩි අය එහේම තමා...දැක්ක දේ කටේ දාගන්නව...මටත් අනන්තවත් රඹුටන් ඇට වෙරළු ඇට ගිලිලා ඇති..නැචුරල්ගේ අම්මා කලබල කලැඉන් තමා ඔහොම උනේ පොඩි උන් බය උනාම දන්නවනේ....අප්පේ අපේ ගෙදර ලොකු වෙරළු ගහක් තියෙනව නදී...

    ReplyDelete
  6. හනෙ අප්පෝ... අපි ඒ කාලෙ ගිලපු ඒව නම්...වෙරළු ඇට , රඹුටන් ඇට,ඉඳි ඇට ටීක් බෝල.... හානියක් නම් උනේ නෑ දෙයියන්නෙ පිහිටෙන්....ඒත් සැරයක් ඉඳි ඇටයක් ගිලල බඩේ පැලවෙයි කිව්වම නං ටිකක් බය උනා... ඒත් පස්සෙ හිතුවා එහෙම උනොත් මට රට ඉඳි කන්න ලේසි වෙයි කියලා.... කඩන්න මහන්සියක් වෙන්න වෙන එකක් නෑනෙ... ඒ ගමන බලං හිටියා ඒක බඩේ පැලවෙනකම්....

    ඒ උනාට පොඩ්ඩොන්ට දෙනකොට නම් ටිකක් පරෙස්සමින්.... එයාල අහුලල ගිල ගන්න එක වෙනම දෙයක්.... කන්න දීල එහෙම එකක් උනොත් දීපු එකාට ඉන්නවට වඩා හොඳයි මැරෙනව.....

    ReplyDelete
  7. මාත් මාර ඈටයක් නහයේ දාගත්තලු .හික්ස් .

    ReplyDelete
  8. අපොයි...මාත් පොඩි කාලෙ අනන්තවත් සියඹලා ඇට ගිලලා ඇති.අපේ අම්මා මාව බය කලෙත් බඩේ පැල වෙයි කියලාම තමා. :))

    ReplyDelete
  9. වෙරළු ඇටයක් හිරවෙලා ජිවිතේ නැතිවෙච්චි පොඩ්ඩෙක් ගැන මම දන්නවා. ළමයින්ට දෙන්න හොදම නැති දේවලින් එකක් තමා වෙරළු.

    ReplyDelete
  10. මම සැරයක් කතාවක දැක්ක එ්කෙ ඉන්න එකා දොඩං අැටයක් කාල ඊට පස්සෙ උෟව දොඩං ගහක් වගේ වෙනව! :D

    ReplyDelete
  11. අනේ ඔය පොඩි එවුන්ට කන්න දෙන වැඩේ නම් ටිකක් පරිස්සමෙන්...කඩල වගේ ඈට ජාති මාරාන්තික ආහාර...ගමන් කරන වාහන වල ඉඳන් නම් දරුවන්ට කවදාවත් කෑම කවන්න එපා.

    ReplyDelete
  12. මාත් දවසක් ටීක් බෝලයක් ගිල්ලා..හික්ස්...

    ReplyDelete
  13. පොඩ්ඩෝ ඔහොම තමයි අක්කේ....

    ReplyDelete
  14. පැටිය කාලෙ ගිලපු ඇට ජාති බඩේ පැලවුනානං එහෙම . . . මෙලාකට තනිකරම වන වගාවක් . . . .

    ReplyDelete
  15. හප්පේ පොඩි කාලේ කොච්චර බය කරල තියෙනවද බඩේ පැල වෙයි කියල....

    ReplyDelete
  16. පොඩි කාලේ අපිත් ඔය එනම මනං දිරවන් නැති ජාති ගිල්ලම අපිවත් බය කරනවා බඩේ පලවෙනවා කියල හිහි

    ReplyDelete
  17. දූපත් වැසියා- ඔව් ඉතින් බය කරනවනේ බඩේ පැලවෙයි කියල.බය වෙන්නෙ නැතුව තියෙයියැ.

    කස්ස-ඒක තමා.පැලවුනා නම්:)

    Mahesh Wඉcක්‍රමසින්ග්හෙ-ඇහ් අම්මෝ.හොද වෙලාවට දැක්කෙ

    නදීර සඳරුවන් ලියනගේ-හැමෝටම මේවගේ අද්දැකීම් ඇති අනිවාර්යෙන්.

    Raj -ඔව් මමත් අනන්තවත් පළතුරැ ඇට.සතපහේ ඒවා ගිලල තියනව.ඔව් එයා බය උන නිසා තමයි ගිල්ලෙ වෙරලු ඇටේ.අහ් එහෙනම් ඔයාල ඇත් ඉවෙනකම් වෙරලු කරව ඇති.

    Mඉයුරු-ඔව් මමත් හොදටම බය උනා.අම්මො ආය නම් එහෙම කන්න දෙන්නෙ නෑ ඇඩුවත්.

    ඝිම්හනි-හික්ස්.ඉතින් පැලවේ කියල බය උනේ නැද්ද.

    නිසුපා-හිහි පැලවුනා නම්.අද නිසූපා ගහක් :)

    රාජ්-හ්ම් ඔව් මමත් අහල තියනව මේවගේ දේවල් වලින් බබාල නැති වෙච්ච කතා.දැන් නම් වෙච්ච දේ ගැන බය හිතෙනව.හොද වෙලාවට අනතුරක් උනේ නෑ.

    තනි අලියා-ඇහ් ඇත්තටම?:)

    ලකී-ඒක ඇත්ත.අනතුරක් වෙන්න ඒ හැටි කාලයක් යන්නෙ නෑ.අනික එයාල හපනව අඩුයිනේ.කෙලින්ම ගිලනව.ඉතින් හිරවෙන්න පුලුවන්නේ.

    ReplyDelete
  18. සීතල අයියා-ආ ඒක තමා ඔයා ඔය විදියට කෙට්ටු වෙලා තියෙන්නෙ:)

    Dinesh -හ්ම් අපිත් පොඩි කාලෙ ඔහොමනේ ඉතින්.

    ඕනයා-අනේද කියන්නෙ.වෙලාවට අපිට අනතුරක් වෙන්නෙ නෑ.එහෙමත් ලමයෙක්ට තමා අනතුරක් ඇති වෙන්නෙ.කොහොමත් ඔය දේවල් දෙද්දි මීට පස්සෙ මම් නම් පරිස්සම් වෙනව.හොද පාඩම මට.

    පැණි දොඩම්-දොඩම් ඇට නම් ගිලුනට අවුලක් නෑ නේද? හිහි

    ඔබ නොදු‍ටු ලොවක්.....-හ්ම් ඔව්.මාර බයකින් ඉන්නෙ බඩේ පැලවෙයි කියල.හික් හික්

    වර්ණා-හික් හික් ඒකනේ.

    ReplyDelete
  19. අපේ මල්ලි පොඩි කාලේ සියඹලා හොය හොයා කනවා. ඒවයේ ඇටත් හිටන් ගිහිනවා. ගිලලා නිකා ඉන්නේ නෑ. වත්ත පුරාම වලවල් හාරලා කක්කා දානවා.ඉතින් අර සියඹලා ඇට පැලවෙනවා. ඒ පැල දැක්කම මලයා සතුටෙන් ඉපිලි ඉපිලි ඉන්නවා.

    ReplyDelete
  20. මේ පුංචි කලොත් කරන්නේ ඕම වැඩම තමා අයියූ.

    මට ඉස්සර ගිලෙන්නේ රඹුටන් ඇට. අපේ නෑණලා සෙට් එක ඉතින් කියවනවා ඕක බඩේ පැලවෙයි කියලා. :D

    ReplyDelete
  21. මධුරංග-හික්z සියඹලා ඇට මමත් ගිලාලා තියනව.මල්ලි ට මාර සතුටක් දැනෙනවඇති.එයාගෙ වගාවනේ.:)

    චතුවා-ආ ඇයි එහෙම කියන්නෙ. මමත් රඹුටන් ඇට ගිලලා තියනව් එකක් වත් පැල උනෙ නෑ හැබැයි.

    ReplyDelete
  22. ඇටේ හිරවුණා නම් මෙච්චරයි කරන්න තියෙන්නේ

    http://www.youtube.com/watch?v=mLgFnSyDi-U

    ReplyDelete
  23. පොඩි එවුන්ට ඔය ඇට ජාති තියන කෑම දෙනකොට කල්පනාවෙන් ....

    ReplyDelete