Friday, November 25, 2011

සිල් සුවද


"ඔබ බ්‍රහ්මචරියාව රකින බවට හා සත‍ය්‍යවාදී වන බවටත් ප්‍රතිඥා දී තිබෙනවා?"

"මම පින්තූරය බැලුවා පමණයි ලොකු හාමුදුරුවනේ."

"බලා එය සිතින් හැලුවා නම් කමක් නැහැ.එය එය මගෙන් වසංකොට මුසා බස් ද දෙඩුවා නොවැ? මම ඔබට සෙසු බොහෝ උපධය්‍යයන් වහන්සේ මෙන් නිරතුරුව කෙවිටි කරන්නේ,දොසක්දුටු විට බැන වදින්නේ නෑ නොවැ?මම ඔබට සපයා ඇත්තේ අවවාදයට වඩා ආදර්ශයයි.ඔබ නොසංසුන්.සංසුන්වන්න ආනන්ද.සිත පැවිදි කරගන්න.පැවිද්ද බන්ධනයකැයි සිතනවා ඇති?ගිහි ජීවිතය සුන්දර යැයි මිහිරි යයි හැගෙනවා ඇති?ඒ හා ඇලෙන්නත් ආසාවෙන් පසුවෙනවා ඇති?එසේ නොවේද ආනන්ද?"

සිල් සුවද
ජයසේන ජයකොඩි
ISBN 955-551-229-9

"සිල් සුවද" කියන්නෙ ජයසේන ජයකොඩි මහාතා ලිව්ව "පිච්ච මල" නව කතා මාලාවේ 6 වැනි කොටස.ඔන්න මම නම් ඒ පොතත් කියවලා ඉවර කරා.කියවලා ඉවර කරලත් සතියක් විතර වෙනව.එකිනෙකට බැදිච්ච සිද්ධි සමුදායක් ඔස්සේ සිල් සුවදේ කතාව ගලාගන යනව.රාහුල තෙරණුවන්ගේ නිවුනු ගතිපැවතුම් ,මැදගත් බව ඒ සිද්ධි සමුදාය ඔස්සේ මනාව පෙන්නුම් කරනව. වෙලාවකට හිතෙනව ඒවගේ නිවිච්ච කෙනෙක් වෙන්න ඇත්තනම් කියල.මම නම් ගොඩක් ඒ චරිතේට ආසයි.කියවලා නැති අය කතාව කොහොමද කියලා කියවලාම බලන්නකො.


17 comments:

  1. නදී අක්කා එක දවසෙම පොත් තුනක්ම කියවලා වගේ.. මේ ඔක්කොම බුදුදහම පදනම් උන ඒවා නේද??

    ReplyDelete
  2. මම මේ පොතේ අන්තිම එක කියෙවුව.ඊට පස්සෙ තමා දන්නෙ පොත් ගොඩක් තියනව කියල.අම්මාරුවෙන් ගෙන්න ගත්තෙ.අපරාදේ ඉතිරු ටිකත් කොහොම හරි හොයාගන්න ඕනෙ.ඔක්කොම විස්තර ටික දාන්න

    ReplyDelete
  3. මම ජයසෙන ජයකොඩිගේම් පොත් සියල්ලම කියවා තිබෙනවා. මා සතුව ඒ හැම පොතක්ම තිබෙනවා. ඔහුගේ මා සිත් ගත් පොත තමයි අස්වැන්න. 1971 රාජ්‍ය සම්මාන ගත් පොතක්. මේකට කොයිතරම් සම්බන්ධ මම දන්නෙ නැහැ. මේ වගේම තවත් පොත් දෙකක් මම දන්නවා.
    1. ක්නූට් හැම්සුන්ගේ සරු පස. නොබෙල් සාහිත්‍ය සම්මාන 1920.
    2. පර්ල් එක් බක්ගේ ගුඩ් අර්ත්
    ජයසේන ජයකොඩි තමයි ආර්. ප්‍රේමදාස මහතා වෙනුවෙන් පොත් ලිව්වේ. පසු කාලීනව එතුමා ඒ ගැන දුක වුනා. මොකද දෙන්න තරහා වුන නිසා. කොහොම වුවත් ඉතා හොඳ මිනිසෙක්. දැන් නම් එතුමා නිවන් මඟේ ඇති.

    ReplyDelete
  4. ස්තූතියි නදී අපිව දැනුවත් කලාට.. හොයා ගෙන කියන්නම් !

    ReplyDelete
  5. පොත් කියවිල්ල ජීවිත ගමනට අත්වැලක් වැනිය....

    ReplyDelete
  6. සිල් සුවඳ විතරක් කියවන්න එපා... පොත් මාලාවම කියවන්න... ඒකනම් සිත නිවන කතා මාලාවක්... හරිම අපූරුයි...

    ReplyDelete
  7. මමත් කැමතිම පොත් මාලාවක්. අභීත කියා තියෙනවා වගේ සිත නිවන කතා මාලාවක්.
    එතුමා කියා තිබුණා "පිච්ච මල කතා මාලාව ලිවීම නිසා මම බොහෝ සේ නිවුනෙමි" කියා.

    ReplyDelete
  8. මටත් මේ පොතක් ඉල්ලගන්න බැරි වෙයිද අක්කා. කියවලා ආයෙම දෙන්නම්.

    ReplyDelete
  9. ඔය කතා පෙලේ මුල් පොත් ටික හොඳයි ඒත් පසුව ආ කොටස් නම් නීරස ගතියක් දැනෙනවා. ඕනවට වඩා ප්‍රචාරක වාදී වෙලා වගේ දැනෙනවා.ඒ නිසා වෙන්න ඇති ජයසේන ජයකොඩි මහත්මයාම කිවේ දැන් තමන්ගේ අදහස් උල්පත හිඳිලා කියලා.

    ReplyDelete
  10. ජයසේන ජයකොඩි මහත්තයගෙ, පිච්ච මලින් පටන් ගත්ත ඔය කතා ටිකයි, තව එයාගෙ පොත් හුඟකුයි, [වෙද මහත්මයා සඳහන් කල 'අස්වැන්න' ඇතුළුව,] ඔබීයි මායි ගාව තියෙනව, ඔක්කොම කියවල තියෙන්නෙ අපි දෙන්නම. වෙද මහත්මයගෙ කොමෙන්ට් එකේ හැටියට ජයසේන ජයකොඩි මහත්තය මිය පරලොව ගිහින්, ඒ බව අපි දැනන් හිටියෙ නැහැ.

    ReplyDelete
  11. මේ පොත් පෙළින් මම මුලින්ම කියෙව්වේ උපේකා කියන පොත. ඒත් ඒක කතා මාලාවක 3 වැනි පොත කියලා දැනගත්තාට පස්සේ අනිත් පොතුත් එක එක හොයාගෙන කියෙව්වා. අන්තිමට මම 2009 ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී පොත් පෙළම ගත්තා :)

    ReplyDelete
  12. පොතක් කියවපු කාලයක් මතක නෑ....

    ReplyDelete
  13. සම්පූර්ණ පොත් පෙලේම අවසන් වශයෙන් දක්වන්නේ කුමක්ද?

    ReplyDelete
  14. ඪිනෙශ්-ඔව් මල්ලි මේ දවස් වල වැස්ස නිසා පොත් කියවනව වැඩී.මම් ආසයි වැස්ස තියන වෙලාවට පොත් කියවන්න:).හ්ම් ඔව්.

    කස්ස-මටත් පොත් 3යි ගන්න පුලුවන් උනේ.අනිත් ටික පුස්තකාලෙන් හරි කියවන්න ඔනේ.විස්තර දාන්නම්කො.

    වෙද ගෙදර මහ වෙදනා-මම් ඒ පොතුත් කියවන්න හිතාගත්තා.මෙතුමාගෙ පොත් කියවන්න ආස හිතෙනව.වල්පල්,පල් හෑලි නෑ.ඔව් මේ වෙද්දි එතුමා මියගොස් වසර කීපයක් වෙනව නේද.

    Wඑනි-බලන්නකො කියවලා.

    ReplyDelete
  15. ර්‍අජ්-හ්ම් අම්මේ ඔව්.

    අභීත-ඔව් මම් පොත් ඔක්කොම කියවන්න ඔනේ කොහොමහරි හොයාගන.ගොඩක් හිත නිවෙනව.වෙලාවකට හිතෙනව මටත් රාහුල හාමුදුරුවෝ වගේ හිතන්න පුලුවන් නම් කියල.

    Chanaka Aruna Mඋනසින්ග්හෙ-ඔව් හිත නිවෙනව තමා කියවගන යද්දි.

    මධුරංග-හා මම් ගෙනත් දෙන්නම්.ඕක මොකද්ද.

    ReplyDelete
  16. ඇනොන්ය්මොඋස්-මම් කියෙව්වෙ පොත් 3යි. අනිත් ඒවත් කියවලා බලලා තමයි අදහසකට එන්න වෙන්නෙ.මෙ පොත් ටික නම් මගෙ හිතට ඇල්ලුවා.:)

    Oබ්සෙර්වෙර්-ඔබා අන්කලුත් පොත් කියවන කෙනෙක්නේ.:)මමත් මහ වෙදනා-වෙද මහත්තයා කිව්ව පොත් සෙට් එක හොයාගන්න ඔනේ.

    Hඅසිත-මමත් කියනව ඉන්නකො.

    ඔබ නොදු‍ටු ලොවක්..... -අපෝ

    ටී.බී. -මම් පොත් 3යි කියෙව්වෙ මල්ලි.

    ReplyDelete
  17. මම ඕකේ කතාවත් බලලා තියනවා, පොතත් කියවලා තියනවා ...

    ReplyDelete