Monday, November 14, 2011

තවත් ක*කි කතාවක්


අද කියන්න යන කතාව අවුරුදු 25කට විතර ඉස්සර වෙච්චි සිද්ධියක්.මේක වෙලා තියෙන්නෙ අපේ අක්කට, ඔන්න මුලින්ම කිව්ව මට නෙමේ.අපි ගමේ ඉන්න කාලෙ අම්මයි අප්පච්චියි ඉස්කෝලෙ උගන්නන්න යන නිසා අක්කවයි මාවයි බලාගන්න ගෑණුකෙනෙක් ගෙදර නවත්තලා ගිහින් තියනව.ඉස්කෝලෙ ඇරිලා එනකම් බලාගන්න කියල.ඒ ගෑණු කෙනා අපිට දුරින් නෑදෑයොත් වෙනව.ටිකක් විතර වයසක කෙනෙක්.

ඉතින් එයා අපිට කවලා... පොවලා... නාවලා... හොදට බලා කියාගන එහෙම තියනව අම්මලා එනකම්.ඉදලා හිටලා වැව පැත්තටත් එක්කන් යනවලු,මොකද වැව තියෙන්නෙ අපේ වත්තට අල්ලපු වැටේනේ.අනික දෙන්නෙක් ආන් බාන් කරන එකත් ලේසි නෑ නේ,අඩන වෙලාවට වගේ එක්කන් යනව ඇති නලවගන්නත් එක්ක.

එතකොට අපේ අක්කට අවුරුදු 4ක් වත් නැතුව ඇති මම් හිතන විදියට.ඒ දවස් වල කොච්චර කෑම කැව්වත් අක්කා මහත් වෙන්නැතිලු.කන එකත් කනවලු හොදට.ඉතින් ඒ කාලේ පොඩි අයට ක*කි දාන වැඩේ කරන්න කොමඩ් එහෙමත් තිබ්බෙ නෑනේ,ක*කි දාල ඉවර උනාම අරන් දානව.මෙන්න දවසක් එහෙම අරන් දාන්න යද්දි ක*කි එකෙන් කුරුමිණියෝ වගේ සත්තු ජාතියක් ඉගිලිලා යනවලු ඒකේ ඉදලා.:O

අම්ම හොදටම බය වෙලා.පස්සෙ චෙක් කරද්දි ඇත්තටම පොඩි සත්තු ජාතියක් ඉගිල්ලිලා යනවලු.දනිපනි ගාලා එකේ සාම්පල් එකකුත් අරන්, අප්පච්චිත් එක්ක අක්කවත් ඩොක්කගන දොස්තර කෙනෙක් හම්බ වෙන්න ගියාලු.

දොස්තර අක්කවත් සාම්පල් එකත් චෙක් කරලා :)),බෙහෙත් දුන්නට පස්සෙ ලෙඩේ හොද උනාලු.ඒ කියන්නෙ අර ක*කි දැම්මට පස්සෙ කුරුමිණියො ඉගිලෙන එක හරිගියාලු.

මොකද්ද දන්නවද වෙලා තියෙන්නෙ අර අපිව බලාගන්න වයසක කෙනා අපිව එක්ක යනවනෙ වැව බලන්න.එහෙම ගියපු වෙලාවක වැවේ තියන වේලිච්ච ගොම කෑල්ලක් ඇහිදගන කටේ දාලා. ඒකේන් තමයි ඒ ලෙඩේ බෝ වෙලා තියෙන්නෙ එයාට.ඒ ගොම වල තියෙන්නැති කුරුමිණි බිත්තර ඒවා අක්කගෙ ශරීරේ ඇතුලේදි වර්ධනය වෙලා පැටව් එනව ඇති :)).

පස්සෙ දවසක අපිව බලාගත්ත කෙනා කියල තියනව මම් වැවට එක්ක ගිය දවසක ඇවිදින්න බිම තිබ්බ විතරයි මෙයා මම් අහක බලනකම් ඉදලා මොකද්ද කටේ ඔබා ගත්තා,මම් අරන් දැම්මා කියල.

ඒ කිව්ව දේ ඇත්ත නැත්ත කෙසේ වෙතත් පොඩි අයව පරිස්සම් කරන එකනම් සෑහෙන අමාරු වැඩක් කියල  තේරෙනව අපිටත් දැන් ඒ වයසෙ කෙනෙක් ඉන්න නිසා.දකින දකින දේ කටේ ඔබාගන්නව.ඒ නිසා නිතර අවධානයෙන් ඉන්න ඔනේ.

37 comments:

  1. සුවර් එකටම අක්කටද ඈ ඒක උනේ

    ReplyDelete
  2. අලේ.. මාර සීන්කෝන් එක.. :O

    ReplyDelete
  3. වින්ද්‍යා අක්කත් කරලා තියෙන්නේ පුදුම වැඩනේ. අම්මෝ අපේ පුංචම්මගේ ලොකු දූත් නූඩ්ලස් වගේ හකරැල්ලෙක් කටේ දාගෙන හැපුවා සෙම බේර බේර. අන්තිමේදි කටත් ඉදිමුනා !!!

    මට හිතෙන්නෙම මේ කතාව උනේ නර්මදාට කියලා.

    ReplyDelete
  4. හලේ හලේ.. බය වෙන්නේ නැද්ද අප්පා. කක්කා වලින් සත්තු ඉගිලෙන කොට,,,

    ජය...

    ReplyDelete
  5. බඩේ ඇම්මක හෙම ආවෙ නෑ....?

    ReplyDelete
  6. ඕකට ගම්බඳව කියන්නේ කුරුමිණි මාන්දම කියලා. ලමයි හරියට පරිස්සම් කර ගන්න ඕනෙ. ඉස්සර වගේ නෙමෙයි දැන් හැම දේම හරි විසයි. මේ පරිසර දූෂනය නිසා. මේ වගේ දේවල් හැමෝටම හොඳ පාඩම්. මේ ලෙඩ ගැන හරි අපූරු විස්තර තියනවා ආයූර්වේදෙ වගේම බටහිර වෛද්‍ය විද්‍යාවෙත්.

    ReplyDelete
  7. පොඩි ලමයෙක් හරියට බලාගන්න එක අමාරුම වැඩ වලින් එකක්. ඒකනෙ දැන් මෙච්චර පුංචි පවුල්.
    henryblogwalker the Dude.

    ReplyDelete
  8. පවු අහිංසක අක්කා... අක්කට වුනා කියලා බලාගෙන හිටියා වගේ කියන හැටි...!!! කපටි සොරා...

    ReplyDelete
  9. එහෙමත් සීන් වෙනවද අප්ප! :O :O
    අනේ ඉතිං බලන්නකො මනුස්සයන්ට වෙන එ්ව! :D

    ReplyDelete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මටත් පොඩි කාලෙ සත 25 කාසියක් ගිලලා ක*කි පරීක්ෂා කරන්න වුණා ඒක එළියට එනකම්!

    ReplyDelete
  12. අම්මෝ බයත් හිතුනා...අපේ මල්ලිත් පොඩි කාලේ බෙල්ලෙක් ගිලලා (අර පංචි දාන්න ගන්න වර්ගේ එකෙක්) ඌ එලියට ආවාද බලන්න අම්මලා ක්*කි පරීක්ෂණයක් කරා මතකයි...

    ReplyDelete
  13. පොඩි කාලෙ අපෙ නංගිත් කාල තිබුනා .. බෝල කයියෙක්.
    බෝල කයිය කියන්නේ .. අර දිලිසෙන කහපාට සතා. ඌත් හැකරැල්ල වගේ තමයි යන්නෙ. වකුටු වුනාම බෝලෙ වගෙ. එතකොට කහයි කලුයි ලස්සනට වයිරන් වගේ තියෙන මාබල් බෝලයක් වගෙයි. ඕන ළමයෙක් ආස වෙලා කටේ දාගන්නව.

    ReplyDelete
  14. ඊකෑ.... කුරුමිනි ඉගිලෙන ලෙඩේ....:) හකිස්

    ReplyDelete
  15. එහා ගෙදර නංගිත් මේ දවස්වල මොනව හරි ගිලලා. බඩ ලොකු වෙලා තියෙන්නේ අනේ...

    ReplyDelete
  16. ඒ...?
    වෙලාවට කුරුමිණියෝ හැදුනේ.. අලි බිත්තර වගේ උනා නම්.. හෆ්ෆච්චියේ.. කාට කියන්නද :D

    ReplyDelete
  17. හප්පේ මාර සීන් එකක් නේ ..වෙලාවට අලි බෙටි තිබුනේ නැත්තේ..එහෙනං පොඩි අලි පැටවු දුවයි......හික් හික් හික් ....

    ReplyDelete
  18. මේ අක්කේ තමන්ට වෙච්ච දෙයක් අනුන්ට උනා වගේ පෙන්නන එක හරි නේ නේද ...:D
    …අපි අහුවෙයි ඕවට ..........:P

    ReplyDelete
  19. රබුටන් ගෙඩිවලත් ඒකියන්නේ ගේඩියේ පිට පොත්තේ ඔය කුරුමිනි බිත්තර දානව..ලමයි ගේඩි කටින් ලෙලි ඇරියාම ඔය බිත්තර බඩට යනව එතකොටත් ඔය කියන ලේඩේ හැදෙනව..ඔකට කියන්නේ කුරුමිනි මාන්දම කියල

    ReplyDelete
  20. මට මේක කියවනකොට මතක් උනේ මෙහේ TV එකේ ඉරිදට යන Sunday Night කියන programme එකේ ගිය කතාවක්.... ඒක නම් මේ වගේ ලේසියෙන් සුව කරන්න බැරි ලෙඩක්.... ඒ කියන්නෙ මාරාන්තික එකක්. පොඩ්ඩක් කියවල බලන්න කැමති අය.... ගොඩක් තියෙනව. කෝකටත් දැනගෙන ඉන්න එක හොඳයිනෙ....මේ වගේ දකින දකින දේ අහුලන් කන වයසෙ ඉන්න පොඩි දරුවන්ට විශේෂයෙන්ම හැදෙන්න පුළුවන්...

    මෙන්න ලින්ක් එක:

    http://au.news.yahoo.com/sunday-night/features/article/-/11478098/a-killer-in-the-garden/

    ReplyDelete
  21. ඇත්තටම පොඩි ඈයෝ බලාගන්නවා කියන්නෙ මාරම රාජකාරියක්... සමහර වෙලාවට අහුවෙන එව්වා අරන් කටේ දා ගන්නවනෙ....හොඳ නෑ කියලා දන්න එකක්යෑ....මාර වැඩේ අක්කට වෙලා තියෙන්නෙ...

    ReplyDelete
  22. ඇයි කක්කි කියලා ලියන්න ලැජ්ජද ඔය මැද්දට තරුවක් දාලා තියෙන්නේ.

    මේක කක්කි කාලා කක්කි කරපු (කක්කි)**2 කතන්දරයක් නේ!

    ReplyDelete
  23. මාත් දන්න බබෙක් ඉන්නව යතුරු කටුවක් ගිලපු . බබාගේ නැප්කින් එකෙන් ගලවගෙන ගිලල.. එයානම් ඔපරේට් කරල...

    ReplyDelete
  24. අක්කට කිව්වා නේ ඒක වුනේ? හ්ම් හ්ම්....

    ReplyDelete
  25. ලිපියට යොදල තියන පින්තූරෙ ලිපියට තියන සම්භන්ධෙ මොකක්ද? :)

    ReplyDelete
  26. අක්කටමයි උනේ කියපු නිසා ඒ ගැන මුකුත් කියන්නේ නෑ.. :)

    පොඩි අයව ඇහැක් වගේ බලාගන්න ඕන කියන්නේ ඕක නිසානේ.. ඒ අයට තේරෙන්නේ නෑ.. මේ ලොකේ දේවක් අළුතින් දැන ගන්න හදන වයසනේ...

    ReplyDelete
  27. මොනවා උනත් කාට උනත් දැන් අවුරුදු 25 පරනයි ඒ කියන්නේ අක්කට දැන් 28ක් විතර මම හිතන්නේ.. හිකිස්.. මම කියන්න හැදුවේ එක නෙමේනේ ඉතින් අවුරුදු 25කට කලින් උන ඒවා තාමත් වෙනකොට ඇයි අපි කියන්නේ ලොකේ වෙනස් වෙනවා කියලා...

    අක්කටමද උනේ ඉතින් ඕක

    ReplyDelete
  28. ඇත්තටම පොඩි බබලා බලාගන්න අය නම් ගොඩාක් අවදානයෙන් ඉන්න ඕනා කියලා හිතුමතේත් හිතනවා.. අතට අහුවෙන ඒවා කටේ දාගන්න එක පොඩි බබාලගේ සිරිතනේ

    ReplyDelete
  29. @ Gimhani,
    "යතුරු කටුවක්" හික් හික්... :D

    ReplyDelete
  30. ඇත්තටම ඔයාට බය හිතුනේ නැද්ද කුරුමිණියෝ ඉගිල්ලෙද්දී :)

    ReplyDelete
  31. අම්මෝ කතාව අහපුවාමත් බය හිතෙනවා වගේ :)) කොහොම්ද කුරුමිණියෝ පියාඹද්දී නිකම ත්‍රාසජනක චිත්‍රපටියක් වගේනේ. කොහොම නමුත් ළමයෙක් ඉන්න කාලෙකට ළමයව පරිස්සම් කරන්න ඕනේ කියන එක නම් හොඳටම තේරුණා අක්කේ :)

    ReplyDelete
  32. ටී.බී. හේරත් : යතුරු ක‍ටුව, අය ක‍ටුව.ආය ක‍ටුව,හැට්ට ක‍ටුව, අය කට්ට, මේ ඔක්කොම එකයි මලේ ....

    ReplyDelete
  33. @ ඔබ නොදු‍ටු ලොවක්.....,
    විව්ධ නම් එකම කටුවක් - විවිධ මිනිසුන් එකම රටක්... :)

    ReplyDelete
  34. ශානු-ඔව් ඔව් අක්කට තමා ආඅය මොකටද බොරු කියන්නෙ.:)

    චතුවා-ඒකනේ ඔයාට එහෙම වෙලා නැතුව ඇති.

    මධුරංග-අහ් අපේ අක්කත් අර රතු-කලු පාට හැකරැල්ලෙක් කාල තියනවලු පොඩි කාලෙ.අපො නෑ මට නෙමේ මේක උනේ.

    Gayan ර්‍උපසින්ග්හෙ-ඒකනේ බය හිතෙන්නෙ නැද්ද නේ.

    ReplyDelete
  35. Mahesh Wickramasinghe- අනේ මන්ද බඩත් රිදෙන්නැති නේ.

    වෙද ගෙදර මහ වෙදනා-ඔව් අම්මත් ඔය කතාව කිව්වා.කුරුමිණි මාන්දම කියල කියනව කියල.අපි අක්කට ඒ නම කියල විහිලුත් කරනව.:)

    ඪුඩෙ-අම්මෝ ඒක නම් ඇත්ත.අපිටත් දැන් ඒ වයසේ පොඩි එකෙක් ඉන්න නිසා තේරෙනව කොච්චර අමාරුද බලාගන්න එක කියල.

    ප්‍රසන්න86ක්-අක්කට තමා උනේ .අම්ම තමා මට කතාව කීවෙ.

    තනි අලියා -ඔව්නේ වෙලා තියන නිසානේ මම් මේ කිව්වෙ.

    විසිතුරු | visituru -මමත් සත5 ඒවා ගිලලා තියනව.අනතුරක් නම් උනේ නෑ.

    සයුරි-හෙහෙ බෙල්ලක්:)

    කුමරය-අපේ අකක්ත් පොඩිකාලෙ හැකරැල්ලෙක් කාල තිබ්බලු.

    ජීවිතේ මල්-ඊයා තමයි.

    මාතලන්-ඇහ් ලමයෙක් වත් ගිල්ලද දන්නෙ නෑනේ.:)

    ඹුන්න්ය්-ලොල්.අලින්ට කොහෙද බිත්තර උන් දාන්නෙ පැටව්.:)

    ReplyDelete
  36. ඔබ නොදු‍ටු ලොවක්.....-හික් හික්.

    The ළිඔන්-අනේ නෑ මට උනානම් මට උනා කියල කියනව:)

    Raj -අහ් ඔව් අර මහ ගෙදර මහ වෙදන මහත්තයත් ඒ ලෙඩේ ගැන කියල තියනව.

    Mඉයුරු-ස්තූතියි ලින්ක් එකට මම් බලන්නම්කො.

    දිල්-පොඩි අයව බලාගන්න එක-අම්මො ඒක නම් ලේසි රාජකාරියක් නෙමේ.

    කතන්දර ඛතන්ඩර-හිහ්. ඔව්. කක්කි කතා 2ක් තමයි.

    ඝිම්හනි-අම්මේ.:O

    සීතල අයියා-අක්කට තමා උනේ.

    ටී.බී. හේරත්-ඉගිලෙන කුරුමිණියෙක් දැම්මේ.(ක*කි බාල්දියකුත් අරන්:) )

    ඪිනෙශ්-අපෝඉ ඔව් දකින් හැමදේම කටේ ඔබා ගන්නව.

    ReplyDelete
  37. දේවා ගේ අඩවිය- ඔව්නේ ඔයා හරියටම වයස කිව්වා:) ඔව් ඔව් අක්කටම තමා උනේ

    හිතුමතේ- අපො ඔව් පොඩි අයව බලාගන්න එක අපි හිතනවට වඩා අමාරුයි කොයි වෙලෙත් පස්සෙන් ඉන්ඩ එපැයි.

    ටී.බී. -ඇහ් යතුරු කටුව කීවම ඔයාට හිනා යනවද?:O

    ලොකු පුතා-මට නම් බය හිතෙන්න නැතුව ඇති,මොකද අක්කටනේ මේක උනේ.

    Hඅසිත-අහ් ඒකනේ.අම්මො ඔව් බය නොවී පුලුවන්ද මේවගේ දෙයක් උනාම.

    ඔබ නොදු‍ටු ලොවක්.....-ඔව් .එයා දන්නෙ නැතුව ඇති ඒක.

    ටී.බී. - හෙහ් :)

    ReplyDelete