Showing posts with label ගමේ මතක. Show all posts
Showing posts with label ගමේ මතක. Show all posts

Tuesday, January 31, 2012

අසූ නමය අවුරුද්ද

මේ අවුරුද්ද මගේ ජිවිතේ ලොකු වෙනසක් කරපු අවුරුද්දක්,මගේ විතරක් නෙමේ අපේ පවුලේ, අම්මා,අප්පච්චී,අක්කා මේ හෑමෝගෙම.හරියටම ඒවෙද්දි මට අවුරුදු හතරක්,මට මතකෙ හෑටියට ලොරියක බඩුපටවගන අපි ටවුන් එකේ, අප්පච්චි කලින් හදල තිබ්බ ගෙදරට අවා.ඒකාලෙ මහ දරුනු කාලයක් කියල අම්මල කියනව,ඒ ගෑන නම් මට තියෙන්නෙ පොඩිම පොඩි මතකයක්.ගමේ ගෙදර දාල එන්න බෑරුව අම්ම ඈඩුව මට මතකයි.

ගම අතහෑරදාල නගරෙට එන්න ලොකුම හේතුව උනේ,අම්ම කියන හෑටියට ජෙවිපි කලබල තදේට ගමේ තිබ්බ නිසා,අනික අපේ ගෙදර අයටත් ලොකු කරදරයක් වෙලා.දවසක් රෑ කට්ටියක් ඈවිල්ල ගේ වට කරල සල්ලි ඉල්ලලා,තුවක්කු බිදින සද්දෙ අම්මට හොදටම ඈහුනලු.කෑගහන්න එපා කියල,සද්දකරොත් ඔක්කොම මරනව කියල.අප්පච්චිගෙ නම කියල එලියට අවොත් මරනව... තියන සල්ලි ඔක්කොම දීපන් ...කීවලු,අම්ම කිවෙ අපි දෙන්න(අක්කයි මමයි)පොඩියි,අනික රෑ නිසා හොදටම නිදිලු.අපි බයවෙලා කෑ ගෑහුවනම් මොනවයින් මොනාවෙයිද දන්නෙ නෑලු.

 අපේ අම්මයි අප්පච්චියි කරේ ඉස්කෝල ගුරු රස්සාවනේ,ඒ හෑටි සල්ලියක් තිබිලානෑ.ඒ අස්සෙ අම්ම ලොකු වීරකමක් කරල මරන්න හොයල තියෙන්නෙ අප්පච්චිනෙ,අපේ ලොකු අත්තත් ඒ දවසේ අපේ ගෙදර ඉදල,ඒ කියන්නෙ අපේ අම්මගෙ අප්පච්චී.ඒ දෙන්නම වී තියන කාමරේට දාලා වහල,ලොකු අත්තා වයසයි නේ,හොදටම වෙව්ලනවලු බයට,ඈයි ඉතින් මරන්න හොයනවනේ,ඒ අස්සෙ ගේ වටේට අඩි සද්දෙ,තුවක්කු කඩන සද්දෙත්.

අම්ම එකතුකරල තිබ්බ සල්ලි ඔක්කොම ගුලි කරල ශොපින් එකක දවටල ඈහුවලු, කොහොමද  සල්ලි දෙන්නෙ කියල,(පස්සෙ නම් කිවෙ අතට අහුවෙච්ච ටික දුන්න කියල බයටම) ජනේල කවුලුවකින් දාන්න කීවලු.අම්මා සල්ලි මිටියම කවුලුවෙන් විසික් කරල එලියට.කාටවත් මේගෑන කියල ඉබ්බොත් පවුලම මෑරෙන්න ලෑස්තිවෙයල්ල කියල උන් යන්න ගිහින්.අඩි සද්දෙ නෑතිවෙනකම්ම බලන් ඉදල අම්ම අප්පච්චීයි ලොකු අත්තයි එලියට අරන්.

 අපේ ගෙදර තිබ්බෙ ගමේ කොනක.එක පෑත්තකින් වෑව,අනික් පෑත්තෙන් කුඹුරු යාය.කුඹුරුයායට ඈතින් පෙනුනෙ කොක්කබේ කියන කන්ද.අම්ම කියනව මතකයි ඉස්සර කොටි හිටියලු ඒ කන්දෙන් එහාපෑත්තෙ.(කොටි ආව කතාව වෙනම දවසක කියන්නම් කෝ).ගෙදර තිබ්බෙ පොල් වත්තක මෑදට වෙන්න.අනිත් පෑති දෙකේත් ගෙවල් දෙකත් තිබ්බ ගොඩක් ඈතට වෙන්න.

 පෑය 2 - 3 ක් ගියාට පස්සෙ "අම්මෝ..."කියන සද්දයක් එක්ක වෙඩිපාරවල් කීපයක් ඈහුනලු ටිකක් ඈතින් වෑව පෑත්තට වෙන්න.අම්ම කියන විදියට ඒ වෙද්දි රෑ දොලහ පහුවෙලා.උදේ එලිවෙලා බලද්දි ගේ වටේටම සෙරෙප්පු අඩිපාරවල්ලු.ටික වෙලාවකින් ආරංචිවෙලා වෑව ලග ගමේ කොල්ලො දෙන්නෙක් මරලදාල කියල. අම්මලත් ගියාලු බලන්න අපිත් එක්කම.මටනම් ඒ හෑටි මතකයක් නෑ.වෑව අයිනේ පාරෙ තිබ්බ මිනීදෙක ලග ලියුමකුත් තිබ්බයි කියල තමයි ආරංචිය.දධුවමක් හෑටියට වුන මරනයක්!

 පස්සෙ දෑනගත්ත විදියට අපේ ගෙදරට ඈවිල්ල තියෙන හොරු, අල්ලපු ගමේ දන්න අදුනන මිනිස්සු කීපදෙනෙක්ලු.ඒකාලේ පුද්ගලික තරහ මරහ පිරිමහන්න එක එක දේවල් මුවාවෙන් හොරකන් කරාකියනවනේ.මේ සිද්දියෙන් පස්සෙ අප්පච්චි තිරනෙ කරල ගමෙන් යන්න.මොනව නෑතත් ජීවිත වටින නිසා.අම්මනම් වෑඩිය කෑමතිවෙලා නෑ.අම්ම බෑදල අප්පච්චිගෙ ගමට ආවට පස්සෙ තමයි ,අපි හිටිය ගෙදර හදල තියෙන්නෙ.අම්මත් ගොඩක් මහන්සි උනාලු ගේ වෑඩවලට.අම්ම ඉස්කොලෙ ඈරිල ඈවිල්ල අපිටත් කවල පොවල වතුර අදිනවලු ගේ හදන්න,අප්පච්චිත් එක්කම.

ගමෙන් එද්දි ලොරියෙ බඩු පටවගන ආව දවසනම් මට හොදට මතකයි.ගමේ හංදිය ලග ටයර් දාපු මිනියක් පිච්චෙනවා මම් දෑක්කෙ අප්පච්චිගෙ ඔඩොක්කුවෙ වාඩිවෙලා එස්සරහම සීට් එකේ ආව නිසා.ගමේ ගෙදර වහල දාල නගරෙට එන්න තිරනය කරප්පු අප්පච්චි නිසා අද අපි මිනිස්සු විදියට මෙහෙම ඉන්නවා.හොදම වෑඩේ කියන්නෙ නගරෙට ආවයි කියල බය හිතෙන සිද්ධිවලින් නම් අඩුවක් තිබ්බෙ නෑ,අක්කටයි මටයි.

මේ එක සිද්ධියක්,දවසක් අක්කයි මමයි ගෙදර ලගකඩේට යනව පාන් ගේන්න.තාම මතකයි ශොපින් එකක් අරන් කඩේදුවන හෑටි, මමත් ඔය වෑඩේට ආසයි,මොකද ඒ කඩේ තියනව රෝසයි සුදුයි ඉරීඉරි,වට්ටක්ක ගෙඩිවගේ සීනිබෝල,(මගෙ ප්‍රියතම කෑම).මට ඉතින් ඕවලින් කීපයක් හම්බවෙනව කඩේයන දාට. 

මෙන්න බොලේ කඩේ ලග මිනිස්සු පිරිල අපි දෙන්නත් මිනිස්සු අතරින් රිංගල ගිහින් හොට දාලා බෑලුවා.මොන බෑලිලිද? එතන හිටපු කෙනෙක් මේ පොඩිලමයි මොකද මෙතන...යන්න... යන්න...ගෙදර කියල අපි දෙන්න ගෙදර එලෙව්වා.පස්සෙ තමයි අප්පච්චි කිවෙ කොල්ලෙක් මරල ඔලුව බෑග් එකක දලා එල්ලලලු කඩේ ඉස්සරහ.ඒ අපේ රටේ එක අදුරු කාල සීමාවක්.

අක්ක 5 වසර විභාගෙට ලිව්වෙත් අප්පච්චීත් එක්ක ලොරියක නෑගල ඈවිල්ල.ඒකාලේ බස් අඩුයිනේ.අපෙ ගමේ ඉස්කෝලෙ  ලමයින්ට ඉදගන්න පුටු තිබිල නෑ.අම්ම අදටත් කියනව බිම ඉදගන ලියල මගෙ කෙල්ල පහේ විභාගෙ පාස් උනා කියල.

 කොහොමින් කොහොමින් හරි අසූනමය අවුරුද්ද ඉවර වෙද්දි අක්කට නගරෙ තියන මෑදි විදුහලට යන්න පුලුවන් උනා.මටත් හොද ඉස්කෝලයක් ලෑබුන.අම්මයි අප්පච්චියිත් නගරෙ ඉස්කොල දෙකක ගුරුවරු විදියට සේවය කරා. ඒ මගේ ජීවිතේට හොදම අඩිතාලම වෑටුනු අවුරුද්ද.



Thursday, November 3, 2011

ඔලුවක් පැලීමි


මතකේ හැටියට එතකොට මට වයස 5ක් විතර අති.අපි හිටියෙ ගමේ ගෙදර.වත්තෙ එක පැත්තකින් වැව,වැවටම අල්ලලා කුඹුරු යාය.අනිත් පැති දෙකෙන් තමයි ගමේ ගෙවල් වලට අපේ වත්ත සම්බන්ධ වෙලා තිබ්බෙ.අපි ගමේ ගෙදර දාලා ආව කතාව ගැන අසූ නමය අවුරුද්ද පෝස්ට් එකෙ මම් දවසක් කිව්වා මතක ඇති.

ඒ වැලෑනවැවේ බන්ට්එක සුද්ද කරන කාලේ... අපිටත් හෙන ජොලි.බන්ට් එක දිගේ දුවන්ඩ.උණබට තුවක්කු වලින් වෙඩි තියාගන්ඩ.අහ්... ආය පොල්පිති හරක් හදාගන බන්ට් එකෙන් පහලට රූටන්ඩ. රූටල ගිහින් වත්තෙ කොනේ තිබ්බ ගහෙන් තිඹිරි කන්ඩ...ඔය වගේ ගොඩක් වැඩ තිබ්බා.

ඒ දවස් වල අක්කටයි මටයි සෙල්ලම් කරන්න හිටියෙ අපේ අල්ලපු වත්තෙ ළමයි දෙන්න,එක්කෙනෙක් ඉන්දුල,එයා මම් හිතන්නෙ අපේ අක්කගෙ වයසෙ විතර.ඕනෙ නම් මට වඩා අවුරුදු 4ක් වත් වැඩිමල් ඇති.එයාගෙ මල්ලි ලලිත්.එයා මට වඩා අවුරුද්දක් වැඩිමල්.

දවසක් අපි කට්ටියම බන්ට් එකට වෙලා සෙල්ලම් කර කර හිටියා...මොකක් හරි හේතුවකට මට තරහ ගියා කියල මතකයි. අන්තිමට පෙනුනේ ලලිත් ඔලුවත් අත් දෙකෙන් අල්ලන් බන්ට් එකේ බිමට පාත් වෙන එක!

ලලිත් අඩනවා...එයාගෙ ඔලුව පැලිලා... ලේ ගලනව...ඒත් එක්කම අක්ක අප්පච්චී!...අප්පච්චි!... කිය කිය කෑගහගන බන්ට් එකේන් රූටලා ගේ පැත්තට දිව්වා.මම් තනිවෙලා...හිටගන අඩනවා...ලලිත් වාඩිවෙලා... ඔලුව අල්ලගන කෑ මොර දෙනවා...ඉන්දුල-ලලිත්ගෙ අය්යා,ලලිත් ලගට වෙලා ලලිත්ව අල්ලගන ඉන්නව.


අප්පච්චි ආව ගමන්ම මට ඩෝංගාලා ශොට් එකක් දුන්නා පස්සට.මම් අඩාගන අම්ම ලගට දුවගන ගියා.එයාලගෙ අම්මයි-ගෙදර කට්ටියයි,අපේ අම්මලයි  ඔක්කොම වට උනා... මොකද උනේ? කොහොමද උනේ? කවුද ගැහුවේ? ප්‍රශ්ණ කෝටියයි.අක්ක හැම ප්‍රශ්ණෙකටම යහමින් උත්තර සපයනව.ඒ එක්කම අප්පච්චි ලලිත්ව ඉස්පිරිතාලෙ එක්ක ගියා...මමත් වැඩි වැඩියෙන් ඇඩුවා...ඉකි ගහ ගහ ඇඩුවා...අනිව අප්පච්චි ගෙදර ආව ගමන් මටත් ආය ගුටි පූජාවක් හම්බෙනව ශුවර්!.අනික ලලිත්ට මොනව වෙලාද කවුද දන්නෙ! මොනව හරි වෙලා තිබ්බොත්!

පැය කීපෙකට පස්සෙ ලලිත් බෙහෙත් දමාගන ගෙදර එක්ක ආවා.ඒ වෙද්දි මාමත් අඩලම හෙම්බත් වෙලා.තරහ වෙච්ච පාර මම් ගහපු ගල් පාරක් වැදිලා එයාගෙ ඔලුව පැලිලා තිබ්බ.කවුද හිතන්නෙ වමත් ශොට් එකක් ඔච්චර නිවරදිව ඉලක්කෙ අල්ලයි කියල.

අපේ අම්මයි අප්පච්චියි මට හොදටම දෙහි කැපුව.ලලිත්ගෙ තාත්ත කිව්වෙ පොඩි උන්නේ...ඔහොම තමා සෙල්ලම් කරනව...ගහගන්නව...වැටෙනව...අඩනව... කියල.ගෙදර ගිහින් මොනව කිව්වද මම් දන්නෙ නෑ.සමහර විට මහ වසවර්ති කෙල්ලක් කියල පලු යනකම් බනින්න ඇති!...