සාමානය්‍යයෙන් ගෑණු දරුවො වෑඩියෙන් ආදරේ අප්පච්චිටලු.ඒක ඈත්තක් වෙන්න ඈති කියල මට හිතෙන්නෙ,අක්කයි මමයිත් අම්මට වඩා ගොඩක් අප්පච්චිට ආදරේ කල නිසා.පොඩිම කාලෙ ඉදන් අපේ වීරයා උනේ අප්පච්චි.මට මතක හෑටියට අපිට පාඩම් වෑඩ කියල දෙන්න ගොඩක් මහන්සි ගත්තෙ අම්මට වඩා අප්පච්චි, කවි, කතා එහෙමත් අපිට කියලා දුන්න මතකයි,ඉස්කෝලෙදි දෙන ගෙදර වෑඩ කරන්නත් ගොඩක් උදව් උනේ අප්පච්චී.
අපේ ලෝකෙ වීරයා අප්පච්චි වෙන්න තවත් හේතු ගොඩක් තිබ්බා.අම්මට වගේ නෙමේ,අප්පච්චිට ගොඩක් දෑනහෑදුනුම්කම්,සමාජය ගෑන දෑනුම තිබ්බා.පිට කවුරුහරි අපි දෙන්නව හෑදින්නුවෙත් මේ අර කෙනාගෙ දුවලදෙන්නා කියල මිසක් අම්මා ගෑන කියලා නෙමේ.පොඩි කමට අපි අප්පච්චිට වෑඩිය ලංවෙන්නත් හේතුව ඒක වෙන්න ඈති.හොදටම මතක සිදුවිම් තමයි අපි දෙන්නගෙන් එක්කෙනෙකුට උනක් හෙම්බිරිස්සාවක් හෑදුන වෙලාවට, උනුවතුර හදලදීලා වෙලාවට බෙහෙත් පොවලා කන්න ආසදේවල් ගෙනල්ල දෙන්නෙ අප්පච්චී,උන හෑදුන දවසට තත්වෙ කොහොමද කියලත් විටින් විට ඈවිල්ල බලනවා.
ඉස්සර බෙහෙත් ගෙනල්ල කුඩුකරලා මීපෑනිවල දියකරලා තමයි බොන්න දුන්නෙ,ඒ තිත්ත බෙහෙත් බොන්න අදිමදි කරනවට.අපේ ගෙදර හතරදෙනාටම අප්පච්චී පෞද්ගලික ලිපිගොනු හදලා තිබ්බා.මම් ඉපදුනු දවසෙ ඉදන් අවුරුදු 19ක් පුරාවට වුනු විශේෂ සිද්ධීන් ලියල තිබ්බා.මුලින්ම මම දනගාපු දවස, හිනාවුනු දවස, ඈවිදින්න පුලුවන් උනු දවස,....මෙන්න මේ වගේ විශේෂ දේවල්.
ටිකක් අපිට දෑනුම් තේරුම් ඈතිවෙන කාලේ හෑමදාම වගේ කිව්වෙ අර 'අශ්වයගෙ කතාව', "අශ්වයා වතුර ලගට ගෙනියන්න පුලුවන් ඒත් ඌට වතුර පොවන්න බෑ" කියලා,ඒ විදියටම අපිට ඉගන ගන්න ඕනෙ කරන සියලුම දේවල් පුලුවන් උපරිමෙන් සපයලා දුන්නා.ඒවලින් ප්‍රයෝජනය ගන්න අපි දෑනගන්න ඔනේ කියලා.ඉගන ගන්න කාර්ය පස්සෙන් හිටිය මිසක් ඕනෑවට වඩා බලපෑම් කරෙත් නෑ.තමන්ගෙ උනන්දුව තියනවා නම් ඕනෙ දෙයක් කරන්න පුලුවන් කියල තමයි කිව්වෙ.
මට මතකයි ඉස්සර අප්පච්චි, අප්පච්චිගෙ ළමා කාලය ගෑන කියනවා.අප්පච්චි ඉපදිලා අවුරුදු එක හමාරෙන් අප්පච්චිගෙ අම්මා නෑතිවෙලා තියෙන්නෙ,අම්ම කෙනෙක්ගෙ ආදරයක් ලෑබිලා නෑ.අඩුගානේ අම්මා මේවගේ කියල හිතේ චායාවක් වත් නෑලු.අම්මා කෙනෙක්ගෙ ආදරේ කියන දේ මොකද්ද කියල තෙරුන්ගන්න බෑරුවලු හිටියෙ එහෙම අත්දෑකීමක් නෑති නිසා.අපේ අක්කා ඉපදෙන්න ඉද්දිලු තේරුනේ අම්මා කෙනෙක් දරුවෙක් වෙනුවෙන් මොනතරම් දුක් උහුලනවද,කෑප කිරීම් කරනවද කියලා.
අප්පච්චිත් බොහොම දුකසේ තමයි ඉගනගන තියෙන්නෙ,පොඩිකාලෙ ඉස්කොලෙ යන්න හෑතෑක්ම තුනක් විතර පයින් ගිහින්ලු.ගමේ ඒකාලෙ ඉස්කොලයක් තිබිලා නෑ.ඒත් පහ වසරට යනකම් විතරලු.පස්සෙ තමයි හාමුදුරුකෙනෙක්ට පින්සිද්දවෙන්න පිරිවෙනකට අරන්ගිහින් උගන්නලා තියෙන්නෙ.වාසනාවකට වගේ අප්පච්චිට කෑම්පස් යන්න පුලුවන් උනාලු.ගිහින් තියෙන්නෙ කෑළණියට,ඒකාලෙ කියල තියෙන්නෙ ඉතින් විදය්‍යාලංකාරෙ කියලනෙ.ඒත් ඉතින් බොහොම අපහසුවෙන්,වියදම් කරන්න මුදල්හදල්,ඉගන ගන්න උපදෙස් දෙන්න හරිහමන් කෙනෙක් ඉදලා නෑ.
ඒ අප්පච්චිගෙ ඒ මහන්සිය,කෑපවීම නිසා තමයි අද අපි මේ තත්වෙන් ඉන්නෙ.ඒත් මීට අවුරුදු අටකට කලින් අප්පච්චි අපිව දාලගියා ඒ හදිසි හෘදයාබාධයකින්.මට තවත් මතකයි ඒ දවස.දුක වෑඩිකමට පපුව හිරවෙලා,ඈස් වලින් කදුලු බේරුනා මිසක් කෑගහල ඈඩුනෙ නෑමට, ඒ මොකද කියල මට අදත් තේරෙන්නෙ නෑ.ඒ දවස් වල මම පලවෙනි වතාවට උසස්පෙළ විභාගෙට ලියනවා.අවසාන වතාවට එදා මම් අප්පච්චිගෙ අත අල්ලලා බෑලුවා,ඒ අත්දෙක හොදටම සීතලවෙලා ගල්ගෑහිලා තිබ්බ.අම්මලා වගෙ දරුවො එක්කම ඉදල දරුවන්ට තියන ආදරේ ප්‍රකාශ නොකලට කුසේ තියාගන නොහිටියට,අප්පච්චිලගෙ ආදරෙත් අම්මලගෙ ආදරේට නොදෙවෙනියි කියල මට හිතෙන්නෙ.ඒ අවුරුදු දහනමයක් "අප්පච්චි" කියන චරිතයෙන්,මගෙ අත්දෑකීම් වලින් මම් තේරුන්ගත්ත හෑටි.
ගොඩක් දුක හිතුනා. ලස්සනට ලියලා තියෙනවා
ReplyDeleteහ්ම්.ස්තූතියි.
Deleteමොනා කියන්නද මන්දා අක්කා..
ReplyDeleteතාත්තට නිවන් සුව පතනවා .....
ReplyDeleteඔයාලට අප්පච්චි වගේ තමා , අපිට අම්මා ..!!!
හිඟන්නා : මම ලියන්න ඕනෙ ඔක්කොම උඹ ලියල මචං. වචනයක් ගානෙම. කියන්න ලැජ්ජ වෙන්න ඕනෙ නෑ. මම ලඟදි අම්ම ලඟට වෙලා පැය ගානක් ඇඬුව. ඒ කතාව මම පස්සෙ ලියන්නම්.
ReplyDeleteතාත්තට නිවන් සුව පතනවා .....නංගි අපි හිනෙකින් වත් හිතන්න කැමති දෙයක් නෙමෙයි මෙ......
ReplyDeleteහරබරයි
ReplyDeleteමගේ තාත්තිත් මාව දාලා ගියේ මේ විදියටමයි.
ReplyDeleteමගේ ඈස් ඉදිරිපිටම මගේ තාත්ති මාව දාලා ගියා
අක්කා ලස්සනට ලියලා තියෙනවා ගොඩක් දුක හිතුනා අක්කා මේ ලිපිය කියවගෙන යද්දි. අක්කගේ කතාව හරි. කවුරුත් කතා කරන්නේ අම්මා කෙනෙක්ගේ ආදරය ගැන විතරයි. තාත්තලත් ඒ වගේම ආදරයක් දරුවන්ට කරනවා.
ReplyDelete@මධුරංග-හ්ම්...ඔව් එක 100% ඇත්ත
ReplyDeleteතාත්තට නිවන් සුව පතනවා
ReplyDeleteස්තූතියි කොමෙන්ට් කළ හැමෝටම
ReplyDeleteඔයාට අවුරුදු දහනවයක් හරි අප්පච්චිගේ හෙවණෙ ඉන්න ලැබුන එක සතුටු වෙන්න පුලුවන්, එහෙම නැති අය කොච්චර ඉන්නවද, දූලා ආදරේ තාත්තලාට කියන කතාව නං ඇත්ත, මොකද මගේ පොඩි එවුනුත් කිසිම අවුලක් නැතුව කෙලින්ම වැඩියෙන්ම ආදරේ තාත්තාට කියලා කියනවා .......
ReplyDeleteඅන්දරයායෙ වැව් තාවුල්ලෙ සක්මන් කරනා අප්පච්චි.....
ReplyDeleteදොළෙ දියයි මට කෙතෙ නිලයි .. ගහ වැලුයි මලයි මට අප්පච්චි.
තාත්තලා ආදරය කරන්නෙ රහසින්. දැනෙන්න දෙන්නෙත් බොහෝම හෙමින්. ආදරේ බෙදන්නෙ එක හැන්දෙන්.අඩු වැඩි නැතුව.ඒ තමා එයාලගෙ ආදරය.මගේ තාත්තා තාමත් එහෙමයි.
ReplyDeletemage kathwath oyage kathawa wage.mage thaththa nati wenakota mata 14.thatha nati wela dan awurudu 12k withara wenawa.eth thawamath thaththa nati aduwa danenawa.amma thaththa thamai apita inna lokuma sampatha.eth keedenada e gana hithanne.
ReplyDeleteඇත්තමයි මේක කියනවන කොට හරිම සංවේදී කමක් දැනුනා.අපේ තාත්තත් අපි තුන්දෙනා වෙනුවෙන් හරියට දුක් මහන්සි වුනා.තාත්තත් රැකියාවට කලේ ජ්‍යොතිෂ වැඩ. අවු 83 ක් විතර වෙනකම්ම තාත්තා හොදට වැඩ කලා දැන්නම් තාත්තා අසනීපෙන් ඇවිදින්න බැහැ.තාත්තට සාත්තු කරන්න ඕන හින්දම මම මගේ උපාධියෙන් ප්‍රයෝජනයක් ගන්න හිතුවෙත් නැහැ.මම අවුරුදු 5ක් විතර තාත්තගේ කැත කුණු අතගෑවත් අපේ තාත්තා අපි වෙනුවෙන් විදපු දුක් පීඩා වලට ඒවා හිලවු කරන්න බැහැ.තාත්තලා වැඩියෙන් ආදරේ දූලට කියන කතාවේ ඇත්තක් තියෙනවා.අපේ තාත්තත් අයියටයි මටයි වඩා අක්කට ආදරෙයි.අක්කත් තාත්තට හරිම ආදරෙයි.තාත්තට වෙලාවට බෙහෙත් එහෙම දීලා සැප සාත්තු කරන හැටි අපිට පුරුදු කලේ අක්ක තමයි.
ReplyDeleteකියන්න දෙයක් ගැන හිතාගන්න බැ..
ReplyDeleteඔයාගේ තාත්තට නිවන්සුව ප්‍රාර්තනා කරනවා
හුඟාක් ආදරණීය අප්පච්චි කෙනෙක්. එතුමාට නිවන් සුව පතනවා.
ReplyDeleteදුක හිතුනා.......
ReplyDeleteඅනේ නදී අක්කෙ මේ දවස් වල අපි හතර වෙනි අවුරුද්දෙ අවසානෙ..දන්නවනෙ ටෙර්නින් එහෙම එනකං ඉන්නෙ..මෙක තමා අමාරුම කාලෙ එකයි බ්ලොග් පැත්තෙවත් එන්නෙ නැත්තෙ..ඒත් මේක දැක්කම නැවිත් ඉන්න හිතුනේ නැ..අප්ප්ච්ච්ට නිවන් සුව මට හොදටම විශ්වාසයි අප්පච්චි හුගාක් ආඩම්බර වෙන්න ඇති ඔයාල වගේ දරුවො ලැබුනට
ReplyDeleteගොඩක් දුක හිතුනා.පොඩි කලේ හැමෝගෙම වගේ මගෙත් වීරයා තාත්තා.අම්මා ගහද්දි බෙර ගන්නේ තාත්තා.තාත්ත මට ගහලා ඇත්තේ මේ අතේ ඇඟිලි ගානට විතරයි මගේ ජිවිතේට..
ReplyDeleteඅම්මගේ හෝ තාත්තාගේ ගුණ මෙතැකැයි කියල අපිට නිම කරන්න බෑ. පිණිබිඳු අම්ම ගැන ලියපු කවි පන්තිය කියවල, කෙලින්ම ආවේ මෙතනට... ඔයා තාත්තා ගැන ලියල තියෙන්නේ...
ReplyDeleteඔය අතරේ තාත්තා ගැන මෑත කාලයේ ජනප්‍රිය වුනු දියනියක් ලියපු ලිපියකුත් කියෙව්ව...
මේ හැම ලිපියක්ම කියවද්දි මට දැනුනු දේ තමයි, හැම අම්මාම, තාත්තාම දරුවන්ට කොච්චරනම් ආදරේද කියන එක... අපි හැමෝටම අම්ම තාත්තා ගැන තියෙන්නේ එක වගේම අතීත මතකයන්....
තාත්තාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා... නදී...
අප්පචිගේ සෙනෙහස අඳුරගන්න ගොඩක් දරුවන්ට හැකි වෙන්නෙ නෑ. ඒ නිසා බොහෝ දෙනා දකින්නෙ අප්පච්චිගෙ සෙනෙහස ගුප්ත රහසිගත තේරුම්ගන්න අපහසු එකක් විදියට. නමුත් අප්පචිගෙ සෙනෙහස හඳුනගත්ත දරුවෙකුට එය අනුපමේය අසමසම එකක් බවත් අවබෝධ වෙනව. ඒ නිසයි නදී අක්කේ, ඒ සෙනෙහස අපෙන් දුරස් උන දවසට නෙතින් කඳුලක් නොවැටී අපේ ජීවිතේ ම නැවතුනා වගේ දැනෙන්නෙ...
ReplyDelete"සත් සමුදුර තරම් වූ නුඹේ සෙනෙහස අභිමුව,
සිහින් වැලිකැටයක් තරම් වීමු අපි...
අනන්ත අහස තරම් වූ නුඹේ සෙනෙහසට,
කඳුළු දුන්නෙමු අපි...
සුවහසක් ගින්දර දරුවන් වෙනුවෙන් ඉහිලූ
නුඹේ සිතම රිදවා,
ඒ සෙනෙහසට ණයකාරයන් වූයෙමු අපි...
සමාවුව මැන දහස් වාරයක් අප්පච්චි..."
අප්පච්චි කෙනෙක්ගේ ආදරේ තේරුම් ගන්නේ එහෙමත් කෙනෙක්.. ඒ ආදරේ අම්මලාගේ ආදරේට වඩා ඕනෙම දරුවෙකුට දැනෙන්නේ හෙමින්..
ReplyDelete