Thursday, December 22, 2011

ඔන්ලයින් ප්‍රේමය I


හැබෑට අක්ක, ඔයාට අය්යව මීට් උනේ කොහොමද?

අපි දෙන්නද?

ඔව්.

ඇයි එහෙම ඇහුවේ?

නෑ... ඉතින්, එයාලගෙ ගෙවල් ඔයාලට ගොඩක් දුරනේ,අනික කැම්පස් දෙකක නේ ඒකයි ඇහුවේ. 

හ්ම්...නෙට් එකෙන් තමා.

නෑ...ඒ කොහොමද?  

හිහි ඒක දිග කතාවක්.

අනේ... කියන්නකො.

ම්ම්...මං කැම්පස් ගිය මුලම දවස් වල ෆේස්බුක් එක තිබ්බෙ නෑ.වෙන වෙන සයිට් තමයි තිබ්බෙ.අපි දෙන්න චැට් කරේ ඒ දවස් වල ගොඩක් ජනප්‍රිය සයිට් එකක.එකෙත් ගොඩක් අය චැට් එකට ඉන්නව.දැන් නම් ඒකේ චැට් එක නැද්ද කොහෙද.

ඉතින්.

කැම්පස් ගිය මුල්ම කාලෙ ගොඩක් ෆ්‍රී නේ ඉතින් ලැබ් එකේදි ඔය සයිට් එකට දවසක් යාලුවෙක් තමයි යන්න කියල දුන්නෙ චැට් කරන්න ඒ වෙද්දි චැට් කරන එක ගැන මම් දැනන් හිටියෙ නෑ.

හ්ම්ම්ම්... 

මුල්ම දවස් වල පුරුදු නෑ... පස්සෙ පස්සෙ ඒකට ඇබ්බැහි උනා වගේ ලැබ් එකට ගියොත් අනිවාර්යෙන් ලොග් වෙනව මම් අර චැට් සයිට් එකට.

ඔව් ඉතින් චැට් කිරිල්ලනම් ඇබ්බැහියක් වෙනව තමා.

චැට් කරන්නෙ ඉතින් අදුරන අය නෙමේනේ .ඔහොම දවස් කීපයක් එකෙම කෙනෙක් එක්ක චැට් කරා එයාත් කැම්පස් කෙනෙක්.දෙවනි අවුරුද්දෙ ඉන්නෙ කියල විස්තර කිව්වා.ගම්පහ පැත්තෙ.අහ් පස්සෙ කිව්ව එයාගෙ ගම නිට්ටඹුව කියලත්.

හ්ම්ම්... ඉතින්...

කව්ද ඕව විශ්වාස කරන්නෙ? මම් ඒ කියපුව විශ්වාස කරේම නෑ.හැබැයි අපි චැට් කරා ඉඩ ලැබෙන හැම වෙලේම.ඔහොම ටික ටික චැට් කරද්දි මට හිතුනා මෙයා කිය
න්නෙ ඇත්ත කියල.මමත් කිව්ව පොඩ්ඩ පොඩ්ඩ විස්තර.ඒ වෙනකොටත් එයාට තේරිලා හිටියෙ මට එයාව තාම විශ්වාස නෑ කියල.එයා එයාලගෙ කැම්පස් එකේ පින්තූරත් එව්ව බලන්න කියල.හිහ් ඒක දැක්කට පස්සෙ නම් මට හිනා ගියා.

රිලවෙක් වගේ රතුපාට ටී එකක් ඇදන් පින්තූරයක් අරන් එවලා තිබ්බ.

රිලවෙක්??? හිකිස්...

ඔව්...කෙට්ටුම කෙට්ටුයි උසම උසායි...
ඇහුවම කිවේ ඒ හොස්ටල් එකේදී ගත්ත පින්තූරයක් කියල.එයා මට මගෙ පින්තූරයක් එවන්න කියල කිව්වෙ නෑ ඊට ටික දවසකට පස්සෙ මට කිව්ව ඔයාවත් බලන්න අසයි කාත් එක්කද මේ චැට් කරන්නෙ කියල.කැමති නම් පින්තූරයක් එවන්න කිව්ව.

ඉතින් ඔයා යැව්වද?

අපො නෑ.මට එයාව ශුවර් තිබ්බෙ නෑ.මම් කෙලින්ම කිව්ව බෑ කියල.

ඉතින්.

එයා කිව්ව මම් දන්නව ඔයා ගර්ල් කෙනෙක් කියල.

මම් ඇහුව ඒ කොහොමද කියල. 

....???

එයා කිව්ව එයාට හොදටම ශුවර් කියාල චැට් කරන්නෙ කෙල්ලක්මයි කියල .

මම ඇහුව ඒ කොහොමද එහෙම කියන්නෙ කියල.

එයාට චැට් කරල පුරුදුයි ලු.චැට් කරන විදියෙන් කෙල්ලක් කියල කියන්න පුලුවන් කියල කිව්ව.

එදා එයා එයාගෙ ෆෝන් නොම්බරේ දුන්න,කැමති නම් රින්ග් එකක් දෙන්න යාලුවො වගේ ආශ්‍රය කරන්න කැමැතියි කියල.

ඔයාගෙ එක ඉල්ලුවෙ නැද්ද?

නැහ් ඉල්ලුවත් මම් දෙන්න හිතන් හිටියෙ නෑ.

ටිකදවසක් ඔහොම ගෙවුනා.දවසක් ලෙක්චර්ස් ඇරිලා හොස්ටල් එකට වෙලා ඔහේ ඉද්දි මට හිතුනා අර නොම්බරේ වැඩ කරනවද කියල රින්ග් කට් එකක් දීලා බලන්න.

අකක්ත් මාර වැඩ තමා කරන්නෙ? හිහි...

ඉන්නකො කියනකම්,පස්සෙ මම් එක රින්ග් එකක් යැව්වා.මෙන්න බොලෙ අනිත් පැත්තට රින්ග් කරනව.

නෑ...ඔයා ආන්සර් කරාද?

නෑ...ම්ම් කට් කරා.

පස්සෙ මෙන්න මැසේජ් එකක් එවලා."කවුද මේ?..." කියල.මම් සද්ද නැතුව හිටියා.දෙපාරක් විතර රින්ග් කරා මම් ආන්සර් කරේ නෑ.

31 comments:

  1. akke ikmnta ithuru tika danno.... errrrr... mehema karana eka hoda na hode... kiyawagena enakotama nawaththala.. :'(

    ReplyDelete
  2. හරි එයාටත් බඩු පැකට් වෙලා

    ReplyDelete
  3. අම්මෝ ඉස්සර මාත් සිංහලයා චැට් එකෙන් හෙල්ලෙන්නේ නෑ. ඒ දවස්වලම තමා මම් මුලින්ම නෙට් ආවේ. ඒ නිසා නොකා නොබී චැට් කරනවා. :)

    ReplyDelete
  4. අයියෝඕ...හරිම කොටයිනේ කතාව...:-|

    ReplyDelete
  5. දිල්ගෙ අයිතිකාරයා දිල්ව හොයා ගත්තෙත් ඔහොම තමා..ඒත් එයා මේ බ්ලොග් අඩවියේ බ්ලොග් එකක් කරන එක සහෝදරයෙක්ගෙ හොඳම යාළුවා නිසා දිල්ට නම් බයක් දැනුනේ නෑ...හැබැයි චැට් කලේ නම් එක පාරයි..දෙවෙනි දවසෙම කෝල් කලා...ඇයි අර බ්ලොග් අඩවියේ යාලුවා කෙනා දිල්ගෙ නම්බර් එක දැනගෙන උන්නනෙ....

    චැට් කිරිල්ල කියන්නෙ මහා වදයක් දිල්ට නම්...කැමතිම නෑ... උන්න ගමන් යාලුවෙක් දැක්කම " හායි...බායි..." ගානවා මිසක් මලාට ඊට වඩා දුර යන්නෙ නෑ.... ඔන් ලයින් ප්‍රේමයත් නරකම නෑ...හැබැයි පරිස්සමෙන් කලෝතින්...දිල්ට අයිති වෙලා තියෙන්නෙත් ඔන් ලයින් ප්‍රේමයක්නෙ....

    ReplyDelete
  6. මගේ යාලුවෙක්ගේ බොහොම සාර්ථක පේ‍්‍රමයක් යනවා මේ දවස් වල... ෆේස්බුකියෙන් සෙට්වෙච්ච... දැනට අවුරුදු 2ක්..

    ReplyDelete
  7. මම නම් අනං මනං තමා... ඒකෙන් අදුන ගත්තු සමහර යාලුවෝ අදටත් ඉදලා හිටලා කථා කරනවා... ඇබ්බැහි විම නම් සොරිම තමා.... දැන් බ්ලොග්................. අනේ වාසනාවන් අපිට

    ReplyDelete
  8. හප්පේ........ තව කී දෙනෙක් නම් ඇත් ද ඔන්ලයින් පෙම් කරන..හික්zz

    ReplyDelete
  9. අපි කොල්ලෙක්ව චැට් කරලා ඔය වගේ අන්දලා පීසා කෑවා...ඌ ඇවිල්ලා ඔ‍ෆිස් එකටම දීලා ගියා ඉස්සරහ ඉන්න කෙල්ලට,කෙල්ල මොකුත් දන්නේ නෑ අරගෙන,හික් හික් .....

    ReplyDelete
  10. මාත් කාලයක් on lanka එකේ බැහැගෙනම හිටියා.චැට් සයිට් කියන්නෙත් මාරම ආතල් ලෝකයක් තමා. ඇබ්බැහි වුනොත් ගැලවෙන්න මාර කට්ටක් කන්න තියෙන්නේ.. ලව්, ඉලව්, වලි, කුණුහරුප, ban කිරිලි, පට්ටම තමා ඒ කාලෙත්.

    ReplyDelete
  11. අපි මෙච්චර චැට් කරනවා අපිට කවුරුවත් සෙට් වෙන්නේ නෑනේ...

    ReplyDelete
  12. හොඳයි හොඳයි දැන කොහොම හරි හමු වුනා නොවැ. දිගටම යන එකනේ ප්‍රශ්නේ. බොහෝ අය සිතා සිටින්නේ මුණ ගැසීමයි වැදගත් කියලා. මම නම් හිතන්නේ දිගටම සම්බන්ධයක් තබා ගැනීමයි වැදගත්. දවසකට කී දෙනෙක් මුණ ගැහෙනවද. ඉන් හිතට හරි යන්නේ කීයෙන් කීයද? ඒ නිසා සම්බන්ධයක් හැදුනාම දිගට පවත්වා ගැනීම ගැන මුලින් හිතන්න. මොකද මේ වගේ දේවල් ජීවිතේට වරද්ද වරද්දා හදා ගන්න බැරි දේවල්.

    ReplyDelete
  13. @දිනේශ් - පොදු ගැටලුවක් :D

    ReplyDelete
  14. මගෙත් තිබුන ඔය ඔන්ලයින් කේසස්. ඒ කාලෙ මයි ඒෂියා & හයි 5 තමයි ඉතින් ජීවිතේ. දැන් ෆේස්බුක් නිසා ඒ පැත්තෙ බල්ලෙක්වත් නෑ.

    ReplyDelete
  15. මාර්ක් මැවු වෙනසක අරුමේ..

    ReplyDelete
  16. ඉතුරු ටිකත් දාන්න.

    ReplyDelete
  17. ඔන්ලයින් ප්‍රේමයේ වරදක් නෑ. හොද හෝ නරක වෙන්නේ වාසනාව හා අවාසනාවමත තමයී.

    ReplyDelete
  18. ඔං කන්ඩයි හදන්නේ පොල්පැලේ...

    ReplyDelete
  19. හොඳම හරියෙන් කතාව නවත්තලානේ :)

    ReplyDelete
  20. ඉතින් ඉතින්... ඊට පස්සේ මොකද වුනේ???

    ReplyDelete
  21. කෝ අයියො ඉතුරු ටික....???

    ReplyDelete
  22. හී.. හී.. මරු මරු.. ඔක්කෝම ලියලා දාන්ට..

    ReplyDelete
  23. ඔන්ලයින් පෙම් හුටපට හරි යන වෙලාවලුත් තියනවා. වරදින වෙලාවල් වැඩියි. ගොඩක් පරිස්සමින් කරන්න ඕන වැඩක්.......

    ReplyDelete
  24. ඉතිං ඊට පස්ෙස්........

    ReplyDelete
  25. නඟා-හා ලියන්නම් කො.

    ශානු -ඒ කිව්වෙ?

    මධුරංග-අහ් මම් ඒක දන්නෙ නෑ.

    සයුරි-දිග වැඩිවෙන නිසා කොට කරා.

    දිල් -හ්ම් ඔව් ගොඩක් පරිස්සම් වෙන්න ඔනේ .ගොඩක් වෙන්නෙ හොදට වඩා නරකනේ,දැක්කෙ නැද්ද ඔය පත්තර වල එහෙම දාල තියන දේවල්.චැට් කිරිල්ලෙන් ප්‍රිමකරන්න ගිහින් වෙච්ච ඇබැද්දිවල්.

    නරකයා ...!!-ආහ් එහෙනම් හොදයි

    ReplyDelete
  26. දේවා ගේ අඩවිය-හොද අයත් ඉන්න්ව තමා.

    පබලු-බුකිය බැලුවම් නම් ගොඩක් දෙනෙක් ඉන්න හැඩයි:)

    ඔබ නොදු‍ටු ලොවක්-අය්යෝ ඔයාලත් මාර වැඩනේ කරන්නෙ?

    නාකියා-හමෝටම අද්දැකීම තියනවනේ බැලුවාම.

    ඪිනෙශ්-අහ් ඒ මොකෝ?

    වෙද ගෙදර මහ වෙදනා -ඒක නම් ඇත්ත.සම්බන්දයක් පටන් ගැන්ම නෙමේ පවත්වාගන යන එක තම ගොඩක් අමාරු.

    සීතල අයියා-එන්ඩ් එක ඊලග පොස්ට් එකෙන්.:)

    සමනල් පැටියා-අහ් ඒකාලෙ හයි5 එහෙනමත් තිබ්බ තමා.

    සමනල් පැටියා-ඒකන නේද?

    රාජ්-හරි ලියන්නම් කො.

    ReplyDelete
  27. බට්ටි-ඔව් මොනා කරන්නත් මොලෙ පාවිච්චි කරන්න ඔනේ:)

    ර්‍අජ්-ඉන්නකො තාම නෑ.

    Hඅසිත-දිග වැඩි නිසා කොට කරේ.

    චතුවා -ඉන්නකො ලියන්නම්.

    Miyuru -මේ දානව.

    පැණි දොඩම්-හා ඉන්ටකො ලියන්න.

    එලෙඵස්-ඒක නම් ඇත්ත

    තාරක ඪිල්ශ්@න්-ඉන්න්කො ලියන්නම්

    ReplyDelete
  28. මෙන්න මේකට ගැලපෙන ම චිත්‍රපටය, මං සිංහල උපසිරැසිත් දැම්ම. නියම කතාවක්, බලන්න කො...
    http://www.baiscopelk.com/?p=9120

    ReplyDelete
  29. ko ithuru tika. hodama hariya agille wage thama me kathawath....paw e ahinsaka kolla ahu wela wage

    ReplyDelete
  30. කෝ බං අක්කෙ මේකෙ ඉතුරු ටික?

    ReplyDelete