Thursday, December 15, 2011

කවදාවත් නැතුව ලෝකෙම කැරකෙනව

https://www.mylifestages.org/imageServlet/imageName/BLOG-gflb17qz.jpg

ලගකදී ඉදලා උදේට නැගිටිද්දි කලන්තේ,නැගිටින්න ඔලුව කෙලින් කරාම මුලු ලෝකෙම කැරකෙනව.අම්මො එහෙමත් දෙයක්.සෑහෙන්න බය උනා.නිදාගන ඉදලා නැගිටින්න හදනකොටම මුලු ලෝකෙම කැරකෙනව වගේ තමයි දැනෙන්නෙ.


ඔලුව කෙලින් කරන්න බෑ,කොහොමත්ම නැගිටින්න නම් බෑ.සෑහෙන වෙලාවක් ඉදලා ඉදලා හිමිහිමීට කාගෙ හරි උදව් ඇතුව නැගිටිනවා.ඒත් ඇදේ ඉදගන ටික වෙලාවක් වාඩි වෙලා ඉදලා.

නැගිට්ටහම කැරකිල්ල නෑ.ඔලුවෙ කැක්කුමකුත් නෑ. වෙනදා වගේ ඉන්න පුලුවන්,හැබැයි නිදාගත්තොත් ආය කැරකිල්ල.

එක එක්කෙනා එක එක දේවල් කිව්ව.

සමහරු කිව්ව ආ ෆ්‍රෙශර් එක චෙක් කරන්න තියෙන්නෙ.ව්‍යායාමයකුත් අඩුයිනේ ෆ්‍රෙශර් වැඩි වෙලාද දන්නෙ නෑ කියල.

සමහරු කිව්වෙ ආ...කනව වැඩී... ශුවර් එකට කොලෙස්ටෙරෝල් ඇති කියල.


මමත් බය උනා.මොකෝ කවදාවත් නැතුව ලෝකෙම කැරකෙනවනේ.


දවස් 2ක් විතර බලලා වැඩේ හරියන්නෙ නැති නිසා කෝකටත් හොදයිනේ කියල කායික රෝග විශේෂන දොස්තර කෙනෙක් චැනල් කරා.

දොස්තරත් නලාව තියල බැලුව, ෆ්‍රෙශර් එක බැලුව,ඇස් බැලුව.දිව දාන්න කියලා කටත් ඇරල බැලුව.ම්හු...හැබැයි මොනවත් කිව්වෙ නෑ.

හරි එහෙනම් අපි බ්ලඩ් එකක් චෙක් කරල බලමු.ඇගත් ටිකක් මහත නිසා සමහර විට අක්මාවේ තෙල් තැම්පත් වෙලාද දන්නෙ නෑ වැඩිපුර?...එහෙම කිව්වෙ දොස්තර.එහෙම කියල මං දිහා බලලා හිනාවක් දැම්මා.
පැය 12ක් නිරාහාරව ඉදලා පස්සෙ දවසේ උදේම ඇවිත් ලේ එකක් දුන්න. ඒ ලේවල සීනි එහෙම බලන්න.අනිත් ටෙස්ට් එකට ලේ දෙන්න ඕනේ නිරාහාරව පැය 14ක් ඉදලා ඒක ලිපිඩ පරීක්ෂාවක්.


ගෙදර ඇවිත් පැය 2කින් ආයෙත් ගියා ගිහින් අනිත් අතත් හිල් කරලා ලේ දීලා ආව.


හවස බ්ලඩ් රිපොර්ට් එකත් අරන් ගියා දොස්තර ලගට.දොස්තරත් පට පට ගාල රිපොර්ට් එක බලලා.ටිකක් වෙලා කල්පනා කරා.

සීනීත් නෝමල්

කොලෙස්ටෙරෝල් නම් ටිකක් වැඩිය තිබ්බා
දොස්තර ඒක ගනන් ගත්ත බවක් පෙනුනෙ නෑ.

මෙන්න මේකෙන් තමයි අර අක්මාවෙ තත්වේ ගැන අදහස ගන්නව කිව්වෙ.
මේ අනිත් එක හිමොග්ලොබින්

මේව ටික බලාගන බලාගන ගිහින් ටික වෙලාවක් කල්පනා කරා.මමත් හොදටම බය වෙලා හිටියෙ ඒ වෙලාවෙ.ඊට පස්සෙ තමයි ඇහුවේ කන් වලට කූරු ගහනවද කියල.කූරු කිව්වෙ අර කොටන්බඩ්ස් එහෙම.කොට්න්බඩ්ස් නම් පාවිච්චි කරනව ඒත් මං බයට එහෙමත් නෑ කිව්ව.

කන් දෙකේ කුහර වලින් අපී ශරීරේ සමතුලිත බව පාලනය කරනවලුනේ.ඉතින් ඒ කුහර වල මොකද්ද දෝශයක් කියල තමයි කිව්වෙ,ඒක නිසාලු කැරකිල්ල වගේ එන්නෙ නැගිටින්න හදද්දි.ටිකක් ලෙඩේ ගැන දොස්තර විස්තර කියලත් දුන්න.එහෙම හිතලා බෙහෙත් දුන්න.අනේ දොස්තරට පින්සිද්ද වෙන්න කීප වේලක් බොද්දි කැරකිල්ල ඇරිලා ගියා.

අම්ම නම් කිව්වෙ කොයි වෙලෙත් හෙට් සෙට් එක කනේ ගහගෙන ඉන නිසා තමයි එහෙම උනේ කියල.මග දිග බැන බැන ආව,හදාගන්නවකො ලෙඩක් කියල

එන්න හදද්දී දොස්තර ලීෆ්ලට්ස් ගොඩකුත් දුන්න කියවන්න කියල.බර අඩු කරගන්න කියල කෑම වට්ටෝරුවකුත් දුන්නා.දොස්තරගෙ කෑම වට්ටෝරුව,මංබර අඩුකරගත්ත හැටි ගැන වෙනම පොස්ට් එකක් දාන්න වෙනව,මේක දැනටමත් දිග වැඩියි.මෙන්න මේ වීඩියෝ එකක් පොඩ්ඩක් බලන්නකො.

38 comments:

  1. කන් දෙකේ කුහරවලින් මෙච්චර හරියක් කරනවා කියලා දන්නේ අදනේ...වැදගත් විස්තරයක් , කොහොමනමුත් ටිකක් ව්‍යායාම කරන්න,යෝගා පාරක් හරි දාන්න...

    ReplyDelete
  2. මේ ගැන නම් මමත් අහලා තියෙනවා.. අපේ අම්මටත් කාලයක් ඕක තිබුනා.. දැන්නම් හොදටම හොදයි.. ඔක එච්චර බය වෙන්න දෙයක් නෙමෙයි..

    ReplyDelete
  3. මටත් මේ වගේ දේයක් වෙලා තියනවා. නිදාගෙන ඉඳලා නැගිටිනකොට පුරුදු වෙලා තිබුනෙ එකපාරට අ‍ඳෙන් නැගිටින්න. දවසක් එහෙම නැගිට්ටම මුළු ලොකේම මගේ වටේ කැරකෙන්න පටන් ගත්ත. දොස්තර ලඟට යනකම් ඇඳේමයි හිටියේ. දොස්තර කිව්වේ කවදාවත් එහෙම එක පාරට නැගිටින්න එපා කියල . ඇ‍ඳෙන් නැගිටින්න පෙර ටිකක් වෙලා වාඩි වෙලා ඉඳලා නැගිටින්න කියලා.

    ReplyDelete
  4. මහ රැ 12ට දාල තියෙන්නෙ..තාම කැම්පස් එකෙන් අවුට් වෙලත් අනේ අම්මප වෙලාසනින් කාල බීල සැපට නිදාගන්නෙ නැති හැටි..ඉතින් කණෙ බැලන්ස් නැති වෙන එක පුදුමයක් නැ..
    කමක් නැ කොමෙන් කොම හරි අපේ අක්කට සුව වුනා නේ..මොකො මේ දවස් වල වෙන්නෙ..ගම් පලාතට වෙල කාල බීල නාල සුවෙන් ඉන්නවද ?

    ReplyDelete
  5. අනිවා...ඔය කේස් එක මටත් වෙලා තියෙනව...කන්දෙක පරිස්සං කරගන්ඩ සහොදරි..නැත්තං හැමදාම කැරකි කැරකි තමා ඉන්ඩ වෙන්නේ....
    අනිත් දේ තමයි..ඔය ලේඩේ පුරුද්දකට යන්ඩ තියෙන ඉඩකඩ වැඩි..එක පාරින්ම හොඳ කරගන්ඩ...මොකද ඔතැනින් නොවැ ඔය තඩි පංචස්කන්දේ බැලන්ස් කොරන්නේ...

    ReplyDelete
  6. අනිවා...ඔය කේස් එක මටත් වෙලා තියෙනව...කන්දෙක පරිස්සං කරගන්ඩ සහොදරි..නැත්තං හැමදාම කැරකි කැරකි තමා ඉන්ඩ වෙන්නේ....
    අනිත් දේ තමයි..ඔය ලේඩේ පුරුද්දකට යන්ඩ තියෙන ඉඩකඩ වැඩි..එක පාරින්ම හොඳ කරගන්ඩ...මොකද ඔතැනින් නොවැ ඔය තඩි පංචස්කන්දේ බැලන්ස් කොරන්නේ...

    ReplyDelete
  7. මගේ යාළුවෙකුට මෙහෙම දෙයක් උනා...එයා හැමතිස්සෙම වාහනේ යතුර අතේ තියාගෙන ඉන්නෙ.... ඉතින් එහෙම වෙලාවට කණ කසන්න ගත්තොත් පොර අර යතුරෙන් තමයි කණ කසනව කියන්නෙ... දවසක් ඔහොම වෙලාවක යතුර ටිකක් වැඩියෙන් කණ ඇතුලට ගිහින්..... අම්මේ...කණ ඉන්ෆෙක්ට් උනේ නැත්ද..... ඔය කොට්න් බඩ්ස් දාලත් සමහරු ඔය වැඩේ කරගන්නවාලු....
    අපේ තාත්තටත් ඉස්සර තරුණ කාලෙ කැරකිල්ල හැදෙන ලෙඩක් තිබ්බා... ඒකට නිතරම කිතුල් පිටි වලින් හදපු කෑම, විශේෂයෙන්ම තලප වගේ දේවල් නිතර කෑවා....

    ReplyDelete
  8. හරිම වැදගත් මේක දැනගත්ත එක නම්...ඔය කනේ කූරු ගහන පුරුද්ද නම් මටත් තියනවා..මිට පස්සේ පරෙස්සම් වෙන්න ඕන..

    ReplyDelete
  9. ඔ්කට පොඩි වැඩයි මමනං කරන්නෙ! කැරකෙනව තේරෙන පැත්තට විරුද්ධ පැත්තට මම කැරකෙනව! ;) :D :D :D :D

    දැං ඉතිං ලෙඩේ හොඳද?

    ReplyDelete
  10. අපොයි අක්කටත් වෙන දේවල්.මට නම් ඔහොම දෙයක් වෙලා නෑ කවදාවත් වෙන එකකුත් නෑ.මං ඉතින් උදේට නැගිටල ඇදට වෙලා තව පැය බාගයක්,පැයක් විතර කම්මැලිකමට ඉන්නවනෙ.හැබැයි මගේ හරි වෙන කාගෙ හරි අතක්,පයක් කැපිලා ලේ ගලනව දැක්කොත් නම් මට ඔහොම වෙනව.
    අම්මෝ මාත් හෙඩ්සෙට්,ඉයර් ෆෝන් කනේ ගහගත්තු ගමන්නමයි එක මාත් නතර කරන්න ඕනිතකොහොම උනත් දැන් අක්කට සනීපයිනේ ඒ ඇති :)පරිස්සමෙන් ඉන්න

    ReplyDelete
  11. ඕක හැදෙන්නේ කන් වල සෙම බ්ලොක් උනාම කියලයි මම අහල තියෙන්නේ. මටත් හැදුනා. අපේ වෙද මහත්තයගෙන් අහල බැලුවේ නැතෙයි..

    ReplyDelete
  12. නඳී මම මගෙ නිගමනයත් ලියන්නද?
    තරහා වෙන්න එපා. මම නම් කියන්නේ වෙන දෙයක්. ඔබේ වයස අවු 30 අඩු නම් ඔබ සිටින්නේ අනතුරු දායක තත්ත්වයක. ඔබ කළ යුතු තවත් පරීක්ෂණයක් තිබෙනවා. එනම් ඔබගේ රුධිර පරීක්ෂාවක් මඟින් (Liver Profile) අක්මාවේ තත්ත්වය බලා ගන්න. මට හිත්න්නේ ඔබ් මහතයි කිව්ව නිසා ඔබට අක්මාවේ මේදය තැන්පත් වීම ඇරබිලා. බෙහෙත් වැඩක් නැහැ. මූලික කරුනු තුනක් තිබෙනවා.
    1. දිනකට පැයක් ව්‍යායාම කරන්න. නැතිනම් 3කිලෝ මීටර ඇවිදින්න.
    2. මේද, සීනි, පිටි, ලුනු, ආහාර අඩු කරන්න.
    3. මානසික සමබර තාවය රැකගන්න.
    මේ ටික කරන ගමන් මාසයක් සතියකට අඩු ගනනේ දින 2වත් කරපින්චා කොළ කැඳ බොන්න.
    මාසෙන් වැඩේ හරි. අත්දුටුවයි , සත්තයි, තීන්දුයි, නිවාරණයි.
    (Consultation fees පසේ දෙන්න.)

    ReplyDelete
  13. ඔය ලෙඩේට කියන්නේ Fatty Liver කියලා. නිකම් වාඩි වෙලා ඉන්න අයට හැදෙන්නේ.

    ReplyDelete
  14. දැක්කා නේද කනේ ගහගෙන සින්දු අහන එකේ ප්‍රතිවිපාකේ. දැන්ම නවත්තනවා හොදයි ඔන්

    ReplyDelete
  15. ඇත්තනේ කනෙන් නේන්නම් අපේ සමබරතාවය පාලනය කරන්නෙ.අපේ පුංචි කෙනෙක්ටත් ඔය වැඩේ.ටික කාලයක් බෙහෙත් ගත්තාම හරි ගියා. :))

    අක්කා බර අඩු කරන්න කන්න දේවල් ටික මටත් වැදගත් වෙයි වගේ.බලමුකෝ.. ;)

    ReplyDelete
  16. වෙද මහත්තයගේ කමෙන්ට් එක දැක්කාම කරකවලා අතෑරියා වගේ උනා, මල කෙලියයි, වහාම මාත් අඩුම ගානේ ලේ ටිකවත් චැක් කොර ගන්න ඕන .......

    ReplyDelete
  17. වෙද ගෙදර මහ වෙදනා- ස්තූතියි ඔබතුමාගෙ පැහැදිලි කීරිමට හා උපදෙස් වලට.ටිකක් විස්තර ඇතුව මම් ඔබතුමාට ඊ මේල් එකක් දැම්මා.

    ReplyDelete
  18. බයත් හිතෙනවා අප්පා වෙලාවක... අපි ගෙවන ජීවිතේ හැටියට මොන මොන ලෙඩ තියෙනවද මන්දා..

    ReplyDelete
  19. හපොයි... පරෙස්සම් වෙන්න..:)

    ReplyDelete
  20. මටත් ඔය වගේම දෙයක් වෙනවා...මේ මෑතක ඉඳන්... ඉඳගෙන ඉඳලා නැඟිටිද්දී පරිසරය අඳුරු වෙලා පොඩියට ක්ලාන්තය වගේ දැනෙනවා... ඒ වගේම ඒ වෙලාවට eye vision එකේ balance නැති ගතියක් දැනෙනවා...අනතුර වෙච්ච දවස්වල තදින් ඔළුව වැදිලත් තිබුනනෙ....මොකක් වේගන එනවද මන්දා...ඒත් ඉතින් තාම ගියේ නෑනෙ ඩොකෙක් හම්බු වෙන්න....

    ReplyDelete
  21. අපොයි ඇති ඔයින් ගියා ...
    මම හිතාගෙන හිටියෙ ඔයා හරිම කෙට්ටුයි කියලයි.

    ReplyDelete
  22. මමත් සීනි චෙක් කරගන්න ඕනේ...

    ReplyDelete
  23. දැන් ගොඩක් අය 30ට අඩු වෙන්න හදනවා වගේ :D

    දොස්තර කෙනෙක්ට බොරු කීම අනුමත කරන්න පුලුවන්ද??

    ReplyDelete
  24. අර අයියා ගෙනපු එව්වායෙන් ටිකක් මහ රෑ බීවද කවුද දන්නෙ :D :D

    ReplyDelete
  25. මේ ඔයා කෝමද හරියටම දැනගත්තෙ ලෝකෙ කැරකෙනවා කියලා ඔයාට මහත් දීප එක එක රටවල් හේම පෙනුනද ? :P

    ReplyDelete
  26. මාත් යන්න ඕනෙ ඕව චැක් කොරාගන්ට... තෙල් පිටි කාලා කාල මැරිල වැටෙයි නැත්නම් දන්නෙම නැතුව....

    ReplyDelete
  27. මටත් ඔය එක පාරට ඇඳෙන් නැගිටපු දවසක එහෙම උනා
    ඊට පස්සේ එහෙම කලේ නැහැ
    දැන් එහෙම වෙන්නේ නැහැ
    මටත් ලිවර් එකේ මොනමොනවද ප්‍රශ්න වගයක් තියෙනවා කියල දොස්තර මහත්තුරු කිව්වා රට එන්න කලින්
    ඉතින් එකට බෙහෙතනම් මෙහෙ ආවට පස්සේ හම්බ උනා
    මොකද මෙහේ අයිස් ටී නැහැනේ
    දැන් හැබැයි කාල වැඩිවෙලා වෙන මොනවහරි ප්‍රශ්නයක් ඇතිවෙලාද දන්නේ නැහැ
    පොඩි චෙක් පාරක් දාගන්න ඕනේ වෙලාවක

    ReplyDelete
  28. හිමොග්ලොබින් නම් නෝමල්. කොලෙස්ටරෝල් නම් ටිකක් විතර වැඩියි ලූ. වැඩිමත් නෙමේ මාර්ජින් එකේ වගේ ලු තියෙන්නේ. 210ට වඩා වැඩි වෙන එක හොද නෑ ලූ. ඒ නිසා අක්කා ටිකක් කෑමෙන් පරිස්සම් වෙන්න. අනිත් සේරම අවුවා නෝමල් ය කියලා මල්ලි කිව්වා.

    ReplyDelete
  29. මෙඩිකල් රිපෝට් එකක් නෝමල් කියලා දැන ගත්තම මාර සතුටක් දැනෙන්නෙ නේද?
    henryblogwalker the DUDE

    ReplyDelete
  30. නදී නරකද urine beta HcG පරීක්ශනයක් කරලා pregnant ද නැද්ද කියල බලාගත්තොත්.!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
    ඩෙෆා fatty liver නම් නෙවෙයි, කනේ ප්‍රශ්නයක් පැත්තට බරයි..........
    oh! නදීටත් වෙන වැඩ...

    ReplyDelete
  31. ඔබ නොදු‍ටු ලොවක්.....-හ්ම් ඒකනේ බලන්නකො.ඔව් දැන් ටිකක් ඒ ගැන අවධානෙන් ඉන්නෙ.

    ඪිනෙශ්-කීපදෙනෙම ඔය ගැන මට කිව්වා.එයාලටත් එහෙම උනා කියල.කෝකටත් පරිස්සම් වෙන එක හොදයි නේ.

    ඝිම්හනි-මමත් එහෙමයි එක පාරට නැගිටිනව.:)

    පැන්ඩා-කොහොමත් 12 විතර වෙනව.ඒක පුරුදු වෙලා.:).සුවෙන් ඉන්නව මල්ලි ගම් පළාතට වහිනව මේ දවස් වල.

    ර්‍අජ්-හ්ම් .බෙහෙත් බිව්වට පස්සෙ නම් ආය එහෙම උනේ නෑ.අම්මො දැන් නැගිටිද්දි ඒක මතක් වෙද්දිත් බයයි.ආය කැරකිල්ල එයිද කියල.පරිස්සමට තමා නැගිටින්නෙ:)

    Mඉයුරු-හ්ම් කොට්න් බඩ්ස් දාන එක නැවැත්තුවා මමත්.කනට එක එක දේවල් දාලා කූරු ගහන එක හොද නෑ කියනවනේ.

    සයුරි-ඔව් ටිකක් පරිස්සමෙන්.

    තනි අලියා-ඔහොම කියන්නෙ නෑ ඔයාට එහෙම උනානම්.අෆ්ෆො.දැන් හොදයි,දොස්තරට පින්සිද්ද වෙන්න.නැත්තම් මම් තාම කැරකෙනව හෙහෙ.

    ReplyDelete
  32. ආඩම්බරකාරී-මගෙ පුරුද්ද ඇහැරුන ගමන් නැගිටින එක හිහි.දැණ් සනීපයි.

    මාතලන්-අහ් එහෙමද?ඔව් මම් වෙදමහත්තයා කන්ටැක්ට් කරා.

    වෙද ගෙදර මහ වෙදනා-බොහොම ස්තූතියි ඔබතුමාගෙ පැහැදිලිකිරීම් වලට සහ උපදෙස් වලට.ඊ මේල් මගින් ගොඩක් විස්තර දැනගත්තා.දැණ් ඉතින් ටිකක් පරිස්සම් වෙන්න ඔනේ ඒක කෝකටත් හොදයිනේ.

    වර්ණා-අම්බෝ ඔව්.හෙඩ් සෙට් එක පාවිච්චි කරනව අඩුයි දැන්.හෙහෙ.

    නිසුපා-අහ් මටත් දැන් හොදයි.හරි මම් ඒ ගැන ලියන්නම් කෝ.

    පන්සල් හංදිය-හිකිස්,දැන් ඔක්කොම බය වෙලා ලේ චැක් කරයිද දන්නෙ නෑ.:)

    ReplyDelete
  33. Mahesh Wickramasinghe -ඒකනේ උදේ ඉදන් හවස් වෙනකම් වාඩි වෙලා ඉන්න එකමනේ කරන්නෙ.

    සුදු හංසි-.හ්ම් දැන් පරිස්සම් වෙනව.:)

    දිල්-අහ් කෝකටත් හොදා දොස්තර කෙනෙක් චැනල් කරන්න ගිහින්.

    කුමරය-අහ් ඒකනේ මදැයි.ඔයා කොහොමද හිතුවේ මම් කෙට්ටු කෙනෙක් කියල:)

    ප්‍රසන්න86-පැණිරස දේවල් ගොඩක් කනවද මම් නම් එහෙම කන්නෙ නෑ.

    ReplyDelete
  34. තාරක ඪිල්ශ්@න්-මම් නම් 30ට අඩුයි.:) බොරු කියලා නම් බෑ ඇත්තම කියන්නඔනේ.ඒවා අහලා බලලානේ බෙහෙත් දෙන්නෙ.

    ඹුන්න්ය්-පිස්සුද අවුරුද්දක් තිස්සේ ඒවා තිබ්බ,බිව්ව නම් මෙහෙම වෙනවද ?

    ඹුන්න්ය්-නෑ.කාමරේ වහල කැරකෙනව පෙනුනේ.:)

    පැණි දොඩම්-හොදා හොදා.තෙල් පිටිමනේ කන්නෙ.

    ලොකු පුතා-කන එක ටිකක් අඩුකරන්න,මමත් අඩුකරා.(හිතකින් නෙමේ:( )

    මධුරංග-ස්තූතියි මල්ලි.දැණ් කෑමෙන් පරිස්සම් වෙනව

    ඪුඩෙ-ඒකනම් ඇත්ත.රිපෝර්ට් එක අරගත්ත ගමන් කියනව ෆිට් එකේ දොස්තර ලගට ගියේ.:)

    සජිත්-ඇහ් ?HCG බලන්නෙ මොකටද?උදෙට කලන්තේ ඒන නිසාද ?හිහි :)
    කනේ අමාරුවක් වගේ තමා තිබ්බෙ නම්.බෙහෙත් බිව්වට පස්සෙ දැණ් හොදා.කෝකටත් කෑමෙන් පරිස්සම් වෙලා බර අඩු ක‍රගන්නවා.අඩු වයසෙන් ලෙඩ උනොත් :(

    ReplyDelete
  35. ඒත් මේ මාත් බැලුව, උදේට ඔලුවෙ කැක්කුමයි ඔක්කාරෙ වගේ කීවම.... ;)

    ReplyDelete
  36. මටත් ඔය කන කසන ලෙඩේ තියෙනවා. පහු ගිය දවසක කන කසද්දී නි‍යපොත්තක් වැදිලා සැරව ගෙඩායක් ආවා කනේ.අම්මෝ ඩොක්ටර් ඒක සුද්ද කරලා යවද්දී මට එලොව පොල් පෙනුනා.

    ReplyDelete
  37. appo akkio ikmanata saneepa venna.
    math koi veleth ipod eka gaha gaththa gaman!
    mata baya hithunaaaaaa.....

    ReplyDelete
  38. ටී.බී.- ඉතින් මොකද?:)

    බට්ටි-අහ් එහෙනම් පරිස්සම් වෙන්න ඔයත්.

    ඇනෝ-ඔව් මම් දැන් හෙඩ්සෙට් කනේ ගහන් ඉන්න එක අඩුකරල තියෙන්නෙ.

    ReplyDelete