Wednesday, December 7, 2011

මෙහෙමත් පිම්පල්


මේ සිද්දිය උනේ මං උසස් පෙළ ලියල ප්‍රතිඵල ඇවිත් ගෙදර ඉන්න කාලේ.ඔය අතරේ  දාපු සමහර පාඨමාලාවල Aptitude Tests  වලට ලියුම් එනවද කියල බලන් ඉන්නව.මෙන්න මේ කාලෙ තමයි මේ ලෙඩේ හැදුනේ.

ලෙඩේ කියන්නෙ පොඩි බිබිලකින් පටන්ගත්ත එකක්,පොඩි බිබිලක් කවුද ගනන් ගන්නේ ඉතින්.හිතාගන්නකො අර මූණෙ එන කුරුලෑවක් වගේ පොඩි බිබිලක් වගේ එකක් තමයි තිබ්බෙ.පස්සෙ පස්සෙ මේක ඇදුම්කන්නත් රිදෙන්නත් පටන් ගත්තා.අහ් ටිකක් විතර ලොකු වේගනත් ආවා.

කාටවත් පෙන්නන්නත් බෑ, මටත් හරියට පේන තැනක නෙමේ තිබ්බෙ.ඔහෙ ගනන් ගන්නෙ නැතුව හිටියා, කොහෙද වාඩි උනාම නැගිටින්න බෑ , නිදාගත්තොත් එක ඇලේකට වෙලා තමා නිදාගන්න ඔනේ.පොඩ්ඩක් හරි හැරුනොත් ආය කියල වැඩක් නෑ කැක්කුම.

ඔහොම ටික දවසක් ගිහින් බැරිමතැන ගෙදර අයට කියලා දම්මා.කට්ටිය මගෙ අපහසුතාවය දැනගනම කන්න බොන්න අත හෝදන්න හැමදේම ලගට කරලත් දුන්න.ඒත් ඉතින් වේදනාවනේ ඉවසන්න බැරි.

දොස්තර කෙනෙක් හම්බෙන්න යන්න යෝජනා වුනේ ඔය අතරේ,වාහනේ යන්නත් පුලුවන් කොහොමද දැන් දොස්තරට පෙන්නන්නේ.

හයියෝ මෙයාටත් වෙන වැඩ!.. කට්ටියම කිව්වෙ එහෙම.

මදැයි!...

ලැජ්ජාවට වඩා වේදනාව තියන නිසා ලැජ්ජාව පැත්තකින් තියලා ගියා දොස්තර හම්බවෙන්ඩ, ඒ අපි පොඩි කාලෙ ඉදන් බෙහෙත් ගන්න දොස්තර කෙනෙක්.අම්මත් එක්ක ගියා,දොස්තරත් බලලා කිව්ව බෙහෙත් දෙන්නම් ඒ බෙහෙත් වලට ගෙඩිය පැලිලා ගියේ නැත්තම් Operation කරන්ඩ වෙනව කියලා.අම්මේ ංමං බය වෙච්ච බය විල්ලක්.


 බෙහෙත් වේල් කීපයක් බොද්දි ගෙඩිය පැලිලා සැරව අයින් වෙලා ගියා.එහෙම්මම හොද උනා.මම් දොස්තරට පින් දුන්න අෆ්ෆෙ නැත්තම් පලයන්කො Operation කොරන්ඩ.

මේකෙත් වාසිය ගියේ අක්කට.කවුරුහරි හිතවත් යාලුවෙක්, නෑදෑයෙක්, අසල්වැසියෙක් ගෙදරට ආවාම, ආ...දන්නවද අපේ නංගීගෙ ගෙඩියක් ආවනේ හොද තැනක.... කියලා අනිත් උන්ටත් කියලා හිනා වෙන එක තමා මට පේන්ඩ බැරුව තිබ්බෙ ඒ කාලෙ.දැන් නම් ඒක අමතක වෙලා ගිහින්. ඒත් සුවවෙච්ච සලකුණු නම් තියනව මං හිතන්නෙ.කෝ මට හරියකට පේනව කියලෑ. 


55 comments:

  1. කේක් ගෙඩි අප්පු :D

    ReplyDelete
  2. හයියෝ සංසාරේ...පොටෝ එකකුත් දාලා...

    ReplyDelete
  3. ඔය වගේම අමාරු තැනක් තමයි නහය. ඒ කිව්වෙ නහය ඇතුලෙ.
    අප්පා .. මගෙ එකක් ඇවිල්ල පිස්සු හැදුන් නැති ටික විතරයි.

    ReplyDelete
  4. හි හි...පව් අප්පා...:)

    ReplyDelete
  5. අක්කටත් වෙන්නේ හරි වැඩ තමයි... ස්මහර විට ඔය පුටු රත් කර කර ඉන්න නිසා වෙන්න ඇති..

    ReplyDelete
  6. චිකේ...ඔය ඇත්ත පින්තූරෙද.....

    ReplyDelete
  7. හනේ හපොයි...
    ඔව්වට කියන්නේ කුරුලෑ නෙමෙයි විසර ගෙඩි කියල නේද
    අපේ ගෙදර අයටනම් ඔව්ව හැදෙන්නේ නැහැ
    අපි පොඩි කාලේ ඉඳලම අපේ අම්ම අවුරුද්දකට වතාවක් දෙකක් කොහොඹ කොළ කොටලා ඉස්ම වීදුරුව ගානේ අපිට බොන්න දෙනවා
    ගොඩ වෙලාවට මේවා දෙන්නේ ඉස්කෝලේ නිවාඩු කාලෙට
    (ඒවා බීපු දවසට අව්වේ යන්න හොඳ නැහැල්ලු)
    මමනම් ඕක අවුලක් නැතුව බොනවා
    ඒත් අපේ අක්කල ටිකනම් "ඊක්, ඈක්, ඕක්" ගගා තමයි ඕක බොන්නේ
    ඒකේ පිහිටෙන් අපිට කවදාවත් හමේ රෝග එහෙම හැදිලත් නැහැ
    ඔන්න කරනවානම් බෙහෙත..... :))

    ReplyDelete
  8. අය්යෝ අය්යෝ සන්සාරෙක තියන පුවක් පැල. හික්ස්

    ReplyDelete
  9. මේක කියෙව්වම මට මතක් උනේ මටත් ඉස්සර ඉදන්ම තිබ්බා මූනේ ලේ ගෙඩි හැදෙන ලෙඩක්. මයේ මූන පුරාම ගෙඩි හැදිලා.උදේට ඇඳෙන් බහින කොට අනිවාර්යෙන්ම එක ගෙඩියක් දෙකක් පැලෙනවා.

    මේකත් ඒ වගේම එකක් ද දන්නේ නෑ.

    මට හිතා ගන්න බැරි කොහේද ඔය කියන ගෙඩිය තිබ්බේ කියලා.

    ReplyDelete
  10. වින්ද වේදනාව අමතක කරලා දැන් හිනා වෙන්න පුළුවන් වෙච්ච එකත් හරි වටිනවා..

    ReplyDelete
  11. හෆෝයි වෙච්චි දෙයක්...
    නදි ගේ අක්කියාට නෝටියා 5ක් දැම්මා කියන්ටකෝ...

    ReplyDelete
  12. අනේ ඉතිං මිනිස්සුන්ට හැදෙන ලෙඩ නේද! :D

    ReplyDelete
  13. හික්ස්... 'කේක් ගෙඩි අප්පු' කියන එක හුස්ම අල්ලගෙන නවත්තන්නෙ නැතිව කියාගෙන කියාගෙන ගියා නම් ගෙඩිය තිබුන තැන හොයාගන්න පුළුවන්.... :D

    ReplyDelete
  14. අර ශරිරක්කෘත්තිය එහේම කොරන්ට ගියාම දෙයියො සිහිවෙන්ටැති මහිතේ..

    ReplyDelete
  15. මම මේකෙ බෙත් කියන්න කැමති නැහැ. හැබැයි ඔය වැනි ගෙඩි පලන්න අවශ්‍ය නැහැ. ඉතාම සුළු ආයූර්වේද ක්‍රීම් එකක් තිබෙනවා. එක පාරයි බඩු බනිස්. වියදම රුපියල් 30 විතර.

    ReplyDelete
  16. අම්මෝ..... මං නම් මූනෙ එහෙම තියෙන ඒවා මංම අයින් කරනවා.ඒත් ඉතිං මේක තිබ්බ තැන නම් ඇක්සස් කරන්න බෑ නෙ නේද?ඕක කුරුලෑවක් නෙවෙයි නේද හැබෑට.මං හිතන්නෙ විසර ගෙඩියක්. ඇග සීතල වෙන දේවල් කන්න බොන්න.මං කැම්පස් ඉන්නකොටනම් තැඹිලි බොනවා දවස් දෙකකට පාරක් වගේ.මූනෙ ගෙඩි එහෙම බැහැලා යනවා.

    ReplyDelete
  17. අයියෝ අර ෆොටෝ එක දැක්කහම නම් මගේ මූණත් එපා වුනා.

    ReplyDelete
  18. දොස්තර නෝනා කෙනෙක්ද ගෙඩිය බැලුවේ

    ReplyDelete
  19. අද තමයි මම මේ බ්ලොග් එකට මුලින්ම ආවේ.. නෝටියා තමයි ලින්ක් එක එව්වේ ගිහින් බලන්න කියලා...
    දැං ඉතින් නෝටිව්විත් එනවා ගලා යන ජීවිතේට

    ReplyDelete
  20. ගෙඩි ගැන කියද්දි අප්සට් ගියා. කෙල්ලෙක්නෙ කියන්නේ. පස්සේ බැලුවම. ඇත්තම ගෙඩියක්...

    ReplyDelete
  21. යන්තර මන්තර ගුරුකම් එහෙමත් තියෙනවාලු ඔය වගේ තැන්වල ගෙඩි දාන්න සලස්සන..... කොටින්ම දිවෙත් ගෙඩි දම්මවන්න පුලුවන්ලු :))

    ReplyDelete
  22. කවුද නදී පොටෝ එක ගත්තෙ.. හූ හූ...!!

    ReplyDelete
  23. අයියෝ ඔයාටත් වෙන දේවල්....හිටපු ගමන් මාත් ඔවැනි අකරතැබ්බ වලට මූන දෙනවා..ශරීරය උශ්න වුනාමා තමයිලු..ඔහොම වෙන්නේ...සීතල අහාර අනුභවය හොදයි කියලා තමයි කියන්නේ...

    ශරිරය උශ්නනම් උළු හාල් තම්බලා ගන්න වතුර පානයත් සුදුසුයි කියලා කියනවා..ආයේත් ඔවැනි කරදර නොවෙන්න දන්න ඈයෙක්ගෙන් අහලා බලලා නිතරම ශරිරය සිසිල්ව තියා ගන්න බලන්න...ගෑනු ලමයෙක් විදියට ඒක ගොඩක් වැදගත්..(මටත් ඔය කියපුවා හරිය..හික්ස්..)

    ReplyDelete
  24. හෆොයි හෆොයි!! වෙලා තියෙන ඇබැද්දියෙ තරම!! :)))

    ReplyDelete
  25. ඒ, ඔයා ඔච්චර සුදු නෑනේ. :/

    ReplyDelete
  26. පිම්පල් මූණු වලට නොවරදින ප්‍රතිකාරය...
    නෝට් එකෙන් යන්තම් අල්ලා කැටලොයි පේස්ට් දමා නැවත නෝට් එකෙන් කපා වාර්නිෂ් හෝ පොලිෂ් ආලේප කරන්න. අත්දුටුවයි.

    ReplyDelete
  27. හික්ස්ස්ස්ස්ස්... හෆ්ෆෝච්චියේ.... මාර වැඩනෙ හෆ්ෆා වෙන්නෙ :D

    ReplyDelete
  28. සිද්ධියට අදාල ගීතය :D
    http://youtu.be/6f3pKpRkcnc

    ReplyDelete
  29. අපොයි මම හිතුවේ මේ මූනේ ආපු ගෙඩියක් ගැන කියන්නේ කියලා. අපෝ සංසාරේ එපා වෙන්න ඇති නේද?

    ReplyDelete
  30. ඔය දාල තියෙන්නෙ ඒකෙම ෆොටෝ එකක්ද? :P

    ReplyDelete
  31. ඔය උෂ්නෙට එන විසර ගෙඩි. මෙහෙ පිල්ලොන්ට උන් කන කෑම හින්ද ඕක තියනවා. උන් ඕකට කියන්නේ පික්සා කියල. ඔහොම ගෙඩියක් ආවම උන් බෝතලයක් අරන් එක කට හරවල ගෙඩියෙන් තියල පිටිපස්සට හයියෙන් ගහනවා ගෙඩිය පැලිලා සැරව ටික බෝතෙලේට යන්න, ඊටපස්සේ ක්‍රීම් එකක් තියනවා ගාන්න. දවස් දෙකෙන් හරි.

    ReplyDelete
  32. ane appe. pahugiya davasvala mage yaluvekge kane pimp ekak aawa.mata ee davasvala santhose beruwa! mokada ekita api kiyana kisi deyak ehenne nene.

    මේ ඒක නෙවෙයි ඔයා‍ෙග් ප්‍රෝපයිල් එක දැන් පට්ටෙට තියෙනවා.
    පොටෝ එක හරි ලස්සනයි සහ ප්‍රෝ එක හරි චාම්!keep it up

    ReplyDelete
  33. මං මේ පෝස්ට් එක දැක්කේ නෑ... දැක්කනම් ලියන්න හිතෙන එව්වා ලියන්න වෙනවනේ... ඒක නිසා...

    ReplyDelete
  34. හරියටම සුව වුනේ නැත්තං එතනම ආයේ එනවා, බලාගෙනයි!

    ReplyDelete
  35. කතන්දර කියන කථාව ඇත්ත.
    මගෙත් පපුවෙ දකුණු පැත්තේ ඔය කියන ජාතියේ ගෙඩියක් ආවා. මමනම් කප්පවා ගත්තා. වැඩේට ගියේ විනාඩි දහයයි මැහුම් දෙකයි.. උදේ ඇඩ්මිට්වෙලා හවස ටිකට් කපාගෙන ගෙදරත් ආවා..

    ReplyDelete
  36. @ නදී,
    උඳුවප් පොහොයට අනුරාධපුර ගියෙමි, ඔබතුමිය සිහියට නැගිනි... :)

    ReplyDelete
  37. Pravin ඓන්ඩ්‍රනම-හ්ම් ඔව් ඔව්:)

    ලකී-මොනා කරන්නද ඉතින් ඔව්ව මිනිස්සුන්ට හැදෙන ලෙඩ නෙ.

    පූසා-මොකෑ බොල හිනා වෙන්නෙ?

    කුමරය-අෆ්ෆා එහෙමද?

    සයුරි-හිහි තමයි.හැදුන නම් ඔයා ඔහොම කියන්නෙ නෑ.

    Dinesh- ඇගේ උශ්ණෙට එහෙම උනා කියල තමයි ගොඩක් අය කිව්වෙ නම්.

    ඔබ නොදු‍ටු ලොවක්.....-පිස්සුද?.

    ReplyDelete
  38. ලොකු පුතා-ඔව් ඔව් මේව විසර ගෙඩි තමා.අප්පේ කොහොඹ කොල කොලට බොන්නෙ කොහොම තිත්තනේ .

    Gimhani -අනේද කියන්නෙ බලන්නකො.

    මධුරංග-ලේ ගෙඩි කියන්නෙ මොකද්ද බොලේ.කුරුලෑවලට නේද?ගෙඩිය තිබ්බ තැන තමා අර පිතූරෙයක් දාල තියෙන්නෙ.:)

    Wඑනි-දැන් හිනා උනාට ඒ දවස්ටිකේ හොදටම ඇඩිලා හිටියේ අෆ්ෆෙ...

    නෝටියා | Naughty's ඓම්ප්‍රෙස්සිඔන්-හා කියන්නම් කෝ.

    ReplyDelete
  39. තනි අලියා-මොනා කරන්නද කියලා හදව ගත්තැයිනේ.

    Mඉයුරු-අන්න හරි හොද පොයින්ට් එකක්.

    ර්‍අජ්-අම්මේ ඔව් කොමඩ් එක තිබ්බ නිසා හොදට ගියා.

    වෙද ගෙදර මහ වෙදනා-ආහ් අර දොස්තරත් මොනවද පෙති වගයක් තමා බොන්න දුන්නේ.පස්සෙ ගෙඩිය තිබ්බ තැන හම තුනී වෙලා ගෙඩිය පිපිරිලා ගියා.එහෙම්මම හොද උනා.

    නිසුපා-ඔව් විසර ගෙඩියක් තමා.ඇගේ උශ්නේ වැඩී කියල තමා කට්ටිය කිවෙ.

    බට්ටි-ඒ මොකෝ.

    ගින්නා-නෑ පොඩි කාලෙ ඉදන් අපි බෙහෙත් ගන්න යන දොස්තර,පිරිමි කෙනෙක්.

    සුදු මැණිකේ ගේ සංකල්පනා-මොනා කරන්නද ඉතින්.එන්නකො එන්නකො එහෙනම් දිගටම.

    ReplyDelete
  40. මාතලන් -අහ් ඔයාට අස්පට් ගියෙ මොකද?

    Hඅසිත-හ්ම් මමත් අහලා තියනව එහෙම කතා.

    නරකයා...-මේ මගේ පින්තූරයක් නෙමේ බොල.

    අසනි -ආහ් ඔන්න එහෙනම් ඔයාගෙ උපදෙස් වලට මම් ස්තූතියි කියනව.

    ජංජාල චාමර-මොනා කරන්නද ඉතින්.

    සීතල අයියා-ඔයා කොහොමද දන්නෙ ඔයා මාව දැකල තියනව්ද :)

    පැණි දොඩම්-මගේ මුහුනේ පිම්පල් නැත.:).අම්මෝ ඕව ගාලා මොනා වෙයිද මූණට.

    හිතුවක්කාරි -ඒකනේ මදැයි ඔයින් ගියා.

    ටී.බී. හේරත්-හහා ගීතය නම් නියමයි.

    ඛසුන්-ආයෙත් අහලා.සසරම කලකිරිලා හිටියේ.

    රාජ්-නෑ නෑ මේක මේ නෙට් එකෙන් ගත්තේ.

    ReplyDelete
  41. ක්සැන්ඩර් | Xඅන්ඩෙර්-ඔව් විසර ගෙඩියක්ලු තමා ඒ ආවේ.හැමෝම කීව්වා.ඇගේ උශ්නේ නිසා එහෙම එන්නෙ කියල.

    ඇනොන්ය්මොඋස්-හිකිz.ස්තූතියි කොමෙන්ට් එකට.

    ප්‍රසන්න86ක්-ඇයි ඒ. ලියන්නනේ තිබ්බෙ හිතෙන ඒවා.:))

    කතන්දර ඛතන්ඩර-ඔව් ඔයා කියන එක ඇත්ත.ඒත් තාම නම් ආවෙ නෑ.

    නාකියා-අහ් මට නම් දොස්තර මහත්තය දුන්න බෙහෙත් බිව්වම ගෙඩිය නිකම්ම පැලිලා ගියා.

    ටි.බි.-අපිත් හවස ගියානේ මල්ලි.මම් නම් ඔයාව දැක්කෙ නෑ.

    ReplyDelete
  42. @ නදී,
    ආ...., මම ආයෙ එද්දි කලින් කියල එන්නම්කො. තේකක් වත් ලැහැස්ති කරල තියන්න බැරියැ එතකොට නේද ;)

    ReplyDelete
  43. ටිබි- ආ ඕක මොකද්ද එන්ඩ එන්ඩ තේ එකක් වත් බීලා යන්ඩ.එහෙනම් ආය එද්දි කියල එන්නකො.අපිත් ඉන්නෙ ටවුමෙම තමා.:)

    ReplyDelete
  44. @ නදී,
    ආ, ටවුන් එකේ ම ද? එහෙනං ඉතිං මං නොදන්නවයෑ. මට ඊයක් එවන්නකො විස්තර දැනගන්න...

    ReplyDelete
  45. ටීබී- ඔව්.ඊයක් යවපන්කො දැන් එහෙනම් මෙහෙ ඉදන් කුරුණෑගලට :)

    ReplyDelete
  46. @ නදී,
    ඕකත් කජ්ජක් ද, මෙන්න මෙතෙන්ට ඉලක්කෙ අරං විදින්න කො ;)
    tbmax0@gmail.com

    ReplyDelete
  47. හත්තිලව්වෙ ඔයින් ගියා මදෑ ......
    ඕක ඉතිං බලා ගන්නම ඕන නං කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං තව කණ්ණාඩියක් පිටි පස්සෙන් ඇල්ලුවා නං හරිනෙ හිහ් .. හිහ් ..

    ReplyDelete
  48. පන්සල් හංදිය-අනේද කියන්නෙ මදැයි ඔයින් ගියා.හිහි

    ReplyDelete
  49. මේ ඔයා කොමද හරියටම නොපෙනෙන තැන පොටෝ එකක් ගත්තෙ.. ඩොක්ටර්ද අරන් දුන්නෙ ? :D :D

    ReplyDelete
  50. ඹුන්න්ය්-මේක මගෙ පින්තූරයක් නෙමේ මේක ගත්තෙ නෙට් එකෙන්:)

    ReplyDelete
  51. වැලි කඩදාසියකින් මැද්දනම් හරි

    ReplyDelete