Monday, December 19, 2011

කුරුමිට්ටා මකනය

http://en.challenge-coin.co.jp/blog/2011/02/25/20110124-07.jpg
මේ කියන්න යන සිදුවීම වෙලා දැනට අවුරුදු 20කටත් වැඩිය වෙනව.එතකොට මං 2 වසරේ, මට හිටියා යාලුවෙක් සමිතා කියල.එයාලගෙ තාත්ත හිටියෙ ජපානේ.

ඉතින් කාලෙකට පස්සෙ එයාගෙ තාත්තා රට ඉදන් ආවාහම සමිතා එක එක විදියේ ගැජට් ඉස්කෝලෙටත් අරන් එනවා බෑග් එකේ දාගන.පොඩි බෝනික්කො...,ටෙඩියෝ...,ස්ටිකර්... ඔය වගේ දේවල්.

ඔය අතරේ එක දවසක් ගෙනාවා අරුම පුදුම මකනයක්.මං දැකලා තිබ්බෙ නෑ ඒවගේ එකක් ඊට කලින්.


අෆ්ෆා ඒ මකනේ කොච්චර ලස්සනද?...මට එහෙම එකක් නෑනේ!...:(

මට හිතුනෙ එහෙමමයි.ඒ දවස් වල අපිට තිබ්බෙ,හැම ලමයම වගේ පාවිච්චි කරේ කොටු මකන.එක එක සුවද ජාති ඔබ්බපුව නම් තිබ්බ හැබැයි.

 
ඒ වගේද මේ මකනේ.ඒ මකනේ හිටියෙ  තැඹිලිපාට පොඩි කුරුමිට්ටෙක්.මතක විදියට පොඩි කුරුමිටි සෙබලෙක්.! 

සුවදම සුවදයි.අමුතුම සුවදක් තිබ්බෙ.මම් හිතුවෙ ඒ ජපන් සුවද වෙන්ඩැති කියලා.සමිතා හරි හොදයි එයා එක මට බලන්න දුන්නා, මකන්නත් දුන්න, මට දුක හිතුනා ඒකෙන් මකන්න.ගෙවිලා ඉවර උනොත් කියල.


දවස් කීපයක්ම සමිතා ඒ මකනේ ඉස්කෝලෙට ගෙනාව,එයත් එක්ක හිටපු යාලුවොන්ට ස්ටිකර්ස් එහෙමත් ගොඩක් දුන්න,ඒවා මෙහෙ ඒව වගේ නේමේ.හරිම ලස්සනයි,දිලිසෙනව.මං ඒවත් අලවන්නෙ නැතුව ලස්සනට පොත් අස්සෙ දාල තියාගත්තා.
ඒ උනාට මකනෙට තිබ්බ ආසාවනම් ඇතැරුනේ නෑ.දවසක් සමිතට හොරෙන් මං ඒ මකනේ බෑග් එකේ දාගන ගෙදර ගෙනාවා.

වැඩේ කියන්නෙ මට ඒක ආය ඉස්කෝලෙ අරන් යන්න හිතුනෙත් නෑ,අක්ක දැක්කොත් අනිව අහනව කොහෙන්ද කියලා.ඒ නිසා එයාටත් නොපෙනෙන්න හංගලා තමයි තිබ්බෙ ටික දවසක්.පස්සෙ ඉතින් මම් කිව්ව ඒක මට සමිතා තියාගන්න දුන්න කියල.එතකොට එයාට සැක හිතෙන්නෙත් නෑනේ.:)


ඔහොම තියාගන තියාගන ඉදලා ඊට හරියට අවුරුද්දකට විතර පස්සෙ තමා ඒ කියන්නෙ 3 වසරෙදි මේක ආයෙත් ඉස්කෝලෙ අරන් ගියා,ඒ වෙද්දිත් ඒ මකනේ ගෙවිලා තිබ්බෙ නෑ.ඉවරවෙයි කියල ඒකෙන් මකන්නෙ නෑනේ ආසාවට තියන් ඉන්නව:). 

ගෙනිච්ච දවසෙම සමිතා, ආ... මේක කොහෙන්ද ඔයාට ?...මේ මගෙ නැති වෙච්ච මකනේ...මෙච්චර දවසක් ඔයා ලගද තිබ්බේ...මම් කොච්චර හෙව්වද?... ඔහොම දිගට කියවන්න ගත්ත,ඒ මකනේ යාලුවොන්ටත් පෙන්නුව:(. එතනින් එහාට වෙච්ච දේවල් කියන්න ඔනෙද?






36 comments:

  1. හිහ්.. අලේ පවුඌඌඌ පොඩි කෙල්ල.. මොකද වුනේ ඉතින් ඊට පස්සේ ;-)

    ReplyDelete
  2. මම දවසක් යාළුවෙක්ගෙ පාට පාට තිබ්බ පැන්සලක් ගෙදර උස්සන් ඇවිත් අම්මට අහුවුනා.ඒක වැටිල තිබිල ඇහුලුව කියල මං අම්ම එක්ක වාද කරා පොඩි කමට.අම්ම කණ මිරිකලා මාව තාත්තට ඉදිරිපත් කරා.අපෙ තාත්ත නරක වැඩක් කලොත් අතාරින්නෑ.මට සබ්බුව දුන්න මතක හිටින්න.එදා ඉදන් අද වෙනකන් එහෙම වැඩක් කරා කියල මතක නෑ..

    ReplyDelete
  3. නදී ළමයාගෙ පුංචි කාලේ පුරුදු තාම තියෙනවද දන්නෑ..

    (නොකීවට මොකෝ මගෙත් ඔය වගේ සුළු සුළු හොරකම් තිබිලා තියෙනවා..)

    ReplyDelete
  4. පොඩි ඈයො ඔහොම තමයි...

    ReplyDelete
  5. මමත් ඔහොම ආස හිතිල කටර් එකක් ගෙනිච්ච..අම්ම ඒක දැක්කම මට ආදරෙන් කියල දුන්න ඒ වැරද්ද..ඊට පස්සෙ ආයෙත් ජිව්තේට මම මුකුත් උස්සල නැ..අපේ අම්මල අපේ වැරදි හැදුවෙ ආදරෙන්මයි..ඒක හින්ද අපි බයට නෙවෙ අවබෝධයෙන්ම ඒවයින් අත් මිදුනා..
    අප්පො නදී අක්ක චූටි කාලෙ ඔහොම වැඩ කලාට දැන් එහෙම නැ මිස්ටර් නාකිය..දැන් හොද ලමයි හැමොම..

    ReplyDelete
  6. මොනවද අප්පා ඕනෑම කරන තැනින් නවක්ථ්වලංඑ.ඉක්මනට දන්නා මොකක්ද ඔයාට උනේ කියලා.

    ReplyDelete
  7. ඔහෙ හිටු හොර දෙටුවා! :D :D

    මටත් පොඩි කාලේ ඔය මකන එකතු කරන පිස්සුව තිබුනා. ඒත් ඉතින් කවදාවත් මට එක මකනයක් සතියකට වඩා තියාගන්න බෑ... අනිවා නැතිකරගන්නවමයි! :D

    ReplyDelete
  8. මමත් දවසක් ළමයෙක්ගේ පැන්සලක් ගල් කරලා ගෙදර ගෙනාවා. ඒ දවස් වල ඉස්කෝලේ කැන්ටිම කළෙත් අපි. එදා අම්මා මට හොඳටම ගැහුවා. තවත් අලුත් පැන්සලකුත් එක්ක ඒ පැන්සල අයිතිකාරයාට දීලා එන්න කිව්වා. එදායින් පස්සේ මම කාගෙවත් දේවල් ගන්නේ නෑ.
    ඒත් ඉතින් බස් එකේ හොරෙන් යාම, පයිරේටඩ් සොෆ්ට්වෙයා භාවිතා කිරීමනම් කරනවා නැතිබැරිකමට.

    ReplyDelete
  9. පොඩි එකා කාලේ මාත් අලි හොරෙක් දවසක් කෙල්ලෙකුගේ කොනඩ බෑන්ඩ් එකකුත් හොරකම් කරං ගෙදර ආවා නෙව .මම ඒක ගෙනාවේ අපේ අල්ලපු ගෙදර ඉන්න කෙල්ලට දෙන්න හිතාගෙන ..

    පොඩි කාලේ මතකය අලුත් වුණා

    ReplyDelete
  10. අවුරුද්දක් ගෙවිලත් සමිතාට මකනේ මතක තිබුනා එහෙනම්.. ඔව් ඉතින් එහෙම වෙන්නත් එපැයි..

    ReplyDelete
  11. මම නම් එහෙම කිසි දෙයක් අරන් ඇවිල්ලා නැ ගෙදර :-/
    ඔය යාලුවො එක එක ජාතියේ එව්වා රට ඉදින් ගෙනැල්ලා පෙන්නැල තියෙනවා.. ඉතිං ඒකක් ඔනි උනොත් තාත්තට කිවාම කොහොම හරි හොයලා දෙනවා :D

    ReplyDelete
  12. අද දවල්ට පොලීසියෙන් අත් අඩංගුවට ගනියි. කෙහෙල් කැනක් හොරකම් කලාට වඩා බරපතලයි

    ReplyDelete
  13. මැතිනිගේ කාලේ එකෙක් මකනයක් ගෙනාව සුවඳේ බෑ.. අපේ පන්තියේ ඉන්න නරුමයා ඒක කෑවා..

    ReplyDelete
  14. අර සමිත පොඩි එකි..අපේ නදී පොඩි කෙල්ලට පුටුවක් උස්සල ගැහුවලු ඔලුව පැලෙන්ඩ..ඔං කතාව ඉවලකොලා.......
    කැතහි හොඳේ හොලවැඩ කොලන්නැ හොඳද

    ReplyDelete
  15. අපරාදෙ ඔයා ඒක ඉස්කෝලෙ අරන් ආවෙ. ගෙදරම තියාගෙන හිටියනම් ඉවරඉනෙ. හ්ක්ස්. ඊට පස්සෙ සමිතා ඒක එයාගෙ භාරයට ගත්තද.

    ReplyDelete
  16. මමත් ඔය වගේ පොඩි පොඩි දේවල් කරලා තියෙනවා නේන්නම්

    //පොඩි එකා කාලේ මාත් අලි හොරෙක් දවසක් කෙල්ලෙකුගේ කොනඩ බෑන්ඩ් එකකුත් හොරකම් කරං ගෙදර ආවා නෙව .මම ඒක ගෙනාවේ අපේ අල්ලපු ගෙදර ඉන්න කෙල්ලට දෙන්න හිතාගෙන ..///

    සඳරුව තමයි දවසකටවත් මිනිහා...
    මට තාමත් හිනා මුගේ කමෙන්ට් එක දැකලා, මෙතන වෙන කවුරුවත් නැති නිසා හොඳයි

    ReplyDelete
  17. මමත් ඔවගේ වැඩ කරලා තියනවා බොරු කියන්නේ මොකටද?

    පොඩි කාලේනේ ලමයින් කොච්චර දේවල් ආසා හිතෙනවද. ඒවා දැන් කරන්න බෑනේ ‍පොඩි කාලේ ඕවා කලේ නැත්තම් වැඩකුත් නැනේ

    ReplyDelete
  18. අනේ අනේ... දෙන්ඩ ඔනෙ දෙකක්... තාමත් ඔය වැඩ කරනවද හැබෑට ආ....

    ReplyDelete
  19. පොඩි ළමයි කොරන වැඩ.

    ReplyDelete
  20. අනේ අනේ මරැ වැඩ තමයි කරලා තියෙන්නේ.ආසාවට ගත්තට මොකටද මෝඩියේ ඉස්කෝලෙ ගෙනිච්චේ.

    ReplyDelete
  21. පොඩි කාලේ කරන වැඩනෙ, ඕවා ඒ කාලෙදිම හොඳින් කියලා දීලා තමා හදා ගන්න ඕන, ගහල බැනලා මුකුත් කරන්න බැහැ ....

    ReplyDelete
  22. පුන්චි පැලේ ගස වෙනා ;) ;) ;)

    ReplyDelete
  23. හික් හික් හොර කෙල්ල
    සරු ඓයගේ කතාවට මටත් හිනා හික් හික්.

    ReplyDelete
  24. හලේ..... පව් අනේ.. උයා... අපරාදේ ඒක ඉස්කෝලේ ගෙනිච්චෙ...

    ReplyDelete
  25. puluvannam me link eken gihin youtube eken balanna mahabharata kiyana indiyan epic eken nirmanaya kala teledrama eka..eeka thamai mama jeevithe balapu lassanama teledrama eka.hema episode ekama youtubevala thiyenava.meya minisunge jeevitha venas kala heki aakaraye apurva saha athi vishishta ganaye indian tele drama ekak.avasanaya vana vita mehe charitha samaga apuru bendeemak apata ethi venava.meya ethem vita oba naraba ethi..eya kalakata pera lankaveth vikashaya vuna.meya indiyave vikashaya vana vita ema rate paraval his vu bava pavasenava.ee kiyanne siyaluma indiyanu vesian telenatayaya naraba thibena bava.

    meya avasanaya vana thek belu kenek nisekavama lankave telenatya narabannan gena kanagatu vevi!

    meya liyana ma budhdhagame.. namuth oonema agamaka kenekuta hindu aagama padanam karagath me telenatyaya ihamath ashaven,aadarayen saha gauravayen nerambiya heki..epamanata eya thula jeevithaya,premaya,sanskruthiya saha siyallama geb vee thibenava.

    WATCHING THIS TELEDRAMA IS THE MOST BEAUTIFUL THING EVER HAPPENED TO MY LIFE..

    if you like to watsh it,search google as 'mahabharat with English subtitles'-youtube

    ReplyDelete
  26. සික් ඉතරක්...වස ලැජ්ජාව.... ;P

    ReplyDelete
  27. මකන හෙරක් !!!!!
    මම නම් ඔය වගේ සුවඳ ගහන මක්ක කෑලි කාලා ඉවර කරනවා. මයේ මක්කේ මනකවට වඩා ඉවර වෙන්නේ කෑලි කාලා. :)

    ReplyDelete
  28. ඔලිම්පික් උළෙලකදී ඔලිම්පික් ධජය හොරකම් කරපු මනුස්සයෙක් ඒ ධජය මෑත කාලේදී ආපහු ඔලිම්පික් කමිටුවට භාරදීලා තිබුණා

    ReplyDelete
  29. අනේ මට ඔයවගේ මකනයක් හම්බ උන ඉස්සරලාම එක පොතක්. මට එක මකන්න ගන්න ලෝබ හිතිලා අරන් හංගපු පාර හම්බුනේ මම ඒ ලෙවල් කරන කාලේ පොත් අවුස්සද්දි..

    ReplyDelete
  30. mokatada yako ithin eka horakam karagena awe

    ReplyDelete
  31. චතුවා-අයියෝ ඒ ගැන කියල වැඩක් නෑ :(

    ආඩම්බරකාරී -පොඩි කමට කරන වැඩනේ ඔවා.ඒත් එහෙම කරන්න එපා කිව්ව එක නම් හොදයි නැත්තම් ඒක පුරුද්දකට යනව.

    නාකියා-නෑ.ඒක වයසත් එක්ක මග ඇරිලා ගියා.

    පරිකල්පන -හ්ම්

    ReplyDelete
  32. පැන්ඩා-අන්න එහෙම තමා අම්මලා ඉන්න ඔනේ.ඒකනේ පැන්ඩා දන්නවනෙ අපි ගැන,

    අසරණයා-වෙච්ච දේ නම් කියල වැඩක් නෑ හයියෝ.

    කැළණිතිස්ස -ඔව්ව ඔහොම තමා පොඩි උන්

    ලහිරුcc-අහ් බස් එකේ නම් මමත් හොරෙන් ගිහින් තියනව :)

    හිස් අහස-අල්ලපු ගෙදටට දෙන්න :O

    Dinesh -එයාගෙ දේ එයාට මතක නැද්ද?

    ඹුන්න්ය්-ඒවගේ ඒව මෙහෙ තිබ්බෙ නෑ බනී ඒ කාලෙ.

    මාතලන්-ඔව් තමා සමහර මකන වල සුවදට කන්න හිතෙනව,

    ReplyDelete
  33. Raj- ආ නෑ එහෙම උනේ නෑ ඉතින්.ආය එහෙම හොරකම් කරේ නෑ.

    පිණිබිඳු...-ඔව් ඒක එයා තියාගත්තා.ඒක තමයි මොකට ආය ඉස්කෝලෙ ගෙනිච්චද නේ.

    ලොකු පුතා-හික්z අල්ලපු ගෙදර කෙල්ලට දෙන්න කොන්ඩබෑන්ඩ් හොරකම් කරලනෙ:)

    ඩෙඩුනු-හ්ම්ම්...පොඩි කාලෙ වැඩ.

    Mahesh Wඉcක්‍රමසින්ග්හෙ-අපෝ නෑ.දැන් මම් හොද ලමයෙක්.

    වෙද ගෙදර මහ වෙදනා-පොඩි උන්ගෙ වැඩ.ඒත් හොරකම නම් අනුමත කරන්න බෑ නේද?ඒක හොද පාඩමක් උනා.:)

    බට්ටි-ඉතින් මම් හිතන්න ඇතී ඒක එයාට අමතක වෙලා ඇති කියල.:)

    පන්සල් හංදිය-ඔව් ඊට පස්සෙ නම් හොරකම් උනේ නෑ මතක හැටියට.

    තනි අලියා-නෑ නෑ දැන් මම් හෙරක් නෙමේ.:)

    ReplyDelete
  34. වර්ණා-හොරගෙඩියෙක් තමා.දැන් එහෙම නෑ හරිද?

    සුදු හංසි -අපරාදේ ඒකනේ.

    ටී.බී.-:(

    Miyuru -අනේද කියන්නෙ?

    මධුරංග-ඔව් සුවදට කන්න හිතෙනව තමා.

    Hඅසිත-ආ.අන්න එහෙම තමා වෙන්න ඔනේ.වැරදි නිවරදි කරගන්න ඔනේ :)

    ක්සැන්ඩර් | Xඅන්ඩෙර්-අම්මෝ එච්චර කල්?

    කතන්දර Kathandara -අහ්හ්.ඔව්මයි.

    ඇනොන්ය්මොඋස්-ආස හිතුන නිසානේ.

    ReplyDelete