Monday, November 28, 2011

ඒකට කියන්නෙ "බීඩීයක්" කියල | Operation BD


මේ සිද්දිය වෙනකොට මං 3 වසරේ විතර වෙන්න ඔනේ .ඒ කියන්නෙ මීට අවුරුදු 20කට විතර කලින්.ඒ කාලෙ අපේ ගෙදරට වඩු වැඩ කරන කෙනෙක් ඇවිත් කණ්නාඩි මේසයක් හැදුවා,වඩුබාස් එක්ක තව ගෝලයෙකුත් හිටියා.

ඒ දවස් වල මගේ වැඩේ ඉස්කෝලෙ ඇරිලා ගෙදර ආව ගමන්ම බත් කාලා,වඩු බසුන්නැහැ වැඩ කරන මඩුවට ගිහින් වැඩ කරන දිහා බලන් ඉන්න එක.ලී ගාන කොට එකතු වෙන හීනී සර්පිලාකාර ලී පතුරු එකතු කරන්න බලාගන ඉන්නවා.ඒවා ලස්සනයි එක එක විදියයි.වඩු බාසුන්නැහැ කිව්වට ඒ "සෙනවි අය්යා" අපේ ගමේ කෙනෙක්, එයාගෙ විශේෂයක් තිබ්බා,සමහර වෙලාවට කෝටුවක් වගේ එකක් කනේ ගහන් ඉන්නව ඔය උඩ පින්තූරෙ වගේ දිග පොඩි කෝටුවක්.


ආය දවල්ට එහෙම බත්කාල ඉවර උන හැටියේ වගේ ඒ කොටුවක්  පත්තු කරලා අරන් කටින් පිඹලා දුන් දානව,ඔය දෙවනි පින්තූරෙ වගේ.මේක මට පුදුම දෙයක් උනා.මටත් ආස හිතුනා.කොහොමද එහෙම දුන් එන්නෙ කියලා.පස්සෙ අහපුවාම එයාම කිව්ව ඒකට කියන්නෙ "බීඩීයක්" කියල.

දවසක් වෙලාවට වඩුමඩුවෙ එයාලා පාවිච්චික‍රණ උපකරණ තියන තැන තිබිලා මට පොඩි බීඩියක් හම්බුනා,ඒක එච්චරම දිගට තිබ්බෙත් නෑ,මම් හිතන්නෙ බාගෙට බීලා අයින් කරපු එකක් වෙන්න ඔනේ.මතක විදියට හොරෙන් ඒක ගේ ඇතුලට අරන් ගිහින් කනේ ගහගන  කණ්නාඩියෙනුත් බැලුවා,ගිනි පෙට්ටිය හොයාගන ගිනී කූරකුත් ගහලා පත්තු කරගන හිමින් සැරේ ගේ පිළිකන්න පැත්තටත් අරන් ගියා.

පස්සෙ මම් බයෙන් බයෙන් එක සැරයක් බීඩි කොටේ උරලා බැලුව මොකද වෙන්නෙ කියල.වේලිච්ච කොස් කොළ රහක් වගේ... ශික් මෙලෝ රහක් නෑ,.ඇත්තම කියනව නම් මට ඒ රහ මොකද්ද කියල දැන් මතක නෑ,මේක කොච්චර කාලෙකට කලින් වෙච්ච සිද්දියක්ද? 

ප්‍රියතාවක් දැනුනේ නෑ කියල නම් මතකයි.අහ් දුම් ආවෙත් නෑ.ඒ එක්කම කැස්සක් නම් ආවා.පස්සෙ ඉක්මනට බීඩි කොටේ පිළිකන්නටම විසික් කරලා මම් ගේ ඇතුළට ආවා,එදානම් ටිකක් බයේ හිටියා,කරපු වැඩේ අක්කටවත් මාට්ටු උනොත් ඉදලා ඉවර නිසා.මගෙ වාසනාවට එහෙම උනේ නෑ.එදාට පස්සෙ අද වෙනකම් ඒවගේ දේවල් නම් අත්හදා බලන්න ගියේ නෑ.







30 comments:

  1. බිඩීයක් නම් මාත් බිලා තියෙනව...ඔකේ මහලොකු රහක් නම් නැ...ඔව ඔතන කොල ජාතියක් තියෙනව නොවැ....ගම්වල සිගරැට් බොන්ඩ තරම් වත්කමක් නැති අය ඔව උරනව...දුප්පතාගේ රසවතානේ...හැබැ දුම් බොන එක නාකයි ඔං...

    ReplyDelete
  2. බීඩියක් නිසා හොඳට ගියා වෙන දෙයක් උනානම් හැමදාම බොන්න හිතෙන්න තිබ්බා :D

    ReplyDelete
  3. අවවාදයයි. දුම් බීම පිළිකා ඇති කරයි.

    මත්පැන් දුම්වැටි භාවිතය පිළිබඳ දර්ශන දැකීමෙන් ඔබේ දරුවා ඊට යොමු විය හැක.

    රජයේ දුම්කොළ හා මද්‍යසාර රෙගුලාසි මත මෙම ලිපිය මෙව්වා කර ඇත.

    ReplyDelete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. අපේ ගෙවල් පැත්තෙ සමහරු ඒ දවස් වල බීඩි ඔතනවා... මට මතකයි ඒවා වේලෙන්න අව්වෙ දාලා තියනවා... මායි අයියලා දෙන්නයි එක වට්ටියකින් එක ගානේ විතර උස්සලා තාත්තලාගේ ඉස්කෝලෙ වත්තට පනිනවා... හිහ් හිහ් තාත්තා මෙක දැක්කොත් ගුටිත් කන්න වෙනවා...

    ReplyDelete
  6. ඔබ හරි බීඩි වලින් එන්නේ වියලුනු කොස් කොළ පිළිස්සෙන සුවඳ තමා. කිතුල් රා ටිකක් එක්ක බීඩිය හොඳට ගැලපෙනවා. ඒ වුනත් මම නිතර ඔය දේවල් භාවිතා කරන්නෙත් නැහැ

    ReplyDelete
  7. සම හරක් කියනව ඔ්වත් අත්හදා බලන්න ඔ්න කියල... එ් උනාට එ්ක එච්චර හොඳ නෑ!

    ReplyDelete
  8. පොඩි කාලේ මාත් බිව්වා.මෙලෝ රහක් නෑ!

    ReplyDelete
  9. මමත් බීඩියක් නෙවේ, සිගරට් එකක් උරල තියෙනව හොරෙන්... අපේ මාම බීල විසි කරපු එකක්.... ඒ කරල මාම යවන විදියට දුම් වළලු යවන්නත් ට්‍රයි කරල තමයි නැවැත්තුවෙ....

    ReplyDelete
  10. @ano api machan welawaka set wemuda.... ape paththe honda kithul ra thiyei.... :P

    ReplyDelete
  11. මං පොඩි කාලේ සිගරට් කොටයක් බිව්වා නෙමෙයි කෑවා කියලා නම් අපේ අම්මිලා කියනවා. ඒ වුනාට මට නම් ඒ සිද්දිය දැන් මතක නෑ. :) :)

    ReplyDelete
  12. ඕවගෙ විටමින් බී සහ ඩී තියෙනවලු. හික්ස්.

    ReplyDelete
  13. අයියෝ බීඩියකින් දුම්බීම පටන් ගන්න එක අමාරුයි. ඒවගෙ තියෙන්නෙ වහුතු රහක්නෙ. ආයෙ පටන් ගන්නවනම් සිගරට් එකකින් පටන් ගන්න. :)

    ReplyDelete
  14. ඇති යාන්තම් නදී ඔයින් නැවතුනා....අර සෙනෙවි අයියට කිව්වේ නැද්ද බීඩියක් බීලා බැලුවා කියලා....

    ReplyDelete
  15. බීඩි නං බීල ඇති ඉහේ කෙස් ගානට. සිගරට් බොන්න සල්ලි නැති 8-9 වසරවලදි තමයි ඕව කලේ.

    ReplyDelete
  16. මෙයා කරල තියෙන දෙයක්.පොඩි කාලේ ඉතින් අපි අනිත් අය කරන කරන එක අත්හදා බලන්න ආසයිනේ.

    ReplyDelete
  17. නදී අක්කත් කරලා තියෙන දෙයක්. අපිවත් ඔය වයසෙදි ඔක ට්‍රයි කරලා බැලුවේ නෑ...

    ReplyDelete
  18. අම්මෝ මෙන්න අක්කා බීඩියක් බීලා. හොද වෙලාවට වෙන එකක් නොවුනේ. නැත්නම් ඕවයින් අක්කව බේරනවා බොරු. ආයේ එහෙම ඕවා කරන්න නොගිය එක හොදා.

    ReplyDelete
  19. මෙහෙමත් හොදා
    ගොයම් කපන කොට වෙල් පැන්ටා සමග
    මළගෙදරක රෑට බුලත් විටක් සමඟ
    මහන්සියට කොයින්ද
    සුදු සුරුට්ටු

    ReplyDelete
  20. ඉස්සර මමයි මල්ලිලයි එකතු වෙලා මයියොක්කා බඩ වලින් බොරු සිගරට් හදලා පත්තු කරලා බැලුවා..අපේ සෙල්ලම් කඩේ විකුණන්න තියල තිව්වෙත් ඒවා තමයි

    ReplyDelete
  21. ඔයා බීලා නෑ නෙ.ඒ නිසා දුම් කොල රසක් එන්න ඇති.

    ReplyDelete
  22. පත්තර කොළ ඔතලා තමයි මුල්ම එක බිව්වේ..කැස්සක් එක්ක අමුතු රහක් ආවා..පස්සේ සිගරට් බොනකොට ඒ රස මතක් උනා..දැංනං බොන්නේ මෙන්තෝල්..පපුව කූල් වෙන්න ....

    ReplyDelete
  23. Raj -ඔව් දුම් බොන එක නම් ශරීරෙට හිතකර නෑ.ගොඩක් දුප්පත් අය තමා බීඩී බොන්නෙ.

    පූසා-අපෝ වෙලාවට එහෙම උනේ නෑ.

    චතුවා-අන්න හරි ඒක වැදගත් කාරණයක් නෙ.ප.ලි. එකට දාන්න බැරිඋනා.:)

    Mahesh Wඉcක්‍රමසින්ග්හෙ-හික් හික්.මෙයාලත් කරල තියන වැඩ.

    ඇනොන්ය්මොඋස්-මට මතක විදියට නම් ඒ සුවද වේලිච්ච කොස් කොල සුවද තමා.:)

    තනි අලියා-අනේ මන්දා.අත්හදා බලන්න ගියාවගේ නෙමේනේ.ඔවා පුරුද්දට ගියොත් නේ.

    නදීර සඳරුවන් ලියනගේ -ඒකනේ මොකට ඕවා බොනවද?මෙලෝ රහක් නෑනේ.

    Mඉයුරු-ඔයා දුම් වලලුත් ඇරින්න ට්‍රයි කරාද? හිහි.

    Mahesh Wඉcක්‍රමසින්ග්හෙ-මෙන්න මෙයා කියන කතාව:O

    Ice (අයේෂා කුලතුංග-කෑවා??? මදෑ එයින් ගියා.

    පිණිබිඳු...-ඇත්තට?:)

    ``` Oඋට්සිඩෙර්```-අම්මෝ ඊට පස්සෙ කටේවත් තිබ්බෙනෑ.

    දිල්-ඒකතමා මදෑ ඔයින් ගියා.

    ReplyDelete
  24. රාජ්-අහ් මම් නම් 1යි ට්‍රයි කලේ.:)

    කස්ස-අන්න ඒක තමා ලොකු අය කරන දේවල් කරල බලන්න හිතෙනව.

    ඪිනෙශ්-හ්ම්.නරක ආදර්ශ තමා.

    මධුරංග-ආය නම් කටේ වත් තිබ්බෙ නෑ අපෝ.

    Anonymous -:) හොදා හොදා එහෙනම්.:)

    සයුරි-ආ අපිත් සෙල්ලම් ගෙවල් හදද්දි එහෙම කරල තියනව.

    නිසුපා-මට ආවෙ කොස් කොල රහක්.

    ඔබ නොදු‍ටු ලොවක්.....-මොනවට බොනවද ඕවා.

    ReplyDelete
  25. මොකක්ද බං මේ නම ලියලා තියෙන හැටි..Mahesh Wඉcක්‍රමසින්ග්හෙ-

    ReplyDelete
  26. නරකයා-අනේ බං සිංහලෙන් ලියලා එන්ටර් කරද්දි එහෙම වෙනව ඇයිද මන්දා.:)

    ReplyDelete
  27. නරකයා... කියුවනං ලේසි නැද්ද...?

    ReplyDelete
  28. අම්මෝ හොඳ හොඳ ජාති කරලා තියෙනවානේ පොඩි කාලේ. බීඩි විතරද අක්කේ බීලා තියෙන්නේ ???

    ReplyDelete
  29. පරණ මතක අලුත් වෙන්නත් එක්ක නංගි ගහමුද අපි බීඩියක් ...

    ReplyDelete
  30. ඕලෙවල් කරද්දී ඕක බිල තමයි අපේ සෙට් එකත් නිදි මරල පාඩම් කරේ,පරණ වෙච්ච එවල රහක් නැ .කොළ ගදක් විතරයි. ෆ්‍රෙෂ් පිටින් බොන ඒවා ටිකක් සුවදයි .සිගරට් ගන්න සල්ලි නැතිව ඕවත් බිපු කාලයක්.දැන් නම් ඕව ඔක්කොම අතරල ඉන්නේ.

    ReplyDelete