Friday, November 4, 2011

දැන් කොහොමද මම් පාරේ බැහැල යන්නෙ :(


එක එක කාලෙට එක එක දේවල් අත්හදා බලන්න හිතෙනවනේ අපිට.ඔන්න මගෙ යාලුවෙකුටත් මේ ලගදී ඉදන් කොන්ඩෙ ගැන එක එක පිස්සු හැදිලා.එක අතකින් ඒක පිස්සුවකුත් නෙමේ.ගෑණු ලමයි ඉතින් ස්භාවයෙන්ම ලස්සනට ඉන්න එක එක දේවල් කරන්න ආසයිනේ.විශේෂයෙන් බියුටි කල්චර් :).කැම්පස් ආව කාලෙ එයාට තිබ්බෙ හොද කර්ල් කොන්ඩයක් ලේයර් කරපු.අවුරුදු 4ම එහෙම ලේයර් එකම තියාගන හිට්යා කොට කර කර කප කපා.

පස්සෙ ක්‍රේල් කොන්ඩෙ හොද නෑ කියල කෙලින් කරන්න ඔනේ උනා.හා යමන්කෝ එහෙනම් කියල මමත් ඉතින් තනියට පස්සෙන් ගියා.එදා එයා කොන්ඩෙ කෙලින් කරා.රීබොන්ඩින්ද මොකද්ද කියල එකක් තමා කරේ.ඒ ගැන ලිව්ව විස්තරේ මෙන්න මෙතන ඇති.

ඒක නම් කාලයක් යනකම් ඒ කියන්නෙ මාස 10 ක් විතර හොදට මේන්ටේන් කරගන හිටියා.මේ වෙද්දි හොදට දිගට කොන්ඩෙ වැවිලා තිබ්බ.රිබොන්ඩින් එක කරේ ලේයර් එක අයින් කරල,ඒ නිසා කොන්ඩෙ එක ගානට දිගට තිබ්බා.

මෙන්න ආය ටික දවසකට කලින් කියනව,අනේ මේ කොන්ඩෙ මට දැන් ඇති වගේ...කොන්ඩෙත් ටිකක් වැවිලා නේද?...ආය ලේයර් එකක් කරන්න ඕනේ... කියල.මටත් මොකද එයාගෙ ආසාවනේ කියල, තනියට ගියා මේ සැරෙත්.කොන්ඩෙ කපාගන එනකම් සැලූන් එකේ තියන පත්තර බල බලා වාඩිවෙලා ඉන්නනේ තියෙන්නෙ,අහ් ඇයි සැලූන් එකට එන යන අය නරඹ නරඹා ඉන්නත් පුලුවන්නේ.

තිබ්බ කොන්ඩෙ ලේයර් කරන කම් පැය 1/2 ක් විතර බලන් හිටියා.

මෙන්න බොලේ මූණ නරක් කරන් එළියට එනව.පස්සෙ සල්ලිත් ගෙවල හිනාවක් දාගනම අපි දෙන්න එන්න ආව.කිසි කතා බහක් නැතුව ඔහේ යනව.මම් වැලමිටට ඇනල මොකද...කියල ඇහුව.

බලන්නකො මම් කිව්වෙ ලෙන්ත් එක තියල කපන්න කියලනේ.එයත් හා කිව්ව.දැන් කොහොමද මම් පාරෙ බැහැල යන්නෙ?හොදටම කොට කරලනේ.මේ...මට බකස් ගාල හිනා යන්න ආවත් ආයාසයෙන් වලක්ව ගත්ත.හොද වැඩේ කියන්නත් හිතලා....පස්සෙ එච්චරටම කැතක් නෑ... ඔය හොදට තියෙන්නෙ... කියල කිව්ව මොකටද නිකන් හිත රිදවන්නෙ.

ඒ සැරේ ආය කියපි කොන්ඩෙ උඩ හරියෙ කර්ල් ගතිය පේනව,දැන් වැවිලනේ...මම් ඉරිදට දාගත්ත රිලැක්සින් එකක් කරන්න කියල.එතකොට කොන්ඩෙ හොදට සෙට්වෙයි.මමත් ඉතින් හා එහෙනම් එතකොට හරියයි කියල නිකන් හිටිය.ඒ කියන්නෙ මේ ඉරිදා මටත් එයත් එක්ක රිලැක්සින් එකට යන්න වෙනව.

43 comments:

  1. ඕකෙ අනික් පැත්ත නෙවේදැ ? :D යාලුවා නදී වෙලා.. නදී යාලුවා වෙලා ? :P

    ReplyDelete
  2. හප්පා...කෙල්ලන්ට තියෙන ප්‍රශ්න.....!!!

    ReplyDelete
  3. කොල්ලන්ට නම් ඉතින් ඔය කිසි කේස් එකක් නෑ.. සැලුන් එකට ගියා නෝට් එකේ කපලා දැම්මා. :P මං කරන්නා වගේ.. හික්ස්

    ReplyDelete
  4. අනේ ඇත්තට කොන්ඩෙට ඔච්චර දේවල් කරන්ට තියෙනවයි.....?
    කෙල්ලෙක්ගේ ඔලුවේ කොණ්ඩයක් වෙලා උපදින්න මොන තරම් පව් කරන්ට ඕනිද?....මං කාලයක් හිතුවා එක් කෙනෙක්ගේ කොන්ඩෙවත් වෙන්ට තිබ්බනං කියලා...වැඩේ කොන්ඩේ අතගානවා...හප්පට සිරි වෙලාවට එහෙම වෙන්ට බැරි වුනේ,...හිකිස්..

    ReplyDelete
  5. අපිට ආරන්ච් ඔය කතාවේ අනිත් පැත්තනේ... කමක් නෑ රිලැක්සින් එකට ගිහින් ඕක හදාගන්නකෝ...

    ReplyDelete
  6. හාපෝයි ඔය මොන වදයක්දෑ..... මෙන්න මේ මං වගේ තට්ටෙ ගාලා දාන්න කියන්න! ඔය කිසි හිතේ අමාරුවක් එන්නෙ නෑ... ලොල්

    ReplyDelete
  7. කොන්ඩෙට වද දීලා දීලා අන්තිමේදී ඔය යාළුවට ඉතිරි වෙන්නේ තට්ට ගෙඩියක් තමයි .

    ReplyDelete
  8. පහුගිය දවස්වල මම මිනූ නංගා හන්දා කොණ්ඩය සම්පූර්ණයෙන්ම මුඩු කලා...හප්පා..දැනුන සනීපෙ..මාස 5ක් විතර යද්දී වැව්නා..දැන් නම් ලේයර් කරලා තියෙන්නේ...දැන් තියෙන්නෙ කෙටි කොණඩයක් නිසා පැෂන් කට් එකක් කලා...ඒ කෙල්ලෙක් විඳියට ලස්සනට ඉන්න ආස නිසා...

    ඔය රී බොන්ඩිං කෙරිල්ල නම් එච්චර හොඳ නෑ...ස්වභාවික කොණ්ඩය තමා වටින්නෙ...

    ReplyDelete
  9. හි හි මටත් ආසයි ඔය රි බොන්ඩ් ද මොකක්ද එක කරලා බලන්න...ඒත් ඉතින් මේ තියන විදියත් අවුලක් නැහැ වගේ...ලේයරින් නම් කරනවා දිග වැඩි උනහම :)

    ReplyDelete
  10. බලාගෙන කොන්ඩේ කැපුවට මූනේ එහෙම එක එක ඒවා අතුල්ලන්න දෙන්න එපා..මම දැක්කා පත්තරේ කව්ද මැරිලා මූනේ වැක්ස් එකක් ද කොහේද කරන්න ගිහිල්ලා...

    ReplyDelete
  11. බලන්න ඉතින් අක්කලාටත් තියෙන ප්‍රශ්න

    ReplyDelete
  12. සල්ලි තියනවනං ඉතිං මොකෝ ....

    ReplyDelete
  13. මූණට මැච් වෙන්න මේ වැඩේ කොරන්න දන්නේ ටික දෙනයි. නැත්නම් රිළවුන්ට පොල්ලෙල්ලක් තලලා දාලා ගරා යකා වගේ ඉන්නේ ඔය කස්ටිය. මොනවා කරත් නාන්නෙ නැති නිසා ලංවෙන්න බෑ ගඳයි.

    ReplyDelete
  14. අනේ අම්මේ...කොන්ඩෙට දෙන වදේ හැටියට තව ටික කාලෙකින් ඕක හැලිලා යයි වගේ...

    ReplyDelete
  15. @ඔබ නොදු‍ටු ලොවක්.....

    මූණේ වැක්ස් එකක් නෙමේ පේෂල් එකක් කරන්න ගිහින් :P

    ReplyDelete
  16. නදී..ඔය කියන නොනට කියක් විතර මාසෙට ආදායම හම්බෙනවද... අපරාදේ දෙමාපියන්ගේ සල්ලි..එකනේමේ පුරස්නේ ඔය ගැනුලමය සහෙට ගන්න ඉලන්දාරියට දෙයියන්නේම පිහිටයි....මෙයා කොන්ඩ ස්ටයිල් දානකොට අරූගේ තට්ටේ පැදෙයි...

    ReplyDelete
  17. අපි වගේ කොන්ඩෙට ඕනෙ විදිහට වැවෙන්ඩ දුන්නා නං ඉවරනේ......................

    ReplyDelete
  18. මගේ අම්මෝ කොම්න්ඩේ කියන්නේ සජීවී දෙයක්. මේකට මෙහෙම අපරාධ කරන්න එපා.

    ReplyDelete
  19. අෆොයි.. ඔන්න ඉතින් කොල්ලෝ දෙන්නෙක් සැලෝන් එකක් ළඟ හම්බුනාම කොහෙද යන්නේ මචං ඇහුවාම කොන්ඩේ කපන්න ගිය මචං කිව්වාම හරි බං කියාගන අනිකා ගියා. කෙල්ලෝ දෙන්නෙක් සැලෝන් එකක එළියේදී හම්බ උනොත්...
    කොහෙද අනේ මේ තකහනියේ.. ලඟදි දැක්කෙත් නෑ නේ...
    කොන්ඩේ ලේයර් කරන්න ගිය මෙයා.. අම්මෝ මෙතන හරි ගණන් නේද? ෂා ඔයාගේ කොන්ඩේ ස්ට්‍රේට් කරේ කොහොමද අනේ..??
    ඔයාගේ ෆේස් එක ලේයර් එකට හරි ස්වීට් මෙයා.. මේ ස්ට්‍රේට් එකනම් මේ මන් ගෙදර කරපු එකක් අනේ .. කොහොමද හොඳද? එක නෙවේ.. ඔය හෑන්ඩ් බෑග් එක ගත්තේ කොහෙන්ද..? මාර ලුක් එකක් නේ තියෙන්නේ..
    ඔන්න කතන්දරේ මුල ටික.. හික්...

    ReplyDelete
  20. Beauty culture = බුහුටි කචල්

    ReplyDelete
  21. අම්මෝ මම නම් ඔය මුකුත් කරන්නේ නෑ. බෙහෙතකට වගේ තියෙන්නෙත් ඔච්චරමයි. එක පාරක් දිගට තිබුන කොන්ඩේ පොඩ්ඩක් කොටකලා. හැබැයි දැන්නම් වැවිලා.අග්ගිස්ස කපන්නත් මම නම් ලෝබයි. දුකේ බෑ කොළඹ ආවට පස්සේ කොන්ඩේ හොදටම යනවා. ටැපු වතුර පුරැදු නෑනේ ඒක නිසා.

    ReplyDelete
  22. මං ඉස්කෝලෙ යන කාලෙ දවසක් උදේ කොන්ඩෙ පීරන්න ගිහින් දිග වැඩියි කියලා හිතුනු නිසා අම්මට කිව්ව පොඩ්ඩක් කොට කරන්න කියලා... අම්ම කැපුවෙ නැතැයි කන ලඟින් හරහට.... ඒ කරල මගේ මූන බලල අම්ම පන ඇරගෙන හිනාවෙනව... කන්නාඩිය ඉස්සරහට ගිහින් බලනකොට කපල තියෙන්න නැතැයි පාරෙ බැහැල යන්න බැරි විදියෙ ට්‍රෑන්ග්ල් කට් එකක්... යාන්තම් එහෙන් මෙහෙන් කොන්ඩ කටු ගහල මාට්ටු කරගෙන ඉස්කෝලෙ ගියා... ඉන් පස්සෙ මගේ කොන්ඩෙ මංම කපා ගත්තා... වැඩිය වන උනේ නෑ... පාරබල් සයිස් එකට තිබුනා...මමත් කොට කොන්ඩ කාරයෙක් නිසා මට හිතාගන්න පුලුවන් ඔය සමහරු කපන කැපිලි වලට පස්සෙ මොනවද හිතෙන්නෙ කියල.... මොකෝ කැපුවට පස්සෙ ආයෙ අලවන්නයැ..

    ReplyDelete
  23. අම්මෝ.... වෙලාවට කොලුපැටියෙක් වුනේ! මාසෙකට දෙකකට සැරයක් පැය බාගෙකුයි රු 100 කුයි විතරයි වියදම! ඇති ඔයින් ගියා... ඒත් මම නම් කැමති දිග කොණ්ඩ වලට!!!!!!!!!!!!

    ReplyDelete
  24. Hi! Hi! Ape akkath ohomama thama, eeka hinda mata nam oya kathaa gaanak naha, kellone

    ReplyDelete
  25. අපරාදේ ඒ අක්කට කරන්න තිබුනේ රූපලාවන්‍ය පාඨමාලාවක්... එතකොට තමන්ට ඕනේ විදියට කොන්ඩෙ හදා ගන්න බැරියෑ...

    ReplyDelete
  26. ඕක උනේ නදී කියලා කෙනෙක්ට නෙමේද ?
    ඒක නෙමේ අක්කා මොකද්ද ඔය කියන රිලැක්සින් එක ? මම් එහෙම දෙයක් අහුවෙත් අදමයි.

    ReplyDelete
  27. Bunny -ඕකනේ ඉතින් ඔයාල එක්ක බැරි.මොකක් හරි ලීවොත් ඒක උනේ මට කියල හිතනව.:)

    Oබ්සෙර්වෙර්-ඒකේ ඇති වැරැද්ද්ලුත් නෑ කියල හිතෙනව වෙලාවකට.කෙල්ලො කැමතිනේ ස්භාවයෙන්ම ලස්සනට ඉන්න නේද?

    චතුවා-ඔයාවගේ තට්ටෙ බාලා ඉන්න කෙල්ලො කැමතිද? :O

    ගලයා-හිහි.මදැයි හිතිලා තියන දේ.

    ReplyDelete
  28. ඪිනෙශ්-හිහ් කවිද ඔය බොරු ආරන්චි දුන්නේ.

    ගීතක - ඇත්ත කතා...!!!-කොහොමද කෙල්ලො තට්ටෙ ගාන්නෙ ඔයාලා වගේ.

    ඇනොන්ය්මොඋස්-ස්තූතියි මම් වැරැද්ද හැදුවා.

    හිස් අහස-කොන්ඩෙ යනව තමා,හොදට මේන්ටේන් කරන්නැත්තම්.බලමුකො මොකද වෙන්නෙ කියලා.

    දිල්-මගෙත් ආසාවක් තියනව කොන්ඩෙ තට්ටෙ ගාන්න.ඔව් ඩැමෙජ් වෙනව හොදටම.

    ReplyDelete
  29. සයුරි-ලේයර් එකක් කරල බලන්න ලස්සනයි.

    පූසා-ඒකනේ මල්ලි.ආසාවනේ ඉතින්.නාකි උනාට පස්සෙ ඔව්ව කරන්නැයි නේ.

    ඔබ නොදු‍ටු ලොවක්..... -ඇහ් මූණේ වැක්ස් එකක්?නෑ මම් හිතන්නෙ ෆේශල් එකක් වෙන්න ඔනේ.ඔව් පරිස්සමෙන් අම්මෝ ලස්සන වෙනන් ගිහින් තියන ලස්සනත් නැති කරගන්න මොකටද නේද?.

    ChammA -ඒකනේ කොල්ලොන්ට ඔය ප්‍රශ්ණ නෑ නේ.

    පන්සල් හංදිය -අනේද කියන්නෙ.මයි කාර්.මයි පැට්‍රෝල් කියනවනේ :))

    ReplyDelete
  30. මාතලන්-හිහි ඒකත් ඇත්ත මූණට ගැලපෙන විදියට කොන්ඩෙ හදාගන්න එපැයි නැත්තම් ඒකත් විහිලුවක් වගේ වෙනව.ඔයා කොහොමද ඒ අය නාංනේ නෑ කියල දන්නෙ :)

    නිසුපා-අනේ මන්ද ඒක තමා.කෝ කිව්වට අහන්නෙ නෑනේ.

    දිල්-ඔව් හිහි:)

    ර්‍අජ්-හිහි නියම කතාවක් කියල තියනව.එයාලට නම් සල්ලි වලින් අඩුපාඩුවක් නෑ.ඒක වෙන්නැති ඔච්චර වියදම් කරන්නෙ කොන්ඩෙට.

    ReplyDelete
  31. එලෙඵස්-ඒක තමයි කොහෙද ඉතින් එහෙම හරි නෑලුනේ.

    වෙද ගෙදර මහ වෙදනා -මමත් කිව්ව හොද නැතුව ඇතිනේ කියල.කොහෙද අහනවද.කරන්නම ඕනෙලු කියන්නෙ.

    ක්සැන්ඩර් | Xander -සහතික ඇත්ත.ඔයා කොහොමද ඔය දෙබස් හරියටම් දන්නෙ?:))

    ඇනොන්ය්මොඋස්-කචල් තමා :))

    ReplyDelete
  32. batti -හ්ම් හැබැයි කපන කොටලු නේද වැවෙනව කියන්නෙ:)

    Mඉයුරු-දවසක් අපේ අම්මත් අක්කගෙ කොන්ඩෙ කපලා එයා ඉස්කෝලෙත් යන්න බෑ කියල ඇඩුව.

    ලහිරු-දිග කොන්ඩ ලස්සනයි ගනකමට තියනවනම්.කොන්ඩෙ ගිහින් නම් බලු නැට්ටක් වගේ තියන් ඉන්නවට වඩා කපන එක හොදයි.

    සජිත්-කෙල්ලො ඔහොම තමා නේද.

    ReplyDelete
  33. ප්‍රසන්න86ක්-මමත් ඕකම කිව්ව.වියදම අඩුකරගන්න තිබ්බ එහෙනම්.

    මධුරංග-ඔන්න ඕකනේ ඉතින් බැරි,මොකක් හරි ලිව්වම ඔක්කොම හිතන්නෙ මට උන දෙයක් කියලනේ.රිලැක්සින් කියන්නෙ මල්ලි කොන්ඩෙට කරන දෙයක්.මෙන්න බලන්නකො මෙතන විස්තර තියනව.2සැරයක් විතර කොන්ඩෙ අයන් කරනව.

    http://www.wikihow.com/Relax-Your-Hair

    ReplyDelete
  34. මම පොඩි කාලෙ තට්ටෙ ගාන එකවත් කෲ කට් එකවත් නෙවෙයි ෆැෂන් එක. බාබර් සාප්පුවට ගියාම බාබරයා මගෙ කොන්ඩෙට ක්ලෝස් ක්‍රොප් එකක් දුන්නනෙ. මට එදා ඇතිවෙච්ච ලැජ්ජාව, කේතිය කොච්චරද කිව්වොත් මම අද වෙනකල් බාබර් සාප්පුවකින් කොන්ඩෙ කපලා නෑ. මම තනියෙම කොන්ඩෙ කපන්න ඉගෙනගත්තා විතරක් නෙවෙයි මගෙ ගැන්සියෙ උන්ගෙත් කොන්ඩෙ කපන්න පටන් ගත්තා. එකෙක් උගෙ වෙඩිං එකටත් කොන්ඩෙ කපාගත්තෙ පුරුදු විදියට මට කියලා. ඒක තමයි මට ලැබිච්ච සම්මානය. අද මගෙ උන්ගෙත් කොන්ඩ් කපන්නෙ මම.
    henryblogwalker the Dude

    ReplyDelete
  35. අද කාලේ ගෑණු දරුවෝ හම්බු කරන පඩියෙන් තුන්කාලක්ම වගේ වියදන් කරන්නේ මේ වගේ වැඩ වලට තමයි
    පව් ඉතින් එයාලව බඳින කොල්ලෝ...

    මමත් කාලයක් කොන්ඩේ වවාගෙන හිටියනේ
    ඒකට නොයෙකුත් සත්කාර කරන්න ගියාම තියෙන අමාරුවක්, මුකුත් නෙමෙයි දවසක් නාන්න බැරි උනොත් එහෙම ඔලුව කසනවා, හරි වදයක්
    අන්තිමට මම විමුක්තිය සොයා ගත්තා
    ඒ කියන්නේ දිග කොන්ඩේ කපා දාල පිළිවෙලක් උනා
    අද හෙටම නෝට් පාරක් ගහන්නත් අදහසක් තියෙනවා

    ReplyDelete
  36. අනේ දෙයියනේ මට සතියෙන් සතිය කොණ්ඩෙ කපන කෙල්ලෙක් නම් හම්බෙන්න එපා... ලොල්..

    ReplyDelete
  37. Dude- නරකද ඉගැන්වීමට අමතරව බාබර් සාප්පුවක් දාගත්තනම්.:)

    ලොකු පුතා-ඔව් එක එක දේවල් කරන්න ගියාම ඒව මේන්ටේන් කරන්නත් සෑහෙන වියදමක් යනව.ඒකත් ලේසි නෑ.හැබෑයි ඔහොම හරි හැමදාම නාල කරල ඉන්න එකනම් හොදා.

    පැණි දොඩම්-සතියෙන් සතිය නෙමේ.මාස 8-10කට විතර පස්සෙ තමා මේ යන් කිව්වෙ.

    ReplyDelete
  38. ape akki kenektat oya kota wena prashnee aawa! eyala konde ehema karanna kalinma kiyanawa kota wei kamak nadda kiyala! ape kattiyath asawa wadi kamata eega ganan ganne nathuwa ha qwa! passe baduma thamai!

    ReplyDelete
  39. තාම මොකුත්ම කොණ්ඩෙට කරන්න හිතුනේ නැති හැටි. කිසි ජීවයක් නැති දේකට අරුමෝසම් කරනවට වඩා මට හිතෙනවා ඒ සල්ලි වලින් වැඩක් ඇති වැඩක් කරන එක හොඳයි කියලා. මිනිස්සුන් තෘප්තිමත් කරන්න අමාරුයි නේද ?

    ReplyDelete
  40. මාධව - மாதவ - Madhawa- හෆොයි පව්.

    ඇනිත්ඛොන-අනේ මන්දා.ඕව අපි කිවට බෑ එයාම තේරුම්ගන්න වෙනව :)

    ටී.බී. -කෝ කොහෙද?:)

    ReplyDelete