Friday, December 3, 2010

යාපනේ සංචාරේ I

යුද්දෙ ඉවරවෙලා අවුරුද්දක් ගත උනාටත් පස්සෙ තමයි මටනම් යාපනේ යන්න පුලුවන් වුනේ.ඒ මගේ පලවෙනි යාපනේ ගමන.අම්මලනම් ඊට කලින් ගිහින් තියනවලුනේ.ඒ කාලේ යුද්දෙ තිබිලානෑ. හදිස්සියෙ දාගත්ත ගමනක් විදියට, අම්මගෙ තනියට මටත් යන්න හෑකියාව ලෑබුනා.මම් අහල තියන විදියට අපේ ලොකු අත්තත් ඉස්කොලෙ ගිහින් තියෙන්නෙ යාපනේ හින්දු කොලෙජ් එකට.ඒ කාලේ යාපනේ කියන්නෙ සෑහෙන දියුණු නගරයක්ලු.යුද්දෙන් පස්සෙ දෑනට ඉතුරුවෙලා තියන සමහර ගොඩනෑගිලි ඒකට හොදම සාක්කියක්.
දෑනට මාසෙකට විතර කලින් ගිය මේ ගමනට සම්බන්දවෙලා හිටියෙ ඔක්කොම අපේ අම්මලගෙ වයසෙ අය.(මමයි ඩ්‍රයිවර් අය්යයි ඈරෙන්න).උදේ 5.30ට විතර පටන්ගත්ත ගමන මෑදවච්චිය හරහා තමයි අපි ගියෙ. වියළි කලාපෙට මේ දවස් වල වෑස්ස, ඒක නිසා ගමන් මහන්සියක් කියලා දෑනුනෙම නෑ.අනික මේ මගෙ පලවෙනි යාපනේ ගමන නිසා බලන්න තිබ්බ දේ බොහොමයි කිවොත් හරි.
ප්‍රදාන මුරපොලක් විදියට අපිට මුලින්ම මුන ගෑහුනේ ඕමන්තෙ මුරපොල.මෙතනදි යන එන සියලුම වාහන පරික්ශාවට ලක් කෙරෙනව.ඒත් එක්කම උපදෙස් ලෑබෙනව අපි යන්න ඔනේ තෑන් ගෑන.ඒ වෙද්දී තවම බිම්බෝම්බ ඉවත් කරනකාලේ, එකනිසා ප්‍රදාන පාරවල් වල ඈරෙන්න වෙන තෑන්වල නොයන්න,ඒ වගේම ප්ලාස්ටික්,ශොපින් වගේ දේවල් භාවිතය ගෑනත් උපදෙස් පත්‍රිකා ලෑබෙනව,ඒත් ඉතින් ඒව ගෑන අවදානය තියන අයනම් අඩුයි.පාර දෙපෑත්තෙ තෑනින් තෑන දාල තිබ්බ හිස් වතුර බෝතල්,බියර් කෑන්,ශොපින්...මේකට හොදම උදාහරනයක්.
ඕමන්තේ මුරපොල
මුරපොල පහුකරල ටිකක් ඉදිරියට යද්දි දෑක්කෙ මෙන්න මේක.
මේක කොටි ත්‍රස්තවාදීන් පුපුරවල දාල තිබ්බ වතුර ටෑංකියක්
රණවිරුවන් වෙනුවෙන් තනා ඈති ස්මාරකයක්
 මේව පහුකරල ගියාම හම්බවෙන්නෙ අලිමන්කඩ,මේකත් ලොකු විශේසයක් ගන්න තෑනක්.1991 වසරෙදී කොටි බුල්ඩෝසරයකට පෑනල ජීවිතය පූජාකරපු කෝප්‍රල් ගාමිණී කුලරත්න රණවිරුව වෙනුවෙන් හදල තියන ස්මාරකයත් අපිට බලන්න පුලුවන්මෙතනදී.
මේ තියෙන්නෙ ඒ බුල්ඩෝසරය
රණවිරුවා වෙනුවෙන් ඉදිකරල තියන ස්මාරකය
 ඒත් එක්කම ටික දුරක් යනකොට තියනව අවසාන යුද මෙහෙයුම අවස්ථාවෙදි සෙබල මුලු 4ම එකට මුන ගෑසුනු තෑන හදල තියන ස්මාරකය.
මේ තියෙන්නෙ ඒ ස්මාරකය
 මේව පහුකරල අපි කිලෝමීටර 25ක 30 ක විතර දුරක් ආව නාගදිපෙ පන්සලට යන්න.මුහුද මෑදින් හදපු පාරක ටිකක් දුර ගිහින් ආයම බෝට්ටුවකත් යන්න උනා අපිට.එදානම් සෙනග අඩුයි.වෙන දවස් වලනම් පෝලිමේ ඉන්න ඔනෙලු බෝට්ටුවකට ගොඩවෙන්න.ඒකට එක්කෙනෙක් ගෙන් රුපියක් 20 වගේපොඩි ගානකුත් අයකරනව.බෝට්ටුගමන නම් නියමයි.හෑබෑයි එක බෝට්ටුවකට 80ක් විතර මිනිස්සු යනවා.මමනම් ගොඩක් ආසවෙන් ගියෙ,මොකද එහෙම ගමනක් කලින් ගිහින් තියන එකක්යෑ.ටිකක් බයකුත් තිබ්බෙ නෑතුවත් නෙමේ.එතන ඉන්නව නාවුක හමුදාවෙ අය,ඒ ගොල්ලන්ගෙ අනුදෑනුම අතුව තමයි බෝට්ටු සේවයත් ක්‍රියාත්මක වෙන්නෙ.නාගදීපෙ පංසල වගේම කෝවිලකුත් තියනව,
මේ තියෙන්නෙ නාගදීප පංසලේ දාගෑබ
විහාරගෙය
බුදුපිලිම වහන්සේ
නාගදීප කෝවිල
නාගදීප පංසලේ ඉදලා කොවිලට යනපාරේ තල් හකුරු,තල් පිටි,මිදි එහෙමත් විකුනන්න තිබ්බා.
 කෝවිලේ ඉදන් එද්දිනම් හොදටම වෑස්ස.ආපස්සට එන පාරෙ මිනිස්සු ඉස්සො කොටුවලින් අල්ලපු ඉස්සො පෑකට් කරල විකුනනවා.සාමාන්‍ය හොද අදායමකුත් ගන්නව ඈති. ඒගමන්ම අපිගියා ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුව ඈතුලු කණ්ඩායම බෝම්බයට අහුවෙලා තිබ්බ තෑන, හදල තිබ්බ ස්මාරකය බලන්නත්.
 පිපිරිම පරික්ශා කිරීම සදහා නෑවත පුපුරවා හරිනලද වාහන දෙක.
1992 අගෝස්තු 8 දින අනතුර වු තෑන නිමවා ඈති ස්මාරකය
පලවෙනි දවසෙ සංචාරෙ ඔය විදියටයි නිමා උනේ.යාපනේ නගරෙම ගෙදරක අපි කණ්ඩායම රාත්‍රිය ගත කරා.මුලු රෑම වෑස්ස.
වෑස්ස වෑටෙන්න ඔන්න මෙන්න













9 comments:

  1. අහ්.. මට ජේ ලු.. තාම යන්න බැරි වුනානේ... සති දෙකකට විතර කලිනුත් යන්න අවස්ථාවක් ලැබුණා. ඒත් ගියේ නෑ :(

    යාපනේ අයිස්ක්‍රීම් කඩයක් තියෙනවාලු.. මාර රසයිලු ඒකේ අයිස්ක්‍රීම්.. කෑවේ නැද්ද ඔයා? හිහ් හිහ්

    යා‍පනේ සංචාරේ දෙවෙනි කොටසත් ඉක්මනට ලියන්න.. නැත්තං...

    ReplyDelete
  2. @චතුරංග - යන්න,අවස්ථාවන් මග හරින්න එපා.
    යාපනේ යන්න ඕනෙද චතූ අයිස් ක්‍රීම් කන්න.අපි යාපනේ ගිහින් පරිප්පු වඩේ,උලුදු වඩේ එහෙම කෑවා.
    දෙවනි කොටසත් ලියන්නම්මකෝ...මොකද නෑත්තම් කියල නතර කරේ...

    ReplyDelete
  3. නැත්තං මොකද වෙන්නේ කියලා මං කි‍ව්වේ.. දානවා ලින්ක් එකක් මෙතනත්.. :P

    ReplyDelete
  4. පිංතූර ටික වටිනවා!!!!!

    ReplyDelete
  5. යන්න වටින තැනක්..........

    ReplyDelete
  6. @ගයාන්,හරී - බොහොම ස්තූතියි කොමෙන්ටුවලට.ඔව් ඒකනම් යායුතුම තෑනක්.

    ReplyDelete
  7. තාම යාපනේ නම් යන්න උනේ නෑ.ඒ අතින් අක්කා මාරම පිනක් කරලා තියෙන්නේ.

    ගාමිනි කුලරත්න රණවිරුවා බිහි වෙන්නේ මහියංගනය ප්‍රදේශයේ හසලක කියන ගමෙන්.කොටි බුල්ඩෝසරය නවත්වගන්න පුලුවන් කමක් නැති කොට බෝම්බයක් බඩේ බැදගෙන බුල්ඩෝසරය දිහාට පැනලා ජාතිය වෙනුවෙන් තම ජීවිතය මේ ලක්දිව වා තලයක මුදා හරිනවා. ඉතිහාස පොතේ අලුත් පිටුවක රන් අකුරින් ලියවෙනවා ඔහු කල මේ සේවය.

    "එදා අලිමංකඩ මහ යුද පිටියෙ
    එයා දිවි පිදුවනේ මරුවා ඉදිරියේ"

    මෙවන් සිහල පුතුන් ජනිත කල ලක් මව් සැරදේ !!!!!!

    ReplyDelete
  8. @මධුරංග- එහෙ යන්න තිබ්බෙ යුද්දෙ ඉවර වුනු ගමන්ම.හෑබෑහින්ම දකින්න ඕනෙ දේවල් ගොඩක් තිබ්බ.කියනවට වඩා ගිහින් බලලම තීරනේ කරන්න ඕනෙ.යුද්දෙකින් කාටවත් යහපතක් නෑ.විනාශය ඇරෙන්න.

    ReplyDelete
  9. ###යාපනේ යන්න ඕනෙද චතූ අයිස් ක්‍රීම් කන්න

    එහෙනම් ගිහිල්ල ice CREAM කලාම කොමෙන්ට් එකක් දන්න.මටක ඇතිව RIO ICE cream එකට යන්න.narloolකෝවිල ලග තියෙන්නේ .

    ReplyDelete