Sunday, December 12, 2010

මීට අවුරුදු අටකට කලින්


ඒ හරියටම මීට අවුරුදු අටකට කලින්,මම ඉස්ඉස්සල්ලම A/L විභාගෙට ලියන්න සූදානම් වෙනව.උදේ ඉදන් රෑ වෙනකම් ම ටියුශන්,තියරිද ටියුට්ද ඉවරයක් නෑ.කොහොමින් කොහොමින් හරි විභාගයත් හොදටම ලං උනා.අපිට මුලින්ම තිබ්බෙ බයෝ.පේපර් එක ඒතරම්ම අමාරුවක් දෑනුනෙ නම් නෑ.

එදා ගෙදර ඈවිත්  ඒ පොත් ඔක්කොම අයින් කරල ලෑස්ති උනා ඊලග එකට.ඒ මට තිබ්බ අමාරුම සබ්ජෙක්ට් එක,ෆිසික්ස්! සබ්ජෙක්ස්ට් අතර මෑද ගෑප් එකක් තිබ්බ නිසා ඒහෑටි ස්ට්‍රෙස් එකක් තිබ්බෙ නෑ,ඒත් ලොකු බයකුත් තිබ්බෙ නෑතුව නෙමේ.මොකද ඉස්සරවෙලාම ලියන විභාගෙනේ.

ගෙදර කට්ටියත් පුලුපුලුවන් හෑම විදියටම මට උදව් කරා.ඒදවස් වල ගෙදර අනිත් සියලු වෑඩකටයුතු වලින් නිදහස්නේ,විභාගෙට පාඩම් කරන නිසා.මේ දවස් වල මගෙ ඉස්කොලෙ යාලුවෙකුත් අපෙ ගෙදර නෑවතුනා.ඒ එයාගෙ ගෙදර තිබ්බෙ ටවුමට ගොඩක් දුර නිසා,අනික ටියුශන් යන්නත් ලේසිනෙ.අපේ ගෙදරත් කවුරුත් නෑ,අක්කත් කෑම්පස් පලවෙනි අවුරුද්දෙ,ගෙදර එන්නෙත් සතිදෙකකට සෑරයක් විතර.මේ යාලුව ආව නිසා මගෙ ඉගනීමෙ වෑඩවලට පහසුවක් උනා වගේම පාලුවත් නෑතිඋනා.

දවසක් හදිස්සියෙම අප්පච්චි ටිකක් විතර උණ ගතිය,පපුවත් ටිකක් රිදෙනවා වගේ කියල බෙහෙත් ගන්න ගියා,පෙනිච්ච විදියට සාමාන‍‍‍ය්‍ය උණක්, අප්පච්චිත් එක වෑඩිය ගනන් ගත්ත බවක් පෙනුනෙ නෑ.

ඒ ෆිසික්ස් දවසට කලින්.දවස් ඔහොම ගෙවිලගියා,හෙට ෆිසික්ස්! මමයි මගෙ යාලුවයි ෆිසික්ස් කෙටි ප්‍රශ්න පත්තරයකට උත්තර ලියනව.එයා කාමරේ, මම් සාලේ.ඒක අපි ප්‍රෑක්ටිස් වෙන්නත් කියල වෙලාව තියල ලිව්වෙ මොකද හෙටනෙ විභාගෙ.ඔන්න එතකොටම අප්පච්චි දෙතුන් සෑරයක් සාලෙ ඉදල කුස්සිය පෑත්තටත්,ආයම කුස්සියෙ පෑත්තෙ ඉදන් සාලෙටත් එනවා මම් දෑක්කා.

මට අමුත්තක් දෑනුනෙ එහෙම කීප සෑරයක්ම ගිය නිසා,මම් ගනං හදන එක පෑත්තකින් තියල නෑගිටල,ඈයි අප්පච්චී...කියල වෙනද වගේ ඈහුවා. මගෙ මූණ වත් බලන්නෙ නෑතුව නෑ...මොනවත් නෑ...කියාගනම...යන්න ගියා කුස්සිය පෑත්තට.

ටික වෙලාවකින් එකපාරටම අම්මගෙ කටහඩ කුස්සිය පෑත්තෙන්, පොඩි පුතේ...කියනවා මට ඈහුනා. ඒත් එක්කම මොකක් හරි වෑටෙන සද්දයක්... මම් දුවගන ගියා.දෙය්යනේ...අම්ම අප්පච්චිව වත්තන් කරගන්න හදනව,මම් හිමින් සෑරේ අප්පච්චිව අල්ලගන බිමින් තිබ්බ,ඔලුව බිම වදින්නෙ නෑතිවෙන්න.අප්පච්චි ඈස් පියාගන අමාරුවෙන් ඈස් අරින්න හදනව,මම් අප්පච්චි... අප්පච්චී...කියල කතාකරා,අත් දෙක අල්ලගන හයියෙන් අතුල්ලල අප්පච්චී...කිව,එතකොටම හිමින් සෑරේ ම්..හ්ම්..හ්ම්...කියල අමාරුවෙන් ඈස්දෙක ඈරිය.ඒ අප්පච්චි මම දිහා බලන් ඉන්නව දෑක්ක අන්තිම වතාව.

අම්ම ගල් ගෑහිලවගේ බලන් ඉන්නව,මම් යාලුවට කිව්වා පුලුවන්නම් පාරෙ යන ත්‍රීවීලර් එකක් නවත්තන්න කියල,අප්පච්චිට අම්ම හදපු තේ එක එහෙම්මම...බිලා නෑ...

මට ඔනෙ වුනෙ අප්පච්චිට නින්ද යන්නෙ නෑතුව ඈහෑරවල තියාගන්න,ඒත් ඒක ලේසි වුනේ නෑ.අමාරුවෙන් ඈස් අරින්න උත්සහ කරන අප්පච්චි ලගට වෙලා හිටිය මම්.අහල පහල අයත් එක්ක කොහොම හරි විනාඩි ගානක් ඈතුලත අපි අප්පච්චිව ඉස්පිරිතාලෙට අරන් ගියා...

අපි කිවට මට යන්න හම්බවුනේ නෑ.අම්ම තමයි අප්පච්චි එක්ක ගියෙ අන්තිම වතාවට.මම් ගෙදරට වෙලා යාලුවත් එක්ක අප්පච්චියි අම්මයි එනකන් බලාගන හිටියා.අම්ම කියල ගියෙ බෙහෙත් අරන් එනකන් පාඩම් වෑඩ බලාගන්න කියල.මොන පාඩම්ද?  හිතේ දෙගිඩියාවෙන් බලාගත්ත අත බලාගන හිටිය එක තමයි කරේ.

 හොද වෙලාවට ඒ දවස් වල අල්ලපු ගෙදර ඈනෙක්ස් එකේ හිටියෙ ඉස්පිරිතාලෙ වෑඩ කරපු නර්ස් කෙනෙක්.එයා ඉක්මනට අප්පච්චිව ඉස්පිරිතාලෙ ගෙනියන්න කියල එයත් ගියා,ඒදව්ස් වල එයා වෑඩකරේ අයි සී යූ එකේ.

බලන් හිටිය හිටිය තාම නෑ...හවස 6.30ට විතර ගිය අම්මලා ගෙදර එද්දි රෑ 9ත් පහුවෙලා.අල්ලපු ගෙදර අන්කල්,ඈන්ටි එක්ක අම්ම ආව.මට අම්මල පරක්කු වෙද්දිම තෙරුම් ගියා අප්පච්චිට අමාරු ඈති විත්තිය.

ගෙදර ආව අම්මගෙන් මට මොනවත් අහන්න හයියක් තිබ්බෙ නෑ.මට ඒ වෙද්දිත් මොකද්දෝ දෙයක් දෑනිල තිබ්බ.අනික අම්මගෙ මූනෙ  ස්භාවයෙන් මම් තත්වෙ ටිකක් බෑරෑරුම් ඈති කියල තේරුම් ගත්තා.අම්ම කිසි දෙයක් කිවෙ නෑ,ඒත් මට දෑනගන්න ඔනේ වුනා දෑන් අප්පච්චිගෙ තත්වෙ මොකද්ද කියල, එතකොටම අල්ලපු ගෙදර අන්කල් කීව, අප්පච්චිට ටිකක් අමාරුයි...ඈඩ්මිට් කරා...මම් ඉන්න හෑදුවට ලෙඩා ලග ඉන්න දුන්නෙ නෑ...කියල.අර නර්ස් උදව් කරා.දෑන් බයක් නෑ කියලා.

පස්සෙ තමයි කිව්වෙ,අමාරු නිසා වාට්ටුවෙන් අයි සී යූ එකට දෑම්ම කියල.මගෙ මුලු ඈගම සීතල වෙලා පන නෑතුව යනව වගේ දෑනුනා.ඔහේ බලාගන හිටිය...මම් දන්න කාලෙක අප්පච්චි ඉස්පිරිතාලෙක ඉදල නෑ.පස්සෙ ටික වෙලාවක් කතාකර කර ඉදලා එයාල යන්න ගියා.මට මතක හෑටියට ඈගට පනනෑතුව යනව වගේ දෑනුන නිසා ඈදට ගිහින් ටිකක් ඈලවුනා.

ටික වෙලාවක් මට නින්ද ගිහින් ඈහෑරුනේ අම්මගෙ සද්දෙට!. අම්ම කෝල් එකක් ගන්න හදනව වගෙ ඈහුන නිසා මමත් ගියා නෑගිටල,අල්ලපු ගෙදර ඈනෙක්ස් එකේ නර්ස් ගෙ නම කියල එයාට කතා කරන්න ඔනෙ කියල අම්ම කිව්වා.ඉන්න ටිකක් කියල ගියා ගියාමයි උත්තරයක් ලෑබුනෙනෑ.ඒ වෙද්දි පාන්දර 3ට 3.30ට වගේ.කීපසෑරයක් උත්සහ කරල අන්තිමට උත්තරයක් නෑති තෑන නිකන් ඉන්න සිද්ද වුනා.

අම්ම උදේම ඔනේකරන කලමනා ලෑස්තිකරගන අප්පච්චිව බලන්න ඉස්පිරිතාලෙට ගියා.මට විභාගෙට යන්න කියල යාලුවත් එක්ක.ඒත් එක්කම අල්ලපු ගෙදර ඈන්ටි කවදාවත් නෑතුව මගේ මූණවත් බලන්නෙ නෑතුව යාලුවව පෑත්තකට එක්ක ගිහින් කතාව.මට තාමත් පුදුමයි ඈයි මම් ඒ මොකද කියල අහන්න ගිය නෑත්තෙ කියල.මොකක් නමුත් අසුබ දෙයක් කියල මට තෙරුනාවෙන්න ඈති ඒවෙලාවෙ.

යාලුව ඈවිත් කිවෙ අපි අක්කටත් එන්න කියමු කියල විතරයි.ඒත් මම් කතාකරෙ මාමාට.කතාකරගන්න හයියක් මට ඒවෙලාවෙ තිබ්බෙ නෑ.මම් වෙනුවට කතාකරේ මගෙ යාලුවා.ඒත් එක්කම අම්ම කතාකරල කිවෙ මම් එන්න පරක්කුවෙයි...යාලුවත් එක්ක විභාගෙට යන්න...අම්මා එනකන් ඉන්න එපා කියල.

වෙලාතියන දේ තෙරුන් ගිහින් තිබ්බත් මගෙ හිත එහෙම දෙයක් පිලිගන්න සූදානමක් තිබ්බෙ නෑ,එදා මම් යාලුව එක්ක විභාගෙට ගියා.අපි දෙන්න විභාගේ ලීවෙ වෙනම පන්ති කාමර දෙකක.කීපදෙනෙක් ඈවිත් මම් ඉන්නවද කියල බලල යනවනම් මතකයි.ඒ පෑය දෙක සෑහෙන කාලයක් වගේ මට දෑනුනේ.ඉක්මනින් ගෙදර එන්නයි ඕනෙකම තිබ්බෙ මට.යාලුවත් එක්ක බස් එකේ ඈවිත් ගෙදරට හෑරෙන වංගුවෙදිම මම් දෑක්ක,අපේ ගෙදර ලග වට පිටාවෙ අය එකතුවෙලා ඉන්නව.තවකෙනෙක් ගේ ඉස්සරහම අඹගහේ සුදු කොඩියක් බදිනවා.

ඒක දකිද්දිම මගෙ යාලුවා කරේ, මගෙ අත හයියෙන් අල්ලගත්ත එක...අප්පච්චි නෑතිවෙලා...හෘදයාබාධයකින්...නෑතිවෙලා තියෙන්නෙ පාන්දර 1ට විතර.අම්ම කෝල් එක ගන්න කොටත් අප්පච්චි නෑතිවෙලා...අර කලින් කිව්ව නර්ස් අල්ලපු ගෙදරට කතා කරල විස්තරේ කියල. අම්මට කතා කරල නෑ ඒ වෙලාවෙ...පස්සෙ තමයි අපි ඒක දෑන ගත්තෙ.අප්පච්චි අමාරුව දෑනිලත් ඉවසගන ඉදල තියෙන්නෙ,මම් බයවෙයි කියලලු,පොඩි එකා විභාගෙට ගිහාම යමු...නෑත්තං කලබල වෙයි කියල කිවලු.අම්ම කිවෙ ටික දවසකට පස්සෙ!.






11 comments:

  1. අක්කා.. ඉපදෙන හැමෝම මැරෙන්න එපැයි.. මේ කමෙන්ට් එක දාලා ඉවර වෙලා පෝස්ට් කරනකොටම මට හාට් ඇටෑක් එකක් හැදිලා මැරෙයිද කියන්න බෑ..

    කොහොම වුනත් හිතේ මේ වගේ ප්‍රශ්නයක් තියාගෙන විභාගේ ලියන එකනම් මට කවදාවත් කරන්න බැරිවේවි.. මේක කියවද්දී තමා මට හිතුනේ ගිය මාසේ මම ටෙස්ට් එකට ලියද්දී හිතේ තිබුණේ කොයිතරම් පොඩි දුකක්ද කියලා..

    ReplyDelete
  2. he who never fails never grows rich,learn from the failures and b a dynamic person.

    ReplyDelete
  3. mata hithaganna ba akii mona daannada kiyala mata aara upset mata thaama me wage experience 1kak na akki aa nisa mama danne na monada kiyanna oone kiyala...aath akkiyo api hamotama kawadahari me wage experience walata muuna denna wenawa..siyalu deyama anithyai ne akkiyo...duk wenna epa oyage thaththi oyata godaak aadare nisa kohe hari indan oya diha balagena athi...oya honda dewal karanakota,oya santhosen innakota eyath godaak santhoosa wenawa athi...aanisa oya hamadaama santhoosen inna ethakota oyage thaththi godaak sathutu wei...

    ReplyDelete
  4. සහෝදරී..........
    මට පෞද්ගලික අත්දැකීමක් නැති උනත් මට ඔයා හිටපු තත්වය හිතාගන්න පුලුවන්.... ඒත් ඉතින් ඉපදුන කෙනෙක් අනිවාර්යෙන්ම මැරෙනවා කියන පොදු ධර්මතාව ගැන හිතලා හිත හදාගන්නවා මිස මොන කරන්නද..............

    ReplyDelete
  5. godak dukai nangi.mamanam hithannawath kemathi nehi deyak eth monawa karannada jiwithe heti ohoma thama....

    ReplyDelete
  6. මට නම් කවදවත් අක්කේ ඔහොම තත්වයක් තියන් එක්සැම් එකකට ඉන්න නම් බැරිවෙයි.... ඒ අතින් ඔයාගේ හිත හයියයි... ඉපදුනා වගෙම මැරෙන එක ත් අනිවර්යෙන් අපි අරන් එන එකක්... එත් විශ්වාස කරන්න බැ.. විශ්වසෙට ගන්නත් බැ... අපි හුගාක් ආදරෙ කරන අය අපිව දාලා යයි කියලා....

    ReplyDelete
  7. godak duka hithenawa akke.. oyage appachchi awasan mohotha wenakam oyagena hithala tyanawa. jiwithe yatharthaya okane.. hemotama oya thathweta path wenawa.. :(

    ReplyDelete
  8. ජීවිතය................

    ReplyDelete
  9. දුක හිතෙනවා අක්කා.මනුස්ස ජීවිතේ හැටි.

    ReplyDelete
  10. @මධුරංග-ඔව්ව ඔහොම තමා :(

    ReplyDelete
  11. Dear sister,first time I'm reading your blog..
    this is exactly what happened with my father ..I was shocked to read this as it was almost same with my experience. only difference if I lost him just after i finished my o/l exam. It's been 13 years but it hurts as it happened yesterday.

    ReplyDelete