මෙහෙම පෝස්ට් එකක්, මෙච්චර ඉක්මනට ලියන්න වෙයි කියල මම් හිතුවෙ නෑ.ඒත් ඒක ලියන්න වුනා.ඒ අද, ඒ කියන්නෙ 2010.12.08 දවල් මට ලෑබුන ආරංචියක් නිසා.
මාත් එක්ක, කෑම්පස් එකේ, එකම අවුරුද්දෙ හිටිය මේ යාලුවා කරේ මෑනේජ්මන්ට්.අපි දෙන්න ගොඩක් අදුන ගත්තෙ පලවෙනි අවුරුද්දෙ හොස්ටල් ඉන්න කාලෙ.පලවෙනි අවුරුද්දෙ දෙවනි semester එකේදි අපේ හොස්ටල් මාරුකරා.කලින් මාත් එක්ක හිටිය යාලුවො මේ හොස්ටල් එකට වෑටුනෙ නෑ. ටිකක් දුකෙන් තමා මම් නම් හිටියෙ.ඒත් ඒ පාලුව මග අරුනා මෙන්න මේ යාලුව නිසා.
තට්ටු 2 ක ගෙදර, යට තට්ටුවෙ තමයි අපි හිටියෙ, එයා හිටියෙ මට අල්ලපු කාමරේ.ගොඩක් වෙලාවට ඕප දූප කියන්නත් අපි යන්නෙ ඔය කාමරේටම තමා.පලවෙනි අවුරුද්දෙ අපිට broad general subjects තිබ්බනෙ,මම් ඉතින් accounts, econ, project mgt කුප්පි දාගත්තෙ මෙයාට කියල.මොකද මෙයා තමයි හොස්ටල් එකෙ යට ෆ්ලොර් එකේ හිටිය එකම එක්කෙනා A/L වලට commerce කරල ආව.
එයාට හෑකියාව තිබ්බ, දන්න දේ හොදට නිරවුල්ව පෑහෑදිලිව කියල දෙන්න. අපිට එපාවෙන වෙලාවලුත් තිබ්බෙ නෑතුව නෙමේ.මොකද ඉතින් කෙල්ලො 10 ක් 12 එකතුවෙන තෑනක කච බච ඉවරයක් නෑනෙ.එකදිගට පාඩමක් අහගන්න බෑ.වෙලාවකට අපිට බනිනවත් එක්ක මේ... අහගන්නෙ නෑත්තම් මට නිදියගන්ඩ දීල යනවකො යන්ඩ... කියල.ඒ විහිලුවට,අපිත් එක්ක කවදාවත් ඕවට එයා තරහ උනේ නෑ.
එයාට ගොඩක් විනෝදංශ තිබ්බ,කවි - නිසදෑස් ලිව්ව,ලස්සනට චිත්‍ර අදින්නත් පුලුවන්,අහ්...සින්දුත් කියනව,බාත් රෑම් එකේදි ටිකක් විතර හයියෙන්,ඒකත් නරකම නෑ ලස්සනට කියනව..මෙයාට හෑමෝගෙම ආදරය ලෑබුන ඒකට පොඩි විශේසත්වයකුත් තිබ්බ, මෙයා අපි ඔක්කොටම වඩා ටිකක් උස මහතයි.
කෑම්පස් එකෙ ටිකක් පඩිපෙලවල් වෑඩිනෙ.හෑමදාම කන්ද නගිද්දි complain, මහන්සි...නගින්න බෑ...කකුල් රිදෙනව...කියකිය,අපිත් ඉතින් විහිලුත් කරන්ව ඈග අඩුකරගන්න කියල....
ඔහොම කාලෙ ගෙවිල ගියා,3 වෙනි අවුරුද්දෙ අපිට කෑම්පස් එක ඈතුලෙ හොස්ටල් හම්බවුනා.මෙයා හිටියෙ 2 ෆ්ලොර් එකෙ, අපි ඉතින් උඩම එකේනෙ.ඒ අවුරුද්ද තමයි ටිකක් වෑඩ තිබ්බෙ,අපිට ලෙක්චර්ස් තියන වෙලාවට එයාලට නෑ.නිතර දකින්නත් නෑති වුනා ඒකාලෙ.
හම්බවුනාම නම් බනිනව මට, උබලට අපිව මතක නෑ නෙ දෑන්....කියල විහිලුවට.
දවසක් ලෙක්චර්ස් ඉවරවෙලා එද්දි ආරංචි වුනා,හදිස්සියෙ දිලාට ලෙඩවෙලා... හොස්පිටල් අරන් ගියා කියල. කකුලෙ අමාරුවකට ඈවිදින්න අමාරුවෙලා කියල තමයි කිවෙ,එදායින් පස්සෙ එයා ආය ආවෙනෑ කෑම්පස්.
කකුලෙ අමාරුව හොදනෑ...පරීක්ශන කරනව කියල තමයි කිවේ...දෙතුන් සෑරයක් අපිත් එයාව බලන්න ගියා හොස්පිටල් එකට. අවසානෙට අපි එයාව බලන්න ගියෙ මහරගම,cancer hospital එකට, ඒ අපි industrial training ඉන්න කාලෙ,එයාලග හිටියෙ අම්ම,ඈස්වල කදුලු පිරිල, චුටි කාලෙ වගෙ කතා කියකිය දරුව ලගට වෙලා ඉන්නව.ඒ වෙද්දි එයාගෙ කකුල් දෙකම පන නෑ.ඈදටම වෙලා හිටියෙ.
දිලත් ගොඩක් දුකෙන් හිටියබව මට තෙරුනා ඒත් දුක පෙන්නුවෙ නෑ...හිටපු ගමන්, නදියො...ආය මාව බලන්ඩ එද්දි බෙහෙත් නෙල්ලි අරන් වරෙන් ඈ...මම් හා කිව, මට ආයෙත් කෑම්පස් යන්න ආසයි...ජුන්නො මට රෑග් කරයිද දන්නෙ නෑනේ...කියල හයියෙන් හිනාවුනා...මමත් හිනාවුනා ,ඒත්....
වෙලාව ඉවරයි දෑන් ලෙඩ්ඩු බලන්න ආව අය යන්න කියනව ඈහුන.අපිට යන්න වෙලාව හරි. මට ගිහින් එන්නම් කියන්න තරම් වචන පිටකරගන්න හෑකියාවක් තිබ්බෙ නෑ එයා දිහා බලාගෙන,තවත් ටික වෙලාවක් ඉදල,අම්මට ගිහින් එන්නම් කියල අපි එන්න ආව. ඒ මීට මාස 3කට විතර කලින්.
අද දවල් එකට විතර මට මෑසේජ් එකක් ආව යාලුවෙකුගෙන්. දිලා අපි ඔක්කොම දාල යන්න ගිහින්.එයා පලවෙනි වතාවට A/L කරල කෑම්පස් ආව කෙනෙක්.පවුලෙ එකම දරුව.අම්ම අප්පච්චිට කොච්චර දුකක් දෑනෙනව ඈත්ද කියල මට හිතුන.මට මතක් වුනේ ඉස්සර අපි හිටිය හෑටි.එයාගෙ අම්ම ලොකු බත් මුලක් ගෙනාව දවසක අපි ඔක්කොම එකතුවෙලා හුස්ම අල්ල අල්ල කෑව හෑටි...
මොනව කරන්නද එයා ගෙනාපු ආයුෂ ඉවර ඈති!
දිලා..
ඔබට නිවන් සුව!
ජිවිතේ මෙහම තමයි අද මේ හිනාවෙලාවගේ ඉන්න මටත් හෙට ඔය දේ වෙන්න පුලුවන්..
ReplyDeleteඈයට අජරාමර නිවන්සුව.....
සසර වසන තුරාවට නෑවත අකල්වියොවක් නෙවෙවා...!!!!!!!
ඇත්ත අක්කා එයා ගෙනාපු ආයුෂ ඉවර ඈති.. යාලුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා හැර අපි දැන් මොනවා කරන්නද..
ReplyDeleteඇයට නිවන් සුව ලැබේවා...
hmm duk wela wedak ne bng...dila ge kalee iwaii,,,
ReplyDeleteඔහොම තමයි ලෝක ස්වභාවය. ප්‍රියයන්ගෙන් වෙන්වීම චතුරාර්්‍යය සත්‍ය අවබෝද කර නොගත්ත ඕනෙම කෙනෙක්ට දුකක්.
ReplyDeleteහිනාවක් කදුලක් වෙන්න වැඩි වෙලාවක් යන්නෙ නෑ....
ReplyDeleteඇයට නිවන් සුව ලැබේවා..!!
◘◘◘○○ ○○◘◘◘
◘◘ ◘◘
ජිවිෙත් අන්තිෙම්දි මැෙරන්න ඒපායැ... ඒ්ත් මෙ තරම් ඉක්මනට....
ReplyDeleteඅැයට නිවන් සුව.............
අනේ දුකයි..එයා පව්....
ReplyDeleteහොදම යාලුවෙක් දුරස් උනාම දරාගන්න අමාරුයි... එයා අරගෙන ආපු ආයුශ ටික ඉවර වෙන්න ඇති අක්කේ... එ අක්කිට නිවන් සුව!!!!!
ReplyDeleteහොදම යාලුවෙක් වෙන් උනාම ගොඩක් දුකයි නංගි...අපි යාලුවාට නිවන් සුව ප්‍රාර්ථනා කරමු ...
ReplyDeleteJeewithaya halima puduma karai yaluwe... kenekuge duka hemotama therenne ne.. a duka hadunana hadawathak thiyana kenek lagin siteemath godak loku deyak.. ehema yaluwek nethi unoth... appe.. kauru nethi weemen thamanta wadath dukak deneida kiyala watapitawa poddak hoyala balanna.. a ayata witharak nemei hemotama dayawa, anukampawa one karanawa... yaluwage mathu athmaya suba dayaka ekak wenna kiyala mama prarthana karanawa...
ReplyDeleteමමත් එකම ලමයා තමා..එහෙම තමා ගොඩක් හොද අය ඉක්මනින්ම අපෙන් ඈත් වෙනවා
ReplyDeleteබොහොම ස්තූතියි ඔක්කොලාටම.ගොඩක් දුකයි.ඒත් මොනව කරන්නද?අකල් මරණයක්.
ReplyDeleteයාළුවා පොළොන්නරුවේ කෙනෙක්ද?
ReplyDelete@ Ano - ඔව්
ReplyDeleteමොනා කරන්නද අක්ක එයා ගෙනාපු ආයුශ ඉවර වෙන්න ඇති.
ReplyDeleteඅක්කගේ යාලුවාට නිවන් සුව පතනවා !!!!
දුක හිතෙන කතාවක් .......
ReplyDeleteඑකට ඉන්න යාලුවෙක් නැති උනාම මාර අප්සෙට් නේද හිතට ....
ඒ අප්සෙට් එක ජීවිත කාලෙටම නැති වෙන්නෙ නැහැ ......
@මධුරංග- හ්ම්ම්...
ReplyDelete@කල්හාර දිසානායක- ඒක ඇත්ත.
ReplyDelete