Friday, December 3, 2010

සාවෙල්

මේ කියන කෙනා මම් දෑකල තියනවා කියල මට හරියටම මතකයක් නෑ,අඩුගානේ හිතේ ඈදිච්ච රූපයක් වත් නෑ.ඒ කාලෙ මම් ගොඩක්ම පුචී,අවුරුදු 2ක් හරි 3ක් හරි වෙන්න ඔනේ.අපේ ගමට අල්ලපු ගමේ හිටිය කෙනෙක්,ජාතියෙන් මුස්ලිම්,අපිට තිබ්බ කුඹුරු වෑඩකරවල තියෙන්නෙ මේ කෙනාට කියල.අහල තියන විදියටනම් අඩි හයේ හතරේ කෙනෙක්.

විවාහ වෙලා දරුමල්ලොත් හිටියාලු කීපදෙනෙක්ම,නජීම්,රාසික්... ඒ නම් දෙක මට මතකයි,මොකද මේ වෙද්දිත් අපේ කුඹුරු වෑඩ කරන්නෙ,මේ අය්ය මලෝ දෙන්න. තව මගේ වයසෙම පිරිමි ලමයෙක් හිටිය මම්මත්තාර් කියල,එයා වෑඩීම බාල ලමයෙක්.

ලගක් වෙනකම් හරක්,එලුවො බලබල(මේච්චල් කරනව කියල කියන්නෙ) ඉදල තියනව,කාලෙකට පස්සෙ ආරංචි උනා.හරක් දක්කන්න යාංඔයට ගිහින් කිබුලෙක් කාල,මෑරිල. දවස් කීපයකට පස්සෙ තමයි හොයාගන තියෙන්නෙ.පවුලෙ මිනිස්සු හොයන්නෙ නෑතුව ඉදල නෙමේ කරන්න පුලුව්න් හෑමදේම කරල හොයල.ඒත් ඉතින් හම්බවෙලා නෑ...

ඉස්සර සාවෙල් කෑලේ ගිහින් කුලුහරක් අල්ලල මරනවලු,කෑලේදිම් මස් කරල,දුං ගහල වේලල ගමට අරන් එනවලු විකුනන්න.මේ කාලෙදිම තමයි කෙටි තර්ජන ඈවිත් තියෙන්නෙ අපේ ම් වලට.ඒකෙ ප්‍රතිපලයක් විදියට මුලින්ම අවසන් ගමන් යන්න සිද්ද උනේ සාවෙල්ට.

අපේ සිංහල ගම්මානේ හිටිය මිනිස්සුත් පස්සෙ ටිකෙන් ටික ඒ තර්ජනයෙ ගොදුරෑ වලට ලක් උනා.අම්ම කියනව ඉස්සර රෑට ගෙවල් වල නිදාගන්න බයලු.රෑට කලිම්ම උයල කාල,ලමයිනුත් වඩාගන,කොටි කොයි මොහොතෙ එයිද කියල සෑකෙන් ඉන්නවලු.එක්කො පන්සලට,නෑත්තම් කෑලේට යන්නලු ලෑස්තිවෙලා ඉන්නෙ,කොහෙන් එයිද කියල දන්නෙ නෑති නිසා.

එදත් ඈතින් ඈහිච්ච වෙඩි සද්ද නිසා අම්මල කලබලවෙලා,දුවල තියෙන්නෙ වෑකන්ද දිගේ.පොඩි කාලෙ මගෙ ඈගේ ප්‍රමානයෙ හෑටියට අම්මට මාව වඩාගන දුවන්න බෑරිලු,(මහතම මහතයි),දෙන්ඩ නංගි පොඩි එකා කියල...මාව අරන් ගිහින් තියෙන්නෙ අපේ ලොකු අම්මා.මේ වෙද්දි අක්කට ටිකක් තේරෙන කාලේ.අක්ක කිටි කිටි ගාලා හොදටම වෙව්ලනවලු බයේ.
 
කට්ටියම ගිහින් ගමේ තෑන්තෑන්වල හෑගිලා.මදුරුවො තල තල රෑම ඉදල.උදේ වෙද්දිලු දෑනගත්තෙ යාංඔය පෑත්තෙන් ආව කොටි අල්ලපු ගමේ සාවෙල්ට වෙඩිතියල මරල විත්තිය.





7 comments:

  1. ඔයා ඉදලා තියෙන්නේ මායින් ගම්මානෙකනේ බලාගෙන ගියාම.. අපේ මහින්ද මාමා සරත් මාමා මූලික ත්‍රිවිධ හමුදාවේ අයගේ දස්සකම නිසා තමා දැන් ඔයා මේ ගෙදරම ඉදලා බ්ලොස් ලියන්නේ.. හරිය.. ඔයා ඊලග පෝස්ට් එක ලියන්නේ ඒ අය ගැනලු නේ?

    ReplyDelete
  2. හ්ම්ම් වේදනාත්මක අත්දැකීම්...

    ReplyDelete
  3. @චතු -අපි හිටියෙ මායින් ගම්මානෙකට ටිකක් ඈතුලට වෙන්න.ඔව් යුද්දෙ නෑතිනිසා දෑන්නම් ගමේ මිනිස්සු බයක් නෑතුව ඉන්නවා.

    @Outsider -යුද්දෙ නිසා මිනිස්සු කොච්චරනම් දුක් වින්දද?

    ReplyDelete
  4. ඛේදවාචක කාලයක්.... සාවෙල් ලා කී දෙනෙක්ට ඔය ඉරණම අත් වෙන්න ඇතිද...

    ReplyDelete
  5. @ගයාන් - ඔව්.අපිත් ගොඩක් බයෙන් තමයි ඉදල තියෙන්නෙ.මරණ බයට සිංහල,දෙමළ,මුස්ලිම් භේදයක් නෑ.

    ReplyDelete
  6. ඔයවගේ කීදෙනෙක් නම් ඔය ජරා යුද්ධෙන් මැරෙන්න ඇති ද ? අම්මෝ එහෙම කාලයක් නම් ආයේ එපා !!!!

    ReplyDelete
  7. @මධුරංග- ආය එහෙම කාලයක් එන එකක් නෑ.හීනෙන් වත් පේන්න එපා ඒවගේ සිදුවීම්

    ReplyDelete