Friday, December 31, 2010

ගලායයි ජීවිතේ...



කාලෙකට පස්සෙ ගයා අක්ක අපේ ගෙදර ආවා,ඒ එයාගෙ අවුරුදු 2ක් විතරවෙන පොඩි පුතත් එක්ක, බබාටයි එයාටයි දෙන්නටම උන හෑදිලා බෙහෙත් ගන්න ආවගමන් කියලා.ගයා කියන්නෙ අපේ අක්කාගෙ පන්තියෙ හිටපු යාලුවෙක්.මගෙ මතකෙ හෑටියට උසස්පෙල කරද්දි එයා අපේ ඉස්කෝලෙට ආවෙ.වෙනදා තිබ්බ සතුට,සෑහෑල්ලුබව වෙනුවට දුක,තෙහෙට්ටුව පිරිල තිබ්බා එයාගෙ මූනේ,ලොකු කතාවක් කියන්න තටමන බවකුත් පෙනුනා.


එයා කතාව පටන් ගත්තෙ අනේ සමා... දෑන් අරය මේ ලමයවත් බලන්න එන්නෙ නෑනේ... කියාගන. එයා බෑන්දේ නුවර පෑත්තෙ ආරක්ශක අංශයෙ වෑඩ කරන කෙනෙක්ව.ට්‍රාන්සර් එකකුත් හම්බවෙලා කියල තමයි කීව්වෙ ගෙදරට ටිකක් දුර තියන දිස්ත්‍රීක් කාර්යාලයකට.ඒත් ලමයවත් බලන්න නොයෙන්න එයාට ලොකු හේතුවක් තිබ්බා.


ගයා අක්ක කරේ ගුරු රස්සාව,එයා ඉංග්‍රීසි ටීචර් කෙනෙක්.උසස් පෙල කරල කෑම්පස් යන්න තරම් ලකුනු තිබ්බෙ නෑති නිසා එයා ලග ඉස්කොලෙක ස්වෙච්චාවෙන් උගන්නන්න ගියා.පස්සෙ ඒ ඉස්කොලෙම උගන්නන අය්යා කෙනෙක් එක්ක සම්බන්දයක් ඈතිවෙලා,ඒ අය්ය,අසේල මෙයාට වඩා අවුරුදු 9ක් ද කොහෙද වෑඩිමල්.ගයා අක්කලගෙ අම්මලා නම් කිව්වෙ ඒගොල්ලො එච්චරම යමක් කමක් තියන අය නෙමේ කියලා.අනිත්එක බලන කෙනෙකුට වුනත් පේනවා වයස පරතරය,ඒත් ඒ දෙන්න අපි දන්න තරමට ගොඩක් ආදරයෙන් හිටියා.එහෙ මෙහෙ ගියා, හිටපුගමන් අපේ ගෙදරත් ආව ගියා.ඒ වෙද්දි ඒ ගෙවල් දෙකෙන්ම කෑමති වෙලා හිටියෙ මෙයාලගෙ සම්බන්දෙට.පහු වෙද්දි කොහොමත් ඉතින් හා කියවෙනවනෙ ඕවාට වෙන් කරන්නම බෑරිතෑන.


 පස්සෙ දෙවනි වතාවට උසස්පෙල ලියලා ගයා අක්කට විද්‍යාපීඨ යන්න හම්බවුනා.ඒ වෑඩවලටත් අර අසේල අය්යා ගොඩක් උදව් කරා එහෙමෙහෙ යන්න.මොකද ඒවෙද්දිත් ගයා අක්කගෙ එකම සහෝදරයත් විවාහවෙලා වෙනම පදිංචිවෙලා හිටියෙ ටිකක් ඈතක.ගෙදරත් අම්මා, තාත්තා, ගයා අක්කා ඈරෙන්න කවුරුත් නෑ.


අවුරුදු 3ක් විතර එහෙම කාලෙ ගෙවිල ගියා ඒ සම්බන්දෙටත්...ඒ අතරෙ ඈවිදින්න ආවහම,නිවාඩු කාලෙට අර ජෝඩුව අපේ ගෙදරත් ආවා ගියා.ඈවිල්ලා කෑම එහෙමත් කාලා යනවා,මොකද අපේ පවුලත් ගයා අක්කාගෙ ගෙදර අයව හොදට අදුරනවා.


ඔය අතරෙ ගයා අක්කගෙ තාත්තාට ගොඩක් අසනීපවෙලා ඉස්පිරිතාලෙ ඉන්න වුනා ශල්‍යකර්මයක් වෙනුවෙන්,එතකොටත් අසේල අය්යා තමයි ලග හිටියෙ.ගයා අක්කගෙ අය්යා විවාහවෙලා හිටියෙ දුර පලාතකින් නිසා එයාට නිතර එන්න බෑරිතත්වෙ උඩ අසේල අය්යට ඒදේවල් කරන්න සිද්ද වුනා වෙන්නත් ඈති.ඒ දවස් වල අසේල අය්යත් හිටියෙ ගයා අක්කලගෙ ගෙදරමයි.

පස්සෙ ගයා අක්කට නුවර පෑත්තෙ ලොකු ඉස්කොලෙකට ගුරු පුහුනුව හම්බවුනා.ඒ වෙද්දි ගයා අක්ක සල්ලි වලින් උදව් කරලා අසේල අය්යට වාහනයක් එහෙමත් අරගන්න.ඔය අතරෙදි තමයි කිව්වෙ ඒ සම්බන්දෙ නතරකරන්න තරම් හිතිල තියෙන්නෙ,අපේ අම්මලා මේවා දන්නෙ නෑ.අසේල අය්යා රන්ඩුවෙන්වා බනිනවා,අමාරුයි එයත් එක්ක ඉන්න කියලා.


ඒවෙද්දි ඒසම්බන්දෙට අවුරුදු 4ක් විතර.ඒ දෙන්නා වෙන් වෙන්න ගයා අක්කලාගෙ අම්මලා මුල්වුනා කියල තමයි ආරචිය.කොහොම හරි අපෑහෑදිලි හේතුවක් නිසා වෙන්වුනා කියමු.ඒත් එක්කම ටික දවසකින් නුවරින්ම, ඉස්කොලෙ යන්න ගයා අක්ක නෑවතිල හිටිය ගෙදර ලග කෙනෙක් විවාහ යෝජනාවක් ගෙනල්ලා.ං


 සන්සන්දනය කරල බලද්දි නම් ඈත්තටම කලින් අය්යාට වඩා මේ අලුත් කෙනා ලස්සනයි,තරුණයි,පවුලත් ගොඩක් හොදයි,යමක් කමක් තියන කට්ටිය.ගයා අක්කගෙම වයසේ ඒ අය්යත්.ටික කලේකින් මේ දෙන්නා විවාහ වුනා.ගයා අක්කත් නුවර ඒ අය්යගෙ මහ ගෙදරම පදිංචියට ගියා.


ඒත් එක්කම දවසක් අපේ අම්මට  ඒ අය්යා කතා කරලා පෑයක් විතර කියෙව්වා කියල අම්මා කිව්වෙ මම් ගෙදර ගිය දවසක.ගයා ඉන්නෙ සතුටෙන් නෙමේ වගේ...දවසක් ගයා කලින් යාලුවෙලා හිටිය අසේල මුනගෑහිලා ගයා ගෑන විස්තර කියලනෙ අර ලමයට,මගෙනුත් අහුවනෙ ආන්ටිවත් දන්නෙ නෑද්ද කියලා මෙය එහෙම කෙනෙක් කියලා.අම්මා කියල තිබ්බා කලින් සම්බන්දයක් තිබ්බා තමයි ඈයි පුතා ඒක දෑනගෙන හිටියෙ නෑද්ද කියලා.


සම්බන්දයක් නම් තිබ්බ කියල දන්නවා,ගයා මට ඒක කලින් කියල තිබ්බා. ඔච්චර දුර දිග ගිය එකක් කියල දන්නෙ මේ ලගදි අසේල මට හම්බවෙලා ඔක්කොම විස්තරේ කිව්වට පස්සෙ කියල.මම් මොකටද එහෙම කෙනෙක් බදින්නෙ කියලත් කිව්වා කියල තමා අම්ම කිව්වෙ.මේ ගෑන ගයා අක්කලගෙ අම්මලට කියල තියෙන බවත් ඒගෑන කලකිරී ඉන්න බවත් කීව්වලු.ඊට පස්සෙ ටික කාලෙකින් අසේල අය්යත් වෙන ගුරුවරියක් එක්ක විවාහ උනා කියල අපිට ආරංචි උනා.


කොහොම හරි ගයා අක්කට ඒ අය්යගෙ මහගෙදර ඉන්නම බෑරුව නිතර නිතර එයාගෙ ගෙදර ආවා ගියා.පස්සෙ ගයා අක්කට එයාලගෙ ගෙදර ලග ඉස්කෝලෙකට ගුරුපත්වීම හම්බුනා.සති අන්තෙ නුවරත් ආවා ගියාලු.


ගයා අක්ක ගෙදර ඈරලපු මුල් දවස්වල අය්යා එයාව බලන්න ආවත් පස්සෙ ආවෙ ඉදලා හිටලා.අන්තිමට ඒක නෑත්තටම නෑතිවෙලා ගිහින්.ඒත් මෙයා සති අන්තෙට නුවර ඒ අය්යලගෙ මහගෙදර යන එක නෑවෑත්තුවෙ නෑ.බබෙක් ලෑබෙන්න ඉන්නව කියලා දෑනගත්ත දවසෙ හිතුනලු මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයක් වෙලා හොදින් ඉන්න පුලුවන් වෙයි කියලා.බබා ස්කෑන් කරපු දවසෙ පුතෙක් කියලා දෑනගත්තහමත් ගයා අක්ක ගොඩක් සන්තෝස වුනාලු.අය්යා ඉස්සරවෙලාම පුතෙකුට කෑමෑත්තෙන් හිටි නිසාවත් එයාව බලන්න එයි කියලා,  මේ පනිවිඩේ දෑනගත්තම.කෝල් කරල කීවත් ඈවිත් නෑ.


මාස කීපයකට පස්සෙ ගයා අක්කා බබා ලෑබෙන්න අපේ ගෙදර ලග තියන ඉස්පිරිතාලෙට ඈඩ්මිට් වුනා.ඒ පනිවිඩේ දෑනගනවත් අය්යා එයාව බලන්න ඈවිත් තිබ්බෙ නෑ.අපේ අම්මත් නිතර ගිහින් එයාගෑන හොයලා බලලා,එයලගෙ ගෙදර ටිකක් ඈත නිසා උදව්වක් හෑටියට.එයාට පුතෙක් හම්බවුනා ඒ බලන්නත් ඈවිත් තිබ්බෙ කීප සෑරයක් කතාකරලලු.මට මතකයි අපෙ අම්ම කියනවා එතන හිටපු අය ගයා අක්කගෙන් අහනවලු මේ මහත්තයගෙ අම්මද කියලා,මොකද නිතරම බලන්න ගිහින් හොයලා බලනනිසා වෙන්න ඔනේ.


එදා බබා බලන්න ඈවිල්ලත්  හයියෙන් හයියෙන් කතාකලා කියලා අම්ම කිවෙ,සවේදී නෑති මිනිහෙක් වගේ,දරුවෙක් ලෑබිච්ච අම්මා කෙනෙක්ට එහෙමත් කතාකරනවද කියල.ගයා අක්කත් ගොඩක් දුකෙන් හිටියෙ.ගෙදර ගෙනිච්ච බබා ආයමත් ඉස්පිරිතාලෙට ඈඩ්මිට් කරා.බබා කහ වෙලා කියලා.අක්කටත් කිරි නෑ බබාට දෙන්න.ඩොක්ටර්ස්ල කියල තිබ්බෙ මානසික තත්වෙ හදාගන්න, සන්තෝසෙන් ඉන්න කියලා.ං


බබාට අවුරුදු 2ක් වෙනකම්ම ගයා අක්කා උත්සහ කරල තිබ්බා අය්යා එක්ක හොදින් ඉන්න.එයාගෙ සල්ලිවලින් වාහනයකුත් අරන්දීලා.තාමත් ඒකට එයාගෙ පඩියෙන් කෑපෙනවලු.ඒත් ඒක හරි ගිහින් නෑ.රන්ඩු ගහ ගෑනිලි ඉවරයක් තිබ්බෙ නෑ කියල තමා කිව්වෙ.මගෙන් ඩිවෝස් වෙන්න ඕනෙ කියනවා...ඒ වෙනකොට ඒ අය්යත් වෙන සම්බන්දකම් ගොඩනගාගන,ඔහොම 3වෙනි සම්බන්දෙත් ආරචි වෙද්දි තමයි ගයා අක්කා ඩිවෝස් වෙන්න හිතාගන තීරනයක් අරන් තියෙන්නෙ.


විවාහයක පෑවෑත්මට විශ්වාසය, කොයිතරම් දුරට  වෑදගත් වෙනවද?විවාහයට පෙර කල්ක්‍රියාව, මේ හෑම දෙයක්ම හොද පවුල් ජීවිතේකට මොන යම්හරි විදියකින් බලපානවා.අනික කීදෙනෙක්ගේ ජීවිත මේ  ප්‍රශ්න නිසා කරදරෙට පත් වෙනවද?හයක් හතරක් නොතෙරෙන ලමයි?.සමහරුනම් කියන්නෙ පරන දේවල් වෑඩක් නෑ,බෑන්දට පස්සෙ ඒ විශ්වාසය තිබ්බනම් ඈති කියල.අනේ මන්ද?

ප.ලි: නම් ගම් මනඃකල්පිතයි.

4 comments:

  1. Oya wage dewal kochchara me rate wenawada???? Okata waga kiyanna one ganu da pirimida kiyala kiyanna tharama danumak mata na eth api karana hamadekama prathipalayak apita labenawa.......

    ReplyDelete
  2. ඇත්ත විශ්වාසය මත තමයි ආදරේ රඳාපවතින්නේ (ඒක මම ගොඩාක් විශ්වාස කරන දෙයක්) හැබැයි මේ කතාව කියෙව්වාම නම් මට තේරුනේ මෙතන වැඩිපුර තියෙන්නේ මෝඩකම කියන එකයි. අනික අවිශ්වාසය කියන එක බොහෝම ලේසියෙන් හදවතට එනවා. ඒත් විශ්වාසය ගොඩනගා ගන්න හරිම අමාරුයි.

    ReplyDelete
  3. ane manda.. minissu wiswasa karanna mara amaru.. methana 2nagema waradi ati.. methana liyawila nethath mata hithena widyata gaya akka geth waradi thiyenna athi.. neththam ohoma wenne ne.. anith 1ka thamai luck 1kath balapanawa oya hamadekatama.. e kiyanne paw pin.. :D

    ReplyDelete
  4. පරන දේවල් ගැන ඇයි මිනිස්සු ඔච්චර දඟලන්නෙ. තමන් එක්ක ඉන්නකොට වැ‍රැද්දක් කරන්නෙ නැතුව ඉන්නව නම් එහ්චරනෙ

    Wish you a happy new year.

    ReplyDelete