Monday, December 20, 2010

අක්ෂර සෑබෑවීම සහ නොදුටු එකතුව


ඔන්න කාලෙක ඉදල හිතන් හිටිය දෙයක් සෑබෑ වුනා.එක අතකට මේක මේ ජාලෙම නිසා සිද්දවුනු  දෙයක්.මේකට සම්බන්ද කට්ටිය දෑනට 6දෙනෙක් විතර, තව කීපදෙනෙකුත් එකතු වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.විශේස දෙයක් කියන්නත් තියනවා මේ සම්බන්දෙන්,ඒක තමා මේ එකතුවෙලා කරන වෑඩේට සම්බන්ද කීපදෙනා මේතාක් එකිනෙකා හෑබෑහින් දෑකලනම් නෑති විත්තිය.ඒත් කාලයක් ඉදලා දන්න හදුනන උදවිය.ඒ නිසා ඒ අය අතරෙ හොද තේරුම් ගෑනීමකුත් විස්වාසෙකුත් ගොඩ නෑගිල තියනවා.

ඔය කතාබහ කෙරන අතරෙ, හොදයි කියල හිතෙන යමක් කරන්න කල්පනා කරල තමයි මේ දේ පටන්ගත්තෙ.මේ ඔක්කොමලාම වගේ තවම උසස් අධ‍‍‍ය්‍යාපනයෙ යෙදෙන අය.ඉතින් නිවාඩු පාඩුව තියන වෙලාවට මේදේට සම්බන්ද වෙන්න තමයි ඒ ඔක්කොමලා හිතාගන ඉන්නෙ.

කරන්න යන්නෙ මොකද්ද කියල මම් කියනවට වඩා ඔයාලම ගිහින් බලන එක තමා හොද.පුලුවන්නම් නිවාඩු පාඩුව තියන වෙලාවක ඈවිත් යන්න එන්න.ඒ මොකද්ද කියලා බලන්නකො මෙතනින්.


8 comments:

  1. මං නං එන්නේ නෑ.. ඔය ලින්ක් කොහේට යන ඒවද කවුදැ දන්නේ.. අර අක්ෂරයට ලින්ක් එකක් දැම්මනම් මොකද මේ අනංමනං දාන වෙලාවේ..?

    ReplyDelete
  2. අක්ෂරය යනු සහෝදරයා ගෝලීය සමාජයේ විශ්ව ගම්මාන සංකල්පය යටතේ අන්තර්ජාලය කේන්ද්‍රකොට ගෙන ඇති වූ මිත්‍රත්වයේ ප්‍රථිඵලයක්. ඇත්ත වශයෙන්ම මෙම අක්ෂරය යන බ්ලොග් අඩවිය 2010 වසරේ අග සිට ආරම්භ වී ඉදිරි කාලයේදී අති සාර්ථක ගමනකට මුල පුරලා තියෙන අඩවියක්. බ්ලා බ්ලා බ්ලා...

    ReplyDelete
  3. හික් හික් ළමයා...විග්‍රහය අපූරුයිනේ...

    ReplyDelete
  4. ළමයා : අනේ මංද මලේ උඹ කීව ඒවයින් බාගයක්වත් මට තේරුනේ නෑ. මට හිතුනෙ නිකම් සමසමාජ පක්ෂයෙ මීටින් එකකට ගියා වගෙයි.

    ReplyDelete
  5. ඔය කිව්වට මොකද මටත් තේරුනේ නෑ සහෝ.. හික් හික්

    ReplyDelete
  6. එදා ඒ ඔයාල පටන් ගත්ත වැඩේ නියමයි. මම නිත්‍ය සාමාජිකයෙක් වෙලා තියෙන්නේ. හැමදාම වගේ අක්ෂරය පැත්තේ ගිහින් හොද නිර්මාණයක් දෙකක් රස විදිනවා

    ReplyDelete
  7. @මධුරංග- බොහොම ස්තූතියි :)

    ReplyDelete