Saturday, December 18, 2010

ආ අක්කා සීට් එක


එදා අපි ලෙක්චර්ස් යන දවසක්,උදේ තිබ්බෙ 9 -12 සිස්ටම් ලෙවල් ප්‍රෝග්‍රෑමින් ලෙක්චර් එක.ඒක ඉවරවෙලා එද්දිම මගෙ යාලුවට ඔනේ උනා බොක් එකට යන්න.ඒත් ඒකට ටවුන් එකට යන්න එපෑයි.ඒත් ඉතින් මොනවා කරන්නද හොදම යාලුවෙක් නෙ.කමක් නෑ කියල කෑම්පස් එක ඉස්සරහින්ම බස් එකට නෑගල ටවුන් එකට ආවා.පොඩි දුරක් නෙ,රුපියල් 10ක විතර.

ඒත් එදා බොක් එකේ පෝලිම,කමක් නෑ ආව එකේ අරන්ම යන් කියල පෝලිමේ හිටියා.ඉදලා ඉදලා සල්ලි අරගන අනික් පෑත්තට එන්නත් ඔනේ.මොකද 1ට ආය ලෙක්චර් එකක්.කොහොම හරි සල්ලිත් අරන් හොදටම බඩගිනී,කකා ඉන්න වෙලාවක් නෑ යන්නත් එපෑයි.බ්‍රික්සි එකට ගිහින් කූල් 2ක් බිලා පන්සල ඉස්සරහ හෝල්ට් එකට වෙලා හිටියා බස් එකක් එනකන්.

බලාගන හිටිය හිටිය කරුමෙටද මන්ද එදා වෙලාවට බසුත් නෑ.අහ්...ඔන්න එතකොටම එකක් ආවා.සෙනග පිරිල,මේකෙ නොගියොත් ලෙක්චර් එක මිස් වෙනවා ඒ නිසා දෙන්නා නෑගල ආවා.කොහොමත් මගින් සෙනග අඩුවෙනවනෙ කියලා.ඒ අස්සෙ කන්ඩක්ට හා... පස්සට යන්න...තව ඉඩ තියනවා... කිය කියා කෑගහනවා.

කෑගෑහිල්ල හින්දම අපිදෙන්නත් ටිකක් පස්සට ගියා.මෙන්න එක පාරටම කොල්ලෙක් නෑගිටල සීට් එක දෙනවා.එත් එක්කම ආය මොකටද හිටගන යන්නෙ කියලා,වාඩිඋනා මම බෑග් එකත් අරගන.ඒත් එක්කම එහා පෑත්තෙ හිටපු ටිකක් වයසක ගෑණු කෙනෙක් ඔරවල බලපි මම් දිහා.අර කොල්ල බහින පාටකුත් නෑ.ඉස්සරහට ගිහින් හිටගන ඉන්නවා.දෙන්නටම පුදුමයි මේ වෙච්චදේට මේ මොකෑ...බොලේ මේ කියලා...

පස්සෙ තමයි වෑඩේ තේරුනේ.මගෙ යාලුවා ටිකක් මහත කෙනෙක්.වෙනදා ගොඩක් වෙලාවට ට්‍රව්සර්ස් බ්ලවුස් අදින මෙයා අද රෑලි දාපු දිගම දිග සායක් ඈදලා.ඈත්තටම එකපාර බලපු කෙනෙක්ට බබෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් කියලා හිතෙන තරම්.

මට මෑරෙන්න හිනා,ඒ අස්සෙ අර ගෑණුකෙනා ඔරවනවා ලග ඉදන්. කොහොම හරි ටිකකින් අපි බහින තෑන ලංවුන නිසා දනි පනි ගාල ඉස්සරහට ඈවිත් බෑස්සා.මේක නිසා යාලුවටත් ටිකක් දුක හිතිල අප්සට් වගේ.ඒත් ඒ අස්සෙ එයාටත් හිනා.

ප.ලි: බෑහෑල බලද්දි 1ට විනාදි 5ක් විතර වෙලාව.හිනා වෙවි හිනා වෙවී කෙලින්ම ලෙක් යන් කියලා කන්ද නෑංගා.යද්දි ලෙක් එක පටන් අරන්,කුයිස් එකකුත් දීලා.ඒත් යාලුවා එද්දිම කිව්වා වෑඩිය හිනා වෙන්න එපා අඩන්න තමයි වෙන්නෙ කියල.කෝකටත් යාලුවා පව්නේ කියල මම් හොස්ටල් එකේ අයටත් ගිහින් විස්තරේ  කිව්ව.ආ... අර බොක් කියල තියෙන්නෙ BOC atm එකට.

18 comments:

  1. "කෝකටත් යාලුවා පව්නේ කියල මම් හොස්ටල් එකේ අයටත් ගිහින් විස්තරේ කිව්ව"

    අනේ... ඔයා කොයි තරම් හොඳ යාලුවෙක්ද?? ඒ යාලුවාට ඉතින් හොස්ටල් එකේ අයගෙනුත් හොඳ සැලකිලි ලැබෙන්න ඇති නේද? හික් හික්

    ReplyDelete
  2. අනේ ඔව්! මේ ලගක් වෙනකම්ම ඒගෑන කියල මට නොසෑහෙන්න ස්තූතිකරා.

    ReplyDelete
  3. මට පෙනී යන ආකරයට මේක යාළුවෙකුට නෙවෙටි අපේ නදීටම වෙච්ච සිදුවීමක් විය යුතුයි........

    ReplyDelete
  4. ඕක නම් මටත් හිතුනා... හික් හික්

    ReplyDelete
  5. ඔය වගේ ඒවා මග තොටේ හරියට වෙනවා...

    ReplyDelete
  6. nangi meka oyatama una siduwimak wage thamai matath penne.......

    ReplyDelete
  7. මෙහෙම යාළුවෝ වාසනාවන්...

    ReplyDelete
  8. හික්! මරු යාලුවා...............

    ReplyDelete
  9. ඔන්න යාලුවෝ........ඔටත් ඉන්නේ ඔයා වගේම හොඳ යාලුවෝ

    ReplyDelete
  10. බලාගෙන යනකොට අපේ නදී හොද යාළුවෙක්නේ. මටත් හිතෙන්නෙම මේක නදීටම වෙච්ච දෙයක් වෙන්නැති.නැත්නම් ඕවා ඔහොමම මතක හිටීවියැ.

    ReplyDelete
  11. නියම යලුවෝ නේ ඉන්නේ.

    දවසක් මම බස් එකේ ඉද්දිත් ඔය වගේ වැක් උනා. ඔහොම මහත ගෑනු ළමයෙක් බස් එකට නැගලා. හිටගෙන ඉන්නවා. කොන්දොස්තර අයියා කෑ ගහනවා.

    '' ඔය බබෙක් හම්බෙන්න ඉන්න අක්කට සීට් එකක් දෙන්න '' කියලා.

    ඔහොම දෙතුන් පාරක් විතර කොන්දා කෑ ගැහුවා. ඊට පස්සේ බස් එකේ හිටපු තව එකෙක් කෑ ගහනවා.

    '' සීට් එකක් දීලත් වාඩි වෙන්නේ නැත්නම් මං මේ අක්කව වාඩි කරවන්න කියලද කියන්නේ '' කියලා

    පස්සේ හොයලා බැලින් නම් ඒ අක්කට බබෙක් ලැබෙන්න නෑ. මේ කතාව කියන්න බැරි හින්දලු කට පියාන හිටියේ. ලැජ්ජාවට

    ReplyDelete
  12. මේ පෝස්ට් එක තමයි අක්කව මට මුන ගස්සවපු පෝස්ට් එක. මං ඒකට මාරම ආසයි. මොකද මගේම අක්කා කෙනෙක් නැති උනත් මට අක්කා කෙනෙක් ගෙනත් දුන්නේ මේ පෝස්ට් එක තමයි.

    අක්කට බුදු සරණයි අක්කේ. !!!!

    ReplyDelete
  13. @මධුරංග-ඔව් ඔයා මුලින්ම මම් ලියපු එකකට කොමෙන්ට් දෑම්මෙ මේ පෝස්ට් එකත තමා.

    ReplyDelete
  14. බොක් කියන්නේ ඒකට කියලා දන්නේ දැන්නේ.... මම මුල ඉදන්න වෙන දෙයක් ගැන හිතාන පොස්ට් එක කියව්වේ

    ReplyDelete
  15. "කෝකටත් යාලුවා පව්නේ කියල මම් හොස්ටල් එකේ අයටත් ගිහින් විස්තරේ කිව්ව"

    චිහ් ... කැතයි හොඳේ ......

    එක අතකට බැලුවාම ගෑනු ලමයෙක්ට බඩ තියන එකත් වාසනාවක්, ටිකක් විතර ලූස් ගවුමක් ඇඳන් ගියානං නොමිලෙම සීට් එකක් ලැබෙනවනේ .......

    ReplyDelete
  16. ඔක්කොමත් හරි අර ගෑණු කෙනෙක් ඔරවන්න ගත්තෙ ඇයි?...

    ReplyDelete
  17. මගෙ යාලුවෙක්ටත් මෙහෙම වැඩක් උනා.අපි දෙන්නම වැඩ කලෙ එක තැන. ඉරිදට පන්තියකට දෙන්නම එකට අවා ගියා.මගෙ යාලුවා ගොඩක් උසයි, මහතයි. ඒ මදිවට බඩත් ටිකක් තිබ්බා. දවසක් කෙල්ලත් දිග සායයි බ්ලවුස් එකයි ඇදගෙන ආවා. අපි දෙන්නා බස් එකේ හිටගෙන ඉද්දි අන්කල් කෙනෙක් දඩි බිඩි ගාලා නැගිටලා සීට් එක දීල ටිකක් ඉස්සරහට ගිහින් හිටගත්ත.. මෙන්න මගෙ යාලුවත් සද්ද නැතුව වාඩි උනා.. අර අන්කල් බහින්නෙත් නෑ. උඩ බිම බල බල ඉදලා වැඩේ තෙරුන ගමන් මට මහ හය්යෙන් බකස් ගාල හිනා ගිහින් 'පව් බන්, උබ ප්‍රෙග්නන්ට් කියල හිතලා අර අන්කල් සීට් එක දුන්නෙ' කියලා යාලුවට කිව්ව. මේකි මට බැන්න 'කට වහන් හිටපන් යකෝ., ඒ අන්කල්ට ඇහෙයි 'කියලා. මට බස් එකෙන් බැහැලා ගෙඩර යන ගමනුත් හිනා. පහුවදා උදේ ඔෆිස් එකට ගිය ගමන්ම මම මගේ යුතුකම ඉටු කලා...

    ReplyDelete