Friday, December 17, 2010

විශාදයෙන් විඳවීම

 මේ කතාවට සම්බන්ධ මිත්‍රයා මට හම්බුනේ ෆේස් බුක් එකෙන්.මේ වෙනකම්ම මම් එයාව හෑබහින් නම් දෑකල නෑ.මට වෑඩිය අවුරුදු කීපයක් විතර වෑඩිමල් කෙනෙක්.එයත් මම් ඉන්න ෆීල්ඩ් එකේමයි.සමහර දවස් වලට අපි ෆේස් බුක් එකෙනුත් චෑට් කලා.ඉගන ගන්න ඔනේ දේවල් වලට එයා මට උදව් කරා විශේෂයෙන් ප්‍රොජෙක්ට්ස් වලදි එන ප්‍රශ්න විසදන්න ගොඩක් උදව් ලෑබුනා,එයා දන්න අයට කියල සයිට්ස්, ඊ බුක්ස් එහෙමත් හොයල දුන්නා.

.එයා ලංකාවෙ ප්‍රසිද් තොරතුරු තාක්ශණ උපාධි ලබාදෙන ආයතනයක උපාධිධරයෙක්.ඒ වගේම දවසක් දෑනගත්ත මට උගන්නපු ලෙක්චර කෙනෙක්ගෙ බෑච්මේට් කෙනෙක් කියලත්.ඒකත් කිව්වෙ එයාමයි.එයා වෑඩ කරේ ප්‍රසිද්ද අයි.ටි කොම්පෑනියක.

පස්සෙ පස්සෙ මට එයාගෙ පවුලෙ විස්තරත් කිව්වා.අම්මයි ආප්පච්චියි,නංගියි ඉන්නෙ කියලත්.නංගි දෑනට කෑම්පස් එකක ඉගන ගන්නවා කියලත්.ඒ මීට මාස 6ය 7කට කලින්.පස්සෙ ටික කාලයක් යනකම් එයා දෑක්කෙ නෑ ගොඩක් වෙලාවට ඔන්ලයින්.

මටත් අමතක වෙලා ගියා.ඒත් දවසක් මෙන්න මෙයා ඔන්ලයින්,හලෝ...කොහොමද නංගි කාලෙකින් නේද? කියාගන.මම්ත් ඈහුවා ගොඩක් කාලෙකින් ඔයා දෑක්කෙ නෑනෙ කියලා.ඊට පස්සෙ එයා කිව්වෙ එයා කරපු ජොබ් එකෙන් අයින් වුනා කියලා.

මටත් පුදුමයි ,මම් ඈහුවා ඈයි ඒ? වෙන එකකට ගියාද කියලා...නෑ...දෑන් ගෙදර ඉන්නෙ...මට පොඩි අසනීපයක් තියනවා ඒ නිසා අමාරුයි ඒ ජොබ් එක කරගන යන්න,ජොබ් එකේ ස්ට්‍රෙස් එක වෑඩී,අයින්වෙලා ටිකක් නිදහස්ව ඉන්න හිතුව,මට කාලෙක ඉදලා ඩිප්‍රෙශන් තියනව දෑන් ඩොක්ටර් කෙනෙක්ගෙන් ට්‍රීට් කරනව කියලත් කීව්වා.

ඒත් මට එයා ගෑන එහෙම දෙයක් කලින් දෑනිල තිබ්බෙ නම් නෑ කතාකරද්දිවත්.මටත් පුදුමයි ඈයි මෙයා මට මෙක කිව්වෙ කියලා.අනික මම් එයාගෙ හොදම යාලුවෙකුත් නෙමේ.අහම්බෙන් ඉදල හිටල කතා කරන්නෙ.මටත් ගොඩක් දුක හිතුනා එයා ගෑන.එහෙම වෙන්න හේතුවක් නම් හරියට කිව්වෙ නෑ මට.

පස්සෙ මම් අන්තර්ජාලයෙ තියන ලිපි කීපයක් කියවලා බෑලුවා.මේවගෙ මානසික බිදවෑටීමකට ගොඩක් හේතු තියෙන්නෙ පුලුවන්ලු.ලගම හිතවත් කෙනෙක්ගෙ වෙන්වීමක් - මියයාමක් නිසා හිතේ ඈතිවන කම්පනය මේකට මූලිකම් හේතුවක් වෙන්න පුලුවන්කියලා තමයි තිබ්බෙ,ඊට අමතරව හෝමෝන අඩුලුහුඩුකම්,ඈල්කොහොල් වගේම මත්ද්‍රවය වලට ඈබ්බෑහිවීම්,ජානමය හේතු,සමාජමය මෙන්ම මනෝවිදයාත්මක සාදකත් මේ විශාදයට හේතුපාදක වෙන්න පුලුවන්ලු.

 උගත් කෙනෙක්ට මෙහෙම උන එක ගෑන මම් ගොඩක් දුක් උනා.හෑම වෙලේම කතාකරද්දි මම කිව්වෙ.ගෙදරටම වෙලා ඉන්න එපා.පුලුවන්නම් යාලුවො,ගෙදර අය එක්ක කොහෙහරි ඈවිදින්න යන්න ,අඩුගානෙ පන්සලට වත් යන්න,තනිවෙන්න හදන්න එපා කියලා.ඒත් එයාට ඕනෙවෙලා තිබ්බෙ හෑමදෙයින්ම අයින්වෙලා ගෙදරට වෙලා ඉන්න.එයාගෙ අම්මටත් මම් ගෑන කියල තිබ්බා.මෙහෙම කෙනෙක් එක්ක එයා කතාකරනවා කියලා.

එක දවසක් කතාකරල කිව්ව අද මම් අම්මත් එක්ක කෑම හෑදුව කියලා නංගි ගෙදර එනවලු කියලා.තවත් දවසක යාලුවෙක් එක්ක ඈවිදින්න ගිහින් ප්‍රදර්ශනයක් බලන්න.එයාට වෙන විශේශ සිදුවීම් කියන්න ගත්තා මම් එක්ක.එක වෙලාවකට මටත් එයාව මග හෑරෙනවා,ඒත් පුලුපුලුවන් වෙලාවට දෑනටත් එයත් එක්ක මම කතාබහ කරනවා. 

එයත් කිව්වෙ අපේ ගෙදර අය අරුනම මේ ගෑන දන්නෙ ඔයා විතරයි, මට එහෙම කතා කලාම හිතට සෑහෑල්ලුවක් දෑනෙනවා කියලා.දවසක් එයා කිව්ව දෙයකින් මටගොඩක් දුක හිතුනා.නංගි මේක කවුරුහරි දෑනගත්තොත් මම් පිස්සෙක් කියල හිතයි නේද?...මම් කිව්වා මට නම් එහෙම හිතෙන්නෙ නෑ.ඔයා ගොඩක් හොද කෙනෙක් කියලා.

අන්තිමටම මට කීවෙ නංගි ඔයා කිව්ව එක හරි, ගෙදරට වෙලා ඉන්න එකේ තෙරුමක් නෑ...මම් ඩේටා එන්ට්‍රි ජොබ් එකක් කරන්න හිතුවා,ඒකට හෙට එන්න කියල තියනවා කියලා.ඊට පස්සෙ නම් තාම මට එයාව හම්බුනේ නෑ.

13 comments:

  1. ow akka ahema aya godak aka nopenna thamange weda karagana innawa.samaharu akata pissuwa kiyalath kiyanawa mokada ayalata thamanwa tikak palanaya karaganna amaru nisa.ath aka ahema deyak nemy.manussa hith godak sanwedi dukak daraganna beri unama,manasika peedanaya nisa ahema dewal athi wenawa.akka a ayya ekka katha karana eka hoday.mokada mama dannawa ake thiyena amaruwa,mokada mamath a ledeta beheth aran sanipa una kenek.a ayyata ikmanatama sanipa wenna kiyala wish karanawa..

    ReplyDelete
  2. මේ යන හැටියම මටත් මෙහෙම වෙයිද මන්දා... හික් හික්

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. BECAUSE OF MODERN SOCIETY ALL RE RUNNING FAST TO CATCH THE HIGHER TARGET.THEN PEOPLE HAVE TO SUFFER MORE.THEY TRY TO POSSESS MANY MANY PHYSICAL THINGS.PEOPLE DO NOT GIVE ANY VALUE FOR MORAL THINGS AND HAPPINESS SO FINAL RESULT IS LIKE THIS PROBLEM.ACTUALLY I FEEL SORRY ABOUT THIS.SO AS A EDUCATED PEOPLE WE NEED NOT TO RUN SO FAST TO CATCH LOT OF PHYSICAL THINGS WE WANT TO SPEND VERY SIMPLE AND LEISURE LIFE.WE ALSO WANT TO APPRECIATE PEOPLE WHO SPEND SIMPLE LIFE .OTHER THING IS WE SHOULD TRY TO FOLLOW BUDDHIST PHILOSOPHY .I THINK THAT IS THE WAY FREE FROM THESE SITUATION.

    ReplyDelete
  5. හ්ම්ම් මටත් ඔය ටිකම වෙයිද මන්දා

    ReplyDelete
  6. කෙනෙකු වැටී සිටින විට කරනු ලබන අවුන්සයක උදව්ව රාත්තල් ගණනක් බර දේශනාවකට වඩා අගනේය...

    ReplyDelete
  7. ???????????? samaga awasan unu kathawak

    ReplyDelete
  8. විශාදය කියලා කියන්නේ මානසික අවපීඩනයට. එතකොට වෙන්නේ ගොඩක් දුක හිතනවා. තමන් තනිවෙලා කියලා හිතෙනවා. ජීවිතේ නැති කරගන්නත් හිතෙනවා.

    සාමාන්‍යය මනුස්සයෙක්ගේ හිත සයිනාකාර වක්‍රයක් වගේ දුක හා සතුට අතර දෝලනය වෙනවා. නමුත් එච්චරම උඩට යන්නෙත් නෑ. පහලට එන්නේත් නෑ. හරියට සයින් වක්‍රය -1යි +1යි අතර දෝලනය වෙනවා වගේ.

    අපි හිතමු සයින් වක්‍රය ධන එකට වඩා වැඩි උනා කියලා. එතකොට විශාදය හැදෙනවා. සෘන එකට වඩා පහල ආවම හැදෙන්නේ උමතුව කියලා ලෙඩක්. මේක විශාදයට වඩා හාත්පසින්ම වෙනස් ලෙඩක්.

    උමතුවේදි වෙන්නේ සාමාන්‍ය ප්‍රමානයට වඩා සතුටු හිතෙනවා. මහ හයියෙන් සිංදු කියනවා. හරිම ක්‍රියාශීලියි. මාරම හයියෙන් හින වෙනවා. දුක කියලා දෙයක් දන්නේම නෑ.

    සමහර අයට මේ දෙකම එකපාර හැදෙන්න පුලුවන්. ඒකට කියන්නේ bi polar affective dis order කියලා.එහෙමත් නැත්නම් ද්වි ඩ්‍රැව මනෝභාව රෝගය කියලා.

    මේ ලෙඩ්ඩුන්ගේ මනෝභාවයන් තියෙන්නේ සයිනාකාර වක්‍රයේ -1යත් වඩා පහලින් හා +1වත් වඩා ඉහලින්. මේ දැන් හිනාවෙලා කෑගහපු කෙනා ටික වෙලාවකින් මැරෙන්න හදනවා. ඒ නිසා ඒ අයව පරිස්සමින් බලා ගන්න ඕනේ.

    මානසික ලෙඩ්ඩුන්ට ලිතියම් කාබනේට් කියන බෙහෙත ගොඩක් වෙලාවට දෙනවා. ඒකෙන් කෙරෙන්නේ එයාලගේ මනෝභාවය සාමාන්‍ය මනුශ්‍යයෙක්ගේ මට්ටමට ගෙන එන එක. මේ බෙහෙත මාස දෙක තුනක් එකදිගට ගන්න ඕනේ. කඩින් කඩ ගත්තෝත් ප්‍රතිපල මාරම භයානකයි.ලිතියම් කාබනේට් කියන්නේ එයාලට දෙන බෙහෙත් වර්ගවලින් එකක්. අනිත් ඒවානම් මතක් උනේ නෑ. ලිතියම් කාබනේට් වලට කියන්නේ mood stabilizer කියලා.

    ප.ලි.- සයින් වක්‍රය ගත්තේ විස්තර කරන්න පහසුවට. සාමාන්‍ය මනුස්සයෙක්ගේ මනෝභාවයේ -1 හා +1 කියලා අගයයන් දෙකක් නෑ. නිකන්ම සයිනාකාර වක්‍රයක් වගේ වෙනස්වෙනවා විතරයි. හරිම සයින් වක්‍රයක් වගේමත් නෙමෙයි නිකන ධන් හා රින අගයන් අතර දෝලනය වෙන වක්‍රයක්.හැබැයි සාමාන්‍යය මනුස්සයෙක්ගේ මනෝභාවය එක පැත්තකටවත් වැඩි බරක් දීලා යන්නේ නෑ දෙපැත්තටම විස්තාර ගොඩක් දුරට සමානයි.

    මම ඔය කියන ලෙඩ්ඩු දෙවර්ගයම දැකලා තියෙනවා. මාරම දුකයි එයාලව දැක්කම. අපි එයාලව මග අරින්න හොද නෑ.

    ReplyDelete
  9. @මධුරංග- බොහොම ස්තූතියි මල්ලි ඔයාගෙ මේ දීර්ඝ කොමෙන්ටුවට.ගොඩක් පැහැදිලි විස්තරයක්,ඒවගේම ගොඩක් දේවල් ඉගන ගත්තා.මම් මේ කිව්ව අය්ය දැන් වැඩකරන්නෙ ආයතනයක සෝදුපත් කියවන්නෙක් විදියට.ඒ කිව්වෙ මිට මාස කීපයකට කලින් හැබැයි.දැන් තත්වය කොහොමද දන්නෙ නැ.

    ReplyDelete
  10. ow, Ms.Nadee e ayya ekka katha karapu eka hondai... ehema ayata one wenne tamanta wiswasawanthawa katha karanna puluwan...aya...ithama sanwedi ayata tamai ehema wenne. But e okkoma thamangema mansa tamai. Mamat oya tatweta path wechcha ekkenek, mage kathawa ahuwot pudumat hithei, modayek kiyalai hithai, e unata mama behet gatte ne, mokada mata behet ganna widiyak tibbe ne. Namut mama wisinma passe tika tika hithalama e tatwen goda awa...eta amatharawa mage hondama yaluwo(ganu lamai) udaw kara sahenna manasa hada ganna... almost 2 & 1/2 years witara tibba. But dan ok. loke eka eka widiye minissu innawa, samaharunge hitha bohoma sanwedi & serious ehema ayata tamai. But e ayyata katha karala hitha hadanna balanna. gahanu ayata tamai wadiyenma ekedi help wenna puluwan.

    ReplyDelete
  11. mamath kohama hari oya wagama meken goda eannwa

    ReplyDelete
  12. විශාදය මට තිබුනා

    ReplyDelete