Monday, December 13, 2010

දෙකවීමේ ප්‍රීතිය හෙවත් කොත්තුව


මේකත් ඉතින් ටික කාලෙකට කලින් උනු සිද්දියක්,ඒ මම් ඉස්කෝලෙ යන කාලේ.පොඩි කාලෙ ඉතින් අපි තෑගි ගන්න ගොඩක් ආසයි නේ.ඔන්න මටත් තෑග්ගක් දෙනව කිවා හොදට විභාගෙට ලකුණු එහෙම ගත්තොත්.අක්කයි මමයි අතරෙ තරගෙකුත් තිබ්බා,ඒත් ඒක තිබ්බෙ මගෙ හිතේ හෑබෑයි,එයාට වඩා හොදට මම් වෑඩ කරන්න ඔනෙ කියල.සබ්ජෙක්ස් වලට හොදට ලකුනු තිබ්බොත් ඉතින් කියන පමාව විතරනෙ.රිපොර්ට් එක පෙන්නුව ගමන් සෑටිස් නම් ඉල්ලන දෙ අරන් දෙන්ව ආය ඒකෙ දෙකක් නෑ.

ඒ කාලෙ ටිකක් විතර ඉතින් උනකුත් තිබ්බ,වෑඩි ලකුනු ගන්න. මිශ්‍ර ඉස්කෝලයක් නිසා ගෑනු පිරිමි ලමයි අතරෙ තරගයකුත් තිබ්බ.ගුරුවරු එහෙම කරේ අපිව වෑඩි වෑඩියෙන් උනන්දු කරන්වන්නනේ.කොහොම කොහොම හරි ශිෂ්‍යත්වය පාස් වෙලා අලුත් ඉස්කෝලෙට ගිය මුල්ම වාරෙ මම් පංතියෙ 26, හිටියෙ ලමයි50.මොනව කරන්නද?.කිසි පිලිගෑනීමක් නෑ.අම්මලත් වෑඩිය ඉතින් සෑලකිල්ලක් නෑ 26 නෙ.ඒ දවස් වල මටත් හිතුනෙ ශා..මටත් අරවගේ ප්‍රයිස් ගිවින් එකෙන් තෑගිගන්න තියනව නම් කියල ස්ටේජ් එකට නෑගල.ඔක්කොම බලන් ඉන්නව,අප්පුඩි ගහනවා,කොච්චර සන්තෝසද?.

එත් ඉතින් පංතියෙ ප්ලෙසස් ගන්න එකත් ටිකක් අමාරුයි.කලින් ඉස්කොලෙ වගේ නෙමේ නෙ.එත් මම් ඉතින් උත්සහය අත ඈරියෙනෑ.කොහොම කොහොම හරි උනන්ඩුවෙන් වෑඩ කරල වාර 2කදී 7,5 වෙනිය වෙලා අන්තිමට ඊලග වාරෙ 2 උනේ නෑතෑයි මටම පුදුමයි ඒක.

රිපොර්ට් එක ගෙදර ගෙනියනකන් ඉවසිල්ලක් නෑතුව හිටියෙ.මොකද දෙමව්පිය අත්සනක් දාන්නත් තියනවනේ.ඒකටමත් නෙමේ ඉතින්,මගෙ යටි අරමුන වෙන දෙයක් නෙ.රිපොර්ට් එක පෙන්නල මමත් ඉතින් ගොඩක් සතුටු උනා.අම්මලත් කිවෙ ඉතින් ඉගන ගන්නව නම් ඔනෙ දෙයක් දෙන්ඩ බෑරියෑ කියල.

ඒ කාලෙ ඉතින් කඩ කෑම එච්චර කන්න ලෑබෙන්නෙ නෑනේ.කඩවල් වල ජරාව කියල.ඒත් ටීවී එකෙන්ද කොහෙද දෑකල මට එදානම් ඕනෙම උනා කොත්තුවක්ම කන්න.එතකොට මම් 7 වසරෙ.අම්මට කීවට වෑඩක් උනේ නෑ,අම්ම අප්පච්චිටත් කියල බෑනුම් කෝටියයි,අක්කත් ඒකට උල්පන්දම් දෙනවා.මෙයාටත් ඉතින් කොහෙන්හරි ......(ඒක ඔනෙ නෑ) දෑක්කොත් ඒකත් ඔනෙ කියයි කියල.ඒත් මම් ඉතින් උත්සහය අත ඈරියෙ නෑ අඩ අඩා කොත්තුවක්ම ඔනේ කියල ඉල්ලුවා.

 පංතියෙ 2 වුන නිසා මොනවත් ඉල්ලුවෙත් නෑ නෙ.පස්සෙ ඈඩිල්ල නිසාම මට එදා රෑම කොත්තුවක් හිතේ හෑටියට රස බලන්න හම්බවුනා.ආසාවට ගත්තට මොකද කොත්තුවෙන් 1/2 වත් කන්න පුලුවන් උනේ නෑ.කොත්තු කතාව එතනින් අවසාන උනෙත් නෑ.

එදාම පාන්දර 3.00 විතර සමස්ත ප්‍රතිපලේ හම්බවුනා.අනේ මන්ද කොත්තුව අරන් තියෙන්නෙත් දන්න අදුරන හොදයි කියන කඩේකින් ලු.වෙලාව තමයි,නොනවත්වාම අදාල දේ සිද්ද උනා මදි නොකියන්නම.කොත්තුවට ගිය මුදලට වඩා දෙතුන් ගුනයක් බෙහෙත් වලට ගියා කියල තමයි අම්මනම් කිවෙ පස්සෙ.ඉස්කොලෙත් දවස් කීපයක්ම යන්න හම්බ උනේ නෑ.මේ තමයි මගෙ ජීවිතේට මතක තියන  තනියෙන් රහ බලපු හොඳම කොත්තුව.මේ කතාව අපෙ නෑදෑයොත් අතර පෑතිරිලා මට හොද නම්බුනාමයකුත් හම්බුනා ඊට පස්සෙ,ඒකෙ සියලුම වගකීම දෑරුවෙ අපේ අක්කා.



13 comments:

  1. අනිත් දවසෙ හොඳයි කියන තැන් වලින් කොත්තු ගන්න එපා. අනිත් දවසෙ ඔය දාඩිය පෙරාගෙන බුලත් විටක් කාගෙන කොත්තු දාන කොත්තු බාස් කෙනෙක් ඉන්නවනම් එයාගෙන් ගන්න. මමනම් කන්නෙම ඒ වගේතැන් වලින් ආයෙත් ඉහෙන් බහින රෝගයක් නැහැ..

    ReplyDelete
  2. අනික එහෙම තැන්වල රසත් වැඩී නේද ශශී සහෝ? හිහ් හිහ්

    ReplyDelete
  3. ඒ වගේ එකක් කෑවම දවස් තුනකට විතර ඇති.

    ReplyDelete
  4. හික්.. මාත් කොත්තුවක් කන්නෙ නිවාඩුවක් එහෙම බලලා තමා :D

    ReplyDelete
  5. හ්ප්පේ........කොත්තුවක් කාපු කාලයක් මතක නෑ... කොහෙද ඉතින් මම දැන් ශාක භක්ෂකනෙ... මස් නැති කොත්තුවක් කනවා කියන්නෙ හරියට බත් නැතුව බත් කනවා වගේ වැඩක්... ඒ නිසා දැන් කන්නෙ නැති උනාට කන දවස්වල නම් දෙයියනේ කියලා මට කොත්තු දිරවනවා.........කිසි අවුලක් නෑ

    ReplyDelete
  6. ඔයිට වඩා හොදයි කොත්තු බාස්ගෙන් තොත්තුවක් ඉල්ලුවනම්!!!! දෙක උනාට!!

    ReplyDelete
  7. අපේ යාලුවෙක්ගෙ වෙඩින් එකට කලින් දවසෙ තව යාලුවො දෙන්නෙක් රෑ ඔ‍ෆිස් ඇරිල යන ගමන් මහරගමින් කොත්තු කාල. අන්තිමට දෙන්නටම වෙඩ්ඩින් එකට එන්න උනේ නෑ. වෙඩින් එකේ couple එකට වඩා වැදගත් මාතෘකාව උනේ අරුන් කාපු කොත්තුව. උන් දෙන්නත් නියම කාඩ් එකක් ගහ ගත්ත ඔය කොත්තු කතාව නිසා.

    ReplyDelete
  8. කොත්තු කියන්නේ ඉතිං මගෙනං ජාතික ආහාරයක්..
    කොච්චර කෑවත් කිසි අවුලක් නැහැ.
    හොඳ බ්ලොග් එකක් වගේ..අදයි ගොඩ උනේ..ඒත් මෙක මගේ රීඩරයට දා ගන්න බැහැනේ..

    ReplyDelete
  9. මොනදේ උනත් කොත්තු කන එක මමත් තාම අතෑරල නම් නෑ.:D

    ReplyDelete
  10. කොත්තු පුංචි කියලාවත් කියනවද දන්නේ නෑ. අර සැමන් කතාව වගේ. මමත් එක පාරක් පංතියේ 29 වෙනියා වෙලා තියෙනවා. පස්සේ පස්සේ රෑන්ක් එක අඩු කර ගත්තා.

    ReplyDelete
  11. @මධුරංග- නැ...කොත්තු වෙනුවෙන්, නම් පටබැදුනෙ නැ.මමත් 26 ඉදන් තමයි 1 උනේ.ඒ කාලෙ පන්තියෙ 1,2,3 වෙන පිස්සුව තදේට තිබ්බ ගොඩක් අය අතරෙ, හොද තරගයකුත් තිබ්බ.

    ReplyDelete
  12. මං නම් කොත්තු කන්න නම් දෙයියා!

    ReplyDelete
  13. මට මතකයි මාත් හිච්චි එකා කාලෙ කොත්තුවක් කෑව... එච්චරමයි.. ඒත් මට නං අවුලක් උනේ නෑ.. ඒත් දැං නං කැවෙන්නැ.. මොකද වෙජා ලට කොත්තු දාන් නෑනෙ

    ReplyDelete