Sunday, December 12, 2010

ජීවිතයම සුලග වගේ

සුලග වගේ එන කරදර
සුලග වගේ යයි මගහෑර
වෙස් පෙරලෙයි එක මොහොතින්
සුලග වගේ... ජීවිතයම සුලග වගේ...
මද සුලගින් සෑඩ සුලගට
සෑඩ සුලගින් මද සුලගට
වෙස් පෙරලෙයි එක මොහොතින්
ජීවිතයම සුලග වගේ...
 නෙත කදුලින් හසරෑල්ලට
හසරෑල්ලෙන් යලි කදුලට
වෙස් පෙරලෙයි එක මොහොතින්
ජීවිතයම සුලග වගේ...
සුලග වගේ එන කරදර
සුලග වගේ යයි මගහෑර
වෙස් පෙරලෙයි එක මොහොතින්  
සුලග වගේ... ජීවිතයම සුලග වගේ...
මේක මට අහම්බෙන් අහන්න ලෑබුන ගීතයක්.බලන්න මේ කියන්නෙ අපේ ජීවිත ගෑන නේද කියල,එක  විටෙක සුලග වගේ දුක් කරදර අපේ ජීවිත වලට එනවා,සෑඩ සුලං වලට අපි ගසාගන යනවා,ආයමත් ඒව අපේ ජීවිතවලින්, ආ ලෙසටම ඉවත්ව යනවා.අපේ ජීවිත වල සභාවය පදපේලි කීපයකට ගලපලා තියන අපූරුව බලන්න.පද රචනය කරල තියෙන්නෙ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්,සංගීතය පේමසිරි කේමදාසයන් ගෙන්,ගායනය අමරසිරි පීරිස් මහතා.මේ තුන් ඈදුතු බෑම්මෙන් කොච්චර සුන්දර නිර්මාණයක් ද බිහිවෙලා තියෙන්නෙ!.කටහඩෙනුත් ගීතයට ලොකු අලංකාරයක් එක්කරලා අහල බලන්නකො  මෙතනින්
 ප.ලි:මේ ගීතය යූ ටියුබ් වෙබ් අඩවියට එක්කල මිතුරාට මාගේ ස්තූතිය!








6 comments:

  1. නයිස් සෝන්ග් අක්කා...

    ReplyDelete
  2. නෙත කදුලින් හසරෑල්ලට
    හසරෑල්ලෙන් යලි කදුලට
    වෙස් පෙරලෙයි එක මොහොතින්...

    ReplyDelete
  3. ලස්සන සිංදුවක් මම මීට කලින් අහලම නෑ. අහලා බලන්න ඕනේ

    ReplyDelete
  4. @මධුරංග-මටනම් මේ සිංදුව ගොඩක් ලස්සනයි

    ReplyDelete