Saturday, December 4, 2010

විහින් රෑග්වීම හෙවත් ඉල්ලාගන කෑම

මේක උනේනම් මීට අවුරුදු 3කට විතර ඉස්සර.ඒ අපේ ජූනියර් බෑජ් එක ආව කාලෙ.ඒ කාලෙට රෑග් වීම සහ රෑග් කිරීම ඉතින් සුලබ දෙයක් නෙ.

මේව වලක්වන්නත් ඉතින් විවිද උපක්‍රම, අදාල අය විසින් ක්‍රියාත්මක කරල තිබ්බත්,ඒවට හොරෙන්,ඔව ඉතින් කොහොම කොහොම හරි කෙරෙනවනෙ.

මෙන්න මේකයි උනේ,මම් කෙටියෙන්ම කියන්නම්කො.ලෙක්චර්ස් ඉවර වෙලා දවල්ට කන්න කියල ඔන්න අපි කෑන්ටිමට ගියා.අප්පා වෙනදට වඩා සෙනග,මොකද අලුත් කට්ටියත් ඉන්නවනෙ ඉතින්.

ඒ අස්සෙ කෑන්ටිමේ ටීවි එක කන පෑලෙන්න දාලා.ලමයින්ගෙ සද්දෙයි,ටීවි එකේ සද්දෙයි එකතුවෙලා අමුතුම කාලගෝට්ටියක්.

කෑම ප්ලේට් එක ගන්නත් ටිකක් වෙහෙසමහන්සි වෙන්න උනා වෙනදට වඩා.රිංගල රිංගල ගිහින් කොහොම හරි කෑම එකත් ගත්ත කියමු.අප්පා...වාඩිවෙන්න තෑනක් නෑ.ටේබල් ෆුල්,ලමයි පිරිල.  

රෑග් කරන කාලෙ කියල කෑම කන කෙනෙක්ව නෑගිට්ටවන්නෑයි...

බලල බලල ගිහින් වාඩිඋනා ටීවිඑක ලගම තිබ්බ ටේබල් එකේ ඉතුරුවෙලා තිබ්බ පුටුවෙ.

ඔන්න එතකොටම ජූනියර් කෙනෙක් ඈවිත් මොනවද කියන්න පටන් ගත්ත.මෙලෝදෙයක් ඈහෙන්නෙ නෑ.අපේ කට්ටියත් කට ඈරගෙන අහගන්න ට්‍රයි කරනව.මාත් කන දීල බෑලුව.ම්හ්...වෑඩේ හරිගියෙ  නෑ.

මමත් ඉතින් පංඩිතය වගේ අහුව, මොකද්ද!...කියල ටිකක් සද්දෙන්... ආය කාගෙන් තහනමක්ද? 

ආවෙ නෑතෑ ලගට... ඈවිත් කියපි, .........!! අද ඉදන් මගෙ කාඩ් එක,!@%@#^#$ ^&$#&#&$%*$%* &*#@%$^$%&%&^%කියල.අප්පේ!...මට කන බත් කටත් හිර වුනා.ලග හිටපු අයටනම් හොදටම හිනා.

අති සුන්දර,රමණිය වචන පෙලක්!


ප.ලි: වචනවපෙල අවසන් වුනේනම්, පුතා කියල..







11 comments:

  1. අලෙ අප්පේ.. මත නම් ඉතිං ඉල්ලං කන පලිප්පු තරම් කිසිම පලිප්පුවක් රහ නෑ... නදී යාලුත් ඒ රහ බලලා තියන හැටි දක්කම මත දැනෙන සතුට මෙ‍තෙකැයි කියන්නේ කෝමද? ඒ රස අප සමග බෙදාගත්තාට බොහොම thankuuu...

    ReplyDelete
  2. "විහින් රෑග්වීම හෙවත් ඉල්ලාගන කෑම" අනිතිමට රැග් වෙලා තියෙන්නේ අලුතින් ආව එකා නෙවේ.. සීනියර් කෙනෙක්මයි.. හික් හික්.. මරු..

    ReplyDelete
  3. ඔක්කොම හොදයි! අර වචන පේළියත් ලීව නම් තවත් අගෙයි!!!!!

    ReplyDelete
  4. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  5. හයියෝ. :(
    ජුන්නෙක්ගෙන් සින්නෙක් රැග් උනාද!!!!

    ReplyDelete
  6. හෆොයි දෙයියනේ!!! :D

    ReplyDelete
  7. අෙන් හපොයි.... :P

    ReplyDelete
  8. බොහොම ස්තූතියි ඔක්කොමලට.මටත් කියන්න තියෙන්නෙ අනේ අපොයි කියල තමයි.

    @ගයාන් - ලියන්න පුලුවන් නම් මම් ලියනවනෙ.සමහර ඒව ඈහුවෙත් එදයි.ලියන්න නම් බෑ. :D

    ReplyDelete
  9. අපොයි අක්කා මේ මොකෝ උනේ ???

    ReplyDelete
  10. @මධුරංග- කියල වැඩක් නෑ.ඉල්ලගන කෑවා

    ReplyDelete