Friday, December 3, 2010

නැචුරල්

මෙයා තමයි මගෙ අයිතිවාසිකම් ඔක්කොම මට නැතිකරල,අනිත් අයගෙන් මට ලෑබුන ආදරය උදුර ගත්තෙ.ඉස්සර, බබා, පොඩිපුතා, චූටි, පොඩි එකා කීව වචන මට නැතිකරපු මේ ජීවියා කොහෙදෝ ඉදන් මීට අවුරුදු එක හමාරකට කලින් අපේ ගෙදරට ආවා.කොහෙන්වත් ආව උනත් අපේ ගෙදර එයා පිලිගන්න තිබ්බ ලක ලෑස්තිය...අප්පා ඒදවස් වල කාටවත් මාව පේන්නෙත් නැ.උන්නද මලාද අහන්නෙ නෑ.අඩු ගානේ කෑවද බීවද අහ?... ඒකත් කලාතුරකින්.

ඔහොම මාස ගානක් ගෙවිල ගියා.ඉදල හිටල ගෙදර ආව දවසක මටත් මෙයාගෙ පිහිටෙන් හොදට රහට කන්න නම් ලෑබුන.(මේ කියන්නෙ අම්ම උයන ඒව රහ නෑ කියලනම් නෙමේ ඕං)මොකද මෙයා වෙනුවෙන්, අදුරන අහල පහල අය,නෑදෑයො,යාලුමිත්‍රයො එක එක කෑම ජාති, එක එක විදියට හදල ගෙනත් දෙනවනෙ.

බත්, මස්, මාලුඈඹුල්තියල්, කිරිකොස්, අල, පරිප්පු, ඈඹරෑල්ලා ඔයවගේ ඒවා.අනික බෝඩිමේ ඉද්දි කාල කාලම කඩේ කෑම එපා වෙලත් තිබුනෙ.මෙලෝරහක් නෑ...එක්කො ලුනු නෑ, නෑත්තම් මිරිස් නෑ,කිරි නෑ,තෙලුත් නෑ,වතුරෙන් උයන කෑමනෙ ඉතින්.ඒව එක්ක බලද්දි මේව දිව‍‍‍ය්‍ය භෝජන.

ඉතින්, මෙයා අපේ ගෙදරට එන්න ඉන්නව කියන පනිවිඩේ ඉස්ඉස්සල්ලම දෑනගන්නකොට මම් ගෙදරින් ගොඩක් ඈත.මට දුවගන එන්න හිතුනා ඒත් එහෙම එන්න තරම් පුලුවන් දුරක නෙමේ මම හිටියෙ. සුවල්ප දුරකෑයි එකම රටේ වුනත් කිලෝමීටර 280ක් විතර ඈතට වෙන්නනෙ.කොහොම හරි එදාට දෙන්න තිබ්බ assignment එකත් දඩබඩගාල ලියල දීල ගෙදර එන්න පිටත් උනා අඬඅඬම.ඒ සන්තොසෙ වෑඩිකමට වෙන්න ඔනේ මට ඈඬුනේ.හෑබෑයි යාලුවොන්ට නම් හිනා මේවෑඩේට.

වෙනද බස් එකේ එද්දි  කබරය දාන මට එදානම් එහෙම උනේ නෑ,,ඒ ගෙදර එන්න තිබ්බ උනන්දුවටම වෙන්න ඔනේ(පෑය 8ක් 9ක් එක දිගට එනවනෙ ඉතින්).උදෙන්ම එන්න පිටත් උන නිසා හවස 5.30 වගේ වෙද්දි ගෙදර අවා.ඒ වෙනකොටත් මෙයානම් ඈවිල්ල තිබ්බෙ නෑ.ටික වෙලාවකට පස්සෙ දුවගන ගිහින් බලද්දි ගේට්ටුව ලගට, මෙන්න අම්මල ඈවිත්.

චූටිම චුටි...., හරියට හූනු පෑටියෙක් වගේ එකෙක්, රෝසම රොසපාටට....,රස්නෙට ගුලිවෙල ඉන්නවා අම්මගෙ අතේ,හොදටම නිදි.මටනම් බයත් හිතුන අල්ලන්න, රිදෙයි කියල..ඔන්න ඔහොමයි එයා අපේ ගෙදරට ආවෙ.මගෙ අයිතිවාසිකම් නෑතිකරාට,මට ගෙදර අයගෙ තිබුන ආදරය පෑහෑර ගත්තට,දෑන් මෙයා මගෙ ලෝකෙ වෙලා, මගෙ පාලුව නෑතිකරනවා.මෙන්න මේ ඉන්නෙ එයා, අපේ අක්කගෙ පුංචි සුරංගනාවී!...


ප.ලි: එයාගෙ නම තමයි මම් ඔය ටයිට්ල් එකට දාල තියෙන්නෙ.ඒත් දෑන්නම් එක එක නම් තියනව,මම් නම් එයාට කියන්නෙ නැච්චා.කුරු බුරු කියලත් කියනව.එයානම් ඔයාගෙ නම මොකද්ද කියල අහුවම කියන්නෙ "අචූ..." කියල!.




15 comments:

  1. ලස්සනයි බබා සහෝ....

    ReplyDelete
  2. දියව් දියව්..! නදීගේ අයිතිවාසිකම් ලබා දියව්! හිහ් හිහ්
    මම මේ බබාගේ නමට නම් ආසයි අලෝ.. ලබන අවුරුද්දේ මේ වෙද්දී............... :D

    ReplyDelete
  3. @ සලසි-බොහොම ස්තූතියි සහෝ!

    @ චතු-ඒ නමට මමත් ගොඩක් ආසයි.ලබන අවුරුද්දෙ මේ වෙද්දි..?

    ReplyDelete
  4. ලස්සන දූ පැටියෙක් නංගා...... හරි හුරතල් පාටයි....

    ReplyDelete
  5. "අචූ..."!! ලස්සන බබෙක් නදී අක්කා. බබාගෙ නම නම් අමුතුයි,නැචුරල්. ඒත් ලස්සනයි

    ReplyDelete
  6. චූති කුසුම්... ලම්පෙ... ඔය වගේ නම් ගොඩාක් දාගෙන අලි අදලයෙන් මල්ලිත් එක්ක ඉන්න මගේ නංගියෙක්ව මත මතක්වුනා නදී යාලුවේ. අලෙ අප්පේ දැක්ක ගමන් මිලිකගෙන මිලිකගෙන යන්ඩ හිතෙනවා... නැච්ච බච්චව හොදින් බලාගන්න යාලුවේ. ලොකු උනාම මම මතක් කොලා කියන්නකෝ..

    ReplyDelete
  7. so wonderful creation , i love this you are very clever i am so happy to see this

    ReplyDelete
  8. This comment has been removed by a blog administrator.

    ReplyDelete
  9. ලස්සන සිතිවිල්ලක් තව ලියනන්න

    ReplyDelete
  10. @හරි -eyata hoda sinhala namak tiyanawa.me eyata api adareta kiyana nama.

    ReplyDelete
  11. (ප.ලි: එයාගෙ නම තමයි මම් ඔය ටයිට්ල් එකට දාල තියෙන්නෙ.) thibunu nisayi ehema ahuwe... sorry...

    ReplyDelete
  12. අක්කදේ දූ පොඩ්ඩ. කබරයා දාන්නේ රන්දෙනිගල ඉදන් එන හින්දා වෙන්නැති.

    ReplyDelete
  13. @මධුරංග-ඔව් අක්කගෙ දුව. අම්මේ ඔව්.රජමාවතක්ම තමයි ඒකනම්.ඇයි නේ... පාරක් වන්ගු නෑතුව හදන්න බෑරි :(.අපිට තමා ඒකෙ අමාරුව තියෙන්නෙ.ඒ පාරෙ යන්නෙ හරියට මරන්න අරන් යනව වගේ :/

    ReplyDelete
  14. හරිම ලස්සනයි .......
    කවදා හරි නගාටත් මෙවැනිම වාසනාවක් ලැබේවා කියලා හදවතින්ම සුබ පතනවා .......

    ReplyDelete