මේ මගේ දෙවනි පෝස්ට් එක.අද ලියන්න යන්නේ මගෙ ලගින්ම හිටිය යාලුවෙක් ගෑන.මේ කියන යාලුවව මම අදුනගන දෑනට අවුරුදු හතරක් පහුවෙන්නත් ලගයි, කෑම්පස් එකේදි තමයි මට එයා ඉස්සල්ලම හම්බ උනේ.එයයි මමයි එකම ඩිපාර්ට්මන්ට් එකේ හිට්යට අපි හොදටම දෑන අදුන ගත්තෙනම් කෑම්පස් ඈවිල්ල අවුරුදු 2කට විතර පස්සෙ.
ඒකට හේතු කීපයක්ම තිබුනා.මුල් අවුරුදු දෙකේම අපි දෙන්නා හිටියෙ හොස්ටල් දෙකක,අනික ඉතින් අපි දෙන්නා ජාති දෙකකනේ.එයා දෙමළ ,මම සිංහල.එයා ඈවිල්ල හිටියෙ යාපනේ ඉදලා සිංහල ටිකක්වත් බෑ.මට දෙමල බෑ.කෑඩිච්ච කඩ්ඩෙන් තමා කතාබහ කරේ.(මට ඉතින් කඩ්ඩ එච්චර බෑනේ).
කොහොමින් කොහොම හරි කාලෙ ගෙවිල ගියා,ජිවිතේ සංතෝසෙන්ම ගෙඋන කලේ තමයි ඒ.අප්සට් දවස් තිබ්බෙ නෑතුවත් නෙමේ ඉතින්.
තුන්වෙනි අවුරුද්දෙදි අපිට කෑම්පස් එක ඈතුලෙම හොස්ටල් හම්බ උනා.අපිට හම්බුනේ හොස්ටල් එකේ උඩම තට්ටුව ඒකියන්නෙ හතරවෙනි තට්ටුව.අප්පා මාර නිදහසක් තිබ්බෙ,මොකද කවුරුත් ඔනේම දේකට ඈරෙන්න ඔච්චර උඩකට පඩිපෙල් ගානක් නෑගගන එන්නෙ නෑ.එනවනම් එතින් අපේ එවුන්ම තමයි.
මේ කියන යාලුවත් මගේ ඩිග්‍රියම කරපු නිසා අපිසෙට් උනා එකම ෆ්ලොර් එකකට.වෙන මොකටවත් නෙමේ ඈත්තටම ඉගනගන්න දේවල් වලට ඒක ගොඩක් පහසුවක් උනා කිවොත් හරියටම හරි.කුප්පි,ඩිශ්කශන් ඔවාට පහසුව තමයි.(ඉඩල හිට්ලා අපි ඈනිමේශන්,හොරර් ෆිල්ම්,... බලපු වෙලාවලුත් තිබ්බා) අනික අපි කරපු සබ්ජෙක්ට් හෑටියට පොත් පාඩම් කිරිලි අඩුයිනේ ඉතින්.
මෙතනදි තමයි අපි ගොඩක් අදුනගත්තෙ ,කතාබහ කරේ.ඒවෙද්දිනම් එයාට හොදට සිංහල පුලුවන්.මටත් ඉතින් ටික ටික දෙමළ තේරේනව(ටිකම ටිකයි හරිද).ලෙක්චර්ස්,අසයින්මෙන්ට්ස්,ටියුට්ස්,කුයිසස්,එන්ඩ් සෙමෙස්ට‍්ර එක්සෑම් අස්සෙ, කාලෙ අපිටත් නොදෑනිම ගෙවිල ගියා.යාලුකමත් වෑඩිදියුනු උනා කිවොත් හරි.
ෆයිනල් ඉයර් එකේ අපිට ඉන්ඩස්ට්‍රිල් ට්‍රේනින්.එයාට ලංකවෙ තියන හොදම කොම්පනියට ඉන්ඩස්ට්‍රියල් ට්‍රේනින් යන්න පුලුවන් උනා.(මමත් ගියා වෙන එකකට).ඒ 2010 අවුරුද්දෙ මුලම.කෑම්පස් එකෙන් අයින් උනාට පස්සෙ එක දවසකට වඩා මට එයාව හම්බුනේ නෑ.මොකද කොලඹ හිටියට අපි දෙන්නම ටිකක් වෑඩ අතින් බිසී.
ගොඩක් කතාකරන්න හම්බුනේ නෙට් එකට පින්සිද්ද වෙන්න තමයි ඉතින්.
මට කියල තියන විදියට එයාට අප්පා නෑ,මෑරිලා ගොඩක් කාලෙකට කලින්,අක්කල අය්යල ගොඩක් හිටියා.ගොඩක් අය රට ගිහින් යුද්දෙ නිසා වෙන්න අති මගෙහිතේ.එක අක්ක කෙනෙක් හිටියලු අම්ම එක්ක.මට මතකයි යුද්දෙ දවස් වල වෑකේශන් එකට වත් ගෙදර යන්න බෑරුව හොස්ටල් එකට වෙලා එය දුකෙන් බලාගන ඉන්නවා කාමරේ ජනේලෙ ලගටවෙලා.යුද්දෙන් පස්සෙනම් සංතොසෙන් හිටියා බස් එකේ ගෙදර යන්න පුලුවන් නිසා අම්මව බලන්න.
ට්‍රෙනින් එක ඉවරවෙලා එයා ජෑෆ්නා ගියා කියල තමයි කිවෙ. නෙට් එකෙ හිටියෙත් නෑ වෑඩිය.දවසක් ෆේස්බුක් එකේ ස්ටේටස් එකක් දෑක්ක අඩේ මේ ඉන්නෙ මේකා. එත් හොද මූඩ් එකක් නම් තිබ්බෙ නෑ. ඈහුවම කිවෙනම් ජොබ් එකක් සෙට් වෙනකන් අප්සට් ගෙදරටම වෙලා කියලා.අපේ පවුලෙ තත්වෙ හොදනෑනේ,ඔයා ඒක දන්නවනේ කියල, එතකොට තමා මට හිතුනෙ අග හිගකම් ඈතිනේ කියලා,දවසක් මට කතාකරා නෙට් එකෙන් තමයි ඉතින් ඒත්,මට ඔයාට කියන්න දෙයක් තියනවා...
මගෙ අම්මා මිසින්... ,මට මොකක්ද කියල හිතාගන්න බෑරිඋනා එක පාරටම.එයා හෙමීට මට විස්තරේ කිවා,මම් කාටවත් මේගෑන කිවෙනෑ ,කියල වෑඩක් නෑතිනිසා. අම්මට දෑන් වයස 70ක් වෙනව දවසක් මම් ඉන්ඩ්‍රස්ට්‍රියල් ට්‍රෙනින් ඉන්න කලෙ අම්ම වව්නියාවෙ ඉදං මන්නාරමට ගිහින්,ගිහින් තියෙන්නෙත් තනියම,එහෙ ඉන්නව අපේ නෑදෑයො, එඋනාට අම්ම එහෙ ගිහින් නෑ,දෑන් අම්ම ඉන්න තෑනක් දන්නෙනෑ.හොයාගන්න විදියක් නෑ කියල,
මට පපුව හිරවෙනව වගේ දෑනුන.මමත් ඈඩුව මට වෙන කරන්න පුලුවන් දෙයක් තිබුනෙ නෑ ඒමොහොතෙ,කියන්න කෙනෙක් හිටියෙත් නෑ.මමත් තනියම,මට හිතුනෙ අම්ම අප්ප නෑතුව ගෑනු ලමයෙක් කොච්චර අසරණ වෙනව ඈතිද කියල,අප්ප මෑරිල කියමු,ජිවත්වෙල ඉන්න අම්ම ලගනෑනේ,ඉන්න තෑනක් හොයාගන්න විදියක් නෑනේ,කෙල්ලෙක් නිසා තනියම කොහෙ හොයන්න යන්න කියලද?අනේ මන්ද?
පපුව පිරෙන්න හුස්මක් ඈරල මම් ගත් කටටම ඈහුවෙ ඈයි ඉතින් පොලිසියට කිවෙ නෑද්ද කියල.වෑඩක් උනේ නෑලු එකත්,
"I want to be go out of this...........I cann't be....Otherwise want to close this life chapter."
මේක තමයි මම් අවසානෙට දෑක්ක එයාගෙ ස්ටටුස් එක.මේ වෙද්දි මොනා වෙලා තියනවද මම් දන්නෙනෑ.එයා මානසික අතින් ගොඩක් පහල තත්වෙක. ඒක ඉතින් අමුතුවෙන් කියන්න ඔනෙ නෑනේ.
මට පුලුවන් උනා ගොඩක් කතාකරල එයාගෙ හිත හදන්න.ඒගමන්ම දන්න කියන අයට කියලත් IDP camp වල විස්තරත් හොයල දුන්න,එඋනාට මේ පෝස්ට් එක ලියන වෙලාවෙදිත් එයාගේ අම්ම ගෑන තොරතුරක් නෑ.
මොනව කරන්නද අක්කා.......අම්මල තාත්තලා..අක්කල...අයියලා....කොච්චර ලේ හෙලන්න ඇද්ද මේ මල ඉලව්ව නිසා.....දුකයි
ReplyDeleteYou have sensitive heart Nadee. Nice feeling, nice emotion and nice effect. I’ll try my best to find-out her mother as soon as possible.
ReplyDeleteAsela Bandara
Sri Lanka Army.
ම්ම්... මේක මමත් එක්කත් කිව්වට මං ඒ ගැන ඒ තරම් හිතුවේ නෑ. යුද්ධය නිසා අම්මා තාත්තා නැති වුණු අය තව කොච්චර ඉන්නවා ඇතිද? අක්කාගේ යාලුවාගේ අම්මත් ඉක්මනින්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා...
ReplyDeleteA mother of a 2010 graduate is 70 years old?
ReplyDeleteUnbelievable!!!
@kathandara..
ReplyDeleteTnks for ur comment brother!
Ya.Her mother is 70 years old now.ma frnd is the youngest(27 yrs old) in her family and this is a true story.
පුතාට විසිහතක් වුණත්, ඒ කියන්නේ අම්මාට බබා ලැබිලා තියෙන්නේ 43 දී!
Deleteමං හිතුවේ පුතා ගේ වයස 23ක් විතර වෙන්න ඇති කියලා. ඒ වයසෙදී නේ අවුට් වෙන්නේ.
ඔහොම එකක් මට උනානම් මම මොනවා කරය්ද කියලා හිතාගන්නත් බෑ. කෙල්ලෙක් වෙලා කොහොම ඉවසනවද මන්දා...? ජීවිතේ වෙලාවකට හරිම නපුරු දඩුවම් නේද දෙන්නේ? හරිම දුකය්......ඒත් මොනවා කරන්නද?
ReplyDeleteThis story two characters I know both personally...And some of the parts of the story....this is true..Thing is though we are happy regarding end of war.people still suffer due to war...
ReplyDeleteDear U wrote it nicely.....It makes feel to us...Thanks...!!!!!!
ReplyDeleteOita wada deyak karanna oya mekata!!!
ReplyDeleteමට කරන්න පුලුවන් දේවල් මම් කරා.තවත් කරනවා.අඩුගානෙ යාලුවාගෙ මානසික මට්ටම හදන්න පුලුවන් හෑම උපකාරයක්ම කරනවා.අසේල ඈතුලුව උදව් කරපු,කොමෙන්ට් කරපු ඔක්කොලාටම ස්තූතියි.
ReplyDeleteගොඩක් දුක හිතෙනවා අක්කගේ යාළුවාගේ අම්මට සිද්ධ උන දේ අහලා. යුද්දේ නිසා උතුරේ කීදෙනෙක් නම් ඔහොම නැති වෙන්න ඇත්ද.
ReplyDeleteමේවගේ දේවල් අහන්නත් දුකයි.
@මධුරංග- ඔව්...ජාති ආගම් වෙනසක් නෑතුව යුද්දෙ නිසා ගොඩක් අය දුක් වින්ද.තවත් ඒ මතකයන් එක්ක ජීවත් වෙන අය ඉන්නවනෙ :(
ReplyDelete