Tuesday, December 14, 2010

කලකට පසු හමුවීමු II












මොකද්ද නංගිගෙ එක්සෑම් එක?
මේ ඉන්ග්ලිශ් ඩිප්ලෝමා එකක්
හ්ම්... ඒක හොදයි. තාමත් ...... එකේ වෑඩනේ?
එයාගෙ මූනට අමුතු හිනාවක් ආව,ඒත් එක්කම.
ඔව්.අද ආවෙ අපේ නංගි නෙමේ.
එහෙනම්?...අහ්...හ්ම්...මම් හිතුවෙ ඔයාගෙ නංගි කියලා.
මටත් බලන්න ආසයි.මම් දෑකල නෑනේ.
හ්ම්...
පෙපර් එක පෑය කීයක්ද?කොහෙද එක්සෑම් එක?
රෝයල් එකේ,පෑය තුනක එකක්.
හ්ම්...

එක්සෑම් එක පටන් ගන්නකන් ඉදල මම් ආවෙ,පෑය 3ක් එතන්ට වෙලා ඉන්න බෑනේ.
අහ්...
එයා දන්නවනම් ඔයා මාව හම්බවෙන්න ආව කියල! 
නෑ...ඉතින් මොකද? 
ඈයි එහෙම ඈහුවෙ? එහෙම එන එක හොද නෑනෙ ඉතින්.
කාලෙකින් දෑක්කෙ නෑතිනිසා බලන්න එන්න හිතුන.
හ්ම්...

දවසක් ශානි මට කිව්ව ඔයාව දෑක්ක කියල ට්‍රෙන් එකේදි එයත් එක්ක.
මම? වෙන්න බෑ...
මම් දන්නෙ නෑ.එයා තමයි කිව්වෙ,එයා හෑමදාම ගෙදර යන්නෙ ට්‍රෙන් එකෙනෙ. 
මම් දෑක්කෙ නෑනෙ.
එයා දෑකල කතා කරන්නත් හදල නිකන් ඉදල.
හ්ම්...
මට කිව්ව තොට හොද වෑඩේ... කියල.
ඔයා මොකද කීවෙ?

මම් මොනවත් කිව්වෙ නෑ.ස්කයිප් එකෙන් චෑට් කරන වෙලාවක කිවෙ.හරියටම මතක නෑ.දෑන් සති 2කට විතර කලින්.
හ්ම්...වෙන කෙනෙක්ට රෑවටිලා වෙන්න ඈති.
දන්නෙ නෑ.
අපි ආපහු යමු.මට පරක්කුත් වෙනව.
හ්ම්...

පන්සල හරියෙ වංගුව ලගටම ගිහින් අපි දෙන්නා ආයම හෑරිල ආවා.
එයා මොකද කරන්නෙ?අක්කෙක්ද නංගියෙක් ද?
ටීචින්..නංගි! ඔයාට වඩා අවුරුද්දක් බාලයි.
ඔයාගෙ කෑම්පස් එකේ හිටිය කෙනෙක්ලු නේද?
ඔයා කොහොමද ඒක දන්නෙ?

මට දවසක් දර්ශි කිව්වා,ශානි අර කතාව කිව්වට පස්සෙ මම් නිකන් මෑසේජ් එකක් දාල අහල බෑලුවා.එයාලගෙ බෑජ් එකේලු නේද?එයාටනම් එච්චර මතකයක් නෑ කිව්වා.
හ්ම්...ඔව්.ඉකෝන් ස්පෙශල් කරේ.
අහ්...හ්ම්.මම් වෑඩිය අහන්න ගියෙ නෑ.ඈත්තද කියල බලන්න ඔනේ උනේ.
හ්ම්...කොහොමද බෝඩිම,ට්‍රෙනින් එක එහෙම?

බෝඩිම නම් අවුලක් නෑ. සමන්තිත් ඉන්නවනෙ.ට්‍රෙනින් එකනම් එපාවෙලා.ඒකෙ ඔක්කොම ඉන්නෙ කොල්ලො.අපේ සෙක්ශන් එකෙ එක කෙල්ලෙක් නෑ,මමයි ටී ගර්ලුයි ඈරෙන්න.
ඉතින් හොදයි නෙ.කොල්ලො ගොඩේ ඉන්න පුලුවන්.
ඔව් ඔව්...ලස්සන කොල්ලො ඉන්නවා.ඔයාට ඊරිසියද?
පිස්සුද?
හ්ම්...

6 comments:

  1. ඔය ඕකනේ ඉතින් බැරි... අර විභාගේ එහෙම කලින් ඉවර වෙලා තිබ්බනම් ඉවරයි!

    ටික ටිකනේ ලියන්නේ.. :(

    ලක්සනට ලියනවා හ‍ලේ..

    ඉතින් ඊට පස්සේ මොකද වුනේ?????????

    ReplyDelete
  2. පිස්සු නෑ.... ඔය පේන්නෙ ඉරිසියාව.

    හා හා.... අනිත් එක්කෙනත් කතා කලාට මොකක්දෝ ඉරිසියාවක් වගේ එකකින් පෙලෙනවා.. අර නංගි නොවිච්ච තැන ඉඳන්....

    ReplyDelete
  3. ලස්සනට ලියල තියෙනව. මම මේ කල්පනා කරේ සිංහලෙන් බ්ලොග් ලියන හැමෝම වගේ ආදරේ විරහ පැත්තම දකින්නෙ ඇයි කියල.

    ReplyDelete
  4. මේ කතා ටික ලස්සනට ලියලා තියෙනවා. නමුත් මෙතන අපිට කුතුහලයක් ඉතුරු කරලම.

    ReplyDelete
  5. @මධුරංග- ඔව්.අවසානය කැමති කෙනෙක්ට කැමති විදියට හිතාගන්න පුලුවන්.

    ReplyDelete