Wednesday, January 4, 2012

තවත් බස් කතාවක්


එදා ඉරිදා දවසක්, මං ගෙදර ගිහින් ආයමත් කැම්පස් එන්න කියල උදේ පාන්දර 6ට තියන බස් එකේ නුවර එන්න ස්ටෑන්ඩ් එකට පයින් ආවා.ඇවිත් ටික වෙලාවක් යද්දි ඒ කියන්නෙ 6.10ට විතර මෙන්න නුවර බස් එක එනව,ටිකක් පරක්කු වෙලා.නැග්ගට පස්සෙ තමා දැක්කෙ වෙනදට ඉන්න සෙනග නෑ බස් එකේ, අඩුගානේ සීට් වලට හරියන්නවත් සෙනග නෑ.

මමත් ගිහින් බස් එකේ මැද හරියෙන් වගේ ජනේලයක් අයිනේ ඉදගත්තා.අරන් ගිය බෑග් එකත් ලගින්ම තියාගත්තා මාත් එක්කම වගේ තවත් කීපදෙනෙක් බස් එකට නැග්ගා,අපි නැගල වාඩි වෙනවත් එක්කම ඉස්සරහ සීට් එකක හිටපු තරුණපහේ පිරිමි කෙනෙක් එක පාරටම නැගිටලා ඇවිත් මං හිටපු සීට් එකට පිටිපස්සෙ සීට් එකේ ජනේලෙ ලග වාඩි උනා.ඒත් මට ඒක වැඩිය ගනන් ගතයුතු දෙයක් උනෙ නෑ.ඒක ඒ මනුස්සයගෙ කැමැත්තනේ:)

මම බස් වල යද්දි ටිකට් එක ගන්නකම් ඇහැරල ඉදලා ගමනාන්තය දක්වාම බොහෝවිට නිදාගන යන්නෙ, ඒ නිසා ටිකට් එක ගත්ත ගමන්ම වගේ ඇස් දෙක පියාගන ජනේලේට හේත්තු වෙලා ඔහේ හිටිය.

ටික වෙලාවකට පස්සෙ තැනින් තැන නැවැත්තුව නිසා ඉස්කෝල ලමයි, ඔෆිස් යන අය එහෙම පිරෙන්න ගත්තා. ඉස්කොලෙ යන පොඩි උන් ටිකකගෙ බෑග්ස් කීපෙකුත් මගෙ ඔඩොක්කුවට වැටුනා,ඒ නිසාම මම් සීට් එකේ හොදට පැක් වෙලා ගියෙ.ඒ එක්කම මට තේරුනා නිකන් පිටිපස්සෙ සීට් එකෙ ඉන්න මනුස්සය සීට් එකෙ කොනේ හිදැසින් අත දානව වගේ.

පොඩ්ඩක් පිටිපස්ස හැරිලා බලනකොට ඒ මනුස්සය ඒ සීට් එකෙට ඔලුව තියාගන නිදි.ඔලුව එහාට මෙහාට යන නිසා සීට් එක අල්ලගන ඉන්නව වෙන්නැති .ඒ නිසා සමහර විට මගේ ඇගෙත් වැදෙනව ඇති,ඒ මනුස්සයට නින්ද ගිහින්.එහෙම කියල මට හිතුනේ.

 ඒත් මට මුල ඉදලම සැකයි මේකා මම් ආව ගමන්ම මොකද හිටපු තැනින් නැගිටලා ඒ සීට් එකේ වාඩි උනේ කියල.කෝකටත් මං අවධානෙන් හිටියා.මෙන්න මේකා ආයෙමත් ඇගේ වැදෙනව.ඒ කියන්නෙ අර සීට් එකේ හිදැසින් අත දාල මාව අල්ලන්න හදනව.ඇගිලි එහෙ මෙහෙ යනව මට හොදට දැනුනා.ඒ වෙලාවේ මට දැනිච්ච තරහා ලියන්න තේරෙන්නෙ නෑ කොච්චරද කියල.


මම් අනිත් පැත්තම හැරිලා ඒ මනුස්සයා දිහා හොදට ඔරවලා බැලුව අකමැත්ත - තරහ පෙන්නන්න.කොහෙද ඒකාට ගානක්වත් නෑ. ඒකා සීට් ඇන්දේ ඔලුව තියන් නිදි වගේ ඉන්නව.හැබැයි ආයම ටිකකින් බලද්දි අර ඇගිලි වැඩ! :).

හිටුකො හොද වැඩක් කරන්න කියල,මම් ලග තියාගන හිටිය අසයින්මන්ට්ස් ෆයිල් එක තිබ්බ සීට් එක අයිනෙන්.තියලා හොදට සීට් එකේ කොනට වෙලා සීට් එකට තද වෙලා හිටියා දැන් අර මනුස්සය අත ගන්න බැරුව දගලනව,ඇගිලි ටික හිරවෙලා.

ඔහොම ටික වෙලාවක් තද කරන් හිටියා,සීට් එක ඉස්සරහට උනාට පස්සෙ ඒ මනුස්සය අමාරුවෙන් අත ගත්තා.පස්සෙ මම් ටිකක් ඔරවලා බැලුවා,ඒකා තුශ්නීම්භූත වෙලා බලන් ඉන්නව.

හැබැයි මම් එක වචනයක් වත් ඒ මනුස්සය එක්ක කතා කරේ නෑ.ටික වෙලාවකින් බස් එකෙන් බැහැලා ගියා,එතකොට තමා මට නිවන් ගියා වගේ දැනුනේ!...:)

37 comments:

  1. තව ටිකෙන් ඌට අත තියල තමයි බහින්න වෙන්නේ....

    ReplyDelete
  2. oya koheda ane gewal..ath oya samahara kello kamathi ne bus eke agata hetthuwa danna enawata..mata terenne natthe kello dena talk widihata kauruth ehama lady la nati wenna ona ne :D

    ReplyDelete
  3. එහෙම තමයි කරන්න ඕනෙ. ඔය එක ජාතියක මානසික රෝගයක්. ඔහොම අය කොතෙකුත් ඉන්නවා. අනුකම්පා කරන්න. ඒත් හැම වෙලේම මේ වගේ වැඩවලට විරෝධය දක්වනවා නම් ඒක නැවත නැවත සිදු වෙන්නේ නැහැ. බයට ලැජ්ජාවට සද්ද නැතුව හිටියම කරදර තමන්ටමයි. බස් එකේදි මෙහෙම ප්‍රශ්න එනකොට දෙසරයක් හිතලා වහාම ක්‍රියාත්මක වෙන්න. පොඩි යතුරු කටුවක් සෑහෙන ප්‍රයෝජනයි.

    ReplyDelete
  4. ඉතිං අක්ක නිවන් ගියාද??

    ReplyDelete
  5. නියම වැඩේ කරලා තියෙන්නේ..

    ReplyDelete
  6. නදී ගෙන් දැඩි දඬුවම්.....

    ReplyDelete
  7. අන්න එහෙම තමා ඉන්න ඕනෙ නදියෝ... මං නම් හිතුවෙ අත දානකල් ඉදලා කට්ටකින්වත් ඇන්නාදෝ කියලා...හික්ස්...

    ReplyDelete
  8. ඔයවගේ අසහනාකරින්ට ඔහොම්මම තමා කරන්න ඕන, ඇඟිලිටික තුවාල වෙන්නම මොනාහරි කරානම් ආපහු අස්සේ දාන එකක් නෑ :P

    ReplyDelete
  9. එකවතාවක් වගේ අක්කට තිබ්බේ හොදට අත දිග ඇරලා එකක් දෙන්න.!!! එතකොට ආයෙම ඇඟිලි දාන්න එන්නේ නෑ නේ. සමහර වෙලාවට බස් වල ඔහොම අසහනකාරයෝ යනවා

    ReplyDelete
  10. එක ගෑණු ළමයෙක් බස් එකේ හිටන් යද්දී කවුදො පිටිපස්සෙන් ඇවිත් ඉනවටේ අත දාලා... මෙයා අත ගසා දැම්මලු ඒත් නවතින්නෙ නැතිලු ඉස්සරහට ගියත් පස්සෙන්ම ආවලු... කැගහන්න හැදුවත් බයටම සද්දෙ පිටඋනේ නැතිලු... කවදාවත් ඔයවගේ දෙයක් වෙලා නැති නිසා කොහොමද ප‍්‍රතිචාර දක්වන්නෙ කියලා බයයි ගොඩක් අය... මෙයා ගේ ගාවින් බහිද්දිත් අර මනුස්සයා පස්සෙන් ඇවිත්.... ඔ්ං ඔහොමයි අද සමාජය... ලිංගික අපගමන සහිත මිනිස්සු පිරිලා...

    ReplyDelete
  11. අඩේ අක්කෙ උගේ ඇගිලි ටික ඉතිරි උනාද ? ඔයාට යට වෙලා ඇගිලි ඉතිරි උනා නම් තමා පුදුම O_o

    ReplyDelete
  12. ඔයවගේ අසහන කාර‍යෝ හැමතැනම ඉන්නවා.

    ReplyDelete
  13. හපෝ ජරා මිනිස්සු....

    ReplyDelete
  14. ඌ නම් පට්ට අසහන කාරයෙක්ද කොහෙද. වැඩේ තියෙන්නෙ ඔව්වට සපෝර්ට් එක දෙන කෙල්ලොත් ඉන්න එකනෙ. උන් ඉතින් මුට්ටිය දාලා බලනවා මොකද කෙල්ලගෙ ප්‍රතිචාරය කියලා. ගෑනු අය ඉන්නවා ඕනෙ තරම් බස් වල ඕවට අල්ලගන්න පුලුවන්.

    ReplyDelete
  15. ඕනේ නැති ඒවට ඇඟිලි ගහනවට හොඳ වැඩේ..... අනේ මන්දා ඔය රෝග වලට බෙහෙත් ලැබෙනකම් සුව නම් වෙන්නේ නෑ.......

    ReplyDelete
  16. ඔය ප්‍රශ්නේ ඉතින් අපේ රටේ හැමදාම තිබ්බ.. එත් අහු උනාමත්... ඊට විරෝධය පෑවට පස්සෙත් ලජ්ජා නැතිව තවදුරටත් කිරිල්ල නම් අලුත් දෙයක්.. අසහන කාරයෝ වැඩි බව නම් ලංකාවේ ප්‍රවෘත්ති අහන කියවන කාටත් පෙනෙනවා ..

    ReplyDelete
  17. පව් අප්පා ..ඒ කොල්ලා ... ඔය තරම් නපුරු වෙන්නෙ ඇයි නදී ...

    ReplyDelete
  18. යකෝ උඹ ඔය මං ගැන නේ ලියල තියෙන්නෙ...

    ReplyDelete
  19. මොනාද හලෝ............ බස් එකේම උන්ට අැහෙන්න උගෙ අම්ම තාත්තට අනුමෝදං කරන්න එපෑ! ඔය චූටි චූටි ට්‍රික්ස් ටිප්ස් හරියන්නෑ. එක්කො ඔහොම උංගෙ අම්මල තාත්තල මතක් කරන්න ඔ්න (එ්කත් අහල ගං හතකට අැහෙන්න) නැත්තං කණ කුඩුවෙන්න දෙන්න ඔ්න!

    ReplyDelete
  20. නිවන් ගිහින් බෙල්ල කඩා ගන්නද අඩු ගානේ ඉටි පන්දමක්වත් පත්තු කර ගන්න. :D
    මටත් දවසක් ඔය වගේ වැඩක් වුනා. ආයේ ඉතිං මම නම් අනුකම්පා කරනවා බොරු. දෙපාරක් බස්එකට අත තද වෙන්න වැලමිටෙන් ඇන්නා. කෝ මූ ඒත් නෑ. මම හැමදාම හෑන් බෑග් එකේ ඇල්පෙනිත්තක් දාගෙන යන්නේ හදිස්සියෙවත් මගදී සෙරෙප්පුව එහෙම කැඩුනොත් ඒක නිසා. ඉතිං තුන්වෙනි පාර හරියටම බලලා දුන්නා මැද ඇගිල්ලටම ඉංජෙක්ෂන් එක. ආයේ ඉතිං මම නම් හිතන්නෑ ෂීට් එකක් අයිනක් දිහාවත් නම් බලයී කියලා.

    ReplyDelete
  21. "රිදී පාට කල පා තුඩු පයට පෑගිලා - නපුරු වී ඔයා මා සලලෙකුට සම කලා"

    ReplyDelete
  22. මම තමයි ඒ වලා,හොරිවිල ගිහින් බෙහෙත් කරගෙන යන්තමට ඇඟිලි ටික සනීප කරගත්ත.

    ReplyDelete
  23. දෙන්න එපයි අත පුරවල කන හරහ එකක්. ඔය වගෙ මීහරක්ට (මීහරක්ටත් ලැජ්ජවක්ද මන්දා) එහෙම තම්යි සලකන්න්න ඕන

    ReplyDelete
  24. අන්න අර බට්ටි දුන්න ඉන්ජෙක්ෂන් එක තම බෙහෙත. එත් මට මෙහෙම සීන් එකක් උනා. මම ඉස්සර බැංකුවේ වැඩ කරන කාලේ සමහර සිකුරාදා දවස් වලට ගෙදර යනකොට ගොඩක් රෑ වෙනවා. ඉතින් එහෙම දවසක ඔය වගේ බස් එකක තද වෙලා පොඩි වෙලා මගේ හචා මල්ලත් එල්ලගෙන මම ගෙදර එනවා. බස් එක ගම්පොල බස් එකක්. මම දන්නා විදියට නම් ඒ කාලේ සිකුරාදාට අන්තිම ගම්පොල බස් එකක් යන්නේ කොටුවෙන් හවස 6.40. ඉතින් ඔය කියන දවසේ එක අක්ක ඇන්ටි මොඩල් එකේ කෙනෙක්, කඩවත හරියෙන් බස් එකට නැගල මම හිටිය හරියටම තද වේවි තද වේවි ආව. හයි හීල්ස් එහෙම දාල මෙයා ඇඳලා හිටපු විදියටනම් ෂුවර් එකට පාටියක් ඉවර වෙලාද කොහෙද එන්නේ. දනිහට උස තියන පපුව හරියෙන් රැලි 3 වෙන්න දමපු ගවුමක් ඇඳගෙන සෙන්ට් නාල ආපු මෙයා දැන් බස් එකේ එහෙට ඇඹරෙනවා මෙහෙට ඇඹරෙනවා. ඔරවනවා වටේම ඉන්න පිරිමින්ට. බස් එකෙත් ආයේ ඇඟිල්ලක් ගහන්න බැරි වෙන්න පැක් කරලා. පස්සේ ඔන්න තව පැය කාලකින් විතර එයා ෆුල් ෆෝම් වෙලා අපි ඔක්කොටම බනින්න ගත්ත එයාගේ ඇඟේ වදිනවා ඕනේ නැති විදියට කියල. අපි හරි වල් සත්තුලු, එයා වගේ වැදගත් ලේඩි කෙනෙක්ට බස් වල යන්න බෑ ලු. ඒ අස්සේ කවුදෝ එයාව ඇල්ලුවලු.. කතා ගොඩයි. මෙහෙම පැයක් පැය එකාමාරක් විතර උන්දැ කියවල කියවල ඊටපස්සේ පස්යාල හරියෙන් බැහැල ගියා.. ඒ බස් එකේ එයාගේ ඇඟේ ගෑවෙන්න නොවෙන්න යනවනම් ඔක්කොටම බහින්න වෙනවා. මොකද එයාගේ ශරීරෙ සමහර ස්ථාන වලට අක්කරයකුත් එකාමාරක් වැයවෙන සයිස් හින්ද. අනික ඔහොම වෙලාවට ඔය වගේ ඇඳගන ඇවිත් කට කපාපු බස් එකක මැදටම ගියාම එහෙම වෙන එකත් අහන්නත් දෙයක් ද? ඉතින් මම මේ කතාව කිව්වේ අසහන කාරයෝ ගෑනු අතරෙත් ඉන්නවා කියන්න. මට හිතෙන්නෙම ඒ ගෑනු එක්කනාට අවධානය පිලිබඳ ප්‍රශ්නයක් තියනවද කොහෙද.

    ReplyDelete
  25. හ්ම්ම්... ගෑණු උදවියට කොහොමත් බස් එකක යන්න අමාරුයි දැන්... මේ වගේ සිද්ධි අනන්තවත් වෙනවා... හැබැයි "ක්සැන්ඩර්" කියපු කතාවත් සහතික ඇත්ත... මටනං හිතෙන්නේ මේ වගේ ප්‍රශ්නවලට සර්වකාලීන විසඳුම් නෑ කියලයි... හොඳම වැඩේ තමයි දෙන දඬුවමක්,එවලේම දෙන එක...මේ කතාවේදී කළා වගේ... :))

    ReplyDelete
  26. බ්ලොග් ලියන ඇත්තෙක් නහයෙන් කටින් ලේ දාන්න කාලා තිබුනා නේද ඔහොම වැඩක් කරන්න ගිහින්.............

    ReplyDelete
  27. මේවා නවත්තන්න කීපදෙනෙක් එකතු වෙන්න ඕන. මොකද කෑ ගහලා බැන්නත් අන්තිමට වටේ ඉන්න අය කෙල්ල දිහා බලන්නෙ ඇදේට..
    මේ වගේ වෙලාවට පොරවල් වෙන්න එන අයත් මම දැකලා තියෙනවා හැබැහින්ම..පෝස්ට් එකක් ඇති "ඒ මිනිහා බීලා හිටියෙ. නැත්නම් මම ඒ මිනිහාට හොඳට කතා කරනවා"

    ReplyDelete
  28. ලියාගෙන ආපු විදිහට මම හිතුවෙ, "බැරිමතැන මම මගේ හෑන්ඩ් බෑග් එකෙන් පිස්තෝලේ ඇදල අරගෙන ඌට වෙඩිතියල දැම්ම" වගේ එකකුත් අන්තිමට තියෙවි කියල..

    ReplyDelete
  29. අෆ්ෆා අක්කා හරි දරුණුයිනේ. නියමයි අක්කේ එහෙම තමා ඉන්ඩ ඕනේ. ජය ම වේවා

    ReplyDelete
  30. නදී අක්කා අපිට ආඩම්බරයක්... :D

    ReplyDelete
  31. තාරක ඪිල්ශ්@න්-ඔව් ඒක නම් ඇත්ත,හොදටම තද වෙලා හිටියෙ මටත්,

    ReplyDelete
  32. නියමයි අක්කේ ඔහොම කෙල්ලෝ ඉන්නවනම් අර වගේ මානසික අසහන කාරයොන්ට හොදට සලකන්න තිබුනා මහා මී හරක්..

    දවසක් ඔහොම එකෙක් එක අක්කා කෙනෙක්ගේ ඇගේ ඇතිල්ලි ඇතිල්ලි හිටියා හරියට කපල් එකක් වගේ බඩෙනුත් අල්ලනවා කොන්දා ඇවිත් ටිකට් ගනිද්දි අර කොල්ලගෙන් ඇහුවා ටිකට් දෙකක්ද කියලා අරූ එකයි කිව්වාමයි අපිට සැක හිතුනා.අක්කට හෙලවෙන්නවත් බෑ හරිම චාටර් විදියට ගියේ මිනිස්සුන්ටත් ගානක් නෑ.මගේ එහා පැත්තේ හිටියේ මලින්ද කියලා මගේ යාළුවෙක් උ කිව්වා මට බලාගෙන ඉන්න බෑ මචං තව එක පාරක් හරි බඩෙන් ඇල්ලුවොත් මම අරූට දෙකක් අනිනවා කියලා....අරූ ආයේ ඇල්ලුවා අපේ මලියා අර අක්කා ගාවට ගිහින් ඇහුවා මේ ඔයාගේ කොල්ලද කියලා අක්කා කිව්වා අනේ නෑ මල්ලි කියලා.....අරූගේ කනට පාරක් ගහලා වල් බල්ලෝ බස් එකේ යනවනම් පාඩුවේ පලයන් කියලා මගේ ලගටම ආවා අර අක්කාට සීට් එකක් දුන්නා තව කොල්ලෙක්....(මේ බස් එක පානදුර බස් එකක්)එතන ඉදන් බස් එකේ කොන්දායි ගුටි කාපු එකයි සද්දේ දැම්මේ අපි දෙන්නට බැහැලා බලාගමුලු සමහර ගෑනුත් බනින්නේ අපිට වලි උණ කියලා...

    අපේ නැන්දා කෙනෙක් නම් අයකට්ටක් අරන් තමයි බස් එකේ යන්නේ ඇතිල්ලෙන්නේ මොකාද උට අනිනවා...

    මෙහෙම දේවල් වෙනවනම් කථා කරන්න නැත්තම් අහිංසක කම උන් ප්‍රයෝජනයට ගන්නවා

    ReplyDelete
  33. ඇනොන්ය්මොඋස්-එහෙම අයත් ඇති.මම් නම් එහෙම නෑ.කොහෙද ඔයාගෙ ගෙවල්:)

    වෙද ගෙදර මහ වෙදනා -ඔව් පිස්සො තමයි.මමත් ඉස්සර ලැජ්ජාවට හිටියා ඒත් දැන් නම් එහෙම නෑ.

    Prabhath Darshana -ඔව්නේ,ඒකා මගින් බැහැලා ගියා.

    ඪිනෙශ්-ඒකනේ ඒ මනුස්සයට ඒ වගේ වැඩක් කරන්න හයිය තියනව නම් අපිට විරුද්ද වෙන්නත් හයියක් තියෙන්න එපැයි නේ.

    පැණි දොඩම්-ඔව් දැන් එහෙම අයට මගෙන් ගැලවිල්ලක් නෑ.

    නිසුපා -කට්ටකුත් අරන් යන්න ඔනේ ආය බස් වල යනකොට,මගෙ යාලුවෙක් හිටියා ඇල්පෙනිති වලින් අනිනව එහෙම අයට.:)

    Dishan ර්‍අජපක්ශ-මට සැක හිතුනේ ඇත්තටම නින්ද ගිහිල්ල නම් කියල.

    මධුරංග -ආය ඒවගේ දෙයක් කරන්න නම් පැකිලෙන්නෙ නෑ.:)

    ReplyDelete
  34. නරකයා....!!-අපෝ ඔව්.ඔහොම අයනම් ඕන තරම්.

    ඹුන්න්ය්-හෙහ් ඌට රිදුන නම් ඒ ඇති.

    සජීව විජේවීර- ඒක ඇත්ත,කොහෙත් ඉන්නව.

    ඔබ නොදු‍ටු ලොවක්-ජරාදත් අහනව.

    Anonymous -එහෙම අයත් ඇති.ඒත් බොහොමයක් ඔව්වට කැමති නෑනේ.

    ගොඩයා-ඔව් කොහෙන් හරි හොද මට්ටුවක් වෙනකම් නවතින්නේ නෑ.

    සරත් ලංකාප්‍රිය-එන්න එන්න වැඩි වෙනව නම් තමා.

    කුමරය-ආය බස් එකේ යද්දි හැට්ට කට්ටක් අරන් යන්න ඔනේ.:)

    මනුස්සකම -සිරාවටම???හික්z

    ReplyDelete
  35. තනි අලියා- මට එච්චර හරියක් කරන්න "ගට්ක්" තිබ්බෙ නෑ හලෝ.

    බට්ටි-හ හා.අන එහෙම තමා ඉන්න ඔනේ,ඔයා නම් මරු වැඩේ කරල තියෙන්නෙ.මට ඔහොම දෙයක් මතක් උනේ නෑනේ.

    ටී.බී. හේරත්-හොදට හොයල බලල තමා දඩුවම් දුන්නෙ මම්.:)

    Anonymous -ආ එහමද?කොහොමද ලෙඩ හොදද දැන්.?:)

    ෴෴සිහින කොදෙව්ව෴෴ -ඒකනේ බලන්නකො.ආය නම් එහෙම සුලුවෙන් හිතන්නෙ නෑ ඕයවගේ දේවල්.බස් වල යද්දි දාගන යනව හැට්ට කට්ටක්.අනිනව හිල් වෙන්න.

    ක්සැන්ඩර් | Xander- අනේ මන්ද සමහරු ඔහොම වැරදියට හිතන වත්ඇති.,ඒකනේ මම් හොදට හොයල බලලම වැඩේ කරේ.ඔයවගේදේවල් වලට විරුද්ද උනාම සමහරු කියාව ඇගේ වැදෙන්නෙ නැතුව යන්න නම් පුදගලික වාහනේක යන්න එහෙනම් කියල.

    ජංජාල චාමර-ඔව් එහෙම දේවලුත් වෙන්න පුලුවන් තමා.

    ඇනොන්ය්මොඋස්-අහ් එහෙමද මම් දන්නෙ නෑ.ඔයවගේ අය කොහෙත් ඉන්නවනේ.

    Roshan Herath -හ්ම් ඔව්.දැන් ගොඩක් අය තමන්ගෙ පාඩුවෙ යනව් මිසක් ඔහොම දෙයක් දැක්කත් අහක බලනව.මොකටද අනුන්ගේ දේවල් වලට අතදාන්නෙ කියල හිතනව ඇති.උදව් කරනව අඩුයි.

    ReplyDelete
  36. කැළණිතිස්ස-හෙහ් එච්චර හැකියාවක් කොහෙද මට.:/

    එලෙඵස්-හ්ම්.මාත් දරුණුයි හරිද?:)

    තාරා-හිහ් :)

    ගැමියාගේ පත් ඉරුව-ඔහොම අය අඩුයි සමහරු දැක්කත් අහක බලාගන්න ඉන්නව අපේ කෙනෙක් නෙමේනේ අපිට මොකද කියල.ඒත් ඉතින් රන්ඩු කරගන්න එකත් පරිස්සමෙන්:)

    ReplyDelete
  37. bayanakaai........ maru wade, thanata sudusu nuwanata lakunu 10 k denawa.

    ReplyDelete