Friday, January 20, 2012

දේවාලයකට ගියෙමි.



කාලෙකට පස්සෙ යන්න යෙදුන චාරිකාවෙ එක ස්ථානයක් විදියට මට දේවාලයකට යන්න ලැබුනා.මගෙ ජීවිතේ ඔය තරම් ලොකු දේවාලෙකට ගිය මුල්ම වතාව.ඒ නිසා ඒක මට අමුතුම අද්දැකීමක් උනා.ඒක කවුරුත් නම කිව්ව පමණින් දන්න සුප්‍රසිද්ධ දේවාලයක්.අපි එහෙ යන කොට තරමක් දවල් වෙලා, කට්ටිය හොදටම හෙම්බත් වෙලා බඩගිනී බඩගිනී කිය කිය හිටියේ.දේවාලය ලං වෙද්දිම පාරේ අයිනක හිටගන හිටිය මනුස්සයෙක් වාහනයට අත දාල වාහනේ නවත්තන්න, හරවන්න,වාහනේ සුදුසු තැනක පාර්ක් කරන්න පවා උදව් උනා.

"වාහනේ නැවැත්තුවට සල්ලි ගන්නෙ නෑ මහත්තයා නවත්තන්න.ඇතුලටම දාන්න.හෙවණට ගන්න.ආ...හා... හරි ඔහොම ගන්න... හරි හරි තව ගන්න"

ඔහොම කිය කියා සෑහෙන කරුණාවක් පෑවා.වාහනේ නවත්තලා ටිකක් වට පිට බලද්දි තමා තේරුනේ එයාට අයිති පුංචි කඩයක් අයිනකට වෙන්න තියන විත්තිය,.පළතුරු වට්ටි,දේවාලෙට යන්න අවශ්‍ය කරන අනෙකුත් දේවල්(හදුන්කූරු, පහන්, පහන්තිර...) එතන විකුණනවා. හොද හෙවනකුත් තිබ්බා ඒ හරියේ,කට්ටියගෙම ඉල්ලීම පිට අපි එතන ඉදන් දවල් ආහාරය ගත්තා.අනේ අර මනුස්සයා වාඩි වෙන්න පැදුරු,අත හෝදන්න සබන් හිට ගෙනත් දුන්න.බලන්න කරුණාවක මහත.

ඇත්තටම ඒ මනුස්සයට පින් සිද්ද වෙන්න අපේ නඩේ වයසක කට්ටිය සැහැල්ලුවෙන් විඩාව නිවාගන අතපය දිගෑරගන සුවසේ දවල් ආහාරය ගත්තා.වෙන අත්‍යවශ්‍ය පහසුකම් පවා තිබුනා,ඒවත් නොමිලේම.:)

පස්සෙ යන්න ලෑස්ති වෙනකොට එතුමගෙ ආරාධනය පිට කැමති අයට පළතුරු වට්ටි ගන්න කිව්ව,පවුනේ ඉතින් අපිට හොදින් සැලකුව නිසා බාර හාර වෙන්න හිතාගන ආවෙ නැති අයත් හිස් අතින් දෙවියන් ලගට යන්න අකමැත්ත නිසාදෝ පළතුරු වට්ටි ගත්තා.බලද්දි හැමෝම අත පළතුරු වට්ටි.:)

 ඒවත් අරන් දේවාලෙ ලගට යනකොට ඊටත් වඩා බොහොම අඩුවට පළතුරු වට්ටි තිබුනා ඒ ප්‍රමාණයේම ඒවා.මටත් වයසක අත්තම්ම කෙනෙක්ගෙ පළතුරු වට්ටියක් අරන් යන්න සිද්ද උනා ඒ බර උස්සන් උන්දෑට පඩි නගින්න බැරි නිසාම.අත් වාරුවකුත් වෙන්න උනා.


ලගට යද්දිනේ දැක්කේ අම්මේ... තියන පෝළිම.සෑහෙන්ඩ දිගයි.විශේෂත්වයකුත් තිබුනා.වැඩිහිටි ගෑණු පිරිමි අයට අමතරව මාස 6ක්වත් නැතු පොඩි දරුවොත් වඩාගන අම්මලා තාත්තලා ඒ පෝළිමේ හිටියා  ගිනි කාෂ්ඨකේ කිසි ගානක් නැතුව.පොඩි දරුවන්ට නම් ඉවසුම් නැතුව තමා හිටියේ.ගොඩක් අය අඩනව විටින් විට.

පෝළිමත් ඉස්සරහට යන්නෙ ගොඩක් හිමීට.ඒ අස්සෙ ඉහින් කනින් දාඩිය බේරෙනව.ආපු ගොන්කම කිය කිය මටම හිතින් බැන බැන අත්තම්මගෙ පළතුරු වට්ටියත් අතේ තියන් මමත් පෝළිමේ හිටියා.ඔහොම ටික ටික ඉස්සටහට ගියා.ගිහින් ගිහින් අවසානේ දේවාලේ තිර රෙද්ද පෙනෙන මානේ දොර ලගින් තනිකරම සුදු ඇදගත්ත කෙනෙක් ඇවිත් දම්වැලක් දාල ලොක් කරා යන්න තියන පාරට.කොටස කොටසලු යවන්නේ,ඇත්තටම ඔක්කොම එක පාර යවන්න බෑනේ ඉතින්.එතන්ටත් වෙලා සෑහෙන වෙලාවක් හිටගන හිටියා,ඒ අතරේ අතේ කැක්කුම ඉවසන්න බෑ පලතුරු වට්ටියෙ බරට.අත්තම්මට ගන්න කියන්නත් බෑ වයසක මනුස්සයනේ.

ටික වෙලාවකින් අනික් පැත්තෙන්  5දෙනෙක්ගෙන් විතර හැදිච්ච කණ්ඩායමක් ආවා ලොකු පළතුරු වට්ටියකුත් ඉස්සර කරගන.සෑහෙන පඩුරකුත් වට්ටිය උඩ තිබ්බ දැක්කා.විශේෂ කෙනෙක් නිසා දේවාලෙ ඇතුලෙ හිටපු අය පිට උනාම එයාලව ඇතුලට ගත්තා අපිට කලින්.ඒ එක්කම අපේ පැත්තෙන් සද්ද දාන්න ගත්තා, කලින් ආව අයව ඉස්සර වෙලා ඇතුලට යවන්න තිබ්බනේ කිය කිය.කට්ටියටම ඇතිවෙලා.

සුදු ඇදගන හිටපු මහත්තුරු ඒවා ගනන් ගත්ත බවක් පෙනුනේ නෑ, ඇහුනේ නෑ වගේ හිටියා. ඉවසල ඉවසලා අන්තිමේ ඇතුලට ගියා,අප්පා කට්ටිය කට කපල හරියට සැමන් ඇහුරුවා වගේ,මාර රස්නයක් තිබ්බෙ ඒකේ ඇතුලේ.කට්ටිය ඔක්කොම දෙයියන්ගෙ ඉස්සරහට යන්න ෆුල් ට්‍රයි එක දෙනව ඒ නිසාම කට්ටියම හොද හැටි තෙරපෙනව.

ඒ නිසාම  සුදු ඇදගන දේවාලෙ ඇතුලෙ හිටිය මහත්තයටත් ටිකක් තරහ ගිය පාටක් පෙනුනා.මමත් කොනක් අල්ලලා හිටගන හිටියා.අනිත් අය පළතුරු වට්ටි සුදු ඇදගත්තු මහත්තයා අතේ තියනව දෙය්යන්ට භාර දෙන්න.ඒ අතරේ සමහරු එතන තියන පහනට තෙල් දාන්ඩ පොර කනව.

ඔය අතරේ කට්ටියටම වාඩි වෙලා වැදගන්න කීව, කොහෙ වාඩි වෙන්නද හැරෙන්න ඉඩක් නෑ. ඒත් තද වෙවි තදවෙවී කට්ටිය කිටි කිටියේ එක පොදියට වාඩි උනා.ඔක්කොට හිමි හිමීට නැමුනා සමහරු වාඩි වෙලා වගේ බොරුවට නැමිලා හිටියා.මට කර කියා ගන්න දෙයක් නෑ බලාගන හිටපු පාරට මට වාඩි වෙන්න කොහෙත්ම ඉඩක් ගන්න විදියක් නෑ.ඒත් මමත් අර විදියටම බාගෙට නැමිලා වැදගන හිටියා. කවි වගයක් කියාගන ගියා, මම් හිතන්නෙ දෙවියන්ට කිව්වෙ අපිව ආරක්ශා කරල දෙන්න ,අපේ ලෙඩ රෝදුක් දුරු කරල බලාපොරොත්තු ඉටු කරල දෙන්න කියල වෙන්න ඕනේ.

මට තිරය ඇතුලේ තියෙන්නෙ මොනාද කියල බලනකම් නොඉවසිල්ලක් තිබ්බා.යාතිකා අවසානයේ තප්පර 5කට විතර තිරය ඉවත් කරා කට්ටිය හෝ ගාල වදිනව.මමත් නැමිල බලන්ඩ හැදුව විතරයි ආයම තිරය වැහුවා. ඔහොම දෙවතාවක් දෙවියන්ව පෙන්නුව අපිට බලාගන්න.අඹපු රූපයක් තිබ්බෙ මතක හැටියට.චායාවක් විතරයි හරියටම මතකයක් නෑ.එකදිගටම පෙන්නන්නෙ නැත්තෙ අගේ වැඩි කරන්න වෙන්නැති.

එතන ගොඩක් "හාස්කම්" තියන තැනක් ලු,දරුඵල නැති අය එහෙම ගොඩක් ඇවිත් බාර වෙනවලු.බාර ඔප්පු කරන්න වෙන්නැති පුංචි දරුවො වඩාගන අම්මලා අප්පච්චිලා ඇවිත් හිටියේ.

පස්සෙ එක එක වට්ටි අරන් ලග හිටපු හිටපු අයට දුන්න,සමහර වට්ටි වල යතුරු පවා තිබුනා,ඒ වාහන වලට ආරක්ශාව වෙනුවන් බාර උන අයගෙ වට්ටි වෙන්න ඔනේ.ඒ පළතුරු වට්ටිනම් අදාල අයටම දුන්න අනික්වා ඔහෙ අහුවෙන අහුවෙන අයට බෙදලා දැම්මා.

ඒ අස්සෙ සමහර අත්තම්මලා තමන්ගේ පළතුරු වට්ටි හොයනව.ඒ එක්කම නිවේදනයක් නිකුත් උනා ඉක්මනින් අයින් වෙන්න අනිත් අයට එන්න ඉඩ දෙන්න කියල මමත් පුලුවන් ඉක්මනින් එතනින් එළියට ඇවිත් පපුව පුරවලා හොද හුස්මක් ගත්තා,අම්මෝ ඇති යන්තම එළියට ආව කියල හිතාගන.

44 comments:

  1. ප්‍රශ්න විසදන්න දෙවිවරුන්ට පුලුවන් ද කියලා නම් දන්නේ නෑ. ඒ උනාට එහෙම හිතාගෙන මිනිස්සු නම් පඬුරුත් අරගෙන දේවාල ගානේ යනවා නම් දැකලා තියෙනවා.

    පූජා වට්ටි කිව්වම නම් ඒකේ තියෙන පලතුරු කන්න මම මාර ආසයි. මොකේ තිබ්බත් පලතුරු නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් පළතුරු කනව නම් හොදයි තමා.ගොඩක් අය වට්ටි වල තිබ්බ ඒ පළතුරු අරන් කෑවා.මම් නම් කෑවෙ නෑ.එළියට ඇවිත් පොඩි කඩේකින් තැඹිලි ගෙඩියක් බිව්වා.

      Delete
  2. මමත් තවම දේවාලෙකට ගිහින් තියෙන්නේ එක පාරයි එතන මාරම තැනක්.....
    පඬුරු වෙනුවට කවුන්ටර් එකකට සල්ලි දීලා එතනින් දෙන ටිකට් එක තමා පූජා වට්ටියේ තියලා දෙන්න තියෙන්නේ.....
    ගොඩක් ප්‍රසිද්ද දේවාලයක්......හිතා ගන්න බෑ මොකක්ද ඒ වැඩේ තේරුම කියලා.....

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ කතරගම ගියාට පස්සෙ ඔය දේවාලෙකට ගියාමයි මමත්,අහ් ඒකත් එහෙමද?කීයද දන්නෙ නෑ ටිකක් එක.

      Delete
  3. මමත් තවම දේවාලෙකට ගිහින් තියෙන්නේ එක පාරයි එතන මාරම තැනක්.....
    පඬුරු වෙනුවට කවුන්ටර් එකකට සල්ලි දීලා එතනින් දෙන ටිකට් එක තමා පූජා වට්ටියේ තියලා දෙන්න තියෙන්නේ.....
    ගොඩක් ප්‍රසිද්ද දේවාලයක්......හිතා ගන්න බෑ මොකක්ද ඒ වැඩේ තේරුම කියලා.....

    ReplyDelete
  4. ට්‍රිප් ගියාම ආසම වැඩේ තමයි පූජා වට්ටිවලින් පලතුරු කන එක...සමහර තැන්වල පූජාව ඉවර උනාම අනික් අය ඒ ගොල්ලන්ගේ පූජා වට්ටිය අනික් අයට බෙදනවා....

    ReplyDelete
    Replies
    1. අහ් මට කන්න ආස හිතුනේ නෑ.අනිත් අයනම් කෑවා දැක්කා.

      Delete
  5. මාත් මධුරංග අයියගේ කතාවත් එක්ක එකගයි.. ඔය පලතුරු වට්ටියේ පලතුරු වල අමුතු ර්සයක් තියෙනවනේ.. වෙනදට නොදැනෙන..

    ReplyDelete
    Replies
    1. ආය ගියදවසක කාල බලන්නම්කො එහෙනම්.ඔච්චරම රහයි කියනව නම්.

      Delete
  6. ඔය වාහන පාර්කින් ගැන කියුව හන්දමයි කියන්නේ.. අපි එක පාරක් ඔහොම තැනකට ගියා... ආදරෙන් අමතල වාහනේ නවත්තන්න කියුව... ඒත් රියදුරාට ඉන්න කියුව... :( අපි එතනින් ගිනින් විනාඩි 2න් රියදුරාට කියුවලු වාහනේ අයින් කරගන්න කියල...
    ඒ වගේම මම අහල අහල තියනව, පූජා වට්ටි වලට සල්ලි ගන්නේ ආපහු ආවහම කියල... එතකොට මුලින් කියුව ගාන වගේ දෙගුනයක් වෙන වෙලාවලුත් තියෙනවලු...

    මමත් ඔහොම භාරයක් වෙලා තියෙනව, හා හා පුරා කියල ගත්ත රෝද 4 ට :) හැබැයි මම ගිය ස්ථානය නම් මට ගොඩක් හිතට පැහැදීමක් තිබුනා.ඒ බිමේදි ඔයා කියන විදිහේ අපුලක් දැනුනෙම නැති තරම්..
    මම අහල තියනව දකුණු ඉන්දියාවේ තිරුපති කෝවිල, ඔය වගේ අධික සෙනගක් එන තැනක් කියල.. අපේ රටේ අයත් ගොඩක් යනව, විශේෂයෙන්ම දරු පල බලාපොරොත්තුවෙන්.. ඔය දරුපල බලාපොරොත්තුවෙන් පන්සල්, කෝවිල් වලට යන්න තවත් හේතුවක් මම අහල තියනව.. ඔය නැවත් උපතක් බලාපොරොත්තුවෙන් ඉන්න ප්‍රාණකාරයො ගොඩක් පන්සල්, කෝවිල් අවට සැරිසරනවලු... මල්, පලතුරු , සුවඳ දුම් වල සුවඳ ඒකට හේතුවක්ලු. කවුරු හරි මෑණි කෙනෙක් වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න කෙනෙක් එතනට ගියහම, ඒ තුල පිළිසිඳගන්නවලු... මම අහල තියන කතාවක්.. නමුත් ඇත්ත නැත්ත දන්නේ නෑ..

    කාලෙකින් ආවේ මේ පැත්තේ ... වටේ පිටෙත් වෙනස් වෙලා,..,,,

    ReplyDelete
    Replies
    1. එක එක තැන්වල එක එක විදියේ වැඩ තමා තියෙන්නෙ.මම් නම් මේ තාක් මොකක් වෙනුවෙන් වත් බාර වෙලා නෑ.විභාග වලට උනත් උඩමලුවට ගිහින් වැදලා එනව මිසක් බාර වෙන්නෙ නෑ.
      ඔව් නේද ඒ කතාව මමත් අහල තියනව.දරු පල නැති අයට පන්සල් වලට නිතරම යන්න කියන්නෙ ඒක වෙන්නැති.
      ඔව් අලුත් ගවුමක් ඇන්දුවා.:)

      Delete
  7. අදමයි මේ පැත්තේ ආවේ ..එකිනෙකාගේ විශ්වාසය වෙනස් ..ඒ අනුව එයාලට තමන් හිතන පතන දේවල් හමුවෙනවා ..

    ReplyDelete
  8. මදැ ඔයින්ගියා අතක් පයක් නොකැඩි..හික්..දේවාලේ ඇත දෙයියො..කෙතේ වැටේ.. නැත දෙයියො දේවාලේ දේවාලේ දේවාලේ ඇත දෙයියො..මේ දෙවොලේ මං දෙයියො...කපු මහත් හොරුන්ගේ තේමා ගීතය....

    ReplyDelete
    Replies
    1. අහ් ඒක නම් ඇත්ත :)

      Delete
  9. මම තිරුපති කෝවිලට ගිහින් තියෙනවා කීප වරක්ම පොඩි කාලේ! එත් දැන්, ඉන්දියාවේ ගියත් ගොඩක් වෙලාවට යන්නේ නැහැ! එකට හේතුව,මම ඇස් දෙකෙන් දැකපු දේවල්! දේවාලේ දෙපැතේ ඉන්න සිගන්නෝ දන්නවා දෙවියන්ගේ දීමේ තරම....ඒයාලා, දෙවියන්ට නෙවෙයි, අත පාන්නේ මිනිස්සුන්ටයි! මැටි පිළිම වලින් ආරක්ෂාව, සැප සම්පත්, ඉල්ලන්නේ, අපි විතරයි මම හිත්නනේ..... එකත් පගාවට පලතුරු දීලා! මගේ අදහස දෙවියන් කියන්නේ ගොඩක් හොද මිනිස්සු වෙලා ඉදපු අය! ඒ අයට පතන බෝධියකින් නිවන් දකින්න, අපි කරන පින් වලින්,පින් ටිකක් අනුමෝදන් කලාම, එයාලගේ ආශීර්වාදය නිකන්ම අපිට ලැබෙනවා!මොකද එයාලට පින්කම් කරගන්න විදියක් නැති නිසා! ඊට වඩා දේවල් කිරීම,තේරුමක් නැති, දේවල් හැටියට තමයි මට හිතෙන්නේ !

    ReplyDelete
    Replies
    1. හ්ම්...මටත් දෙවියන් පිළිබද විස්වාසයක් නෑ.

      Delete
  10. හැබැයි මම අදහන දෙයක් තියෙනවා! ඒ අපේ 'ජය ශ්‍රී මහා බෝධියේ' හාස්කම් ඇති බව! බුදු වරුන්ගේ බලය, ළගදි දෙවියන්,බලරහිත බව මම අත් දැකපු දෙයක්!

    ReplyDelete
    Replies
    1. හ්ම් ගොඩක් බබාල බලාපොරොත්තුවෙන් ඉන්න අය එහෙම උඩමලුවට යනව තමා.

      Delete
  11. මම නම් ඔය දෙවිවරු ගැන විශ්වාස කරන්නේ නෑ...මොකද බුද්ධ ධර්මයේ ඉගැන්වීම අනුව දෙවිවරුත් අපෙන් පිං බලාපොරොත්තු වෙනවා...එහෙව් එකේ දෙවිවරුන්ට අපිට මොන කෙන්ගෙඩියක්ද කරන්න පුළුවන්.....මේක මගේ අදහස විතරයි....මොනවා උනත් අක්කේ පළතුරු ටික ගැන කියද්දී නම් කටට කෙළ උනනවා....හි හි හි

    ReplyDelete
    Replies
    1. මමත් එහෙම තමා හිතන්නෙ.

      Delete
    2. මකුළුවා.....,
      පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕනෙ, බුදු දහමෙ කියැවෙන්නෙ නෑ දෙවි වරු පිං බලාපොරොත්තු වෙන හිඟන්නො ජාතියක් කියල. අපි පිං අනුමෝදං කලොත් විතරක් දෙවි වරු පිං අනුමෝදන් වෙනව මිසක් පිං බලාපොරොත්තු වෙනව නෙවේ. ඊට අමතරව දෙවි වරුන් ටත් පිං කරගන්න පුලුවන් එක්තරා ප්‍රමාණ්යකට. නමුත් පිං කරන්නත් කුසල් වඩන්නටත් හොඳම තැන තමා මනුශ්‍ය ලෝකය...

      Delete
  12. දෙයියොත් සලකන්නෙ බර තියනවා නං තමා ......
    අයියෝ ලංකාවට ගිය කල .......

    ReplyDelete
    Replies
    1. එව්ව එහෙම තමා ඉතින්.

      Delete
  13. nadi mahathmiya nuwara paththe wentoona maye hithe.. :) edewale athule thiyenne daba ran pilimayak. dannawada, oya dewale thiyanawa eka eka than walin allala gena perethayo kotu karala danna puluwan thanak.habai e thana kothana thiyanawada kiyala nam dan na

    ReplyDelete
    Replies
    1. නෑ මම් ගිය දේවාලෙ නුවර පැත්තෙ එකක් නෙමේ.මම් ඔය ඔයා කියන එක ගැනත් අහල තියනව :)

      Delete
  14. මටත් මතකයි මම ගොඩක් පොඩි කාලෙ කච්චිවත්ත පන්සලේ කෝවිලට ගිහින් පලතුරු වට්ටොයක් දුන්න. කපුවා අන්තිමට ඒක මට දුන්න ගෙඩර ගිහින් කන්න කියලා.

    ReplyDelete
    Replies
    1. එහෙම දෙනව තමා අපිට ආපහු.කට්ටිය ඒවා කනව ඉතින්.

      Delete
  15. මම මේකට මුකුත් කියන්නේ නැහැ. සියල්ල අහගන්න පුළුවන් නන්දා මලනියගේ අර ගීතය මතකනේ. ගජමන් නෝනා.

    ReplyDelete
    Replies
    1. අහල බලන්නම් හරියට මතකයක් නෑ වගේ.

      Delete
  16. කරුණාව තියෙන්නේ මුදලට හැබැයි මුදල ගන්නේ කරුණාව දුන්නට පස්සෙයි.. එතකොටයි කරුණාවේ මිල තේරිලා තරු පෙනෙන්නේ.. අනේ මදා අපේ රටේ දේවාල සල්ලි ගරන තැන් වෙලා. දෙවිවරු මේවා බලන් ඉන්නවානේ.. මේ රටේ ඔය දෙවිවරුන්ගේ දේවාලවලට යන්නේ තමුන් කැමති දෙයක් අරන්...(මල් මාලයක් වගේ) සල්ලි දීමක් නැහැ.. අවශ්‍ය අයට පින් කැටේට ගානක් දැම්මහැකි..

    ReplyDelete
    Replies
    1. මෙහෙ වෙනස්.වැඩියෙන් පඩුරු දෙන්ව නම් කලින් දේවාලෙ ඇතිලට යන්න පුලුවන්.:)

      Delete
  17. අයියෝ නදීට දෙයියා බලන්ඩ හම්බ උනේ නැතිද?
    අර කව්ද කියනවා වගේ "මා ඉදිරියේ තොපට වෙන දෙවිවරු අවශ්‍ය නැත"(බයිබලයේ උදෘතයක්ද කොහෙද!)........

    ReplyDelete
    Replies
    1. කොහෙද තිරය ඇරියේ තප්පර 5කට වගේ බලන්ඩ එබෙද්දිම වැහුවා :(.මම් බයිබලේ කියවලා නෑ.

      Delete
  18. මමත් මේ වගේ තැන් වලට ගිහිං තියෙනවා අපේ ගෙදර අයත් එක්ක
    ඒත් දැන්නම් ගියත් යන්නේ විනෝද චාරිකාවක් විදිහට මිසක් වෙන දෙකට නෙමෙයි
    පලතුරු වට්ටි වල තියෙන පලතුරු ටිකට වැඩේ දෙන්නත් මම අමතක කරන්නේ නැහැ...:)

    ReplyDelete
    Replies
    1. මමත් ගියෙ මොකද වෙන්නෙ බලන්න මගෙ මතකේ තියෙන කාලෙක එහෙම දේවාලෙකට ගිහින් තිබ්බෙ නැති නිසා.අහ් මම් නම් කෑවෙ නෑ.:)

      Delete
  19. තිරය ඇරලා දේව රූපේ පෙන්නුවා කියන එක නම් ටිකක් අමුතුයිනේ. සාමාන්‍යයෙන් සිංහල අය කපු මහත්තුරු විදිහට ඉන්න "දේවාලවල" දේව පිළිම මිනිසුන්ට පේන් නැතිවෙන්නනේ ඇතුළේ තැන්පත් කරලා තිර දාලා වහලා තියෙන්නේ.

    දෙමළ අය පූසාරිලා විදිහට ඉන්න "කෝවිල්වල" තමයි දේව පිළිම මිනිසුන්ට පේන්නම තැන්පත් කරලා තියෙන්නේ.....

    ගාල්තැන්නේ රත්තරන් කපුවා ඉන්න දේවාලේ නම් ඇතුළේ තැන්පත් කරලා තියෙන රත්තරනින් කරපු පිළිමේ පූජාව වෙලාවට පෙන්නනවා. ඒත් මේ අඹපු පිළිමයක් පෙන්නන දේවාලේ මොකක්ද ???

    ReplyDelete
    Replies
    1. තිරය ඇරලා තප්පර 5ක් වගේ කාලයක් දුන්න බලන්න.ඔහොම 2 පාරක් කරා.ඔව් සිංහල අය තමා හිටියෙ සුදුම ඇදගත්තු අය.අපෝ ගාල්තැන්නෙ නෙමේ.නුවර තියන දේවාලයක් නෙමේ මේක.වෙන එකක්.දරුවො නැති අය ගොඩක් මෙතන්ට බාර වෙනවලු.ඒකනේ අර බබාල අරන් ඇවිත් හිටියෙ බාර ඔප්පු කරන්න.

      Delete
    2. දේවාලවල දේව ප්‍රතිමා නොපෙන්වන්නේ ඒවායේ අනුහස වගේම දෙවියන්ගේ මුහුණ දිහා එක එල්ලේ බලන්න හොඳ නැහැ වගේ සංකල්පත් එක්ක. වස් වදිනවා, අකැපයි වගේ සංකල්ප ඒකත් එක්ක ඇතිවෙලා තියෙනවා

      Delete
    3. අහ් මමත් එහෙම හිතුව,නිතරම පෙන්නුවහම ඒකේ වටිනාකමත් අඩු වෙනවනේ.ඒ නිසා වෙන්නැති කියල හිතුව.

      Delete
  20. mama deyak pehadili karannam oyalata, dewiyan wenuwen palathuru wattiyak puja kalata eke kisima waradak neha, hebayi ape minissu eka karana widiha tama weradi, api dewiyo langata palaturu karagahan yanna kalin gawuddayo widihata thriwida rathanaya wendala pansil aran kusalayak sidu karaganna one, ehema karana dewiyan balanna giyama eka waradak neha, anika samaharu ahawi dewiyanta palathuru deela pandurak tiyala puluwanda eyalagen wedak karaganna kiyala, neda,menna mehema deyak thinawa, palathuru kiyanne dewiyange ehemath nethinam dewa aharayak taram ape angata guna deyak,

    ReplyDelete
  21. සිටියෝ
    උස් මිටි ගැහැණු
    බඩ දරු මව්වරුන්
    කිරිකැටි නොදරුවෝ
    හැඩි දැඩි පිරිමි
    අඹ අන්නාසි කෙසෙල්
    සමග නාරන්
    පලතුරු වට්ටි දරා අත
    එකිනෙකා පරයමින්
    ගැටෙමින්
    තරඟයෙන් පොරකමින්
    ගැනුමට අස්වැසුම්
    හෝ ඔප්පු කිරීමට කලින් වුන භාර
    දේවාල මඩුව තුල
    කෙනෙක් ද්වේෂයෙන්
    පැන්න පෝලිම් උන් සමග
    බණිමින් රවමින්
    "සබ්බේ සත්තා භවන් තුසුකි සත්තා"
    අමතක වුනා මෙන්

    ReplyDelete
  22. This comment has been removed by the author.

    ReplyDelete
  23. දන්නව නෙ, අර දෙයියො දුන්න ළමයගෙ කතාව ;)

    ReplyDelete