මේ වගේ දෙයක් මම් දැක්ක පලවෙනි වතාව,සමහරු මීට කලින් දැකලා ඇති.මුලින්ම හිතාගන්න බැරිඋනා මේ මොකද කරල තියෙන්නෙ කියල.දකින්න ලැබුනේ රිදී විහාරේදි.රිදී විහාරේ වැදපුදාගන්න ඇවිත් හිටිය අත්තම්මා කෙනෙක්ට ලං වෙලා ඇහුව පාර තමා ඒක මොකද්ද කියල දැනගත්තේ.
පින්තූරෙ නම් හරියට පේනවද මන්දා?ඒක නිසා මම් කියන්නම්කො.රිදී විහාරේ ගොඩක් ගල්ලෙන් තියනවනේ, ඒ ගල්ලෙන් කීපෙකම මේ විදියට කෝටු ගෙනත් හිටවල තිබුන එක එක සයිස් ඒවා,හරියට මුක්කු ගහල වගේ.
මිනිස්සු මෙහෙම කරන්නෙ අපල දුරු කරගන්නලු.එහෙම කෝටුවක් හිටවලා ගල්ලෙන ඉන්න තත්වෙන් පිහිටලා පවතින්න ආධාරයක් වෙන එකලු මේකෙන් කරනවා කියල හිතන්නෙ.එහෙම කරාම අපල දුරු වෙනව කියල පුරාණ කාලෙ ඉදන් මිනිස්සු විශ්වාස කරනවලු.
මටනම් මේක කරන්න වෙලාවක් තිබ්බෙ නෑ.මට විහාරේ බලන්න ගොඩක් දේවල් තිබ්බ නිසා.ආය බලන්න යන්න පුලුවන් වෙයිද කියල කවුද දන්නෙ.ලගපාතක කෝටුවක් හොයාගන්න තිබ්බෙත් නෑ,ලගපාත තිබ්බ ඒව ඔක්කොම අරවිදියට හිටවලා වෙන්න ඔනේ.
මිනිස්සු හිතින් වැටුනහම කොච්චර නම් අන්ධ දේවල පස්සෙ නොසොයා නොබලා යනවද කියන එක තමයි මට හිතට ආවේ !
ReplyDeleteබහුං වෙ සරණං යන්ති - පබ්බතානි වනානිච
Deleteආරාම රුක්ඛ චෙත්‍යානි - මනුස්සා භය තජ්ජිතා
නෙතං ඛො සරණං ඛෙමං - නෙතං සරණං මුත්තමං
නෙතං සරණං මාගම්ම - සබ්බ දුක්ඛා පමුච්චති
බියෙන් තැති ගත් බොහෝ මිනිස්සු පර්වතයන්ද වනයන්ද ආරාමයන්ද සරණ යන්නාහ. මෙකී සියලු සරණය නිර්භය නොවේ. මෙකී සරණය උතුම්ද නොවේ. මෙකී සරණයට පැමිණි සියලු දුකින් නොමිදින්නේය.
බුද්ධ වග්ගය
-ධම්මපදය-
වෙනි -මිත්‍යා විශ්වාස තමා:)
Deleteහසිත- අන්න ඒකනේ.බොහොම ස්තූතියි කොමෙන්ට් එකට.
රිදී විහාරෙ විතරක් නෙමෙයි ගොඩක් ලෙන් විහාරවල ඕක දකින්න පුලුවන්....
ReplyDeleteමම නම් දන්න වේදිහට අපල දුරුවීම විතරක් නෙමෙයි..ලබන ආත්මයට පින් රැස්කරගන්නත් පුලුවන්ලු...
හ්ම්...ඒත් ගලකට මුක්කුවක් ගැහුව කියල කොහොමද පින් ලැබෙන්නෙ කියන ප්‍රෂ්නේ එන්නෙ නැද්ද ඔය මුක්කු ගහන අයට?
Deleteතවත් මේ විදිහටම ගල්ලෙන් තියන විහාරවල මම මේක දැකලා තියනවා. කොල්ලෝ කෙල්ලෝ මෙහෙම කෝටු කෑලි තියලා විහිලුවට කියනවා ගල පෙරලෙන එක නවත්තන්න එහෙම කරනවා කියලා.
ReplyDeleteතරුණ කෙල්ලො කොල්ලො නම් ඕව විහිලුවකට ගන්නව තමා.ඒත් වයසක සමහර උදවිය ඔයවගේ දේවල් සෑහෙන් භක්තියෙන් කරනව.
Deleteතර්කානුකූලව ධර්මයෙහි හැසිරීම තාම අපේ මිනිස්සුන්ගේ ඔළු වල නෑ කියන එකට තවත් එක් නිදර්ශනයක් තමා ඕක අක්කේ....අර කිව්වත් වගේ ගොඩක් ලෙන් විහාර වල...එහෙම නැත්තම් ගල් පර්වත අස්සෙන් යන්න තියෙන පන්සල් ආශ්‍රිතව තාම ඕක තියෙනවා....
ReplyDeleteහ්ම් සහතික ඇත්ත.
Deleteමේ සිද්ධාන්තය බොහෝම ඈත අතීතයට යනවා. ඔබ දන්නවද අනුරාධපුරයේ ඉන්නවා මිනිසුන් කොටසක් ඔවුන් තමන්ගේ දිවි දෙවනි කරලා ශ්‍රී මහා බොධිය ආරක්ෂා කර තිබෙනවා. ඒ සඳහා ඔවුන් ගොදුරු ගම්මාන නම් කරගෙන දිනපතා බෝධිය අවට ප්‍රදේශය ගිනි ගොඩවල් ගහලා ආරක්ෂා කර තිබෙනවා. මේක සිරිතක ලෙස අනුරාධපුරය වැටුනාගෙන් පසු බොහෝ කල් පැවතිලා තිබෙනවා. පසුකාලීනව දිඋණුවත් සමඟ මේවා නැති වෙලා ගිහින් තිබෙනවා. නමුත් අදටත් දර මිටි පෙරහැර කියලා පෙරහැරක් යනවා. ඒ යන්නේ මේ සිද්ධිය අනුස්මරණය කිරීමට. සිතන්න මේ විදියට නොවුනා නම් අද ඔබට මට වදින්න බොධීන් වහන්සේ කෙනෙක් ඉතිරි වෙයිද?
ReplyDeleteමෙන්න මේ ක්‍රමයම ගල් ගුහාවල චිත්‍ර වගේ දේ ආරක්ෂා කරන්නත් එදා පැරණි අය සිදු කර තිබෙනවා. අද බොහෝ දෙනෙක් නොදන්න ඔය සිරිත්වල ආරම්භය ඕකයි.
දීපිකා ප්‍රියදර්ශනී ගායනා කරන "ජයසිරිමා හාමුදුරුවනේ" ගීතයෙන් කියන්නේත් මෙහෙම දර මිටි ගෙනල්ල ගිනිමැල ගහලා ශ්‍රී මහා බෝධිය ආරක්ෂා කරපු අයගේ කතාව
Deleteආහ් මට කියන්න අමතක වුණා පස්සේ කාලේ ඒ කියන්නේ කීර්ති ශ්‍රී රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ශ්‍රී මහා බෝධීන් වහන්සේට වන සතුන්ගෙන් විශේෂයෙනම් වල් අලියගෙන් වෙන උවදුරු වලක්වන්න බෝධීන් වහන්සේ පිහිටි ප්‍රදේශය වට කරලා ගල් කැබලිවලින් ප්‍රාකාරය්ක් ඉදි කරනවා.
Deleteඅද දක්වාම ඒ ප්‍රාකාරය අපිට දැකගන්න පුලුවන්. ඒ කාර්යයත් එක්ක ගිනිමැල දල්වලා වල් අලින්ගෙන් ශ්‍රී මහා බෝධිය රැකගැනීමට අවශ්‍ය වුනේ නැහැ මම හිතන විදිහට
මහ වෙදනා-
Deleteහසිත-
බොහොම ස්තූතියි කොමෙන්ටුවලට.මේ තියෙන්නෙ අර කියපු සිංදුව.
ජය සිරිමා හාමුදුරුවනේ
දරමිටි බැන්දා රෑ නිදි වැරුවා
ගිණි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්න තහංචිද....
වැලි මළුවේ ඉඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්න හොඳයි
ඉස්සර වාගෙම දහදිය මුහු වුනු
අපේ බාර පිලිගන්න හොඳයි......
රන් වැට පාමුල සාධු කියන කොට
ලෙන්ගතු කම් නොහිතන්න හොඳයි
බුදුහාමුදුරුවෝ දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොඳයි....
ගේය පද: මහින්ද චන්ද්‍රසේකර
සංගීතය: රෝහණ වීරසිංහ
ගායනය: දීපිකා ප්‍රියදර්ශනී
හ්ම්ම්...ඒ කාලෙ කරපු දේවල් සිරිතක් විදියට අදට එකතු වෙන්න ඇති.
Deleteහෑ. මම හිතුවෙ මෙහෙම කෝටු ගහන්නෙ ජෝක්එකට කියල.
ReplyDeleteමමත් හිතුවේ එහෙමනේ බං... :)
Deleteඅහ් මම් නම් හිතුවා මොකක් හරි හේතුවක් ඇති කියල.
Deleteමමත් හිතුවේ එහෙමයි නේ...මොකද ඕනම තඩි ගලකට ඔය වගේ කෝටු ගහන වෙලාවල් ගොඩක් දැකල තියනවා මම..
Deleteකොල්ලෝ ජෝක් එකටත් එහෙම කරනව ඇති.
Deleteරිදී විහාරේ තිබුණ වරකා නැට්ට ඇල්ලුවේ නැද්ද උඩ පැනලා... ඒක ඇල්ලුවොත් උස යනවලු! අනේ මන්දා මිනිස්සුන් ට හරි දැක්මක් නැති වුණා ම බොරු දේවල් පස්සේ යන තරම්!
ReplyDeleteඅර වරකා වැලදූ විහාරේ තිබ්බ ගලද? ඔව් මමත් ඒක නම් ඇල්ලුවා උස තිබ්බ නිසා.අහ් ප්‍රාර්ථනාවක් කරන්න කියල තමයි කිව්වෙ එතකොට ඉෂ්ථ වෙනව කියල.මම් නම් කරපු ප්‍රාර්ථනාවක් නෑ.උස තියන නිසා අල්ලලා බැලුව.ඒක අල්ලාම ගෙවිලත් ගිහින්.:)
Deleteමමනම් දැකලා නැහැ. රිදී විහාරෙට ගිහිල්ලවත් නැහැනේ :((
ReplyDeleteදවසක ගිහින් බලන්නකො ඔයත්
Deleteමේක අපල දුරු වෙන්න කරන දෙයක් නෙවෙයි. මේ පුරාණයේ ඉඳල ලංකාවේ මිනිස්සු කරන ඒ උනත් දැන් අභාවයට ගියපු සිරිතක්. මේ වගේ ගලක් නෙරලා නෙරුමක් හැදිලා තියනවනම් ඉස්සර මිනිස්සු කරේ ඒ ගලට කෝටු කැල්ලක් තියල ඒ ගල පවතින්න ආධාරයක් කරපු එක. එහෙම නැත්තන් මුක්කුවක් ගහපු එක. ඒ අර ගලේ බර හෑල්ලු වෙන්න කියන තැන ඉඳල. ඒක තමා මේ සිරිත. ඔයා ලංකාවේ ගල් ලෙන් තියන ගොඩක් තැන වලට ගියොත් ඒ දේ බලාගන්න පුළුවන්. පුදබිමක්ම වෙන්න ඕනේ නෑ, ඕනෙනම් කිතුල්ගල බෙලි ලෙනට ගිහින් බලන්න. කොයිතරම් කොටු ගහල මුක්කු දීල ඇත්ද ගල වටේට කියල. මේ සිරිතෙන් ලංකාවේ මිනිස්සුන්ගේ මානව දයාව කොයිතරම්ද කියල පේනවා. හිතක් පපුවක් නැති කළු ගලකට උනත් බර සැහැල්ලු වෙන්න මුක්කු දීමෙන් ඒක වටහාගන්න පුළුවන්.
ReplyDeleteහ්ම්.දැනුත් සමහරු හේතුව දැන හෝ නොදැන ඔහොම මුක්කු හිටවනව.අනිත් අය කරන නිසා.
Delete@ ක්සැන්ඩර් | Xander,
Deleteඉතාම වැදගත් අදහසක් මචන්, සිංහලයො කැත්තට උදැල්ලට පවා වැඳල වැඩ කරපු ජාතියක්. පස්සෙ පරදේසක්කාරයො ඇවිත් අපේ ඒ වටිනා හර පද්ධතිය අපේ දණහිස් මට්ටමෙන් දකින විදියට වැඩ සලස්වලයි ගියෙ. දැන් අපි හරියට මුදුන් මුලක් නැති ගහක් වගේ. තියෙන්නෙ මතුපිටින් මෑතට විහිදුන පොඩි මුල් ටිකක් විතරයි. ඉතින් සිව් දිගින් හමා එන වේරම්භ වාතයන් හමුවේ අපි කෙසේ නම් ඉන්ද්‍රකීලයක් සේ නැගීසිටින්නද...
රිදී විහාරෙ වරකා නැට්ට දැක්කද
ReplyDeleteනෑ නේ බොලේ අර වරකා වැලදූ විහාරේ උඩ තියන ගලක් වගේ එකක් නම් අල්ලන්න කට්ටිය පොර කෑවා.මමත් ඇල්ලුව ඒක නම්.
DeleteI have seen this before :P
ReplyDelete:පි
Deleteඅපොයි..... ඔහොම කතාවක් ඇහුවෙ අදමයි.... :O
ReplyDeleteඑහෙමද?මමත් එදාම තමා දැක්කේ :)
Deleteඅනේ මන්දා, මට නං ඔය දේ ගැන විශ්වාසයක් ඇති වෙන්නෙම නැ ........
ReplyDeleteහ්ම්ම්...
Deleteමහවෙදනා කිවූ මිනිසුන් අයත් වන කුලයක් ඇත.ඔවුන් බෝධි වංශිකයන් ලෙසද.දකුණු පළාතේ දුරාවේ ලෙසින්ද උඩරට පළාත් වල තරමක අපහාසාත්මකව පන්නයන් ලෙසද හදුන්වනු ලැබේ.අදටද විහාරස්ථානයක ඇති බෝධියක දිරාගිය අත්තක් කැපීම සඳහා බොහෝවිට යොදාගන්නේ මේ කුලයට අයත් පුද්ගලයෙකි.උඩරට රාජදානි සමයේදී මේ කුලයට අයත් මිනිසුන්ට පැවරී තිබුනේ රාජකීය ඇත්, අස් පන්තියට තණකොළ සහ අතු සැපයීම සහ යුද සේවයයි.යුද සේවාවේ දක්ෂකම් පෙන්වූ අයට දුරයා නම් ගරු නාමය ලබාදුන් බව ඉතිහාසයේ සඳහන් වේ.අනුරපුරයේ විහාර පාලුගම නමින් හැඳින් වෙන ප්‍රදේශයේ අදාල කුලයට අයත් මිනිසුන් ජීවත් වේ.
ReplyDeleteඔබ කිව් කාරනය හරියටම හරි. මා ඒ කොටස ඕනෑකමින්ම මඟ හැරියා. නමුත් මේ මිනිසුන් සම්භාවනාවට පත් විය යුතු අය. නුවර යුගය වන විට ඉන්දියානු ආභාෂයද ලබා එය අඩු කුලයක් වී තිබුනත් පෙරාපගේ සූර්‍යවංශික රජදවස ඉතාම බහුමානයට පත් වූ කුළයක්. මොවුන් දන්ත කුමරා හා හේමමාලා කුමරිය සමඟ මෙරටට පැමිණි අයගෙන් පැවතෙන්නන්.
Delete@ ඇනෝ- අහ් විහාරපාලුගම කියන ගම මමත් දන්නවා.මමත් අනුරාධපුරේ නේ.
Delete@ වෙදනා- //නමුත් මේ මිනිසුන් සම්භාවනාවට පත් විය යුතු අය.
ඒක ඇත්ත.ඒ මිනිස්සු ඔහොම හරි වෙහෙර විහාර ආරක්ශා කරල දුන්නෙ නැත්තම් අද අපිට වදින්න පුදන්න ඔය ස්ථාන ඉතුරු වෙලා තියෙයිද?
මමත් රිදී විහාරෙ ගිහින් තිබුණට .. මෙහෙම එකක් දැක්කෙ නෑ...
ReplyDeleteඔය ගුහා වල නයි ඉන්නව කියපු හන්ද මම ඒ පැත්තට ගියෙ නැති නිසා වෙන්න ඇති.
ඔය නයි ඉන්නව කියන එක වුනත් මිත්‍යාවක් කියලයි මම හිතන්නෙ.
හැබැයි ඒ ගැන කට කතා නම ඕන තරම් තියෙනවා.
මොකෑ දැක්කෙ නැත්තේ? යන පාරේමනේ තියෙන්නෙ.ඔව් ගොඩක් එක එක්කෙනා කියන ඒව තමා ඉතින්.මිත්‍යා විශ්වාස වෙන්නත් බැරි නෑ නේ.
Deleteමමත් ඕන තරම් දැකලා තියෙනවා.. ඒත් එහෙම කරන්නේ අපල වලටයි කියල නම් දැනගත්තේ දැං...
ReplyDeleteඅහ් මට විස්තර කිව්ව කෙනා නම් කිව්වෙ මෙහෙම කරන්නෙ අපල වලට කියල.අපල ඩුරු වෙන්වලු කියල තමා කිවෙ.හරියටම දන්නෙ නෑ.
Deleteමම නම් අහල තියෙන්නෙ ඔය කෝටු ගහන්නෙ දෙව්දත් පරපුරේ අයලු.
ReplyDeleteඒ කිව්වෙ?
Deleteමමත් දැකලානම් තියෙනවා හුඟාක්, ට්‍රිප් හිහාම ඔය ලෙන් විහාර වලට යද්දි දැක්කා. කිපතැනකම. හැබැයි, අපල කතාව දැනගත්තෙ අද..
ReplyDeleteඅහ් එහෙමද?
Deleteමෙහෙම කරන්නෙ කොන්දෙ අමාරු දුරු කරගන්න කියල එතන හිටිය එක්කෙනා කිව්ව. සහ එහෙම අමාරු නැති අයට මේ වැඩේ කරන්න එපා කියල තරයේම අවවාද කලා!
ReplyDeleteඅහ් එහෙම වෙන්නත් පුලුවනේ කොන්දෙ අමාරු නැති අය එහෙම කරාම් කොන්දෙ අමාරු ඇති වෙනවද දන්නෙ නෑ.හරියට නැති ලෙඩට බෙහෙත් ගන්නව වගේ.:)
Deleteමං දැකලා තියෙනවා. කුරුණෑගල තියෙනවා කන්දක් උඩ තියෙන පන්සලක්. ඇතාගල නෙමෙයි. වෙන එකක්. ඒකෙත් ලොකු ගල් යට මේ වගේ කෝටු කෑලි තියලා තියෙනවා. නම මතක නෑ...
ReplyDeleteඅහ් ඇතුගල නම් නෙමේ වෙන්න ඔනේ එහෙනම්.හ්ම්ම්.මම් නම් ඔය දැක්කමයි.
Deleteමේ ගල වැටුනොත් කියලා බයටනේ ඔහොම ගහලා තියෙන්නෙ.. :D මම් තැන් කීපයකම දැක්කා..
ReplyDeleteඑහෙම වැටෙනවැයි හෙහ්.
Deleteඅයියො නදී.. පළවෙනි වතාව?? ඒ කියන්නෙ ඔයා ට්‍රිප් ගිහින් තියෙනවා හොඳටම මදි. හොඳටම.
ReplyDeleteඒකනේ. :/
Deleteමාත් එක වතාවක් ගලකට මුක්කුවක් ගහලා ආවා.
ReplyDeleteඒත් තාම ඒ ගල පෙරලුනේ නෑ.
අහ් මට නම් මුක්කුවක් ගහන්න බැරිඋනා.
Deleteමම නම් ඔය පැත්ත පලාතේ ගිහින් නෑ ඒත් අපේ ඉස්කෝලේ තිබ්බ ගල්ගෙඩි ගිඩකකට ඔහොම ජැක්කු වගයක් ගහලා තිබුණා මට මතකයි .
ReplyDeleteමමත් රූපේ දකිද්දී හිතුවේ මේක හෙන ජෝක් එකක් කියලයි ..
මමත් දැක්ක පාරම බැලුවේ මේ මොකද කියල.පස්සෙ අහල බැලුවම තමා අරහෙම කතාවක් කිව්වෙ.
Deleteමමත් දැකලා තියෙනවා ගල් ලෙන් වල ඔය වගේ කෝටු ගහලා තියෙනවා.
ReplyDeleteමම් නම් ඔය දැක්කමයි.
Deleteමමනම් ගල්වලට ජැක් ගහන ඒක අතහැරලයි තියෙන්නේ!
Delete?
Delete@ sajith,
Deleteඑහෙනම් අර පහුගිය දවසක පොලිසියෙන් ඇවිත් උබව බස් එකෙන් බස්සවගෙන ගියේ මොකටද? :D
ඒ මොකද? :O
Deleteඒක නම් අහන්න ඕනෙ සජිත් ගෙන් ම තමා... ;)
Deleteඅක්කල රිදී විහාරයට එහා රම්බොඩගල්ලෙ අර අලුතෙන් නෙලන ශෛලමය බුද්ධ ප්‍රථිමාවහන්සේ බලන්න ගියෙ නැද්ද?
ස්වර්ණමාලී මහා චෛත්‍යරාජයාණන් වහන්සේ ගේ කොතේ පළන්දවල තියන චූඩාමාණික්‍ය දුටුගැමුණු මහ රජ තුමාට ලැබිල තියෙන්නෙත් මේ රිදී විහාරයෙන්....
බොරු කියල යාලුවාව අවුස්සන්නෙ නැතුව ඉන්ඩ.:)
Deleteඅනේ යන්ඩ බැරි උනා වෙලාව මදි උනානේ.
හ්ම්...මම් රිදී විහාරේ ගැනත් විස්තරයක් දාන්න ඉන්නෙ.
No comments...
ReplyDelete