"අභිරහස් පුනර්භව" කියන්නෙ මම අලුතින්ම කියවන්න කියල ගත්ත පොත.ලියල තියෙන්නෙ තිස්ස ජයවර්ධන මහත්තයා.
මිනිස් සිරුරේ දකින්න ලැබෙන ලප කැලල් ,ශරීර කොටස් අඩුවීම් පිළිබදව පුනර්භව පර්යේශණ මගින් හෙළි කරගත්ත අවස්ථා බොහොමයක් ගැන මේ පොතේ සදහන් කරල තියනව.
පෙරභවයන් හෙළිකරපු සමහර දරුවෝ ශරිරේ උපතින් ඇතිවී තියෙන අඩුපාඩු, පෙරභවයට සම්භන්ධ සිදුවීම් නිසා ඇතිච්ච දේවල් විදියට අනාවරණය කිරීම් කරලත් තියනව.
පෙරභවයේදී සිරුරට වූ හානියක් යළි ඉපදීමකදී ඒ විදියටම පිහිටන්න පුලුවන්ද?
පුනර්භවය ගැන පර්යේශණ පවත්වන ලෝකේ ඉන්න ප්‍රධාන පෙළේ මනෝ වද්‍යවරුන්ගේත් අවධානය ට පත් වෙලා තියන ඒවගේ සිදුවීම් අභිරහස් පුනර්භව විදියට සැලකෙනව.ඒවගේ අභිරහස් කීපයක්ම පොතේ සදහන් කරල තියනව.
මුල්ම නිදසුන විදියට ලංකාවේ වෙච්ච සිද්දියක් විස්තර කරල තියනව.කෙනෙක් මනුස්සයෙක්ව කඩුවකින් කපලා මරලා හිරේ ගිහින් තියනව.ඒ මනුස්සය මැරිලා ඉදලා තියෙන්නෙ අත්දෙක වෙන්වෙන විදියටම කැපිලා,ඒ වැදිච්ච කඩු පහරට.මරපු මනුස්සයා හිරේ ඉදලා නිදහස් වෙලා ආවට පස්සෙ ඒ මනුස්සයගෙ දරුවෙක් ඉපදිලා තියනව.හරියටම අර මැරිච්ච මනුස්සයා වගේම අත්දෙක උරහිසෙන්ම නැතුව.
මරණ පරීක්ශණ තොරතුරු, සිද්දියට අදාල පුද්ගලයන්ගෙන් ලබාගත් තොරතුරු බොහෝ ප්‍රමාණයක් පොතට අඩංගු කරල තියනව.දොස්තර වරුන්ගේ නිගමනයට අනුව ඒ දරුවට එහෙම Birth Defect එකක් වෙන්න වෙන කිසිම ප්‍රශ්ණයක් තිබිලා නෑ.ඒ කියන්නෙ හේතුවක් හොයාගන නෑ.
අවසානේදී මරපු මනුස්සයම කියල තියනව සමහර විට මැරිච්ච කෙනා මගෙ දරුවෙක් වෙලා ඉපදුනාවත්ද කියල එයාට සැකයක් තියනව කියල.
කුතුහලය ඇති වෙන පොතක් එක හුස්මට කියවගන යන්න පුලුවන්.හම්බුනොත් ඔයාලත් කියවලා බලන්න.
අභිරහස් පුනර්භව
තිස්ස ජයවර්ධන
ISBN 955-1178-57-2
“දොස්තර වරුන්ගේ නිගමනයට අනුව ඒ දරුවට එහෙම Birth Defect එකක් වෙන්න වෙන කිසිම ප්‍රශ්ණයක් තිබිලා නෑ.“
ReplyDeleteඑහෙම නැතුව හේතුවක් නිසා සිදුවුන දෙයක් පෙර භවයට සම්බන්ධකමක් නැතුවඇතිද???
හොඳ මාතෘකාවක්... බලන්න ඕන අරගන පොත.
කියවලා බලන්නකො පොත පොඩී ඔයාත්,අමුතු අමුතු දේවල් ටිකක් තියෙන්නෙ.
Deleteනියම පොතක් වගේ අක්කේ..
ReplyDeleteකියවලා බලන්නකො.සමහර දේවල් විශ්වාස කරන්නත් බෑ.
Deleteඇත්තටම කියවන්න ආස , වටින පොතක්.. උපන් ලප ඇතිවෙන්නෙත් ඒ වගේ කියලා මං අහලා තියෙනවා.. ඒ වගේම යම් කිසි අනතුරක් වෙලා පණ පිටින් මැරුණ අය නැවත ඉපදෙද්දි ගියආත්මයේ ඒ අනතුරේ මතකයන් එක්ක යම් යම් දේ වලට ප්‍රතික්‍රියා දක්වන්නෙ වෙනස් විදිහකට.. ස්තූතියි මේ පොත ගැන සඳහන් කලාට.. :)
ReplyDeleteඔව් එහෙම ලප ඇතිවෙන හැටි ගැනත් ඒ පොතේ කියල තිබුනා.හ්ම් ගින්දරට, වතුරට,බස් වලට එහෙම බය වෙන්නෙ සමහරු එහෙම දේවල් වලින් අනතුරු වෙලා මැරුනහම කියල එක නිදසුනකුත් ඒ පොතේ තිබ්බා.
Deleteමේ ආත්මෙදි පලදෙන කර්ම විපාකය ගැන ආචාර්ය නන්දසේන රත්නපාල මහත්තයාගේ පොත කියෙවුවද ? නොමිලේ අච්චුගහල පන්සල් වල තියන්න වටිනා පොතක්..
ReplyDeleteසිරුරේ කැළැල් නෙවෙයි අපි එකතු කරන ගුණ ධර්ම (හොඳ නරක දෙකම) අපි ආත්මෙන් ආත්මෙට අරන් යනවා කියන එක ඇත්ත.. එකයි අපි මේ ආත්මෙදි පුළුවන් තරම් කුණු ගොඩවල් විසිකරලා යන්න ඕන..
පත්තරේ ගිය ලිපි පෙල නම් කියෙව්වා.ඔය පොත ගැන මට හරියටම මතකයක් නෑ.බලන්න ඔනේ හොයලා
Deleteකියවන්න වටින පොතක් වෙයි වගේ...
ReplyDeleteහම්බුනොත් කියවලා බලන්ඩකො
Deleteසියවස් ගනනාවක් තිස්සේ කාන්තාවන්ගේ කන විද්දත් කන් පෙතිවල සිදුරු එක්ක බිළිදියක් ඉපදුනු බවක් නම් කොහේවත් සඳහන් වෙලා තියෙනව දැකල නැහැ.....ඔය පොතේවත් තියෙනවද දන්නෑ......
ReplyDeleteමේ පොතේ එහෙම එකක් තිබ්බ.එයා සිංහල ළමයෙක් විදියට ඉපදිලා තියෙන්නෙ. කන්වල දෙමළ අය කරාඹුදාන විදියට කන් පෙත්තෙ ඉහල සිදුරු තිබිලා තියනව.නළල මැද පොට්ටුවකුත් තිබිලා,ඒ ලමයගෙ පින්තූර පවා දාල තියෙනව.විශ්වාස කරන්න අමාරුයි එහෙම සිද්ධි.
Deleteඑයා කියන්නෙ එයා ගිය ආත්මෙක දෙමළ කෙනෙක් වෙන්න ඇතිලු.ගොඩක් දෙමළ කෑම ජාත් වලටත් ආසලු.කෝවිල් යන්නත් ආසලු.අනික දෙමළ අය දැක්කම ගොඩක් සමීප බවක් දැනෙනවහ් කියල කියල තිබුනා.:)
මම නම් ඒකට එතරම් එකඟ නැහැ. පිහිටන්නත් පුළුවන්. හැබැයි පුනර්භවය කියන සංකල්පය ඉතා සීරුවෙන් කල්පනා කරන්න ඕනෙ දෙයක්. ගෙඩිය පිටින්ම මේ අත්මෙන් ඊලග භවයට යනවා කියන එක මම නම් පිළිගන්නේ නැහැ. මම හිතන්නේ අපි කරන කර්ම ඒවායේ විපක ඊලඟ භවයේ අපේ උපත සිදු වීමට වැදගත් වෙනවා. නමුත් මේ මමම ඊලඟ භවයට යන්නේ නැහැ. මේ කර්ම ගතිය භවයෙන් භවයට කර්ම රැස් කරමින් යන එක නවත්වන්න තමයි අපි බලන්න ඕනෙ. ලංකාප්‍රිය කියන දේ හා ඒකඟයි. ජය මෙවැනි ලිපි තවත් ලියන්න. ඔබට සදා ජය!!
ReplyDeleteඔව්. කවදාහරි අපි යන තැනකට අරන් යන්නෙ අපි කරන හොද නරක දේවල් වලින් ලැබෙන ප්‍රථිඵලේ කියල මමත් පිළිගන්නව.ඒ පොතේ කියල තිබුන සමහර දේවල් පිළිගන්න බැරිතරම් පුදුම දේවල්.එක අවස්ථාවක් තිබුනා පෙර ආත්මය කියන ලමයා ඉපදෙද්දි කලින් ආත්මේ ඒ මනුස්සයා මියගිහින් තිබුනේ නැති අවස්ථාවකුත්.සමහර පර්යේශණ මෙතුමාගෙ අධීක්ශණය යටතේ කෙරුන ඒවා.
Deletehttp://en.wikipedia.org/wiki/Ian_Stevenson
මාත් හිතන්නෙ මේ ආත්මෙ අපි තුළ ඇතිවෙන විශේෂ දක්ෂතා වගෙම ඥානය වගෙ දේවලුත් ඊලඟ භවයට ගෙනියනව කියලයි. [දුර්ගුණත් සමගම]
ReplyDeleteමමත් හිතන්නෙ එහෙමයි.
Deleteසමාවෙන්න නදී මම මෙසේ කියන්නේ මා පුනර්භවය සහ මෝහනීය ප්‍රතිගමනය විශ්වාස නොකරන පුද්ගලයෙකු නිසා විය හැකිය.
ReplyDelete"පෙරභවයන් හෙළිකරපු සමහර දරුවෝ ශරිරේ උපතින් ඇතිවී තියෙන අඩුපාඩු, පෙරභවයට සම්භන්ධ සිදුවීම් නිසා ඇතිච්ච දේවල් විදියට අනාවරණය කිරීම් කරලත් තියනව" මෙවැනි සිදුවීම් හුදෙක්ම සන්නිපාත සිද්දීන් වීමේ ලොකු හැකියාවකුත් තියනවානේ, අනික ඔය විස්තර කරලා තියන උදාහරනයේත්!!!!!
මම කියන්නේ අපිට උගන්වලා තියනවා හැම දෙයටම හේතුවක් තිබිය යුතුබව! අවසානයේ පැහැදිලි යමක් නොදුටු වෙලාවට අපි ඒවා ගිය ආත්මයේ ගිණුමට බැර කරනවා.
ඔව්.ඔයා කියන එකත් ඇත්ත.එහෙම උපතින් අඩුපාඩු සිද්ද උනා කියල ඒව පෙරභවයේම වෙච්ච් දේවල් වල බලපෑමක්ය කියලා කියන්න බෑනේ.ඔව් හේතුව හොයාගන්න බැරිඋනාම ඒවා පෙරභවයට කරුමෙට බැර කරනව සමහරු.බුදු හාමුදුරුවොත් කියන්නෙ හැමදේකටම හේතුවක් තියනව කියලනේ.
Deleteඑතකොට ඔය මානසික වද්‍යවරු ප්‍රතිකාර වලදී එහෙම මෝහන ප්‍රතිගමනය පාවිච්චි කරන අවස්ථා තියනවනේද?
පෙර භවය කියන්නේ හේතුවක් නැති දෙයක් නෙමෙඉ. එකත් හේතුවක් ඇතුව වෙන දෙයක් අපිට පෙන්නේ නැති උනාට. පේන දේවල් විතරක් විශ්වාස කරන්ඩ ගියොත් ඔයාට ගොඩක් දේවල් මගහැරෙනවා. බුදු හාමුදුරුවොත් පෙර භවය ගැන හේතු ඇතිව කියල තියෙනවා. කව්රු හරි කරපු පව් මගහරින්නට පෙර භවය විශ්වාස නොකර හිටියට හරියන්නේ නෑ.
Deleteපෙර භවය කියන්නේ හේතුවක් නැති දෙයක් නෙමෙඉ. එකත් හේතුවක් ඇතුව වෙන දෙයක් අපිට පෙන්නේ නැති උනාට. පේන දේවල් විතරක් විශ්වාස කරන්ඩ ගියොත් ඔයාට ගොඩක් දේවල් මගහැරෙනවා. බුදු හාමුදුරුවොත් පෙර භවය ගැන හේතු ඇතිව කියල තියෙනවා. කව්රු හරි කරපු පව් මගහරින්නට පෙර භවය විශ්වාස නොකර හිටියට හරියන්නේ නෑ.
Deleteමේ ලිපියත් කියවල බලන්න
Deletehttp://www.silumina.lk/2012/05/06/_art.asp?fn=am1205061
මේ බෞතික ශරීරය නොහොත් රූප කාය හැදිලා තියෙන්නෙ රූප කලාප කියන පරමනුවට වඩා ගොඩාක් සිඋම් අනුවකින් ( අනුවක් කිව්වට එකත් අනිත්ත දෙයක් ) මෙහෙම බවයෙන් බවයට කැලැල් ඇතිවෙන විදිය වැටහෙන්නනම් අබිදර්මය කියවන්න. ගැබුරු උනත් නිරෞල් මනසකින් කියෙව්වොත් වැටහෙනවා
ReplyDeleteහ්ම්.කාලෙ අරන් නිවීසැනසිල්ලෙ කියවන්න ඔනේ සමහර දේවල් තේරෙන්නෙ නෑ.
Deleteඔහොම දේවල් වෙනවා කියලා හිතාගන්න බැ. පොත අරගෙන කියවල බලන්න ඕන.
ReplyDeleteමටත් සමහරදේවල් හිතාගන්න බැරිඋනා.කියවලා බලන්නකො
Delete"artisteer3"soft wear එක මා ලඟ තියෙනවා...key gen එකත් සමග.....කොහොමද ඒක ඔයාට එවන්නේ.....nishanthak41@yahoo.com
ReplyDeleteඔයා කවුද මම් ඔයාව දන්නෙ නැනේ?:)
Deleteඔයවගේ දේවල් එකපාරටම නෑ කියන්න බෑ. මොකද මට මතක විදියට බුරුමේ හරි තායිලන්තේ හරි රටක මිනිහෙක් මැරුණාම ඒ මනුස්සයාගේ ඇඟේ ලපයක් තියල ආයේ ඉපදෙන්න කියල ඉල්ලනවා. ඕක කරන්නෙත් ගොඩක් රහසින්. දෙන්නෙක් තුන්දෙනෙක් තම දන්නේ මිනියේ කොතනද ලපය තිබ්බේ කියල. ඊටපස්සේ කවුරුහරි පුනුරුත්පත්තිය කියනකොට එයාලගේ ඇඟේ ලපය සටහන් කරපු කෙනෙක් ඉන්නවනම් එය ඇවිත් බලනවාලු මේ කෙනාගේ ඇඟේත් ඒ ලපය එහෙමම තියනවද කියල. රිවිර පත්තරේ යන පෙරභාවය ගැන කතා මාලාවේ මේවගේ සිද්ධි ගොඩක් සටහන් කරලා තියනවා. www .rivira .lk ලිපිනයෙන් ගිහින් ඔයාලටත් ඒ ලිපි කියවන්න පුළුවන්.
ReplyDeleteඔය ගැන මේ පොතෙත් සදහන් කරල තිබ්බා.
Deleteමාත් මේ ගැන ගොඩක් විස්තර කියෙව්වෙ රිවිර පත්තරෙන්....
Deleteහප්පා !!! මේකේ තියෙන සමහර එවුවා මට තේරුම් ගන්න පුලුවන් වේද මන්දා !!!
ReplyDeleteඇයි එහෙම කියන්නෙ?
Deleteබලන්න ආස හිතෙන මාතෘකාවක්... හොයාගෙන කියවන්න බලන්න ඕනේ. මරණෙන් පස්සෙත් ඒ ඒ සලකුණූ එන්න පුළුවන් කියලා මමත් අහලා තියෙනවා. මගෙත් එහෙම ලපයක් තියෙනවා. හැබැයි ගිය ආත්මෙට සම්බන්ධද දන්නෑ... හි හී...!
ReplyDeleteමමත් ඔය කුතුහලය හින්දමයි ඒ පොත කියවන්න ගත්තෙ.මගෙත් තියනවා.:)
Deleteඔය වගෙ සිද්ධි ගැන මමත් කියවලා තියෙනවා. කුතුහලය පිරුණු මාතෘකාවක්.
ReplyDeleteහ්ම්.මමත් ඒ නිසාමයි පොත් ගත්තෙ කියවන්න.
Deleteඅහ්හ් කියවන්න ඕනා
ReplyDeleteහ්ම්ම් කියවලා බලන්ඩකො වෙලාවක
Deleteඔය හුස්මටම මෙන්න මෙයාගේ පොත් 2 3 කුත් හොයාගෙන කියවන්න අෆ්ෆා...
ReplyDeletehttp://en.wikipedia.org/wiki/Abraham_Kovoor
එබ්‍රහම් ටී කොවුර් මහත්තයගෙ පොතක් මම් කියවලා තියනව,
Deleteඑක පොතක pdf එකක් නම දැනුත් මා ගව තියෙනවා ඕනේ නම දෙන්නම්
ReplyDeleteඅනේ පුලුවන් නම් එවන්න.මට ඔයාගෙ මේල් එක හොයාගන්න බෑනේ.
Deleteblogwanninayaka@gmail.com.
මටත් එවන්ඩෝ. මයේ මේල් ඇඩ්‍රස් එක දන්නවා නේ.
Deleteඅනේ දන්නෑ ලමායි. ඕවගෙ ඒව ඉරිදා පත්තර වල නම් තියෙනවා.
ReplyDeletehenryblogwalker the Dude
කිසියම් සිද්ධියක් සිදු උනේ මොන නියාම ධර්මයට අනුවද කියල නිවැරදිවම කියන්න පුලුවන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. අපි කල යුතු වන්නේ ලප කැලැල් කෙසේ ඇතිවී ද යන්න විමසන එක නොවේ, වහ වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමයි.
ReplyDelete