මේ පිලිබද මුල්ම අත්දැකීම තියෙන්නෙ 90 දශකයේ මැද භාගයේ,පාසල් යන අවදියේදී.අපිත් එක්ක හිටිය යාලුවෙක් නගරෙන් ටිකක් විතර ඈත ඉදන් තමයි දිනපතා බස් රථයෙන් පාසලට ආවේ.
ඔය කාල සීමාවෙදි එයා අදුනන අය්ය කෙනෙක්,අපේ ඉස්කෝලෙම අක්ක කෙනෙක් එක්ක යාලුවෙන්න උත්සහ කරා,ඒ දෙන්න එකම ඉස්කෝලෙ නොවන නිසා මුල්කාලෙ ලියුම් එහෙම හුවමාරු වුනේ මේ කියන මගේ යාලුව හරහා.
ඒ අය්ය, මයේ යාලුවත් එක්ක එකම බස් එකේ යන එන අය,ඉතින් විශ්වාසෙටයි පහසුවටයි ලියුම් හුවමාරු වුනේ මගෙ යාලුවා හරහා,එතකොට අපි 10 වසරේ විතර.කොහොම හරි අපි උදේම ඉස්කෝලෙ ඇවිල්ල ඒ දවස් වල කරන ලොකුම වැඩේ තමයි,යාලුවගෙ වටේ කැරකි කැරකි අදත් ලියුමක් තියනවද කියල බලන එක.
ඒ අය්ය ලියුම් දෙන්නෙ සෑහෙන්න ස්ටෙප්ලර් කටු ගහල,අපිට සෑහෙන වෙලාවක් යනව,කටු ටික හිමින් සීරුවෙ ගලවන්න,ක්ශනිකයෙන් ලියුමනම් කියවනව,ආයම ඒ විදියටම ස්ටේප්ලර් කටු ගහල තිබ්බ විදියටම අක්කට ගිහින් දෙනව.කොහොමද විශ්වාසය රෑක්ක හැටි!...
**********************************************************************************
මේ කතාව අපේ නෑදෑවෙන අය්ය කෙනෙක්ගෙ,එයා අපේ ගෙදර ඇඩ්‍රස් එක තමා ඉස්සර දාල තිබ්බෙ,රෑකියාවට ගිය අලුත,එතකොට මම 3 ,4 වසරේ විතර.හැමෝටම ලියුම් එනව මට විතරනේ එන්නෙ නැත්තෙ,ඒ කාලෙ මට කවුද ලියුම් එවන එකා!...
දවසක් මේ අය්යට එවපු ලියුම් කඩදාසියක් මම් කඩල කියවල හංගලා තිබ්බ,ලියුම ආ බව අම්මලත් දැක්ක,අය්ය අපේ ගෙදර ආව වෙලාවක ආ පුතා ඔයාට ලියුමක් තිබ්බ කියල අම්ම ලියුම් තියන තැන බලද්දි මෙන්න ඒ ලියුම කඩල :O.
මාව තමා අහුවුනේ...ඒ අය්යගෙ යාලුවෙලා හිටපු අක්ක තමා ඒ ලියුම එවල තිබ්බෙ,කන්ටෙන්ට් එක නම් දැන් මට මතක නෑ...එදා ඉදන් අපේ ගෙදරට ඒ අක්කගෙන් ලියුම් ආවෙ නෑ,පස්සෙ ආව ඒව බැංකුවෙන් ,එක්කො ඉන්ශුවරන්ස් එකෙන්. :(.
************************************************************************************
අවසාන කතාව නම් මට වුන දෙයක්.ඒ දවස් වල අය්ය කන්දෙ, ට්‍රෑන්ගියුලේශන් ගිහින්, අර ෆෝන් බිල් කතාව වුනෙත් මෙන්න මේ කාලෙදිම තමා.(එතකොට මම් කැම්පස් එකේ පළමු වසරේ :))ඔන්න එහෙ ගත්ත පින්තූර 3කුත් එක්ක මට අය්ය ගෙදරට ලියුමක් එවල තිබ්බ,මැනුම් උපකරණ එහෙමත් තියාගන කට්ටියත් එක්ක ගත්ත පින්තූර 3ක් තමා තිබ්බෙ.
පස්සෙ දවසක ෆෝන් බිල් කතාව දැනගත්තට පස්සෙ පින්තූර 3න නම් අම්මලාට පෙන්නුවා,ඒත් එක්ක එවල තිබ්බ ලියුම (එහෙම පෙන්නනවද? නේ...) තියාගන.
මේ ලගදි දවසක ඒ ගැන මතක්වෙලා (ඔය සිද්දිය වෙලා දැන් අවුරුදු 4ක් විතර ගියාට පස්සෙ),මගෙ අඩුම කුඩුම තියන තැනින් ඇදල ගත්ත ලියුම ආයම බලන්න කියල,ඇහ්...මෙන්න බොලේ...පින්තූර 3න නම් ඒ විදියටම තියනව,ලියුම නෑ...
හික්ස් හික්ස් හිස්.. මටත් මතක් වුනා ඉතින් සීන් එකක්..
ReplyDeleteමම සා.පෙ කරන කාලේ අපේ කෙඩෙට් ප්ලැටූන් එකේ සාජන්ගේ ගර්ල් හිටියේ අපේ ක්ලාස් එකේ.. ඉතින් සාජන් & ඒ කෙල්ලයි මගේ හොඳම යාලුවෝ.. දවසක් සාජන්කාරයා ලියුමක් දුන්නා කෙල්ලට දෙන්නය කියලා.. ඕක කොහෙන් හරි ලීක් වෙලා අපේ විනය බාරව හිටපු සර් "තලයා" එන්න කිවුවා ඕෆිස් එකට.. හදිසියට ලියුම හංගන්න තැනක් නැතිව ගහගත්තා ඉනේ.. චෙක් කරලා චෙක් කරලා යන්න කියලා මම යන්න යනකොටම "මෙහේ එනවා.." කිවුවා. ඉන වටේට අල්ලලා ගත්තේ නැතෑ ලියුම එලියට..
පච ගොඩක් ඇරලා කෙල්ලව ෂේප් කලා. සජනුත් ෂේප් කරා. ඒත් ඌම ඇවිල්ලා පිලිගත්තා ලියුම උගේ කියලා.
සර් පොරොන්දු වුනා අපේ ගෙදරට කියන්නේ නෑ කියලා. ඒත් වැඩි දවසක් යන්න කලින් අපේ ගෙදරටත් දැනුම් දීලා තිබුණා.
අපේ අම්මා ඉතින් මට නමකුත් දැම්මා ඊට පස්සේ..
එහෙනම් ඒ ලියුමේ තියෙන්න ඇත්තේ අක්කට කවුරු හරි මනමාලයෙක් බලන්න කියන එක වෙන්න ඇති නේ. ඒ ෆොටෝ වලත් තියෙන්න ඇත්තේ ඒ මනමාලයා ඉන්න ෆොටෝ වෙන්න ඇති නේ.
ReplyDeleteඔය ලියුම් අරන් යන වැඩේ මාත් එකම එක පාරක් කරලා තියෙනවා අපේ ගෙවල් පැත්තේ මං අදුරන අයියා කෙනෙක්ට. මගේ පන යන්න ගියා. අයි ඉතින් ඒ කෙල්ලගේ ගෙදරට මාට්ටු උනොත් ගුටි කන්න වෙනවනේ.මට හොදටම දාඩිය දාලා හී ගඩුත් පිපිලා. කතා කරන්නත් බෑ වචනත් හිරවෙනවා. මූන නිකන් මල මිනියක් වගේ. කොහොමහරි මාට්ටු වෙන්නේ නැතුව ලියුම දුන්නා. ඊට අක්කා මට පස්සේ වෙලාවක කිව්වා මට ෆාතිනෝ ෆෝබියා එකක් කියල (කෙල්ලන්ට ඇති බයට විද්‍යාත්මකව එහෙම ලු කියන්නේ )
කෙහෙල්මල් ෆෝබියාව !!!! . උන්දෑගේ අප්පච්චිට අහු උනා නම් මං කම්මුතුයි. ඒකට තමා බය උනේ.
ඊට පස්සේ නම් ඒ අක්කා මගේ අතේ ලියුම් එවන්න එපා කියලා තිබ්බා. :)
අක්කා මේ.. අර ඔයාට එවපු පික්ස් බලලා අම්මා මොකද කීවේ..?????? :D :D :D :D :P :P :P :P
ReplyDeleteඅයියෝ දැන් කව්ද හලෝ ලියුම් ලියන්නෙ.sms තියෙන්නෙ අන්න ඒවටනෙ.... :P
ReplyDeleteඇත්තටම ඒ ෆොටෝ වල තිබ්බේ මොනාද අක්කේ ???
ReplyDelete@චතුවා (ළමයා) - හොද වැඩේ ගුටිත් දෙන්න තිබ්බෙ සර්...පෙනේද පොඩි උන් කරන වැඩ!...මොකද්ද අම්ම ඔයාට ඊට පස්සෙ දාමු නම? :))
ReplyDelete@මධුරංග- ඔව් ඔව් වෙන්න ඇති මගෙ හිතේ :)).හික් හික් මොන ෆෝබියාද හලෝ අහුවුනොත් ගුටි,බැනුම් නේ ඒකනෙ බයවෙන්නෙ.
ReplyDelete@චතුවා (ළමයා) - කිව්වෙද? අප්පෝ!...මේ හරියට ...වෙක් වගේ කිවා.:((
ReplyDelete@සීතල අයියා- ඒකනම් එහෙම තමා.ඒත් අර ලියුම් වගේ "ගතියක් නෑ "මම හිතන්නෙ :)
ReplyDeleteහිහ්.... හනේ මං අහිංසකයට නං ඔය ලෙටර් පුරස්න නෑ... :P (දන්නෝ දනිති ලොල්..)
ReplyDelete@මධුරංග- අය්යගෙ ෆෝටෝ 3ක් මල්ලි.GPS,Surveying Tripods බ්ලා බ්ලා...වගේ මොනාද වගයකුත් තිබ්බ :))
ReplyDelete@පොඩි මහත්තයා- අනේ අනේ පොඩි මහත්තයා...අපි නොදන්නවැයි :)
ReplyDeleteදැන් කාලේ උන්ටනම් ඔය වගේ දුක් කරදර විදින්න නෑ නේ. එක්කෝ sms නැත්නම් ඊමේල් හරි මුහුනු පොත හරි පාවිච්චි කරලා ලවු කරන්න පුලුවන් නේ... හැබැයි ඉතින් කෙල්ලගෙ අත් අකුරින් ලිවුව ලියුම්ක් හම්බු වෙන තරම් ආතල් එකක් ඕවාගේ නෑ. ලියුම හම්බුවුන ආතල් එක එපා වෙනවා ලියුම කාටවත් අහුනොවෙන්න තියාගන්න දෙන ගේමට.... :)
ReplyDelete@ශ්‍රී- ඒකනම් ඇත්ත දැන් කොච්චර ලේසිද?.ඔක්කොමත් හරි අර කිව්වත් වගේ ලියුම කාටවත් අහුනොවෙන්න තියාගන්න එක තමා අමාරු වැඩේ.දැක්කනෙ මට වෙලාතියන දේ.:/
ReplyDeleteහෙහ්... මෙකෙ කොමෙට් කතා වගේ යනවා...
ReplyDeleteඅනේ වාසනාවන්... මටත් මතක් උණා මරු සිද්ධියක්..... දාන්ට ඔනෑ බ්ලොග් එකේ....... ඒක දාලා ඇවිත් ඉතුරු ටික බලනවා.....
@නරකයා....!!- හෙහ් හෙහ් ඒකනේ බලන්නකො නරකයා,ඔක්කොටම වගේ ලියුම් ගනුදෙනු අත්දැකීම් තියන හැඩයි :)
ReplyDeleteඒකනං ඇත්ත.... හැමොටම සමාන කොළු/කෙළි කාලයක් එනවනේ
ReplyDeletehttp://arunadeepa.blogspot.com/2011/06/blog-post.html
අපොයි මට නම් මුලින්ම ලියුමක් හම්බුනේ පහ වසරේදි නේ..මට නෙමේ දුන්නේ අපේ අක්කා කෙනෙක්ට ...හැබයි මට නම් ලියුම දුන්නා කිව්වාම ඉහේ මලක් පිපුනා වගේ වෙලා ගිහින් ආඩම්බරකමට අපේ පුංචි ට පෙන්නුවා...පොඩ්ඩක් වෙලා මං දිහා මොකාද වෙලා වගේ බලන් ගිහින් අපේ ආච්චි අම්මාට දුන්නා...ආච්චිඅම්මත් නම් ටිකක් හොල්මන් වෙලා බලන් උන්නා වගේ මතකයි ( අනේ කාලේ වනේ වාසේ කියලා හිතන් ඇති..එක දැනුයි මට හිතෙන්නේ ) පස්සේ මාව ගෙදර තියලා අර ලියුම් දුන්න අක්කාව හොයන් ගියා...අක්කා කිවාට මට වඩා අවුරුදු දෙකයි වැඩිමල්..එදායින් පස්සේ එයත් එක්ක හාත් නැ හුත් නැ.. ලියුම නම් මම මුලින්ම කියෙව්වා...එ දවස වල නම් මට මෙලෝ දෙයක් තෙරුන් නැ..දැන් මතක නැ මොකක්ද තිබ්බේ කියලා.. කොහොමින් කොහොම හරි මගේ මුල් ලියුම අපේ ලිඳ ලග කණ්ඩියේ හෙදි හෙදි දිය උනා.. හැබයි මම අදටත් දන්නේ නැ කවුද එ ලියුම දුන්න කොල්ලා කියලවත් නම්....
ReplyDelete@නරකයා....!!- ඒකනම් ඇත්ත,මේක දැකපු මගේ නුවර යාලුවෙක් කිව්වා,දවසක් එයා ගෙදර අස් කරද්දි අප්පච්චි අම්මට එවපු ලියුමක් දැක්කා කියල."මම් නුවර එනවා,හැබැයි ඒ එන්නෙ ඔයාව බලන්න නම් නෙමේ ඔන්න", කියල ලියල තිබ්බලු ඒකේ:))
ReplyDelete@නිම්ශා- 5 වසරේදි :O.ඒ කියන්නෙ අක්ක 7 වසරෙ විතරනේ,ඔයා හොදම වැඩේ කරල තියෙන්නෙ අදාල අයටම ලියුම දීලා.අනේ අනේ..:))
ReplyDeleteමමත් ඔය වගේ දේවල් වලට.. බොක්කෙන්ම සපෝර්ට් කරලා තියෙනවා.
ReplyDeleteහැබැයි ලියුම් ගෙනිහින් දීලා නම් නෙවි.
එහෙම කරා නම් ඉස්සෙල්ලම ගුටි කන්න වෙන්නේ මට අපේ තාත්තාගෙන්.
හුගක් ඒවා - idea - වලින් තමයි...
එක එක විදිහට ...තව උදව් කරපු එවා.....ත් තියෙනවා.
සෑහෙන කාලෙක ඉඳලා දාන්න හිතාගෙන හිටිය පෝස්ට් එකක් ලිපි තුනකින් ඊයෙ දැම්මා, ඒකයි මේ පැත්තෙ එන්න පරක්කු වුනේ,
ReplyDeleteඅපරාදේ ලියුමට මොකද වුනේ කියලා හෙව්වෙ නැද්ද ......
ඒවායේ වටිනාකම තියෙන්නෙ දැන් නෙමේ පස්සෙ .......
මම නම් අද වනතුරු කිසිම ලියුම් ගනුදෙනුවක් කිසිම කෙල්ලෙක් සමඟ කර නැත .......
සෙනෙහෙ පත් ගැන නම් කතා කරල වැඩක් නෑ. මගෙ ඉස්කෝලෙ කාලෙ ඉතින්. හික්ස්. දන්නැද්ද. ඒ දවස් වල ගෙදර මිනිස්සුන්ගෙ වැඩේ මිෂන් ඉම්පොසිබල් වගේ පොත් පෙරල පෙරල ලියුම් හොයන එක තමා මගෙ. පුහ්. මම අහුවෙයි ඕවට. කලින් නම් පොත් කවර ගලවලා ඇතුලට දාලා තිබ්බෙ. කොහෙද එතකොට ගෙදර උන් පොත් කවරෙ බර වැඩි හන්දා සැක කරන්න ගත්තා. ඒ පාර මම අර ලේයර් දෙකේ මෙට්ට තියෙන්නෙ. අන්න ඒ මෙට්ටෙක ලේයර් අස්සට දාලා තමා ලියුම් ටික රැක ගත්තෙ. ආයෙ සක්‍රයාටවත් හොයාගන්න බෑ. ඔන්න මගේ සෙනෙහෙ පත් අතීතෙ.
ReplyDelete@- නිල් අහස - - අන්න හොද... යාලුවෙක්.අදහසකින් හරි උදව් කරල
ReplyDelete@කල්හාර දිසානායක- මම ඒ ලිපි ටික බලන්න ඕනෙ.වෙලාවක් තිබ්බෙ නැ,ඒකයි මග ඇරුනේ...
ReplyDeleteහොයව්වා හම්බවුනේ නැ.කාගෙන් අහන්න කියලද?:)) වටිනාකම නම් දැනෙන්නෙ පස්සෙ කාලෙක කියවල බලද්දි තමා.
මමත් එසේය... කවදාවත් ඔය කියනා හසුනක් ලියානැත,නමුත් කියවා ඇත.:)
@පිණිබිඳු...- හික් හික් ඉස්කෝලෙ කාලෙ ඔහොම තමා,පොඩිඋන්නෙ.මරු උපක්‍රමනේ ඔයත් දාලා තියෙන්නෙ,කොට්ටෙ යට හික්z...
ReplyDeleteහික්! හික්!! :D
ReplyDeleteලියුම් තමයි මම හිතන්නේ හොදම සංවේදී සන්නිවේදන මාධ්‍යය. ඊමේල් එකක් කියවනවට වඩා ලියුමක් කියවද්දි අමුතු ගතියක් තියනවා.
ReplyDelete@ටී.බී. හේරත්- මොකෝ ටීබී හික් හික් ගාන්නෙ :))
ReplyDelete@Tyronne Chandrasiri- සහතික ඇත්ත.
ReplyDeleteඅත්දැකීම් නැත :(
ReplyDeleteඅපොයි ඒ කාලේ ඉඳලම කරල තියෙන්නෙ නොටි වැඩමයි මෙයා..ශික් නරක සමනලිච්චි....
ReplyDeleteමෙයා පොඩ්ඩක්වත් sure කරන්න බැනේ
ReplyDeleteඅනේ මං නම් තාම ඔය අංශයේ පොඩි එකා....මට නම් ඔහොම අත්දැකීම් නෑ.හැබැයි මමත් අක්කා වගේ අටේ නවයේ පංතිවල ඉඳිද්දී ඔය සමහර ලියුම් හොරෙන් කියවලා නම් තියෙනවා.පොඩි එවුන්ගේ ආසාව නොවැ....
ReplyDelete@තාරක Dilsh@n- අය්යෝ :O
ReplyDelete@අපරාජිතයා :::: Aparajithaya- අනේ ඉතින් ඒ නොතේරෙන පොඩි කාලෙ කරපු වැඩනේ :)
ReplyDelete@All in one......- හික් හික් එහෙම නැ අලෝ, 100%ක් ශුවර් කරන්න බෑනෙ කවුරුත් ඉතින්
ReplyDelete@ශාන්.....- ආසාවටත් වඩා කුතුහලය :))
ReplyDeleteනෑ, කතන්දර ටික කියවල හිනා ගිය, ඒකයි...
ReplyDelete@ටී.බී. හේරත්- ඒක මිසක් :)
ReplyDeleteමේක කියෙව්වහම මටත් මතක් උනා ඉස්කෝලේ කාලේ අනුන්ගේ ලියුම් කියවපු හැටි. එක දවසක් යාලුවෙක් හොඳටම ඇඬුවා එයා ලිය ලිය හිටපු ලියුම කියවන්න ගිහින්. පැය ගානකට පස්සේ තමයි නලව ගත්තේ.... :D
ReplyDelete@කොට ජීවිතේ- හික් හික්...ඔහොම තමා ඉස්කෝලෙ කාලෙ.ඔයවගේ දේවල් වත් නැත්තම් ඒකේත් ජොලියක් නැනේ :))
ReplyDeleteමරු නියම අත්දෑකීම් තමයි හැමෝටම තියෙන්නේ. මටනම් අත්දෑකීම් 4යි. 2ක් කියන්නම්. අපේ නන්ගිගේ යාලුවෙක් මගෙ යාලුවට කැමති කියලා යාලුවා දීපු ලියුමක් මට දුන්නා මගේ යාලුවට දෙන්න කියලා. මටනනම් අනුන්ගේ ලියුම් බලන පුරුද්ද නැති නිසා ඒක යාලුවට දුන්නා. පස්සෙ බැලින්නම් මේකී අයියාගේ අතේ යවල තියෙන්නේ එකීගෙම ලව් ලෙටර් එකනේ.....
ReplyDeleteඅනික තමයි මන් සින්දු එහෙම ලියලා දීපු ලියුම මේ කෙල්ල සර්ට දුන්නනේ. සර් ඒක පන්තියටම ඇහෙන්න කියෙව්වා. හොද වෙලාවට මන් ලියලා තිබුනෙ සල්මන්ඛාන්ගෙන් ආශ්චර්යාරායිට කියලා. ඒත් දන්නො දනිති ලියුම කාගෙද කියලා......
@ජොරා- හික් හික් මරු කතා තමයි
ReplyDeleteමගේ අකුරු හකුරු වගේ නිසා මගේ පළමු පෙම්පත් ලිවුවේ යාලුවා. උගේ අකුරු හරිම හැඩයි හැබැයි කියවනවිට ලිවීම. . ගොන් තඩියා කියල තිබුන ඌයි ලිවුවේ කියල..එක ඉතින් බුට් එකෙන් ඉවර උනා .
ReplyDelete@සරත් ලංකාප්‍රිය- හික් හික් මාර යාලුවෙක්.එහෙමත් කියනවද :O
ReplyDelete