අලුත් බෝඩිම හොයාගත්තෙ මාත් එක්කම හිටිය යාලුවෙක් මාර්ගයෙන්,මාස 6යේ පුහුණුවට එයාට මටත් කලින් කැදවීම ලැබිල තිබුන.ඒ වෙද්දිත් බෝඩින් කීපයක ඉදල තිබ්බ නිසා මටත් අමාරුවක් වුනේ නෑ අලුත් බෝඩිමට හුරු වෙන්න.
ඒක වෙනම ගෙයක්,ඔක්කොම හිටියෙ බෝඩින් කාරයෝ,එකම වත්තෙ තිබ්බ අනිත් ගෙදර තමයි අයිතිකාරයො හිටියෙ,අයිතිකාරයො කිව්වට හිටියෙ ගෙදර අයිති අය්ය,එයාගෙ බිරිද එක්ක අවුරුදු 13ක විතර,ඉස්කෝලෙ යන දුව.
ලයිට්,වතුර බිල ගෙවාගන්න තිබ්බෙ අපිටමයි.ඉන්න විතරක් 1500ක් අය කරා.බෝඩිම ගෙයක් කීවට තිබ්බෙ කාමර 3ක් එක්ක පොඩි කුස්සි කෑල්ලක්.පුහුණුවේ තිබ්බ "බරපතලකම" එක්ක අපිට නම් උයාගන කන්න හැකියාවක් තිබ්බෙ නෑ.හවස එන ගමන් කඩේන් මොනාහරි ගේන එක තමා පුරුද්ද වුනේ.
එක කාමරයක හිටියෙ උපාධිය හමාර කරල රෑකියා සදහා යන අක්කල තුන් දෙනෙක්,එයාල නම් කාලෙක ඉදන් මේ බෝඩිමේ ඉන්න අය,ඒ නිසාම බෝඩිමේ ලයිට්,වතුර බිල් ගෙවීම් වගේ සමහර තීරණවලදී එයාලගෙ තීරණය තමයි අවසාන තීරණය වුනේ,අනික බෝඩිමේ වැඩිමහලුම අය වුනේත් ඒ කට්ටිය.
අනිත් කාමරේ හිටියෙ ඒ වෙද්දි හෙද උපාධිය හමාර කරල,කැම්පස් එකක ඩිමෝල විදියට ඉන්න තුන් දෙනෙක්.එයාලත් අපේ වයසෙම වගේ,එච්චරම වයස් පරතරයක් තිබ්බෙ නෑ,ඒත් එච්චර සම්බන්දයක් තිබ්බෙත් නැ.දැක්කොත් හිනා වෙනව,කොහොමද? කියනව එච්චරයි.
අනිත් කාමරේ හිටියෙ මමයි මගෙ යාලුවයි විතරයි මුලදි.ටික දවසකින් තව නංගි කෙනෙක් ආව,එයා අපි හිටිය බෝඩිම ලගම තිබ්බ කැම්පස් එකේ තුන් වෙනි වසරෙ ඉගනගන්නව ඒ වෙද්දි.අපිට තිබ්බ වැඩත් එක්ක එයා එක්ක කතාබහ කරන්න එච්චරම වෙලාවක් වෙන්කරගන්න පුලුවන් වුනේ නැ.
පුහුණුවට අදාල වැඩරාජකාරි වලට අමතරව වසරක ඒකපුද්ගල වය්‍යාපෘතිය වෙනුවෙන් අපිට වෙහෙසෙන්න වෙලා තිබ්බ,ඒ අතරේ පුහුණුවේ ප්‍රගති සමාලෝචන,මෙකී නොකි ගොඩක් දේවල්.
එහෙන් මෙහෙන් කතාබහ කරල දැනගත්ත විදියට,එයත් ටිකක් දුර පලාතකින් කැම්පස් ආව කෙනෙක්.පෙනිච්ච විදියටනම් අහිංසක කෙනෙක් වගේ.ඒත් ටිකක් විතර අමුතු පෙනුමකුත් තිබ්බ.සමහර දවස් වලට අම්ම එනව කියල යනව,අම්ම එනවලු පමුණුවෙන් කෑලි රෙදි අරන් යන්න,අරන් ගිහින් මහනවලු.
එහෙම ගිය ගොඩක් දවස් වලට එයා එන්නෙ ටිකක් විතර රෑ වෙලා,පුරුද්දක් විදියට අපි එලියට යද්දි,කියල යන්නෙ බෝඩිමේ අක්කට, අපි එලියට යනව එන්නෙ මේ වෙලාවට වගේ කියල.ඒත් එයා එහෙම කවදාවත් කියල ගියෙ නැ,අනික එක කාමරේ ඉන්න අපිටවත් එහෙම කියන්නෙ නැ. අපිත් සැකයක් ඇතිකරගත්තෙ නෑ.අම්ම බස් එකට දාල එද්දි පරක්කු වෙනව ඇති නේ කියල.
සමහර දවස් වලට ඇදගන යන එක නෙමේ එයා ඇදන් එන්නෙ කියල,කිව්වෙ බෝඩිමේ අක්කගෙ ඉස්කෝලෙ යන දුව...
සුදු බදපටිය | White Belt - 02

ම්ම්ම්....ඇත්ත කතාවක් වගේ...
ReplyDeleteකියමුකෝ බලන්න ඉතුරු ටිකත්.
ඔයාලට සුද්දේ දීලා..කෙල්ලා පැනලා ගියා..ද.
මෙයාටත් ඕන්නැති මංගල්‍යයක් නෑ..
ReplyDeleteඈ...
ReplyDeleteබුදු හාමුදුරොවෝ ලිච්චවි රජ දරුවන්ට කිව්වයි කිව්ව කතාවක් මතක් උනා. "අනුන් සොයන්නේ ඇයි පින්වතුනි තම්න් සොයන්න"
ReplyDeleteකතාවයි මාතෘකාවයි නිකම් ගොනයි මීමයි වගේ නේද?
ReplyDeleteමේකෙ තව කොටසක් තියෙනවද.
ReplyDelete@- නිල් අහස - ඇත්ත කතාවක් තමයි.කියවලම බලන්නකො.
ReplyDelete@සීතල අයියා- මොකක්?
ReplyDelete@තාරක Dilsh@n- ඇහ්?...
ReplyDelete@දුකා- අවසානය බලන්නකො.
ReplyDelete@ඉසුරු-කතාව දන්නෙ නැති නිසා ඔයාලට එහෙම පේනව ඇති.තේරුමක් ඇතුව තමා මම් එහෙම දැම්මෙ.
ReplyDelete@පිණිබිඳු...- ඔව් ඕන් තව කොටසක් දැම්ම.බලන්න
ReplyDeleteසමාවෙන්න අවසානයට පෙර අන්තර්ගතය හෝ අවසානය ගැන උපකල්පනයෙන් කරපු උඩ කොමෙන්ටුව ගැන. වැදගත් ලිපියක් විය හකියි. ආයේ පාරක් සමාවෙන්න
ReplyDelete@දුකා- අප්පේ ආය මොකටැයි සමාව ඉල්ලන්නෙ.ඔහොම දේවල් අපි කා අතිනුත් වෙනවනේ.කියවලම බලන්නකො.මට හිතට තදින් දැනුන දෙයක් නිසා මේක ලියන්නම හිතුවෙ.
ReplyDeleteඔහොම යමුකෝ අන්තිමටම !
ReplyDeleteටිකක් විතර අමුතු කතාවක් වගේ. නවකතාවකුත් නෙමේ. ඒත් අමුතුයි අමුතුයි වගේ.
ReplyDelete"සමහර දවස් වලට ඇදගන යන එක නෙමේ එයා ඇදන් එන්නෙ... "
මේ කතාව කිව්වම ටිකක් විතර විමසිල්ලෙන් හොයන්න ඕන කාරණාවක් මතු වෙනවා. අක්කා ලියන රටාව ගොඩක්ම ලස්සන නිසා ඉතුරු ටිකත් ඉක්මනටම කියවලා දාන්න ඕනේ.
(අද තමා බිල් එක යාවත් කාලින උනේ.)
හොඳම ටිකෙන් නවත්තලානේ ........
ReplyDeleteමොකක්ද මේ බඳ පටිය .......
@සරත් ලංකාප්‍රිය- අවසානය බලන්නකො
ReplyDelete@මධුරංග- ඉන්න්කො ඉතුරුටික දාන්නම්
ReplyDelete@කල්හාර දිසානායක- පෝස්ට් එක දිග වැඩිඋනානේ.බදපටිය කියන්නෙ අර කලිසම් බිමට වැටෙනවට බදින පටියනේ :))
ReplyDelete