කාලෙකට පස්සෙ සතිඅන්ත නිවාඩුවකට ගෙදර ගිහින් හිටිය මට ගේට්ටුවේ සද්දෙ ඇහිලා,ගිහින් බැලුවා,බලද්දි සාරියක් ඇදගත්ත කෙට්ටු, අවුරුදු 35ක 40ක විතර ගෑණු කෙනෙක් ගේට්ටුව ඉස්සරහ.හෑන්ඩ් බෑග් එකකුත් එල්ලගන.මම් අදුරන්නෙ නැති කෙනෙක් නිසා ටිකක් විමසිල්ලෙන් බලද්දි එයාම කතාකරා මට කලින්.
ඇය: මිස් ඉන්නවද?...
මම: අම්ම ඉන්නව,එන්න.
ඇය: මේ ලොකු දුවද?
මම: නෑ. මම් පොඩි එක්කෙනා...
ඇය: ආ...
මාත් එක්ක කතා කරේ එච්චරයි.එකවරම මට හිතුනේ අම්මගෙ ඉස්කෝලෙ මිස් කෙනෙක් වෙන්න ඕනෙ කියල.වාඩිවෙන්න කියල මම් අම්මට කතාකරා.මම් හිතුවත් වගේ ඒයා අම්ම හිටපු ඉස්කෝලෙ මිස් කෙනෙක්,කතාබහට එච්චරම ඇහුන්කම් දෙන්න වුනේනෑ.ආගන්තුක සත්කාර එහෙමත් කරන්න එපැයි ඉතින්.
පස්සෙ දැන ගත්ත විදියට,ඒ අම්මලත් එක්ක ඉස්කෝලෙ එකට හිටිය මිස් කෙනෙක්,ඉංග්‍රීසි පුහුණු ගුරුවරියක්.එයාට හැමෝම කියන්නෙ ටිකක් "ඔලුව අවුල්" කියලලු.එයා තරුණ කාලෙ හරි ලස්සනයිලු.දැන් වුනත් ඒ ලස්සන මැකිල ගිහින් නෑ.කෙට්ටුයි,සුදුයි,ප්‍රියමනාපයි.දිගටි මූණ.මතුපිටින් බලපුවාම නම් ඔය කියන"ඔලුව අවුල්" ගතියක් පේන්න තිබ්බෙ නෑ.
ඒත් අම්ම කිව්ව විදියට එයා කලින් දොස්තර කෙනෙක් එක්ක යාලුවෙලා ඉදල,කොහොම හරි මොනයම් හේතුවක් නිසා හෝ,ඒ සම්බන්දෙ නතර වෙලා.
ඒ නිසාලු එයා ඔය විදියට ඉන්නෙ.ඉස්කෝලෙ වුනත් එන්නෙ යන්නෙ එයාට ඕනෙ වෙලාවටලු,උගන්නන්නෙත් නෑලු හරියට.ගොඩක් වෙලාවට ස්ටාෆ් රූම් එකට වෙලා ඔහේ ඉන්නවලු.එදත් කිලෝමීටරයක් විතර දුර කුඩයක්වත් නැතුව පයින් ඇවිල්ල තියෙන්නෙ, ගිනිමද්දහනේ.
අනිත් සහෝදර සහෝදරියො ඔක්කොම විවාහ වෙලා වෙන්වෙලා ගිහින්,ඉන්නෙ වයසක අම්මත් එක්ක.ඉස්කෝලෙත් වැඩිය කාත් එක්කවත් එච්චර කතා බහක් නෑලු,ඔහේ ඉන්නවලු.
ප්‍රේම සම්බන්දයක් බිදවැටීම සමහර අයටනම් ගානක් වත් නෑ.මතකයි දවසක් මම් අදුනන මල්ලි කෙනෙක් කිව්ව,අක්කා!... කෙල්ලො නම් මොනාද?..., හරියට 138 බස් වගේ.එකක් ගියගමන් තව එකක් එනව,ඒ නිසා මොකටද දුක් වෙන්නෙ,එකක් මත්තෙම නැහෙන්න ඕනෙද කියල.
ප්‍රේම සම්බන්දයක් බිදවැටීම සමහර අයටනම් ගානක් වත් නෑ.මතකයි දවසක් මම් අදුනන මල්ලි කෙනෙක් කිව්ව,අක්කා!... කෙල්ලො නම් මොනාද?..., හරියට 138 බස් වගේ.එකක් ගියගමන් තව එකක් එනව,ඒ නිසා මොකටද දුක් වෙන්නෙ,එකක් මත්තෙම නැහෙන්න ඕනෙද කියල.
ඇත්තටම සමහර අයට ඔහොම පිස්සු හැදෙනවා. තමන් කර කර හිටපු ආදරයක් එකපාරම නැවතුනාම ඒ අයට දරා ගන්න බෑ. හැමදෙයක්ම ඕනවට වඩා හිතන්න යන්න ඕනැන්නේ නෑ. එතකොට තමා මේ හැමදේම සිද්ධ වෙන්නේ.
ReplyDeleteකෙල්ලෝ නම් මොනාද...
ReplyDeleteඋමතු බව ප්‍රේමයෙන් ඇති නොවේ . සැබවින්ම ප්‍රේමය යනුවෙන් හදුන්වන්නෙ අල්ලා ගැනීමකි නාම - රෑප දෙකට ඇලීමකි , එය පමන ඉක්මවා ගියවිට එනම් දැඩිව අල්ලා ගත් විට ( උපාදානය ) එවැනි තත්වයක් ඇතිවිය හැක .
ReplyDeleteඔලුව අවුල් වෙලා නවතින එක හොඳයි සිය දිවි හානි කරගන්නවට වඩා... මේ ලඟකදි එහෙම සියදිවි හානි කරගත්ත කෙනෙක්ව දැක්කා.. එකනම් කවදාවත්ම අමතක වෙන්නේ නෑ..
ReplyDeleteහිතේ තිබුණු හැඟීම සහ ඒ හැඟීම තමන්ට වටින තරම අනුව වෙන්නැති උමතු වීමේ සිට 138 බස් එක දක්වා පරාසයක විහිදෙන දරා ගැනීමේ හැකියාව ඇති වෙන්නෙ.
ReplyDeleteපව් නේද? නලිනි කියන දෙයට වැඩිය කියන්ට දෙයක් නං නෑ
ReplyDeletedepend on love, and personality as i think. my friend who age 24 boy is still crying over some one at even this moment too.
ReplyDelete138 බස් කතාවට මමත් එකයි. නමුත් ඒ ආකාරයට "එකෙන්ම" හිතන්න ඔලුව හදාගන්න එක්කෝ උප්පත්තියෙන්ම හම්බ කුපදියෙක් වෙන්න ඕනේ. එහෙමත් නැත්නම් හොදට ලවු කරලා හොද සැප බුට් එකක් කාල දුක හොදට විදලා ලවු කියන දේ ගැන කලකිරීමෙන්, උපේක්ෂාවෙන් බලන කෙනෙක් වෙන්න ඕනේ. මම වැටෙන්නේ ඔතනින් දෙවෙනි ගොඩට.
ReplyDeleteමොනවා උනත් ආදරේ ඉස්සරහ ලෝකේ උගත්ම මිනිහ උනත් ඕලමොට්ටලයෙක්, අන්ධයෙක් වෙනවා නවත්තන්න බෑ. ඒක තම ඔය අකුරු හතරේ තියන විශේෂත්වය.
ඒක නේ කියන්නේ...කෙල්ලෝ ඕන තරම් ඉන්නව නේ..මටම කියලා කීයක් ඉන්නවද...එකක් දෙන්න පුලුවන් නේ..
ReplyDeleteමේක කවුරු කෝම කිව්වත් අපේ සමාජෙ තියෙන සං වේදිතාවය පිළිබඳ ප්‍රශ්නයක්..
ReplyDeleteමේ කතාවලියන කෙනාගෙ අම්ම එහෙම නැති උනාට ගොඩක් අය මේ වාගෙ අය පිස්සො කියල සලකල ඉවත දානව..
ඒක තමා නොව්ය යුතු දේ...මම ආදරය කරන් කෙල්ල මම නැති උනාම වෙන කොල්ලෙක් එක්ක යයිද කියන එක නම් ඉතිං හරි සංකීර්ණ දෙයක්...
138 කතාව හරි කෙල්ලො මත්තෙ නිහින්න ඕනේ නෑ, ඒවගේම කොල්ලො මත්තෙත්. සම්බන්ධ කැඩෙනවා ඇතිවෙනවා. අපි ඒ වට පුරුද් වෙන්න ඕනේ.
ReplyDeleteකෙල්ලෝ නම් පාරේ යන බස් වැනිය
ReplyDeleteඑකක් වැරදුනොත් අනෙකේ යා හැකිය
ඕක කිවු එකා උල තිබ්බත් මදිය
එක බසයකි ගෙන යන්නේ අපෙ ගෙදර
-අප්‍රසිද්ධ කවියෙක්-
සමහර දේවල් දරා ගන්න බැරි උනාම ඔහොම දේවල් වෙනවා. හැමෝගෙම දරා ගැනීමේ ශක්තිය සමාන නෑනේ.
ReplyDeleteහ්ම්...
ReplyDeleteබස් කතාව ඉතින් අපි කියන දෙයක්නේ.. ඒත් මේක කාන්තාවකට අදාල දෙයක්නේ..
ReplyDeleteඇත්තටම මගේ යාලුවෙකුට ඔය විදියටම මානසිකව අව්ල් ගියා,තාමත් සම්පුර්නම් සුවය ලබා නෑ,ඇත්තටම මේ වගේ දේවල් වලදි කවෘ හරිද කවුරු වෑරදිද කියලා හිතාගන්න අමාරුයි.
ReplyDeleteඒ වුනාට අවංක ආදරයක් එක්ක සෙල්ලම් කරන එකට මගේ නම් කිසිම එකඟතාවයක් නැහැ.
ReplyDeleteමේක ගැනනම් comment එකකින් කියන්න බැරි තරම් දේවල් තියෙනවා. නලිනිගේ කතාවට සීයට දෙසීයක් එකගයි. ආදරය කියන්නේ හැගීමක්.ඕක ඉතින් කවදාවත් මනින්න බෑනේ. එක එක්කෙනාට ඇතිවෙන ප්‍රමාණය වෙනස් ඇති
ReplyDeleteමේ පොසොන් පෝය දවසෙ වත් පිනක් දහමක් කරගන්නෙ නැතිව අනුන්ගෙ ඕප දූප ලියනව.
ReplyDelete@මධුරංග- ඒක ඇත්ත.සංවේදී වැඩියි.ඕනවට වඩා හිතනව.
ReplyDelete@චතුවා (ළමයා)- එහෙමද? ඇ...
ReplyDelete@සමීර-හ්ම්
ReplyDeleteආදරයක් විතරක් නෙමේ ඕනෑම දෙයක් ගැන තදින් බැදීමක් තියාගෙන හිටියොත් මම නම් හිතන්නේ මානසික අවුල් ඇතිවෙන්න පුළුවන්. ඒකට අර කලින් කියල තියෙනව වගේ දරා ගැනීමේ හැකියාව නම් වැදගත්.
ReplyDeleteලcකාවේ කාන්තාවන් ප්‍රතිශතය පිරිමින්ට වඩා වැඩියි නේ.ඒ නිසා නැති උන ප්‍රේමයක් ගැන හිත හිත ඉන්නේ නැතුව වෙන කෙල්ලෙක්ට ට්‍රයි කාලොත් මොකද?
ReplyDeletehttp://hansakinkini.wordpress.com/2010/10/31/%E0%B6%8B%E0%B6%B8%E0%B6%AD%E0%B7%94-%E0%B6%86%E0%B6%AF%E0%B6%BB%E0%B7%9A/
ReplyDeleteමේ කතාවත් කියවල බලන්ඩ කො... මට නම් හිතෙන්නෙ ආදරේ කියන්නෙ එක්තරා ආකාරයක උමතු ඇබ්බැහි වීමක් කියල...
උමතු කියන්නෙ පිස්සු කියන එකම නෙවෙයි.
ඒක එක්කෙනා හිතන හැටි තමයි ඉතින්
ReplyDelete@මගේ කතා- හරි අය්ය මේ වගේ සංවේදි අයත් ඉන්නවනෙ.පව්.මේ ලගදිත් ආවා අපේ ගෙදර.ඔහේ කියවනව.දාගන ගිය මාලෙ කඩාගන ගිහින් පාරේ යද්දි බයිසිකලේක ගිය දෙන්නෙක්.
ReplyDelete@රන්දික කුලතුංග- එහෙම වෙන එකක් නෑ.එයාව බෙහෙත් ගන්න එක්ක යන්න හැදුවත් යන්නෙ නැලු.
@හන්සකින්කිනි-හ්ම්...එහෙම වෙන්න පුලුවන්.මම කියවලා බලන්නම්.
@deeps- ඔව්.සමහරු ඒකට එකාද බන් ඉන්නෙ කියල වෙන කෙනෙක් හොයාගන යස අගේට ඉන්නව.
ReplyDeleteඅර මල්ලි කියනවා වගේ හැමෝම හිතනවානම් වහ බීලා එන කෙල්ලො කොල්ලො නිසා අපේ ඇඟේ ලේ පිච්චෙන එක අඩු වෙන්න තිබ්බා. හරි මුරණ්ඩුයිනේ වෙලාවකට. දමලා ගිය කෙනා ගැන හිත හිතා අඬනවා. ඉතා මිල අධික බෙහෙත් වලට එහෙනම් රජයෙන් යන වියදම පවා අඩු කරගන්න තිබුනා.
ReplyDelete@Anithkona- හ්ම්ම් එහෙම උනානම් හොදයි.වෙන්නෙ නැති එනනේ අවුල :)
ReplyDelete