මෙයා අපේ ගෙදරට ගෙනල්ල දුන්නෙ අල්ලපු ගෙදර මල්ලි.ඒ එයාගෙ යාලුවෙක්ගෙ ගෙදර දාලා හිටිය බලු පැටව් 6 දෙනාගෙන් කෙනෙක් කියල,ඒ වෙද්දි අපිත් ගෙදරට බලු පැටියෙක් හොය හොයා හිටියෙ.
කොහොමත් බලු පැටව් පොඩි කාලෙ ගොඩක් හුරුබුහුටියිනේ.මේකත් කලුම කලුයි,බෝලයක් වගේ, ලස්සනයි.හැමෝම ආදරය කරා.
ඒත් එක පරහක් තිබ්බ,බලු පැටිය හිටපු ගමන් කූන්... කූන්... ගානව ඇරෙන්න වෙන සද්ද දාන්නෙ නැ. හැමෝම කිව්වෙ මේකා ගොලු සතෙක් කියල.මෙයා තනිකරම කලුම කලුපාටයි.අපි නමකුත් දැම්ම කලූ කියල,වෙලාවකට කලු මල්ලි, කලු පුතා,කලු බබා එහෙමත් කියනව :))
ගෙනල්ල දුන්න මල්ලිටත් හිතට හරි නැ.ඇයි හැමෝම කියනවනෙ...අපෝ!...ඔයා ගෙනල්ල දීල තියෙන්නෙ ගොලු එකෙක්නේ කියල.
පස්සෙ බැලින්නම් හැමවෙලේම කන්න දෙන නිසා තමයි මෙයා සද්ද දාන්නෙ නැතුව ඉදල තියෙන්නෙ.කොහෙන්ද හම්බවෙච්ච ත්‍රීපෝශ වගයක් දුන්නනෙ මෙයාට පොඩිම කාලෙ.ඒක නිසා, බඩගිනිත් නොවන එකේ සද්ද දාල නැත්තෙ.
පස්සෙ අපේ ගෙදරට එකතුවුනා කොහෙන්දෝ ආව බැල්ලක්,දන්වැලත් කඩාගන ඇවිත් තිබ්බෙ,හෙන සැර එකෙක්.ඌට අපි කීවෙ "නංගි" කියල.ඒක නිසා කලූටත් ගෙදරින් පිට කොහෙවත් යන්න ඕන කමක් වුනේ නෑ.අර ආව බැල්ලත් කලුම කලුයි,හොම්බ දිගයි,දෙන්නෙක් ඉන්න නිසා කවදාවත් කෙනෙක් ගේට්ටුව ඇරන් කෙලින්ම ගෙදරට ආවෙ නෑ.මුන් දෙන්න කොයේ හිටියත් ගේට්ටුවෙ සද්දෙ ඇහුන ගමන් බුරාගන යනව.
ඔන්න දවසක් මම හවස ගෙදර ලග කඩේට යනව,මුන් දෙන්නත් මගෙ පස්සෙන් එනව,දන්නවනේ ඉතින් කාලෙකට පස්සෙ එලියට දැම්මම මුන් දෙන්නටත් මාර හැපී,නට නටා මගෙ පස්සෙන් එනව,ඇගේ එල්ලෙනව,අංශක 90 විතර ඇඹරි ඇඹරි එන්නෙ.හරියට පාරෙ යන්නත් බෑ මුන් දෙන්න නිසා,වෙලාවකට කරච්චලේ.
බඩුටිකත් අරන් ගේට්ටුවෙන් ඇතුලට ආව විතරයි මෙන්න මුන් දෙන්න මගේ ඇගේ එල්ලුනා,අත් දෙකේම බෑග් එල්ලගන.ඇදන් හිටපු ස්කර්ට් එක බිම.හොදවෙලාවට ගේට්ටුවෙන් මෙහාට ආවම වුනේ,අනික ඒ වෙද්දි ටිකක් අදුරුත් වෙලා.ඒ නිසා ගානක් ගියෙ නෑ.
ඒ දවස් වල මම් උදේ 6 වෙද්දි, කැම්පස් යන්න නුවර බස් එකට නගින්න යනව,දෙන්නම පස්සෙන් එනව,අහල පහල ඉන්න බලුනඩේටත් පාට් එක දාගන යන්නෙ,අපි ඉන්න නිසා.මම් බස් එකට නගිනකම්ම ස්ටෑන්ඩ් එකට වෙලා ඉදල එක පිම්මෙ ගෙදර දුවනව,බස් එකේ යන ගමන් මම් හැරිල බලනව.
කලාතුරකින් ගෙදර යන කාලෙ, ගෙදර ගේට්ටුව අරින සද්දෙට දුවගන ඇවිත් උඩ පැනලා පෙරලිළා මාව පිලිගත්ත විදිය නම් කවදාවත් අමතක වෙන්නෙ නැ.ඒත් එක පාරටම දවසක් "නංගි" මැරිලා ඉදල,මතුපිටින් පේන්න ලෙඩක් වත් තිබිල නැතුව.හැමෝම වගේ කිව්වෙ අවුරුදු 8ක් විතර හිටියනේ වයසට වෙන්න ඇති කියල.
ඊට මාස කීපෙකට පස්සෙ, ඉන්ටවිව් ගොඩ ගිහින් ඉස්සරවෙලාම ඉන්ටර්න් එකට යන දවසෙ,පාන්දරින්ම සිද්ද වුනා කොළඹ එන්න.හවස ඉදල කලූගෙ අමුතු බිරුම් සද්දයක් තිබ්බ,පාන්දර වෙද්දි ඒක වැඩි වුනා.කළුට අමාරුයි.දිගෑදිලා කෑගහනව,ඒ එක්කම ඇස් වලින් කදුලු බේරෙනව.අම්ම කටට වතුර ටිකක් වක්කරා.දුකහිතෙන විදියට අපි දිහා බලන් හිටිය,ඉදල ඇස් පියාගත්ත එච්චරයි.
අපි මේ වෙනකම් ආය බල්ලො හැදුවෙනෑ.මිනිස්සුන්ට වඩා බල්ලොන්ට කලගුණ තේරෙනවලු..ආරක්ශාවට ලගින් ඉන්නව,සමහර වෙලාවට ගොඩක් හිතවත් මිනිස්සුන්ටත් වඩා .හරියට වෙලාවකට පවුලේම සාමාජිකයෙක් වගේ,ඒ තරම් ලෙන්ගතු වෙනව.
මගේ ගාව අවුරුද්දක් විතර හිටපු බලු පටියව කවුදෝ මහ බල්ලෙක් හොරකම් කරගෙන ගිහිල්ලා .. අප්පා මම දුක් වෙච්ච තරම් ..
ReplyDeleteමම තීරණය කලා ආයේ කවදාකවත් බල්ලෝ හදන්නේ නෑ කියලා ..
ලස්සන පෝස්ට් එකක් බල්ලෝ ගැන ලියපු නිසා ආසාවෙන් කියෙවුවා .
අපේ ගෙදරත් හිටියා ක්‍රීම් පාට බල්ලෙක් අපේ ආච්චි හරිම ආදරෙන් ඉඳියේ අපේ අම්මත් එක්ක පාරට ගිය වෙලේක වාහනේකට හැප්පිලා මැරුණා, ආච්චි කොච්චර අමාරු උනත් පාරට ගියා බල්ලව බලන්න ආච්චි හරියට ඇඬුවා එදා, මටත් මාර දුකයි .........
ReplyDeleteඔය වගේ දෙයක් වෙන්නම ඕන හිතට කොච්චර දුකක් දැනෙනවද බලන්න .....
අපෙත් අවුරුදු 11 ගෙදර හැදුන බල්ලා මීට අවුරුද්දකට කලින් නැති උනා.. එකා නම් ගෙදර හිටියේ පවුලේ කෙනෙක් වගේ..
ReplyDeleteදුක හිතෙන කතා දෙකක්. ඇත්තටම බල්ලෝ කියලා කියන්නේ ඒ කාලේ ඉදන්ම මිනිස්සු ලගින්ම හිටපු හිත හොද යාලුවෙක්. බල්ලෝ මාරම කෙලෙහිගුණ දන්න සතෙක්.
ReplyDeleteඅපේ ගෙදරත් ඒ කාලේ බල්ලෙක් හිටියා. අපේ මල්ලියි තාත්තයි උදෙම්ම ට්‍රිප් එකක් ගියපු දවසේ පස්සෙන් ගිහිල්ලා පාර හොයා ගන්න බැරුව අතරමං වෙලා අයෙම ගෙදර අවේ නෑ.
ප.ලි. - අද කතා නෑ කියලා මාව නොමග යවලා බලු කතාවක් දාලා. :(
ඇත්තමයි සත්තු හදන්න කලින් දෙපාරක් හිතන්න ඕනේ. අපේ හෙදර හදපු බල්ලාටත් ගොඩක් අමාරු වුනා කොච්චර බෙහෙත් අරන් දුන්නත් හොඳ වුනේ නෑ අන්තිමට ඌ මැරෙන දවසේ ගෙදර හිටියේ මම විතරයි. උන්ව හදනකොට උන් අපිට ආදරේ කරනකොට අපිට ගොඩාක් සතුටු වුනාට උන්ට ලෙඩක් හැදුනාම උන් කෑ ගහනකොට හරිම දුකයි. අපේ ගෙදර හිටපු බල්ලා අපේ ගෙදර හැමෝම කොහෙ හරි යන්න හදනකොට ගේට්ටුව ගාවට වෙලා හොඳටම අඩනවා.
ReplyDeleteබල්ලෙක් ගැදුවාම අන්තිමට ඌත් පවුලේම කෙනෙක් ගානටම අපිට ලං වෙනවා. එහෙම කෙනෙක් මැරුණාම හිතට කොච්චර දුකද? ඒ නිසා දැන් මමත් බල්ලෝ ඇතිකරන්නේ නෑ. තාත්තානම් කියනවා තව කෙනෙක් හදමුයි කියලා. ඒ වුනාට මම කැමති නෑ.
මේක හරි පුදුමයි මං මේ බල්ලෙක් ගැන කතාවක් ලිවුවා විතරයි.. මමත් ඔය ක්ලබ් එකේ තමයි.. බල්ලෝ ඇති කරලා ඒ ගොල්ල නැති කරගෙන බොහොම කාලෙකට පස්සේ තාමත් බලු දුක විඳිනවා.. මගේ අලුත් කතාව බලන්නකෝ. http://lankapriyagesithivili.blogspot.com/2011/06/blog-post_20.html
ReplyDeleteඅපේ ගෙදරත් බල්ලෙක් හිටි ඌ දුඹුරු පාටයි ඒ නිසා ඌට දාපු නම තමා බ්‍රවුන්. අනේ ඒකා නම් අපේ පවුලේම එකෙක් වගේ හිටියා. සතෙක් උනත් ඌට හොද ගතිගුන තිබ්බා. කාලෙකට පස්සේ දැන් අලුත් කෙනෙක් ඉන්නවා. අරයව මතක් වෙන්න ඕනි නිසා මෙයාටත් දාලා තියෙන නම බ්‍රවුන් ම තමා.
ReplyDeleteදුක හිතෙන බලු කතාවක්...
ReplyDeletei like dogs.they are better than human friend
ReplyDeleteබල්ලෝ ගැනනම් කියල වැඩක් නෑ. මිනිස්සු 100කට වඩා ඒක බල්ලෙක් හොදයි. මම දකින බල්ලගෙයි, මිනිහගෙයි වෙනස තමා ඌනම වෙලාවක අපිට කෙලව්නාම
ReplyDeleteබල්ලා නැට්ට හරි වනනවා.
අපේ මිනිස්සු නැට්ට තියන පැත්ත පෙන්නනවා.
පූසොන්ටත් වැඩිය බල්ලො මිනිස්සුන්ට හිතවත්. බල්ලෙක් හදනවා කියන්නෙ ඌ ගෙදර සාමාජිකයෙක් වගේම තමා. උගේ වියෝව දරාගන්නත් බැරි ඒ හින්දා. බල්ලොන්ට පුංචි ආදරයක් දුන්නත් ඇති ඒ වගේ සිය ගුණයක ආදරයක් උගෙන් ලබන්න. Marly and Me ෆිල්ම් එක බලල තියෙද.
ReplyDeleteඅපි හිතුවට සත්තුන්ට අපට තරම් දේවල් තේරෙන්නේ නෑ කියලා..සමහර වෙලාවට උන්ට අපට වඩා තේරෙනවා ගොඩක් දේවල්.
ReplyDeleteමමත් සත්තු හදන එක් සම්පූර්නයෙන්ම අතහැරියා..අපි සුනාමියට අහුවුනාට පස්සේ.
බල්ලෝ පූසෝ මැරුනාම විඳින වේදනාව මම පුංචි කාලේ හොඳට විඳලා තියෙනවා.
ReplyDeleteඒ නිසාම සත්තු හදන්න ආස නෑ . .
ඒත් මගේ කීම අහන්නේ නැතුව අම්මයි තාත්ත්යි පහුගිය කාලේ ඩොබොමන් බල්ලෙක් හැදුවා . .
අනේ ඌ මැරුනා කිව්ව වෙලාවේ මගේ අතපය පන නැතුව ගියා වගේ දැනුනා . . ඌ ඒ තරම්ම හොඳ සතෙක් අප්පා . .
ඔයාගේ කලූටයි නංගිටයි හොඳ ආත්මයක් ලැබෙන්න කියලා පතනන්ම් . . .
මං ගාවත් හිටියා බල්ලෙක්.අම්මා මට ගහන්න එනකොට ඌ අම්මව හපනවා.අම්මත් කෑ ගහගෙන දුවනවා මගෙන් ඈතට.මට ඌ මාරම ආදරෙයි.උදේට ඌව බලන්න ආවෙ නැත්තං ඌ එනවා මගේ ඇද උඩට ඇවිල්ලා නැගිටිනකං මාව ලෙව කනවා.ඌට සර්පයින්ව පෙන්න බෑ.සර්පයාගෙ අවසානය තමයි.
ReplyDeleteඌ එක පාරටම අතුරුදහන් උනා. :'(
@හිස් අහස- ඔව් ගොඩක් දුක හිතෙනව තමා.අනික පොඩිම කාලෙ ගොඩක් හුරතල් නෙ
ReplyDelete@පන්සල් හංදිය- හ්ම් ඒක ඇත්ත,ගොඩක් හිතවත්ව ඉන්න නිසා නැතිවුනාම ගොඩක් දුකයි.
ReplyDelete@Dinesh- දුකයි තමා.බල්ලොන්ගෙ ජීවිතකාලෙ අවුරුදු 13ක් විතරලුනේ.11ක්ම හිටිය නම් සෑහෙන වයසක් වෙනව.
@ගිනි අව් සහ ගිනි කෙලි- අප්පේ මම් රෙස්ලින් වලට කැමතිනෑනේ.
@මධුරංග- ඔව් මල්ලි මිනිස්සුන්ටවඩා කෙලෙහිගුණ දන්නව.කොච්චර ඈතට ගියත් හොයන් එන්න ඉවතියනවනේ.දවසක් අපේ ගෙවල් ලගට බැල්ලි පැටව් 3ක් කවුද දාල ගිහින්.ගෙදරලග අය්යා කෙනෙක් උන්ව අරන් ගිහින් දැම්ම වෙන කොහෙටද.පස්සෙ එයින් දෙන්නෙක් ආය ඇවිත් තිබ්බ.:)
ReplyDeleteලියන්නෙ නැතුව ඉන්න හිටියෙ පස්සෙ ඩ්‍රාෆ්ට් එකේ තිබ්බ එකක් දාන්න හිතුන.:)
@පූසා- ඇත්ත මල්ලි,අපේ උනුත් ගේට්ටුව වහල තිබ්බත්,එහාගෙදර වැටෙන් රිංගල හරි දුවගන එනව අපිත් එක්ක යන්න.ලෙඩ වුනාම හරිම දුකයි තමා.මූණ දිහා බලන් ඉද්දි සෑහෙන්න දුක හිතෙනව.
ReplyDelete@සරත් ලංකාප්‍රිය- මම ඒ ක කියෙව්වා
@මගේ කතා- ගතිගුණ ගැන නම් කියල වැඩක් නෑ.උපරිමයි
@ටී.බී. හේරත්- හ්ම්...
ReplyDelete@Anonymous- ya true!
@ADK කොලුවා- නියම කතාව.සහතික ඇත්ත.
@පිණිබිඳු...- හ්ම්..මම් ඒ ෆිල්ම් එක බලල තියනව.
ReplyDelete@- නිල් අහස - -ඔව් උන්ට හොදට තේරෙනව.අහ් ඔයාලටත් සුනාමි ප්‍රශ්නෙ ආවද?
@දුකා- අපේ අක්කත් දවසක් ඉස්කෝලෙත් යන්නෙ නැතුව ඇඩුවා ලේන් පැටියෙක් මැරිලා.පූසා අල්ලගන කාලා.
@සීතල අයියා- උන්ට ආදරේ අයට උනුත් එහෙමම ආදරේයි.
ReplyDeleteඅඩෙ යෙප්ප.. සහතික ඇත්ත..! බලුවා හොදා මනුස්සයාට වඩා..!
ReplyDeleteබලු කථාවක් ලස්සනට ලියලා නේද ?
ReplyDeleteවිහිලුවක් කලේ... මම සත්තුන්ට වැඩිය කැමති නැති වුනත් අපේ නෝනිලගේ පැටව් බල්ලෝ දෙන්නට නම් කැමතියි. අවුරුදු ගාණක් නොදැක හිටියත් බල්ලා තමන්ට කන්න දුන්න කෙනා අඳුනන හැටි නම් අදහන්න වටිනවා.
ප.ලි. - මටත් කියන්න බලු කථා ටිකක් තිබේ. මේක දැක මතක් වුනි. ළඟදීම කියන්නෙමි... එතෙක් ජය !
@මහසෝණා- අම්මේ මහසෝණාත් ඇවිත්නේ.බයේ බෑ.
ReplyDelete@චතුරංග පෙරේරා | chathuranga Perera- ලියන්නකො එහෙනම් අපිත් එන්නම් කියවන්න.
හ්ම්ම්ම් ඇත්ත සත්තු මිනිස්සුන්ට ලං උනාම උන් එක කරන්නේ ඇත්තටම..මිනිස්සු වගේ බොරුවට නෙවයි.. එකී එක අපිට ගොඩක් සංවේදී වෙන්නේ..
ReplyDelete@සිතුවිලි සුන්දරයි ?- හ්ම්...ඒක ඇත්ත.ගොඩක් සමීප වෙනව උන් අපිට.
ReplyDeleteහැමෝම බල්ලොන්ගෙ හොදනෙ කියල තියෙන්නෙ... අපේ ගෙදර ඉද්යනෙ කමකට නැති බල්ලෙක්... නම චිකෝ.. ඌ මහ හාල් දන්නඩා වගේ ඉදියට උගෙන් බාගයක් උස නැති උන් මූව බිමදාගෙන විකනවා ඒක නිසා ඒක නිසා වත්තෙම තියන් හැදුවෙ... ටිකක් ලොකු උනාම මේ යකා තාප්පෙ උඩින් පැනල යනවා.. ඒ පාර ගැටගහලම තිබ්බා.. බල්ල උනාට මූ හාමු වගේ... බැදල ඉන්න තැන මලාට කැත කරගන්නෙ නෑ.. වැඩේ තද උනාම පටන්ගන්නව සංගීතෙ.. අම්ම ලිහල දන්වැලෙන් අල්ලන් යනවා.. ඒත් දව්ස් ගානක් මූ අම්මව පෙරලගෙන දුවල බැරිම තැන ඕන කුදයක් ගහන්න ලිහල දැම්මා.. ගෙදර පැත්ත පලාතෙ ආවේ නෑ.. බලු වලේ බජාර් එකත් එක්ක වල බැහැලම පාර අයිනෙම මැරිල ගියා... ඔන්න ඕකයි මගේ බලු කතාව... උනම් සිරා බල්ලෙක්
ReplyDelete@පොඩි මෑන්- ඒකානම් නියම බල්ලෙක් තමා :))
ReplyDelete