දැන් කාලේ ආදරයත් එක්ක ගොඩක් සමීපව සම්බන්ධ වෙන උපාංගයක් තමා ජංගම දුරකථනය ( සිංහලෙන්, හෑන්ඩ් ෆෝන් එක) කියල කියන්නෙ.
අරක පටන්ගත්ත මුල්ම දවස වල ඒ කියන්නෙ මීට අවුරුදු 5කට විතර ඉස්සර මමත් ප්‍රී පෙයිඩ්,කාඩ් දාල තමයි කතා කරන්නෙ.
ඒක නිසා සෑහෙන්න අවුල් ගිය වෙලාවලුත් තිබ්බ,සමහර වෙලාවට කතාකරන් යද්දි කාඩ් එක ඉවරයි :(.ඉතින් ඕක පටන් ගත්ත මුල් කාලෙ හිටු කියල කතා කරනවනෙ.මොකද හම්බ වෙන්නෙත් ඉතින් කාලෙකින් නිසා.
ඔන්න එකසැරයක් අපිට කැම්පස් නිවාඩු දුන්න එක්සෑම් ඉවරවෙලා,මාසයක් විතර ගෙදර.ෆෝන් කාඩ් එකත් ඉවර වෙලා,නිවාඩු කාලෙ කතා කරන්න කෙනෙක් නැති නිසා.(ගෙදර අයට කතා කරන්නනෙ ෆෝන් එක අරන් දුන්නෙ.:ඩී).අලුත් කාඩ් එකක් ගන්නත් යන්න නිකන් මොකද්ද වගේ.අනික ගෙදර ලෑන්ඩ් ෆෝන් එක තියනවනෙ.ඕන කෙනෙක්ට ඒකෙන් කතා කරන්න බැරියැ.
ඒ දවස් වල අය්යත් triangulation (ඒක සර්වේ මෙතඩ් එකක් කන්ට්‍රොල් පොයින්ට් එශ්ටැබ්ලිශ් කරන) ගිහිල්ලා.කතාකරන්න හරියට නිදහසක් තිබ්බෙ නැ.එයාට වැඩ,.එයා ඉන්නෙ කන්දක් උඩනේ.
අම්මා ඉස්කෝලෙ යන නිසා මටනම් මාර නිදහස්,මොකටද හෑන්ඩ් ෆෝන් වලට වියදම් කරන්නෙ,ගෙදර ෆෝන් එකෙන්ම කතාකරනව.
අම්මා ඉස්කෝලෙ යන නිසා මටනම් මාර නිදහස්,මොකටද හෑන්ඩ් ෆෝන් වලට වියදම් කරන්නෙ,ගෙදර ෆෝන් එකෙන්ම කතාකරනව.
මාසයක් ඔහොම කතාකරා, පස්සෙ තමා මතක් වුනේ අප්පා සෑහෙන බිලක් එයිද දන්නෙ නැ කියල.කැම්පස් ගියාට පස්සෙ නම් ඕනෙ දෙයක් කියල හිත හිතා හිටියා.
කැම්පස් යන්න කලින්,යන්න ඔන්න මෙන්න කියල,කිව්වත් වගේ මෙන්න බිල එනව, හෆොයි...අංක5ක බිලකට වඩා පොඩ්ඩම පොඩ්ඩක් අඩුවෙන්.
ගෙදර අයටත් හෙන සැකයි!...වැරදිලාද දන්නෙ නැ...මෙහෙම කවදාවත් ඇවිත් නෑනෙ...කෝකටත් ඩීටේල් බිලක් ගමු, කියල අක්ක යෝජනා කරාම තමා මටත් ඉහ මොල රත් වුනේ.(එයාටත් ඕනෙ නැති දෙයක් නෑනෙ:/)

ඩීටේල් බිල ගත්තම තමා දැක්කෙ කට්ටිය, එක හෑන්ඩ් ෆෝන් නොම්බරේකට සෑහෙන්න කෝල්ස් ඇරන් තියනව කියල.මල මගුලයි දැන් මොකෑ කොරන්නෙ?...ඔන්න ඔහොමයි අර වැඩේ අතටම අහුවුනේ.
පලි: සමහරවිට මේකට අදාල කෙනත් මේක බලයි.පරණ මතකයක් අලුත් කරාට කමක් නෑනේ.මගෙ තරහක් නැ..කමෙන්ට් එකක් දාලම යන්නකො පුලුවන් නම්.:).
පලි: සමහරවිට මේකට අදාල කෙනත් මේක බලයි.පරණ මතකයක් අලුත් කරාට කමක් නෑනේ.මගෙ තරහක් නැ..කමෙන්ට් එකක් දාලම යන්නකො පුලුවන් නම්.:).