සුදු බදපටිය | White Belt - 01
සුදු බදපටිය | White Belt - 02
සුදු බදපටිය | White Belt - 03
තරුණ වයසේ පිරිමි කෙනෙක් ඇවිල්ල හිටියෙ බෝඩිමේ අක්කලගෙ ගෙදරට,එලියෙ ඉදන් ටිකක් හයියෙන් කතා කරනව,ඒ ගෙදරයි අපේ බෝඩිමයි ගෙවල් දෙකක් වුනාට එකලග, එකිනෙකට මුහුනලා තමයි තියෙන්නෙ.

පිරිමිකෙනා: රසිකා ඉන්නෙ මෙහෙද?
බෝඩිමේ අක්කා: ඔව් මෙහෙ තමයි!...ඔයා කවුද?
පිරිමිකෙනා: මම?, මම් කවුද කියල, කියල දෙන්න එයාට එන්ඩ කියන්ඩ,කෝ... එයා ඉන්නවද බෝඩිමේ?...
බෝඩිමේ අක්කා: ඉන්නව.රසිකා!....රසිකා!....
ඒ සද්දෙට මූණ හෝද හෝද හිටපු අර නංගි එලියට ආව,එයා හරියටම අපේ බෝඩිම ඉස්සරහ තියන දොර ලගට වෙලා බලන් ඉන්නව.අපි දෙන්න අපේ කාමරේ දොර ලග.
පිරිමිකෙනා: ආ...මේ ඉන්නෙ මෙහෙ වර තෝ කොහෙද යකෝ ඊයෙ ගියෙ?...
නංගි: මම් ෆිල්ඩ් ට්‍රිප් එකක් ගියා...එද්දි ටිකක් රෑ වුනා.බෝඩිමේ අයට කියල ගියෙ.
පිරිමිකෙනා: ආ එහෙමද?මම් කතා කරා උබේ ෆැකල්ටියෙ ඉන්න එකෙක්ට ඌ කිවෙ එහෙම එකක් ගියෙ නෑ කියල?
නංගි: නෑ ගියා...කාටද කතාකරේ?...
පිරිමිකෙනා: සුපුන්ට!...
නංගි: එයාල කරන්නෙ වෙන සබ්ජෙක්ස්,එයාල ගියෙ නැ අපිත් එක්ක.
පිරිමිකෙනා: එහෙනම් දීපන් ගිය සර් කෙනෙක්ගෙ හරි නොම්බරයක් මට කතා කරල බලන්ඩ ,උඹ කියන්නෙ ඔක්කොම බොරු.මේකි මාව රෑවැට්ටුව මදිවට තව බොරු කියන්නත් එනව.
බෝඩිමේ අක්කා: මේ මෙතන තව ගෑණු ළමයි ඉන්නව,ඔයාට ඔහොම කෑගන්න අයිතියක් නෑ.කරුණාකරල යන්න.ගෙදර මහත්තයත් නෑ මේ වෙලාවෙ?ඔයා කවුද කියල අපි කොහොමද දන්නෙ?
පිරිමිකෙනා: මම් කවුද කියල මෙයාගෙන් අහන්ඩ,මම් වැඩ කරන්නෙ ....මාධය්‍ය ආයතනයේ.මෙයා මාත් එක්ක අවුරුදු 3ක් එක කාමරේ හිටියෙ,කියපන් මම් කියන්නෙ බොරුද? කියපන්!...
එහෙම කියල එක ආයතනයක අයිඩී කාඩ් එකකුත් අක්කට පෙන්නුව. අර නංගි හිමින් සැරේ ඔලුව වැනුව.සෑහෙන්න බය වෙලා වගෙයි තේරුනේ.අපිට හරියට පෙනුනෙ නෑ,අපි හිටිය කාමරේ ඇතුලට ගිහින් ඒ වෙලාවෙ.අපි දෙන්නත් බය භීතවෙලා!...මේ මොකෑ බොල මේ වෙන්නෙ කියල.

පිරිමිකෙනා: මේකි මේ හතර වෙනි බෝඩිමේ ඉන්නෙ,එක බෝඩිමකවත් සතිකීපෙකට වඩා ඉන්ඩ බෑ,පාඩම් කරන්න ඕනෙ කියල බෝඩිමකට යන්න ඕනෙ කිව්වෙ.මේකිට තියන ......විසේ.තෝ දැනගන් තෝ...කැම්පස් එක ඉස්සරහ ත්‍රීවීල් කාරයො එක්ක යනව කියලත් මම් දන්නව,තෝ විතරක් නෙමේ තොගෙ යාලුව අර....ත් එහෙම....ක් තමා.දැනගන් මම් කැම්පස් නොගියට මට ඔය විස්තර කියන්න ඕන තරම් උන් ඉන්නව ඕක ඇතුලෙ.මම් අද තෝ මරණව,වරෙන් යන්ඩ මාත් එක්ක,යමන් මේ දැන්ම.
නංගි: මට බෑ,
පිරිමිකෙනා: වරෙන් යන්ඩ!...
නංගි: බෑ මම් යන්නෙ නෑ.මට අම්මලට කතාකරන්න ඕනේ.
පිරිමිකෙනා: තෝ ඔච්චර හරියක් කරේ තොගෙ අම්මලට කියලද යකෝ.වරෙන් යන්ඩ තෝ අද මගෙන් මැරුම්කනව.
බෝඩිමේ අක්කා: මෙ මේ...ඔයා කවුද කියල හරියටම අපි දන්නෙ නෑ.කවුද රසිකා මේ?ඔයා අදුරනවද මෙයාව?
නංගි ඔලුව වැනුව.
බෝඩිමේ අක්කා: එහෙනම් ගිහින් ප්‍රශ්නෙ විසදගන එන්න,මෙහෙම කතා කරල විසදගන්න බෑනේ,අනික මේක බෝඩිමක්, මේ ගෑනු ලමයි ඉන්නෙ.මෙහෙම හැසිරෙන්න දෙන්න බෑ.අපිත් පාරෙ බැහැල යන්න ඕනෙ.
අර නංගි කෙලින්ම කාමරේට ආව,අපි දෙන්න තාමත් ගල් ටික් වෙලා බලන් ඉන්නව.අපි දෙන්නගෙ මූණවත් බලන්නෙ නැතුව ෆීල්ඩ් ට්‍රිප් එක අරන් ගිය ට්‍රැවලින් බෑග් එක අදින්න ගත්ත,ඒකෙන් මගෙ යාලුව දුන්න බෙඩ්ශීට් එකත් ගුලියක් වෙලා විසික් වුනා.ඒකෙ තිබ්බ ඇදුමක්ම ඇදගන හෑන්ඩ් බෑග් එකත් අරන් මෙයා කාමරෙන් එලියට ආවා.
හ්ම්...යමන්... කියල දෙන්න එක්ක ගේට්ටුවෙන් එලියට ආව,පස්සෙ ඇවිත් තිබ්බ මෝටර් සයිකලයට නැගල, සෑහෙන වේගෙන් ඈතට ගිහින් නොපෙනී ගියා.
ඒ මම් එයාව දැක්ක අවසාන වතාව, බෝඩිමේ අය අතර කසුකුසුව ගොඩක් දිග්ගැස්සුනා,අපි බය වුනා මොනව හරි දෙයක් වුනොත් කියල,අර කිව්වත් වගේ ඇත්තටම මැරුවොත්!...ඒ නිසා අපි කිව්වෙ ගෙදර නොම්බරේ දීලනෙ ඇත්තෙ, අක්ක කෝකටත් කෝල් එකක් දෙන්න කියල.ගෙදරට ෆෝන් නෑ කියල අහල පහල ගෙදරක නොම්බරයක් දීල තිබ්බලු,ඒකට අරන් තියනව කතා කරල විස්තරේ කියන්න ගෙදරට.ඒ නොම්බරෙත් වැඩ කරල නෑ.
ඒත් ගෙදරින් කතාකරන්නෙ කියල සමහර දවස් වලට බෝඩිමට කෝල්ස් ආව නොම්බරයක් තිබිල තියනව,හැමදාම කතා කරන්නෙ පිරිමි කෙනෙක්ලු.ඒකට ගත්තම එහෙම කෙනෙක් නෑ...කියල.
අපි හිතුව ඔය කීවට සමහර විට හවස් වෙද්දි ආයම බෝඩිමට එයි කියල,බලන් හිටිය ඒත් එන පාටක් තිබ්බෙ නෑ.බෝඩිමේ අක්ක කිව්වෙ ඔය වගේ අයට ඕන තරම් තැන් තියනව,අනික කිසි බයක් සැකක් නෑ.එහෙම තියනව නම් මේ වගේ දේවල් කරයිද?මොකක් හරි ගුබ්බෑයමක ඉදල හෙට උදේට ආපහු මොකුත් නොවුන ගානට එයි.ආවහම මම් යන්න කියනව,හොයල බලන්නෙ නැතුව නතර කරගන්නවට ඕව අපිට හොද පාඩම්!...කියල.එයාලටත් ඕනෙ කරේ සල්ලි විතරයි,ඒත් ඔහොම බෝඩින් හොයාගන එන අය කොච්චර නම් ඉන්නවද?කාල බලල ගන්නැයි මිනිස්සු!...
කීප දවසක්,මම් හිතන්නෙ දවස් 5ක් 6ක් විතර යනකම් එයාගෙන් තොරතුරක් ලැබුනේ නෑ.විසිකරලා දාපු රෙදි ටිකත් ට්‍රැවලින් බෑග් එකේ එහෙම්මම තිබ්බ.
ඒ අස්සෙ දවසක් බෝඩිමේ පොඩි එකා ඇවිත් කියනව,ඒකනෙ අක්කි මම් ඔයාලට කිව්වෙ අර එයා ඇදන් යන එක නෙමේ ඇදන් එන්නෙ කියල...ඔයාල ගනන් ගත්තෙ නෑනේ...
එක දවසක් අපි වැඩ ඇරිල එද්දි එයාගෙ ඇද හිස් වෙලා,ට්‍රැවලින් බෑග් එකෙන් ගුලියක් වෙලා එලියට විසික් වුනු මගෙ යාලුවගෙ බෙඩ් ශීට් එක විතරක් ඇද උඩ තියනව.
බෝඩිමේ පොඩි එකා දුවගන ඇවිත් කිව්ව,රසික අක්කි එදා ආව අය්යත් එක්ක ඇවිල්ල බඩුටික අරන් ගියා, අලුත් බෝඩිමකට යනව කියල,අක්කිගෙන් ගත්ත කිව්ව සල්ලි ටිකත් අම්ම ඉල්ලගත්ත,පස්සෙ දෙයි...
මට එකපාරටම මතක් වුනේ වයිට් බෙල්ට් එක!...දවසක් මට වයිට් බෙල්ට් එකක් ඕන වෙලා, ඒ නංගි ලග තිබ්බ බෙල්ට් එක මට දුන්න, අක්ක මේක දාගන යන්න...මම් වැඩිය මේක පාවිච්චි කරන්නෙ නැ...කියල.ඒදා සිකුරාදා දවසක්,අපි කැශුවල් අදින දවස,මම් ඒක ඔෆිස් දාගන ගියා.තාමත් ඒ බෙල්ට් එක මම් ලග.

හිතුවට වඩා වෙනස් විදිහට කතාව ඉවර උනත්..අපි කාට කාටත් ලොකු ආදර්ශයක් ගන්න පුලුවන්..කතාවක් මේක.
ReplyDeleteකාලා බලලා ආශ්‍රය කරන්න බැරි හන්දා...අපි මිනිස්සු එක්ක ජීවත් වෙන්න ඕන පරිස්සමෙනි.
ඉවරද?? තව තියනව ද?
ReplyDeleteඔය වගේ දේවල් වෙනවා.. කටුණායක නම් ඕන තරම් තියනවා.
ReplyDeleteකොහොමහරි බෙල්ට් එකක්වත් ලැබුනනේ...
මුන් කැම්පස් ඇවිදින් කරගන්න දේවල්. ඔය ළමයගේ ජීවිතේ කොහෙන නවතියි ද දන්නේ නෑ. පව්. කකුලුවා නටන්නේ වතුර හැලිය රත් වෙනකන් විතරයි කියලා කතාවක් තියෙනවනේ. ඒ වගේ ඔය ළමයට වැඩි කල් ඔහොම ඉන්න නම් ලැබෙන්නේ නෑ.
ReplyDeleteඑක අතකට ඒ ළමයට බනින්නේ නැතුව වැරැද්දට මුල් වෙච්චි දේ හොයන්න වටිනවා. සමහර විට ඒ ළමයා ඉර හද වගේ ආදරය කරපු කෙනා රවට්ටලා ආශාවන් අතරේ මුලා කෙරුවද කියලා දන්නේ නෑ නේ. එහෙම උනත් පව්.
ඇත්තටම ගෑනු ළමයෙක් ගේ ජීවිතයට කැලැලක් උනොත් ඒක ආයේ මකන්න අමාරුයි. ඒ නිසා හොද නම රැකගෙන ජීවත් වෙන්න ඕනේ.
කෙල්ලෙක් කියන්නෙ කොල්ලෙක් වගේ නෙමේ .........
ReplyDeleteකොල්ලෙකුට නම් කොහේ ගියත් නාලා ගෙට එන්න පුලුවන් හිටියා වගේම .....
මුද්දරේ අවලංගු වෙනවා මිස මුද්‍රාව අවලංගු නොවේ .....
මුල ඉඳලම කතාව කියෙව්වා කමෙන්ට් නොකරට. මට ඇත්තටම හුඟක් දුක හිතුණා ඒ ගෑණු ළමයා ගැන. මොකක් හරි කරදරේක වැටිලා බේරෙන්න දඟලනකොට අනික් හැමෝමත් එයාව ආපහු ඒ නරාවලටම තල්ලු කරලා දාලා අත පිහ ගන්නවා කියලයි මට හිතුණෙ. පව්. කොයි බෝඩිමකවත් ඉන්න බැරි ඒ මිනිහා ඇවිත් රණ්ඩු කරන නිසා වෙන්නැති.
ReplyDeleteමම ඒත් කල්පනා කළා ඇයි කතාවට සුදු බඳ පටිය කියලා නම වැටුණෙ කියලා. අන්තිමටනෙ ඒක අහන්න ලැබුණෙ.
දුක හිතෙන එක පැත්තකින් තිබ්බහම, එක දිගට කියවගෙන යන්න පුළුවන් කතාවක්.
අසරන දෙමවුපියො දෙන්නගැනයි දුක.
ReplyDeleteකාන්තාවන්ට කරන්න පුලුවන් වැඩ ගොඩක් තියනව.අන්තිමට තමා එයාල ගහන ගේම් මාට්ටු වෙන්න,හැබැයි හැමෝම නෙමෙයි.හොඳ ආදර්ශය අපි ඔක්කොටම මේක.
අපි ඉතින් රසිකාගේ කතාවේ දන්නේ ඔය ටික විතරයිනේ.. එයාට එහෙම උනේ ඈයි?? කොල්ලා කියන විදිහටම එවා ඇත්තද?? මේවට උත්තර අපි ලග නෑ.. කතාවේ නම කතාවට සම්බන්ද උනේ අන්තිම මොහොතේ..
ReplyDeleteකථාව ඉවරවෙනකං හිටියෙ ටීකාවක් දාන්න, ඕං ලිපි හතරම කියෙව්ව ඈ...
ReplyDeleteමිනිස්සු තරම් තේරුම් ගන්න අමාරු සත්ත්ව කොට්ඨාශයක් ලොව තවත් නැත..
ReplyDeleteඅනේ මන්දා. ඔය ගුප්ත කමට යටින් කොහේ හරි අසරන කමකුත් ඇති. නැත්තන් කෙල්ලෙක් විහින් තමන්ගෙ ආත්ම ගරුත්වය නැති කර ගන්නවද.
ReplyDeleteමේ කතාවේ ඉන්න චරිතෙය් අපිට පෙනෙන පැත්ත ගැන විතරක් බලල කතාකරන්න බැහැ.. අර මිනිහ උනත් සුද්දවන්තයෙක් වෙන්නේ කොහොමද ? කෙල්ලගේ චරිතය පිට අය ඉදිරියේ අර විදිහට හැල්ලු කරලා ඒ කෙල්ල එක්කගෙන ගිහින් එයා එක්කම් ජීවත් වෙනවා නම් ඌ පාහර පාදඩ ඌරෙක් .. පවු.. ඒ විදිහට ජීවත් වෙන්න පර කපන්න් ඇත්තෙත් ඔය මිනිහ වෙන්නපුළුවන්.. මිනිහෙක් ගෑනු දහයක් එක්ක ගියත් ඒ මිනිහ සුද්ද වන්තය. ගැනියෙක් කොල්ලෝ දෙන්නෙක් එක්ක ගියොත් නරක ගැණී. මොකක්ද මේ මිනුම් දණ්ඩ ? හැම තැනින්ම කොන්වෙලා හම කෙනෙකුන්ගෙන්ම බට කාල මහ පාරට වටුන් කීදෙන්කුගේ චරිත හොඳ වෙන්න තිබ්බද ? මේ කතාව ලිවුවා ඒක හොඳයි ලියල තියෙන ආකාරයත් අපුරුයි.. මානව දයාවෙන්.. විවේචනයෙන් තොරව..
ReplyDelete@- නිල් අහස - - මට නම් ඒ වෙච්ච දේ තාමත් හිතාගන්න බැරුව ඉන්නෙ.හිතෙන්නෙම එහෙම දෙයක් වෙන්න බෑ කියලමයි.එයා අපිට හොද යාලුවෙක් වුනා,කිසි කරදරයක් අපිට තිබ්බෙ නෑනේ.ඒත් නොකියලපු ගොඩක් දේවල් තියෙන්න ඇති.
ReplyDelete@ශ්‍රි- ඉවරෝ
ReplyDelete@නචියා- ඔයවගේ සිද්දි අහල තිබ්බට හැබැහින් මෙහෙම සිද්දියක් දකින්න දැබුනු පලවෙනිවතාව.මට නම් තාමත් පුදුමයි.බෙල්ට් එක දකින් දකින් හැම වෙලේම එයාව මතක් වෙනව :(
ReplyDelete@මධුරංග- අනේ මන්ද මල්ලි?මොකක් හරි දුක්බර කතාවක් මේක පිටිපස්සෙ තියනවමයි කියල මටනම් හිතෙන්නෙ.එයා අපිත් එක්ක ඒ කිසිදෙයක් කිව්වෙ නෑ.අද වෙනකම් එයාව දැක්කෙත් නැ.ආය දැක්කත් මම් ඉස්සර වගේම් කතා කරනව.
ReplyDeleteඔව් එහෙම වෙන්න පුලුවන්.ඇත්ත,හැමෝම අන්තිමට කෙල්ලට වරද පටවනව,කෙල්ලත් වැරදී තමා.ආව වැඩේ කරගන යන්නනේ බලන්න ඕනේ,කොහොම හරි කට්ට කාගෙන.
@කල්හාර දිසානායක- හ්ම්...ඇත්ත
ReplyDelete@නලිනි චන්දිමා- මුලින් අර මනුස්සය කෑගහද්දි මට එයා ගැන අප්පිරියාවක් ඇතිවුනා,හැමදේටම මෙයා හ්ම් හ්ම්...කිව්ව ඇරෙන්න බොරුනම් එහෙම නෙමේ කියන්න තිබ්බෙ නැද්ද?මොකක් හරි අසරණ කමක් තියෙන්නෙ ඇති කියල හිතුන පස්සෙ,මටත් ගොඩක් දුකයි එයා ගැන.දැන් කොහෙ ඉන්නව ඇත්ද?උපාධිය?
ReplyDelete@කස්සා-හ්ම්...අම්මල දන්නවනම්!
ReplyDelete@ඪිනෙශ්- "එයාට එහෙම උනේ ඈයි?? කොල්ලා කියන විදිහටම එවා ඇත්තද?? "
ReplyDeleteමේ ප්‍රශ්ණ මටත් එහෙම්ම තියනව තාමත්.
@ටී.බී. හේරත්- හා ඈ...
ReplyDelete@priyantha- ඇත්ත.
ReplyDelete@පිණිබිඳු...- ඔව් නැත්තම් අච්චර කට්ටියක් ඉස්සරහ එහෙම කියද්දි නිහඩව ඉදීද?
ReplyDelete@සරත් ලංකාප්‍රිය- ඔව් අපිත් හිතුවෙ ඕකමයි.එකට කොහොම ද ජීවත් වෙන්නෙ,අර විදියට පිට මිනිස්සු ඉස්සරහ එහෙම කතා කියල බැනල ඉවර වෙලා.අනේ මන්ද ජීවිත!
ReplyDeleteමේ කතාව කියෙව්වට පස්සේ මටත් ඔයවගේ කතාවක් මතක් උනා.ඒකත් මෙතනම කොටලා දාන්නම්.මේක අපේ මාමගේ නෑ වෙන දුවෙකුට වෙච්චි දෙයක්.
ReplyDeleteඒ දුව ඉගෙන ගන්න ගොඩක්ම දක්ෂයි. ඒ ගෑනු ළමයා මාතර දිස්ත්‍රික්කයේ (ගාල්ල හෝ මාතර, මට හරියටම මතක නෑ) හොදම රිසල්ට්ස් දාලා *** කැම්පස් එකේ වෛද්‍ය විද්‍යාලයට ආවා. ඒ නංගි රිසල්ට් එනකන් ජා ඇල පැත්තේ රස්සාවක් කරන්න බෝඩ් වෙලා හිටියා.
කොහොමින් කොහොමහරි රිසල්ට් ඇවිල්ලා කැම්පස් ආවට පස්සේ රස්සාවෙනුත් අයින් උනා.මේ වෙද්දි ඒ ගෑනු ළමයට ආදර සම්බන්ධයක් තිබිලා තියෙනවා. කැම්පස් ආවට පස්සේ ඒක ගොඩක් ලොකුවට තිබිලා තියෙනවා.
කැම්පස් කියන්නේ ගෙදරින් ඈත් වෙලා හොස්ටල් වල එහෙමත් නැත්නම් බෝඩිම් වල ගෙවන සුන්දර නිදහස් ජීවිත නේ. ඒ නිසා මේ ගෑනු ළමයත් ඒ නිදහස උපරිමයෙන් තමන්ගේ ආදරවන්තයත් එක්ක ගත කරල තියෙනවා.
කොටින්ම මේ ගෑනු ළමයගේ බෑග් එකේ පොත් වලට වඩා තියෙන්නේ අමතර ඇදුම් පැලදුම් දෙකක් ලු. බෝඩිමට උනත් ගොඩක් වෙලාවට යන්නේ නෑ ලු.
කොහොමහරි මේ සම්බන්ධය ගෙදරට ආරංචි වෙලා දැන් දුක් වෙනවා. පස්සේ කාලෙක ආරංචි උනා මේ කොල්ලා අර ගෑනු ළමයව දාලා ගිහින් කියලා.ඉගෙනීමත් නෑ ආදරයත් නෑ.
ගෑනු ළමයෙක් උනත් ආදරය කරන කාලෙට තමන්ගේ ආදරවන්තයාව ඕනවට වඩා විශ්වාස කරලා අමාරුවේ වැටෙන්න හොද නෑ. ආදරය කියලා කියන්නේ ආත්මික බැදීමක් මිසක් ශාරීරික බැදීමක් ආශාවක් නෙමෙයි. ඒක තේරුම් අරගෙන ජීවත් වෙනවනම් මේ සම්බන්ධව ගෑනු ළමයගෙන් ලැබෙන දායකත්වය අඩු වෙනවා. එතකොට මේ වැරදි සිද්ධ වෙන එක අඩුයි.
තව එකක් කියන්න ඕනේ. පිරිමි ළමයෙක් උනත් මේ දේවල් වලට ගෑනු ළමයින්ව පොලඹවන එක වැරදියි. ගෑනු ළමයෙක්ට වරදින්න පුලුවන් එක වතාවයි කියන එක තේරුම් ගන්න ඕනේ.
එක්කො මුදල් අවශ්‍යතාවය මත වෙන්න ඇති. එහෙම නැත්නම්, කැම්පස් එකේ ප්‍රසිද්ධ කරනවා හෝ එවැනි දෙයක් කියලා තර්ජනය කරලා ඒ මිනිස්සු මේ ළමයව ගෙනියන්න ඇති. ඔය විස්තර කරන හැටියට ඒ ළමයට හැරෙන්න අතකුත් තිබිලා නෑනෙ. හිතවතෙක්, යාළුවෙක් ඉඳලත් නෑනෙ. මොන අසරණකමක් තියෙන්න ඇද්ද?
ReplyDeleteසුදු බඳ පටිය- අපේ සමාජයෙ පිවිතුරුබවේ සංකේතය සුදු. පිවිතුරුකම අගයන සමාජයට "ආ, තියා ගනින්, මගෙ පාවිච්චියක් නෑ. මට පාවිච්චි කරන්න දෙන්නෙත් නෑ." කියලා සුදු බඳපටිය තියලා ගියා වගෙයි.
අෆි ඕක වාර්තාවක් විදිහට නැතුව කෙටි කතාවක් විදිහට ලියමුකො.
@මධුරංග- හ්ම්...ගෙදරින් එලියට ආවම එකපාරටම අර කුරුල්ලා අහසට අතඇරියා වගේ නිදහසක් දැනෙනව.අපිට ඕනෙ පැත්තකට පියාඹලා යන්න පුලුවන්,කවුරු හොයල බලන්නද?ගෙදරිනුත් ඈතනේ ඉන්නෙ.නිදහස විදින්න ඕනේ තමයි,ඔය කාලෙට නැත්තම් වැඩක්ද?ඒත් ඒකෙ ලිමිට් එක අපි හැමෝම තේරුම් අරගන ඉන්න ඕනේ.අමාරුවෙන් හරි හදවතට වඩා බුද්ධියට මුල් තැන දීල වැඩ කරන්න පුලුවන් නම් හොදයි.ගෑණු ලමයි තමයි තමන්ගෙ ලිමිට් එක දැනගන ඒ ගැන හොදට හිතල කටයුතු කරන්න ඕනේ.පිරිමි ලමයිට නම් අර කිව්ව වගේ නාවල ගෙට ගත්තම ඔක්කොම හරි!
ReplyDelete@නලිනි චන්දිමා- මටත් හිතුනෙම මොකක් හරි ලොකු අසරණකමක ඉන්නව කියලමයි.
ReplyDeleteකමක් නැද්ද? :P
ReplyDelete@ටී.බී. හේරත්- ?
ReplyDelete