Wednesday, April 13, 2011

රතිඤ්ඤා


පොඩිම කාලෙ නම්  අප්පච්චි ගෙනත් දෙන රතිඤ්ඤා පෙට්ටිය අක්කටයි මටයි කියල දෙකට බෙදල වෙන්කර ගන්නවා.ඒත් පත්තු කරන්නෙ අප්පච්චි.:) අපි දෙන්න ටිකක් ලොකු කාලෙත් අපේ ගෙදර රතිඤ්ඤා පත්තු කරේ අප්පච්චි.ඒ අපි දෙන්නම බය නිසා රතිඤ්ඤා වලට.ඇයි ඉතින් අර ටීවී එකෙ එහෙම පෙන්නනවනෙ අනතුරු වෙනව කියල.:( පස්සෙ කාලෙ මටත් ඕනෙ වුනා තනියම රතිඤ්ඤාවක් පත්තු කරල බලන්න.

පත්තර කොලයක් අරන් දිග තීරුවක් ඉරල රතිඤ්ඤා කරල කොලේ අගම තියල කොලේ මුලට ගිනි පෙට්ටියෙන් කූරක් ගහල පත්තු කරල දුවන් එනවා.;;) ගේ ඇතුලටත් දුවන් ඇවිත් කන් වහගන බලන් ඉද්දි තමා රතිඤ්ඤාව ඩෝං!...ගාල පත්තු වෙන්නෙ:)). පස්සෙ කාලෙ රතිඤ්ඤා කීපයක් එහෙමත් ඒ මෙතඩ් එකට පත්තු කරා.අහස් කූරුනම් කවදාවත් පත්තු කරල නෑ.අප්පච්චි මිදුලෙ අහස් කූරු පත්තු කරල චූස්ස්ස්ස්....ගාන සද්දෙට තමා ගේ ඇතුලෙ ඉදන් දුවන් ඇවිල්ල උඩ බලන්නෙ.:))

දවසක් ගිනි පෙට්ටිය ඉවර වෙලා රතිඤ්ඤා පත්තු කරන්න ගින්දර නෑති නිසා අක්ක ගිහින් එලියෙ තියන ලිපෙන් ගින්දර ගේන්න.ඒකත් නිමිල නිසා නිකන් ඉදලා.හවස අම්ම වතුර උනු කරන්න ගිහින් ලිප පත්තු කරල ටිකක් වෙලා යද්දි ඩෝං... ගාල ලිපේ රතිඤ්ඤාවක් පත්තු වෙලා.:p අමතක වෙලා අක්ක එදා පත්තු කරන්න ආව රතිඤ්ඤා එක ලිපේ දාල ගිහින්.අම්ම නම් කිව්වෙ 99න් බේරුනා කියල :).

නිලා කූරු,බමරචක්‍ර වලට නම් බයක් වුනේ නෑ.පත්තු කරන්නත් ලේසියිනේ.එහා ගෙදර මල්ලි නම් සමහර වෙලාවට රතිඤ්ඤා පත්තු කරන්නෙ පරණ සෑමන් ටින් එකක් යටින් රතිඤ්ඤාව තියල.සද්දෙත් නියමයි.ටින් එක උඩ ගිහින් විසි වෙන්නෙ :)).සමහර වෙලාවට රතිඤ්ඤා පත්තු කරල උඩත් ගහනවා.:p

 තවත් දවසක් අල්ලපු ගෙදර අන්කල් යවපු අහස් කූරක් ඒ ගෙදර කුස්සියට ගිහින් මාර ජංජාලයක් වුනා.ආය, පාර දිගේ ඇරපු අහස් කූරක් මෝටර්සයිකලයක පිටිපස්සෙ ගිය ගෑනු කෙනෙක්ගෙ වෑදිල තිබ්බ,ඒත් ලොකු අනතුරක් නම් වුනේ නෑ.බෑනුම් ඇහුව එක විතරයි ටිකක්:D.  මම් කලිනුත් දවසක ලිව්ව අහස්කූරක් නිසා වුන තවත් අනතුරක් ගෑන:(. ඒ අනතුරින් එයාට ඇහෑකුත් අහිමි වුනා.

රතිඤ්ඤා පත්තු කරන්න,විනෝද වෙන්න.ඒත් පරිස්සමෙන්!!!

16 comments:

  1. අදමයි මේ බ්ලොග් එක දැක්කෙ. ..
    මං නම් කොමත් රතිඤ්ඤා පත්තු කරන්නැ.. මට අදික ශබ්ද ඉවසන්න බැරි රෝගයක් තියෙනවා නෙවැ.. :-/

    ReplyDelete
  2. @ Bunny - ආ...තෑන්කු ආවට බනියො!එහෙනම් අවුරුදු කාලෙට කන්වලට ඇබ ගහගන තමා ඉන්න වෙන්නෙ අධික සද්ද ඉවසන්න බෑරිනම්.:p

    ReplyDelete
  3. අවුරුද්ද පුපුරා නොයන්න.. රතිඤ්ඤා පරිස්සමෙන් දල්වන්න..

    සිහියෙන් නිරතුරු වළකමු අණතුරු..

    (මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි..)

    ReplyDelete
  4. @ චතුවා (ළමයා) - දෑන්වීමනම් ගොඩක් හොදයි.ඒත් කාටද දන්නෙ නෑ මුදල් ගෙව්වෙ නේද?:P

    ReplyDelete
  5. @නදී...මුදල් ගෙවුවේ මට බොල.. ශ්‍රීලංකා රක්ෂණ සමාගමෙන්..

    ReplyDelete
  6. @චතුවා (ළමයා) - ඒකත් එහෙමද? ඔයා දෑන් රක්ෂණ නියෝජිතයෙක්ද? :D

    ReplyDelete
  7. මට තාම රතිඤ්ඤා කියලා ලියා ගන්න බැරුව කොහෙ පත්තු කරන්නද? :) :) :)

    ReplyDelete
  8. @ ඉෂාර l Ishara - මමත් සෑහෙන ට්‍රයි එකක් දීල ලිව්වෙ :)

    ReplyDelete
  9. ඔය රතිඤ්ඤා ට්න් වලට දාන වැඩේ නං අපිත් කරනවා

    ඔන්න අක්කේ ඔයාට සුභම සුභ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා

    ReplyDelete
  10. @ බීටා - මල්ලිටත් සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  11. හහ් හහ් හා..
    අපි නම් වළක් හරලා රතිඤ්ඤා කරලක් දාලා වහලා තමයි පත්තු කරන්නෙ..
    ඒ ඇවිල්ලා බිම්_බෝම්බ(BETA) !!!!
    මැත්තා නේ ?? :D :D

    ReplyDelete
  12. @ Bhagya Sanuka -අනේ අනේ :D

    ReplyDelete
  13. ලබන්නාවූ සුභ අළුත් අවුරුද්ද ඔබ සැමට බලාපොරොත්තු ඉටු වන සුභ අළුත් අවුරුද්දක්ම වේවා.

    ReplyDelete
  14. @ JHOTHISHALANKA - එසේම වේවා අය්යටත්!

    ReplyDelete
  15. අපි නම් කරන්නේ අපේ ගෙදර තියෙනවා ලොකු බටයක්. අන්න ඒක බිම හිටවලා රතිඤ්ඤාව පත්තු කරලා ඒකට දාලා දුවනවා. නිකන් කාල තුවක්කුවක් පත්තු උනා වගේ සද්දේ.

    පස්සෙ කාලේ අහස් කූරූ වල ඉරට්ට ගලවලා බිම හිටෝලා පත්තු කරනවා. ඒකත් මරු වැඩේ.

    රතිඤ්ඤා පත්තු කරනවට වඩා සිංහලෙන් රතිඤ්ඤා කියලා ලියා ගන්න තමයි මාරම අමාරු. :(

    ReplyDelete
  16. @මධුරංග - අප්පෝ...ඒකනම් ඇත්ත.රතිඤ්ඤා කියල ලියන එකත් ලේසි නෑ.

    ReplyDelete