"නූපා ජපානයේ නීගතාවලට යන්නේ සකුරා මල් පිපුනු අරුමය බලන්න නෙවෙයි.
තමුන්ගෙ රටේ සමාජ ආර්ථිකයයි, සංස්කෘතියයි, දේශපාලනයයි නූපාව ජපානයට පිටුවහල් කරනවා.
නූපා,නීගතාවෙ සන්ජෝ නගරයේ සෑරිසරන්නිය වෙන්නෙ කවුරුහරි සොරා ගත්තු තමුන්ගෙ තරුණ ජීවිතය නෑවත සොයාගන්නයි.
සුමිකාවා පරම්පරාවෙ මලවුන්ඇවිත්,ලංකාවෙන් ආව ඥාතියා ප්‍රතික්ශේප කළාට, සන්ජෝ නගරයෙ සෑරිසරන්නිය - නගරයටයි,එහි සංස්කෘතියටයි බද්ධ වෙනවා.
පෙකණිවෑලේ එල්ලිච්ච පුංචි කලල දෙකක් උපන් රටේදියි, දීග ගිය රටේදියි එළියට ඇදලා දානවා.
මේ සෑරිසරන්නිය සොයා යමු."
මෙහෙම සදහන් කරල තිබ්බෙ සුමිත්‍රා රාහුබද්ධ ලියල තියන "කන්දක් සේ මා" නවකතාවෙ පසුපිටේ.2010 වසරෙ සිංහල නවකතාව සදහාවන ස්වර්ණ පුස්තක සම්මානය 2010,රාජය්‍ය සාහිත්‍ය සම්මානය 2010 ඇතුලු සියලුම සම්මාන මේ කෘතියට ලෑබිල තිබුනා.
අලුත් අවුරුද්ද වෙනුවෙන්, මට කියවන්න කියල ගත්ත පොත තමා මේ.වෙලාවක් තිබුනොත් ඔයාලත් අරගන කියවලා බලන්න.
අපෝ බොරු කියන්න එපා අලෝ.. ඔයා පොත්කියවන්නේ නෑ කියලා දන්නවා අපි... :P :P
ReplyDelete[හරේ........ තව දෙකායි.... :)]
@ චතුවා (ළමයා) - ආ...වෙසක් එකට අක්සරේ අයත් එක්ක අපේ ගෙදර ආවහම පෙන්නනම්කො පොත.ඔයාවගේ නෙමේ මම් පොත් කියවනවා.තව ටිකයි තියෙන්නෙ කියවල ඉවර කරන්නත්.
ReplyDeleteඔව් දෙකයි :))
මම නම් දැනටමත් කියවා ඇත.... මේ සවස් වල රං රෝස සොයමි... එක පොත් කඩයක වත් නැහැනේ...
ReplyDeleteජපානය ගැන සහ කාමුක පැත්තට බර කාන්තාවක් ගැන ලියවුන පොතක් නිදිහටයි මම නම් “ කන්දක් සේ මා “ දකින්නේ... ඔයා කියවලම බලන්න කෝ..
@ සොඳුරු සිත - බොහොම ස්තූතියි කමෙන්ටටුවට.ආ... මම් කියවල බලන්නම්කෝ.ටිකක් ඒවගේ තමා නේද?
ReplyDeleteමම නම් කියවලා නැහැ.. ඒත් සුමිත්‍රා රාහුබද්ධ ලියපු එකක් නම් ඒ කතාව හොද නවකතාවක් තමයි..
ReplyDelete@ Dinesh - ඔව් ගොඩක් රසවත් නවකතාවක්.වෙලාවක් තිබුනොත් කියවල බලන්න
ReplyDeleteඕකෙ ඇති කාමුක ගතියක් නෑ... ඕකෙ තියෙන්නෙ අපේ රටේ සාමාන්‍ය ගෑනියක් තරමක් වයසට ගිය ජපනෙක් ට විවාහ වී ජපානෙට ගොස් ගෙවන කටුක ජීවිතේ [මානසිකව] පිළිබඳ ව සත්‍යට ඉතාම ලඟින් යන විවරණයක්.
ReplyDeleteඉතාම හොඳ පොතක්...
වත් .. ඔයා පොත් කියවන එවුන්ව බය කරන්න එපා ...
අඩේ මෙන්න වැඩක්... මම කරපු බය කරවිල්ලක් නැහැ... මම කරේ තව තවත් දිරිමත් කරපු එක... උත්තේජයක් දීපු එක..
ReplyDeleteඇත්තටම ඔයා කියෙවුවෙ නැද්ද ඒ පොත ගැන තිබ්බ විචාර...
කාමුක .... කිව්වම ඔය පොඩි කෙල්ලො බය වෙනවනෙ.
ReplyDeleteවිචාරකයො කියන එකනම් මම දන්නෙ නෑ. උන් හැම වෙලාවෙම කියන්නෙ ඇත්ත නෙවෙයි.
මම කියන්නෙ ... මම ඔය පොත කීප වතාවක්ම කියවපු හින්දයි ...
ඔය ගැන විචාරයක් නම් නෙවෙයි .. නිකම් පොඩි විස්තරයක් මමත් ලියල තියෙනව මගෙ බ්ලොග් එකේ..
මං හිතන්නෙ වත් ... ඔයා ඒක කියවල නැතුව ඇති.
පොත මේ දැන් වුනත් මා ලග තියනවා. ඕනි පිටුවක් කියන්න.. මම කියන්නම් ඒකෙ තියන දේ....
ReplyDeleteඑයා හැඟීම් වලට හිතට වහල් වුන ගැහැණියක්...
එක් අවස්ථාවක දි ඇය හැඟීම් වලට වහල් වෙන බව ඇත්ත.. ඒ වුණත් ඒකට ඇයට දොස් කියන්න බෑ. තම සැමියාගෙන් නොලැබෙන යමක් ඈ පිටතින් ලබාගන්න තැත් කළා...
ReplyDeleteමම නම් ඒක දකින්නෙ වල් කමක් විදිහට නෙවි .... ඒ කතාවෙ එන දුක්මුසු අවස්ථාවක් විදිහට. ඒ කාරණාව ගැන ඇගෙ බලාපොරොත්තු සුන් වෙලා ගියානෙ.
හ්ම්...... කුමාරයෝ....
ReplyDeleteමසායා සාන් ගේ හිත දැක්කෙ නැද්ද කුමාරයෝ... මසාය කොයි තරම් දුකින් ද හිටියෙ... එයාගේ හිත නැතුවුන දේ ගැනම වෙහෙසිලා දුක් වෙලා තිබුනේ...
සුමල් ල , ජයනාථ ල අතර මසායා සාන් දාහකින් හොයා ගන්න බැරි පිරිමි කෙනෙක්. ඒ හිතේ ලස්සන , සොඳුරු බව දකින්න නූපට කොච්චර කල් ගියා ද? නුපා සෙවුවෙ ආදරය නෙමෙයි...
මම එකඟයි වත් ... හුඟක් ගෑණු එහෙම තමයි .. සොයන්නෙ ආදරය නෙවෙයි....
ReplyDeleteඒ වුණාට මේ කතාවෙ හැටියට නූපා ට ඒක අදාළ නෑ.
මේ පොත දිහා අපි දෙන්න බලන්නෙ දෙවිදිහකට මං හිතන්නෙ.
පොත්වල තියෙන විශේෂත්වයත් ඕකම තමයි. එක එකා රස විඳින්නෙ එක එක විදිහට ..
මට හැඟෙන විදිහ ඔයාට දැනෙන විදිහ නෙවෙයි.
හරි... එහෙනම් අපි දෙන්න විවාද වෙලා වැඩක් නැහැ... හිහි...
ReplyDelete“ දුල - දුලාය “ බැලුවද කුමාරයෝ.. මට තවම බැරි වුනා...
“ රං රෝස “ තියද කුමාරයෝ ... මේ දවස් වල හොයන්නේ ඒ පොත..
ඒක ඇත්ත .. කොහෙවත් තියන පොතකට අපි දෙන්න රණ්ඩු වෙන්නෙ මොකටද...
ReplyDeleteඔයා කියපු පොත් දෙකම මට තවම ලැබුණෙ නෑ.
මමත් හොයල බලන්නම් ඒ ගැන....
ඉන්නකො මමත් පොත කියවලා ඉවරවෙනකම්, තාම ටිකයි කියෙව්වෙ.:)
ReplyDeleteපොත හොයාගෙනම කියවලා බලන්න ඕනේ. මෙහේ ප්‍රධාන පුස්තකාලේ ඇති මයේ හිතේ ඔය පොත.
ReplyDelete@මධුරංග - ඔව්...ගොඩක් වෙලාවට ඇති,කියවලම බලන්නකො ඔයත්
ReplyDeleteමම නම් කියවපු නරකම පොතක්..මේක හොඳයි ගබ්සාව ගැන ඉගෙන ගන්න නම්,...
ReplyDeleteගබ්සාවක් කරනකොට පුංචි පැටියට බඩේදි දැනෙන හැඟීම් ටික විස්තර කරල තියෙන අවස්තාව විතරයි මට නම් හිතට වැදුනෙ.
(මේක මගෙ අදහස විතරයි ඕං...)
@ඉන්දික- ඔව් අය්ය.මමත් කියවපු වෙනස්ම ආකාරයේ පොතක්.එයා තමන්ගෙ වයසක පුරුශයගෙන් ලැබෙන්නෙ නැති දේවල් හොයාගන ගිහින් කරදරේ වැටෙනව.එක වෙලාවකට හැගීම් වලට වහල් වෙච්ච වල් ගැහැනියක් වෙනව,තවත් වෙලාවකට පව් කියල හිතෙන තරමට අහිංසක වෙනව.
ReplyDeleteමේ මාසේ පඩියට මම මේ පොත ගත්තා. තාම මුල් හරිය කියවන්නේ.
ReplyDeleteකතාව ලස්සනයි වගේ.