කලක් අප්පච්චි ගුරුසේවයෙන් අනියුක්ත වෙලා හිටියා, පුනුරුත්‍ථාපන කදවුරකට.ඒ මගෙ මතකෙ හැටියට 90 දශකයේ මුල් කාල සීමාවෙ.පුනුරුත්‍ථාපන කදවුර කිවට ඒකෙ ලොකු විශේෂත්වයක් තිබ්බා.ඒ කදවුරේ හිටිය ඔක්කොම කලබල කාලෙ විවිධ හේතු නිසා රෑදවුම් භාරයේ හිටපු පිරිමි අය.
අප්පච්චිලාට වෙන්වෙලා තිබ්බ රාජකාරිය වුනේ ඒ අයත් එක්ක එයාලගෙ ගම් වලට ගිහින් දවස් 2ක් 3ක් ඉදල(බොහෝවිට පන්සලේ) ගමේ ඉන්න වගකියයුතු අයත්(ග්‍රාමනිලධාරීවරයා, විදුහල්පතිවරයා, පන්සලේ හාමුදුරුවෝ, අදාල කෙනාගෙ දෙමව්පියන්, පවුලේ අය, යාලුමිත්‍රාදීන්) එක්ක කතා බහ කරල,ඒ කෙනාව නිදහස් කරල නැවත ගමට එවන්න සුදුසු වාතාවරණයක් තියෙනවද කියල හොයල බලන එක.
මම් දන්නෙ විදියට ඒ අයට අප්පච්චිල කතාකරේ පුතා කියල,එයාල අප්පච්චිලට කතාකරේ "පියතුමා" නමින්.අප්පච්චිනම් කිවෙ ඒකට අහුවෙච්ච් අය,ඒ කියන්නෙ වැරදිකරපු අය ගොඩක් දෙනා අතරේ,අහිංසක-කිසි වරදක් කරල නැතුව පුද්ගලික තරහ-මරහ පිරිමහන්න,වැරදිකරා කියල අල්ලල දීපු අයත් හිටිය කියල.
එකේදි එයාලට නොයෙකුත් කර්මාන්තත් කියල දීල තියනවා.ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර හැම පළාතකම අය හිටියලු මේ කදවුරේ.සමහර අය නම් කැමතිවෙලා නෑ ආය ගමට ගිහින් ඉන්න,මොකද ඒ තරම්ම ඒ අයට මරණතර්ජන තිබිල.සමහරුනම් යන්නෙ කොයි වෙලේද කියල ඉදල තියෙන්නෙ.
එකේදි එයාලට නොයෙකුත් කර්මාන්තත් කියල දීල තියනවා.ලංකාවෙ අස්සක් මුල්ලක් නෑර හැම පළාතකම අය හිටියලු මේ කදවුරේ.සමහර අය නම් කැමතිවෙලා නෑ ආය ගමට ගිහින් ඉන්න,මොකද ඒ තරම්ම ඒ අයට මරණතර්ජන තිබිල.සමහරුනම් යන්නෙ කොයි වෙලේද කියල ඉදල තියෙන්නෙ.
ඔන්න ඔයවගේ ගමට එක්ක යද්දි සිද්ද වෙච්ච කතා ටිකක් අපිත් එක්කත් කියල තියනව අප්පච්චි,එක්කෙනෙක් නුවරට ආසන්න ප්‍රසිද්ද නගරයක කෙනෙක්,එයා කැමතිවෙලාම නෑ ගමට යන්න.එත් ඉතින් කොහොම හරි එක්ක ගිහින්,ගමේ අයගෙනුත් මෙයාට එච්චර හොද ප්‍රතිචාර හම්බවෙලා නෑ,මිනිස්සුත් කියල තියෙන්නෙ,ආය ගමට එවන්නම් නම් එපා!... ඕකා මැරුම් කනව... කියල.ඒ මෙයා ගොඩක් මිනි මැරුම් වලට සම්බන්ද නිසාලු.
ඒත් ගෙදර ගියාම මිනිහට ආස හිතිල ගෙදර ඉන්න,කාලෙකින් නිසා.ගමේ මිනිස්සුත් ඩිම් වෙල ඉන්නවලු,ආං...අර මිනිහ අය ගමට ඇවිත්!... කියල කියන්නා වගේ.කාලෙකට පස්සෙ ඒ මනුස්සය නිදහස් වෙලා ගමට ගිහින්,එදාම ඒ මනුස්සයගෙ අවසානෙ සිද්දවෙලා තියනව.
ඔය ගමන් වලදි අප්පච්චි පාවිච්චි කරේ ලා කොලපාට ගමන් මල්ලක්, ඕකත් අරන් ලියකියවිලිත් අරන් තමා හැමතැනම යන්නෙ.දවසක් මනුස්සයෙක් අහනවලු ආ...මහත්තය!...මදුරු තෙල් ගහන්න නේද එන්නෙ කියල.
තව සිද්දියක් මතකයි,ඒ ගියපු ගෙදරත් මිනිස්සු ගොඩාක් දුප්පත්ලු.ගෙදර ගියා කියල වාඩිවෙන්න පුටුවක් දෙන්න තරම්වත් වත්කමක් නැතිගානයිලු.අදාල කෙනත් එක්ක ගමට ගිහින් පන්සලේ ඉදල,පහුවදා ඒ ගෙදර ගිහින් තියෙන්නෙ.එතකොට ටිකවෙලාවකින් ඒ ගෙදර පොඩි ලමයි දෙන්න අල්ලපු ගෙදර වැට ලගට වෙලා කතාවලු.කියනව ඇහෙනවලු,අද අපේ ගෙදර බත් උයනව!... කියල.
සමහර විට එයාල උදේ-දවල් වේල පිරිමහන්න බත් වෙනුවට වෙන ආහාරයක් ගන්නව ඇති,ඒත් එදා අප්පච්චිට ගොඩක් දුක හිතුනලු,අපිට ඇවිල්ලත් කිව්වෙ, කෑම නාස්ති කරන්න එපාතියනව කියල,මෙහෙම සිදුවීමක් උනා කියල.
දවසක් දෙකක් තුනක් අපිත් ඔය කියන කදවුරට අප්පච්චිත් එක්ක ගිහින් තියනව,වැව් මාලු උයන්නෙ කූරියම පිටින්,මාරම රහයි.ඒකෙ සමහර හිටපු අය, අපේ ගෙදරත් ඇවිත් තියනව.එක වෙසක් එකකට මට ලොකු අටපට්ටම් කූඩුවකිත් හදල දුන්න.පස්සෙ තමා අප්පච්චි කීවෙ ඔය මනුස්සයත් මිනීමැරුම් කීපයක් වෙනුවෙන් වග කියන කෙනෙක් කියල,අනේ මටනම් බැලූබැල්මට එහෙම පෙනුනෙ නැ.එයා ගාල්ල පැත්තෙ කෙනෙක්,මට විහිලුවට, හීන් හාමිනේ... කියලත් කියනවා.එතකොට මම් 3 වසරේ විතර.
ප.ලි: ඒ කදවුර තිබ්බ ගොඩනැගිල්ලෙ, මේ වෙනකොට වන්දනාවෙ එන අය වෙනුවෙන් විශ්‍රාම ශාලාවක් පවත්වගන යනව.
ප.ලි: ඒ කදවුර තිබ්බ ගොඩනැගිල්ලෙ, මේ වෙනකොට වන්දනාවෙ එන අය වෙනුවෙන් විශ්‍රාම ශාලාවක් පවත්වගන යනව.
අච්චර මහත අක්කට කොහොමෙයි හීන් හාමිනේ කියලා කියන්නේ. හීන් කියලා කියන්නේ පොඩි කියන තේරුමට වෙන්ටැ. ගොඩක් දුක කතාවක් !!!!!
ReplyDeleteමනුස්සයෙක් වැරැද්දක් කලාට පස්සේ ඒකට දඩුවමකුත් වින්දට පස්සේ ඒ මනුස්සයා සමාජයට වැරදි කාඅර්යෙක් වෙන්නෙ හොද නෑ. මිනිමරුවා හොරා මංකොල්ලකාරයා කියලා හංවඩු ගහන්න නරකයි. කොයි මනුස්සයාට උනත් ගෞරවනීය විදිහට ඉන්න අයිතියක් තියෙනවා.
නව වැඳුම් වැඳල ගෙට ගන්න වී ඇට අහක දාන්න එපා කියලනෙ අපි අහල තියෙන්නෙ...
ReplyDeleteගොඩක් දුක හිතෙන කතාවක්.........
ReplyDeleteඇත්තට ඔය මධුරංග අය්යා කියන විදිහට අක්කා ගොඩක් මහතද..?
http://sithehisithuwam.blogspot.com/2011/04/blog-post_28.html
@ මධුරංග අයියා : දඩුවම් වින්දට පස්සෙ හැදෙන අයත් ඉන්නවා එහෙම වෙන්නෙ නැති අයත් ගොඩක් ඉන්නවා.
ReplyDelete.......................
මේකෙට කතාවක් ටයිප් කලා, ඒත් ටිකක් දිගවැඩියි වගේ,
අක්කේ දාන්නදෝ....??
@තාරක Dilsh@n - දාන්ඩෝ........
ReplyDelete@මධුරංග- ඔව් මමත් හිතන්නෙ පොඩි කියන තේරුම වෙනුවෙන් තමයි හීන් කියන්න ඇත්තෙ.
ReplyDeleteඅපේ දුරින් නෑදෑ වෙන නැන්දෙක් හිටපු කෙනා එක පාර තුන් දෙනෙක් හරි මරල හිරේ ගියා. ඒ මිට අවුරුදු 15කට විතර කලින්. එදා ඉදන් ඒ නැන්ද හිටියෙ අපේ ගෙදර. මොකද එයාට වෙන කවුරුත් හිටියෙ නෑ. ඒ නැන්ද ඒ දවස් වල ඉඳන්ම එයාගෙ වත්තෙ ආදායමයි එයා හම්බ කරන ඒවයි ඔක්කොම එකතු කල මිනිහ ආපුවහම දෙන්න. නැත්නම් ඉන්න දෙන එකක් නෑ කියල. මොකද ඒ මිනිහ ඉල්ලන වෙලාවට ඉල්ලන ගාන දෙන්න ඕනෙලු. නැත්නම් එයාවත් මරයි කියල.
ReplyDeleteමිට අවුරුදු 3කට විතර කලින් ඒ දවසක් රෑ ඒ මිනිහ හිරෙන් නිදහස් වෙලා ඇවිත් නැන්දවත් එක්කගෙන ගියා. ඊට ටික දවසකට පස්සෙ වලියක් ගිහින් නැන්දගෙ කකුල 3ට කඩල. එයාව හොස්පිටල් අරන් ගිහින් තියෙන්නෙ සාලෙ තිබුන ලේ ඔක්කොම හේදුවටත් පස්සෙ.
ඉස්පිරිතාලෙට කියල තියෙන්නෙ වැටිල කකුල කැඩුනා කියල.
ඔහොම තව වික කාලයක් ගියාට පස්සෙ දවසක් ඒ නැන්ද රෑ අපේ ගෙදරට දුවගෙන ඇවිත් ම්නිහ බිල ඇවිත් තව සල්ලි ඉල්ලල මරන්න හදනවා කියල. එදා රෑ අපේ ගෙදර ඉඳල උදේම ආයෙ ගිහින්. ඔහොම වෙන සමහර දවස් වලට නැන්ද ගෙදරින් දුවල ගිහින් ගහක් යට නිදා ගෙන උදේට ගෙදර යනවලු.
මිට සති දෙකකට විතර ඉස්සෙල්ලා ඒ මිනිහා නැන්දව මරල, ගේ පිටිපස්සට දාල බාගෙට පුච්චල එහා වත්තෙ ලිඳට දාල. දවස් 6කට පස්සෙ ඒ ගෙදර මිනිස්සු වතුර වෙනස් හින්ද බලන්න ආපුවහමලු දැක්කේ. ම්නිය කුණු වෙලා අඳුර ගන්නත් බැයිලු. ඒක සීල් තියල එහෙමම කනත්තට ගෙනත් තියෙන්නෙ.
මිනිහ රිමාන්ඩි, සාක්කි නැති හින්ද නිදහස් වෙයිලු.
@ටී.බී. හේරත්- ඔව් වී ඇටයක් ගෙට ගන්න මිනිස්සු කොච්චර මහන්සි වෙනවද?නාස්ති කරන එක හරි නෑ තමා.
ReplyDelete@බීටා- ඒක මධුරංග අය්යගෙන්ම තමා අහන්න වෙන්නෙ.:)
ReplyDelete@තාරක Dilsh@n- මාර මිනිහෙක්නේ.ඇයි ඔච්චර දුක් විදගන ඉදල තියෙන්නෙ අර නැන්දා?මොනව වුනත් කරපු කර්ම වලින් කාටවත් නිදහස් වෙන්න බෑ.නීතියෙන් නැතත් එයාට ඔය කරපුවට දඩුවම් ඉබේම ලැබෙයි.
ReplyDeleteඅනේ මන්ද, එයා ට ඩිවෝස් වෙන්න කිව්වත් ඒකට කැමතිත් නෑ. අනේ මන්ද, ඔය දේ වෙන්න ඇති පතාගෙන එන්න ඇත්තෙ.
ReplyDelete@බීටා :
ReplyDeleteනෑ නෑ මල්ලි අක්කා මට වඩා නම් මහත නෑ. ඊට වඩා කෙට්ටුයි.
(හොද වෙලාවට මම ලගදි ගත්ත ෆෝටෝ කොහේවත් නෑ.)
Qමධුරංග-ඈ බොලේ මට වඩා මහතද ?අම්මේ...
ReplyDeleteජීවිතය ගැන ගොඩාක් දුක හිතෙන කථාවක් තමයි තාරක කිවුවේ. මේක කියවපු දවසේ මට රෑ නින්ද ගියෙත් නෑ. තාරකගේ නැන්දා එයාගේ සැමියා නිසා මොන තරම් දුකක් දරන්න ඇතිද? අනන්ත අපිරිමාන දුක් දරන්න ඇති. පවු දෙයියනේ. ලෝකයාට හොරා මේ වගේ දුක් දරන ගෑනු ඕන තරම් ඉන්නවා. ඇත්තටම ගොඩාක් අනුවේදනීය කථාවක් තාරක... ඒ නැන්දාට මේ වගේ දුකක් මතු උපදින ආත්මයකදී නම් වෙන්න එපා කියලා අපි පතමු!
ReplyDeleteඇයට නිවන් සුව අත් වේවා!
@නදී... :
ReplyDelete@තාරක Dilsh@n :
මල්ලි ලියපු කතාව මම කියෙව්වා. ගොඩක් දුක හිතෙන කතාවක්. අපේ මහම්මා කෙනෙකුටත් ඔහොම මනුස්සයාගෙන් කරදර සිද්ධ වෙලා තියෙනවා.
මහම්මා ඒ දවස්වල ඉස්කෝලේ ගියේ කොන්වන්ට් එකට එයාට හොදට ඉගෙන ගන්න පුලුවන්. එයා වැඩියෙන්ම දක්ෂ ගණිතයට. අපේ අම්මගේ අක්කා. අම්මට වඩා හොදට එයාට අධ්‍යාපනේ පිහිටලා තියෙනවා. ගෙදර ඈයෝත් හිතන් හිටියේ මෙයා ඉගෙනගෙන හොද තැනකට ඒවි කියලා.
නමුත් ඒ දවස්වල මෙයාට වඩා අවුරුදු 10ක් විතර වැඩිමල් බේබදු මිනිහෙක් එක්කලා සම්බන්ධයක් ඇති කරගෙන තිබ්බා. අන්තිමේ ගෙදර ඈයොන්ගේ අකමැත්ත උඩදි දෙන්න පැනලා ගිහින් කසාද බැන්දා.
අන්න එදා ඉදන්ම මහම්මට දුකම තමා. මනුස්සයා වැඩ කරන්නේ නෑ. මහම්මා විතරයි වැඩ කරන්නේ. එයා SMAK එකේ වැඩට යනවා. අපේ පැත්තේ ගොඩක් අය කොහේ වැඩට ගියත් ස්මැක් එකේ නම් වැඩට යන්නේ නෑ. මොකද වැඩ අමාරුයි.
නමුත් මොනා කරන්නද පවුල නඩත්තු කරන්න එපැයි කියලා එයා වැඩට යනවා. පඩි ගත්ත දා ඉදන් ඒක ඉවර වෙනකන්ම මිනිහට බොන්න සල්ලි දෙන්න ඕනේ. නුදුන්නොත් එදාට ගුටි කන්න වෙනවා. බිත්තියේ ඔලුව හප්පවනවා.
අපේ ආච්චි අම්මලා බල කරලා තියෙනවා ඒකාත් එක්ක ඉන්න බැයි නම් දික්කසාද වෙලා එන්නෙයි කියලා. නමුත් ඒ මනුස්සයා එක්කලාම ඉන්නවා.
මහම්මට දුවලා දෙන්නෙක් ඉන්නවා.දෙන්නම කසාද බැදලා දරුවොනුත් ඉන්නවා. නමුත් තාම සැනසීමක් නෑ. ගුටි කන්නත් ඕනේ.බොන්න සල්ලි දෙන්නත් ඕනේ.
අපේ අම්මලා නම් කියන්නේ පෙර කල කර්ම පල දෙන්නම විදිනවා කියලා. මහම්මට ජීවිත කාලය පුරාම අර මනුස්සයාට කබුරන්නත් අර මනුස්සයාට මහම්මගේ සල්ලි වලින් සැප විදින්න ත් සිද්ධ වෙලා තියෙන්නේ කර්ම පල හින්දා කියලා තමා අපේ අම්මා කියන්නේ.
කොහොමහරි තාමත් ලෝකෙට පේන්න දුක් විදගෙන දෙන්නා පවුල් කනවා. මම දන්න කාලෙක දෙන්න එකට සතුටින් ඉදපු කාලයක් මතක නෑ. මහම්මා ඉන්නෙම ඇඩු කදුලෙන්.
(අක්කාගෙන් අවසර ගන්නබැරි උනා මේ කතාව දාන්න.)
අපේ නැන්දත් එයාගෙ කැමැත්තට තමයි බැදගෙන තියෙන්නෙ. ඊට පස්සෙ නෑදෑයො කවුරුත් සලකන්නෙත් නැතිවුනා. අපේ සීය විතරයි උදව්වක් කරන්න හරි හිටියෙ. නැන්ද කිව්වට ආච්ච් කෙනෙක්. අපේ බාප්ප නැන්ද කියන හින්ද මමත් එහෙමම පුරුදු වෙලා.
ReplyDeleteමම හිතන්නෙ ලංකාවෙ විතරයි ඔය ලෝකෙට පේන්න පවුල් කන එක තියෙන්නෙ. හැබැයි ඒ දේ ලමයිනගෙ පැත්තෙන්නම් හොඳයි. වෙන රටකනම් ඉන්න බැයිනම් ගියා.
@මධුරංග- අනේ මන්ද මල්ලි.දුර දිග නොහිතා ගන්න තීරන වලින් ගොඩක් දෙනෙක් පසුකාලීනව දුක් විදිනව.සමහර විට අර කිව්වත් වගේ ලබා උපන් හැටි වෙන්නඇති.
ReplyDelete@නදී... :
ReplyDeleteනමුත් අක්කා මේ වගේ දේවල් වෙන්න තියෙනවනම් ඒවා වලක්වාගන්න බෑනේ.
@තාරක Dilsh@n :
ගොඩක් ගෑනු මනුස්සයාගේ කෙනෙහිලිකම් ඉවසන්නේ දරුවෝ හින්දා. නැත්නම් මෙලහකට දාලා ගිහින්. නැත්නම් මනුස්සයාව මෙලහකටත් මරා දාලා. ඇයි ඒ තරමටම ඒ අයටත් හෙනම කේන්තියක් නේ එන්නේ.
මේ වගේ සිද්දි වලට නම් මොනවා කියන්නද කියලා හිතාගන්න බෑ.ඔය පුනුරුත්තාපන කදවුරේ හිටපු අයගේ ජීවිත මොනවගේ තියෙන්නෙ ඈත්ද...ඒ අය මොන වගේ අද්දෑකීම් වලට මුන දෑන්න ඇත්ද....පිස්සු හෑදෙනවා අප්පා වෙලාවකට ඔවා කල්පනා කරද්දි.ජීවිතේ කියන්නේ හරිම පුදුම දෙයක් කියලා මට නම් හිතෙන්නේ.
ReplyDelete@අසඔක-හ්ම්...ගොඩක් දුක්බර සිද්දි කීපයක් අහල තියනව මමත්
ReplyDelete