Saturday, April 9, 2011

ඔයා කවුරු වගේද?


 පොඩ්ඩක් නෑවතිලා හිතල බලන්නකො ඇත්තටම ඔයා කවුරුවගේද කියලා.මම නම් මේ ලගක් වෙනකම්ම කිවේ අක්කට නම් හොදයි, එයාට හොදම ඒවා ඇවිල්ල තියෙන්නෙ,මට ඇවිල්ල තියෙන්නෙ නරකම ඒවා කියල.:(.අක්කට ඇවිල්ල තියෙන්නෙ අප්පච්චිගෙ මොලෙයි අම්මගෙ රූපෙයි.අම්ම අප්පච්චිට වඩා ලස්සනටත්, අප්පච්චි අම්මට වඩා බුද්ධිමත්වටත් මට දෑනෙන්න ඇති!ඒකනෙ එහෙම කියන්නෙ.මම් මේක අම්මයි අප්පච්චියි ඉන්න තෑන ප්‍රසිද්ධියෙත් නෑදෑයෝ,යාලුවො එක්ක කියල තියනවා.ඒත් කවදාවත් ඒදෙන්න මාත් එක්ක තරහ වුනේ නෑ.හිනාවෙලා නිකන් ඉන්නවා.

 අපේ කාගෙ හරි බබෙක් ඉපදුනා කිව්වහම,අපි බලන්න ගිහිනුත් ඕකමනෙ කරන්නෙ.ආ...බබා අම්මා වගේමයි!...:) එක්කො නෑ...නෑ...අප්පච්චි වගේ!...කියයි.අනේ ! බලන්නකො අර චූටි කට ඩිංග,ඇරපු අතක්නෑ අප්පච්චිගෙ වගේමයි කියයි.බබාගෙ ඇස් දෙක ලස්සනයි,අම්මගෙ වගේ හීනි ඇස් දෙකක් නේ ...බබාටත් තියෙන්නෙ.ඔය වගේ ගොඩක් දේවල් ,අලුත් බබෙක් වෙනුවෙන් කියවෙන එක අනිවාර්යයි.

ඕනෙම ජීවියෙක්ට තමන්ගෙ ලක්ශණ ලෑබෙන්නෙ දෙමව්පියන්ගෙන් ලෑබෙන ජානවලින් නෙ.ඒක නිසා තමයි මව්පිය ලක්ශන සම්මිශ්‍රණයක් අපිට ලෑබෙන්නෙ.

4 comments:

  1. ඒක හරි මටයි මල්ලිටයි අපේ අම්මා ගේ බුද්ධිය ලැබිලා තියෙනවා ඒක පාවිච්චි කරලා තමා අපි දෙන්නම මෙච්චර දුරක් ආවේ.

    මල්ලිට කෙසේ වෙතත් මට අපේ අප්පච්චිගේ හැඩ හුරුකම තියෙනවා. වෙලාවකට මිනිස්සු අපේ තාත්තාව අඹලා කියලා කියනවා. ඒ වගේම තාත්තගේ කටහඩ නම් හොදාකාරවම තියෙනවා. අපේ අම්මව ඒකෙන් රවට්ටන්නත් පුලුවන් :)

    ReplyDelete
  2. @මධුරංග

    හික් හික්...අපේ අම්මගෙ කටහඩමයි මටයි අක්කටයි තියෙන්නෙ.:)ගෙදරට කෝල් කරන අය කියනව එහෙම.දවසක් අපේ අප්පච්චිට, මල්ලි කියන කෙනෙක් කතාකරල, මම් හෙලෝ කිව ගමන්,ආ...නංගි,මල්ලි ඉන්නවද?කියල කියාගන කියාගන ගියා :))

    ReplyDelete
  3. ඔහොම කටහඩක් තිබ්බම පුදුම විදිහේ වැඩ කරන්න පුලුවන්. අක්කා එහෙම ඒ වැඩ කරලා නැද්ද ?
    අක්කා මේ දවස්වල පහුගිය ඒවත් එක්කම අල්ලලා පෝස්ට් දාන්න අරන්. නියමයි අක්කේ ගොඩ දවසකින් අක්කගෙන් මුකුත් කියවන්න ලබුනේ නෑ. අක්කේ නැචු දූ ගැන මොනවා වත් නැද්ද කියවන්න කියලා. එයා සෙල්ලම් කණ්ඩායමට ගියාට පස්සේ එහේ වෙච්චි වැඩ එහෙම නැද්ද ?
    තිබ්බොත් ලියන්න අමතක කරන්න එපා අක්කේ

    ReplyDelete
  4. @මධුරංග

    මම් නම් කරල නෑ.අපේ අම්මා කරල තියනවා:))ඉස්සර අය්යා මගෙ හෑන්ඩ් ෆෝන් එකට කතා කරද්දි අම්මා මට හොරෙන් ආන්සර් කරල හෙලෝ කියල අහන් ඉන්නවා කියන්නෙ මොනවද කියලා.අය්යත් ඉතින් කියවගන කියවගන යනවා:))
    ඔව්.ටිකක් නිදහස් මේ ටිකේ.නෑචුරල් ගෑන නම් ලියන්න දේවල් ගොඩයි.පස්සෙ ලියන්නම්කෝ :)

    ReplyDelete