Monday, April 25, 2011

මාලු පිස්සුව


මට මතකෙ හැටියට මාලු ඇතිකිරීමේ පිස්සුව මට බෝවුනේ 7 වසරේදි විතර.ඒත් ඒ පිස්සුව බෝවුනේ කොහොමද කියල නම් හරිහැටි මතකයක් නෑ.ගෙදර අයත් කවුරුත් කැමති වුනේ නෑ හැබෑයි මේ අදහසට. පව් කාර වැඩ කරන්න යනව,අනික ඔය ආසාව දවසයි දෙකයි,අපිට තමා අන්තිමට කරගහන්නෙ වෙන්නෙ,පූසා එක්ක කොහොමද මාලු හදන්නෙ,උන්ට වෙලාවට කෑම දාන්න ඕනෙ, උන් හදන්න බෑ අපිට මැරෙනව,අනික ටැංකි සුද්ද කරන්නයි,ජරාවයි,අපෝ...ඊ.... අරව මෙවා කතා ගොඩයි.

ඔය අස්සෙ කොහොම කොහොම හරි සියලු වගකීම මම් බාරගන්නව කියල තරයේ කීවම අප්පච්චි කැමතිවුනා අරන් දෙන්න මාලු ටැංකියක්.ඒත් එච්චර ලොකු එකක් නෙමේ සාමන‍ය්‍ය තරමේ එකක්.ඒත් එක්ක මාලු කෑමයි,ටැංකියට දාන්න ගස්, එහෙමත් ගෙනල්ල දුන්න.මතකෙ හැටියට මුලින්ම අරන් දුන්නෙ සාරි ගප්පි ජෝදුවක්,උන් ලස්සනයි,එක එක පාට,පීනද්දි පාට පාට සාරි වනනව වගේ...හරි ලස්සනට පෙනුන.ඒ කාලෙ සාරි ගප්පි ජෝදුවක් රුපියල් 40ක් විතර.

සාරි ගප්පි
ඒදවස්වල ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල කරේම  මාලු ටැංකිය දිහා බලන් ඉන්න එක,උන්ට කැම දාන එක.අන්තිමට එතන තමයි පාඩම් කරන ස්ථානය වුනෙත්.ටික දවසකින් වල් ගප්පිත් එකතුවුනා.මුන් ඉක්මනට පැටවුනුත් දානව,එකෙක්ගෙ බඩ ලොකුවෙලා තියනවනම් පෑටව් දානකම් ඉවසිල්ලක් නෑ.දවසක් හවස බලද්දි පැටව් ගොඩක් දාල තිබ්බ,උදේ බලද්දි ඔක්කොම වගේ කාල තිබුන කීපදෙනෙක් ඇරෙන්න. එදානම් ගොඩක් දුක හිතුන.

ගප්පි

පස්සෙ කාලෙක ප්ලෙටි ජෝදුවකුත් හම්බුනා.අල්ලපු ගෙදර මල්ලිත් මාලු ඇතිකරන්න ගත්තට පස්සෙ,එයාගෙ යාලුවන්ගෙන් හුවමාරු විදියට කහපාට, තෑඹිලි පාට ප්ලේටි පැටව් ටිකකුත් හම්බුනා.ආ...අර පුල්මුඩේ පැත්තෙ තියන සම්බහාල් ඇට වගේ වැලිත් හම්බුනා ටැංකියට දාන්න.

ප්ලේටි
 ටෑන්ක්ලීනර් ජෝදුවකුත් ගෙනත් දුන්න අප්පච්චි,ටැංකියෙ තියන දිය සෙවල උන් කනව,එතකොට නිතර නිතර ටැංකිය අස් කරන්න ඕනෙ වෙන්නෙ නෑනේ කියල.ඒත් මම් උන්ට වැඩිය කෑමතිවුනේ නෑ.උන් කෑතයි,වෙලාවකට පොඩි මාලු පස්සෙත් පන්නනවා.කොච්චරවත් ටැංකිය බිත්තියෙ එල්ලිලා ඉන්නව,කිසි හැලහොල්මනක් නෑ.

ටෑන්ක්ලීනර්
 ඊට පස්සෙ ඇතිකරේ ගෝල්ඩ් ෆිශ් ජෝඩුවක්,උන්ව හදන්න අමාරුයි,ඉක්මනටම මැරිල යනව,එහෙමම කියන්නත් බෑ,සමහර විට මගෙ රෑකබලාගැනීමේ දක්ශතාවය වෙන්නැති ඒ.
ගෝල්ඩ් ෆිශ්
අන්තිමට ඇතිකරේ කලුම කලුපාට උන් දෙන්නෙක්,එතකොට මම් ඒලෙවල් කරනවා.ඒ වෙද්දි අනිත් මාලු ඔක්කොම උන් මැරිල ගිහින් හිටියෙ.විභාගෙත් ලග නිසා මාලුන්ට තියෙන සැලකිල්ලත් අඩුවුනා,විභාගෙ දවස් වල අප්පච්චිගෙ මරණෙත් සිද්දවුනා,හත්දවසේ දානෙ දෙන දවස්වල තමා දැක්කෙ මුන් දෙන්නත් මැරිල වතුරෙ පාවෙනව.එදායින් පස්සෙ මාලු ඇතිකරන එක නැවැත්තුවා.

ගොගලයිස්


 මේ ලගදිත් ආයම මාලු පිස්සුව බෝවෙන්න ගියා,විසික්කරල තිබ්බ මාලු ටැංකිය ආයෙම හෝදල ගත්තා. ඒත් අම්මගෙන් බැනුම් අහලම නිකන් හිටිය,විකාර...ආයෙත් පව් පුරවගන්න හදනව...පොඩි උන් වෙන්න හදනව!...

33 comments:

  1. අපේ ගෙදරත් මාලු ටැංකි දෙකක් තිබ්බා හරිද.. සුද්ද කරන එක එපා වෙලා මාලුවෝ ටික යාලුවොන්ට දීලා වැඩේ නැවැත්තුවා.. දැන් ආයිත් ආසයි.. මේ පාරනම් සාරිගප්පි විතරක් දානවා.. :)

    ReplyDelete
  2. මේ ගොඩක් අය ආසය් නේ ඔය මාළු ඇතිකරන වැඩේට......
    ඇත්තටම ඇය් ඒ.?'

    ReplyDelete
  3. කලු පාට උන්ට කියන්නේ ගොගලයිස් කියලා. ඇස් නිකන් එලියට ඇවිත් තියෙන ජාතියක්. මාත් හැදුවා. උන් ටිකක් හදන්න අමාරුයි. ඔක්සිජන් තිබ්බනම් නියමයි. එතකොට අමාරුවක් නෑ.

    අක්කා ගප්පි ඇති කරන්න. ඒක ලේසියි. පේටි වගේ ජාතියක් ඉන්නවා ස්වෝඩ් ටේල් කියලා. උනුත් නියමයි.

    ReplyDelete
  4. මමත් ලංකාවෙ ඉන්න කොට මාළු ඇති කලා... පස්සෙ කරන්න කවුරුවත් නෑ කියලා අම්මා ටැංකිය පිටින්ම කාටද දිලා තිබුනා.. මාළු දිහා බලන් ඉන්න එකත් එක විදිහක භාවනාවක්...

    ReplyDelete
  5. මමත් නම් අහලා තියනවා එක එක්තරා භාවනාවක් වගේ කියලා..හැබයි මම නම් ආස නැ මාලු හදන්න--අනේ මන්දා ඇයි කියලා...

    ReplyDelete
  6. අපෝ කතා කරන්න එපා.අපේ ගෙදර ඕකෙ අනිත් පැත්ත.තාත්තට මාර පිස්සුවක් තියෙන්නෙ මාලු ඇති කරන්න.අර කාලයක් තිබ්බෙ පැය ගනං කරන්ට් කපන කාලයක්.ඒ කාලේ ගෝල්ඩ් ෆිශ්ලා ජෝඩු 32 මැරුනා එක දවසට.හැබැයි තාම පිස්සුවනම් ගිහිල්ලා නෑ.

    ReplyDelete
  7. අපේ නැන්දටත් ඔය ආතල් එක තියෙනවා. මාත් ඕකට සප් එක දෙනවා. ඒ හින්ද මාත් සාමාන්යෙන් මේ මාළු ගැන දන්නවා. මාළු ඇතිකරන එක හරිම ආතල් වැඩක් කියල තමා මට හිතෙන්නෙ !

    ReplyDelete
  8. එහෙනම් පටන් ගන්නකෝ පුලුවන් විදිහකට අපිත් උදව් කරන්නම්.

    ReplyDelete
  9. මාලු ඇතිකරන්න එපාවෙන්නේ ටැන්කිය හොදන්න ගියාම.ඒක නම් එක්තරා විදිහක පිස්සු හැදන වැඩක්.මම මාලු හැදිල්ල නැවැත්තුවේ ලගදි ඉදලා.මොකද ටැන්කිය හෝදද්දි ටැන්කිය බිදුනා.

    ReplyDelete
  10. ටැංකිය අතඈරලා දාලා ගනින් ෆිෂ් බෝල් එකක්... සාමන්‍ය ප්‍රමාණයේ එකක් රුපියල් 1600ක් විතර වෙනවා.

    ෆයිටර් ​ජෝඩුවක්, මොලී ටිකක් හරි දාගත්තනම් කියලා වැඩක් නෑ... ගෝල්ඩ් ෆිෂ් නම් හදන්න අමාරුයි. ගප්පි නම් දාන්නම එපා...

    ටයිගර් බාබ් වගේ වුනුත් අවුලක් නෑ... හැඉැයි පැටව්... පොඩ් කොට කෑල්ලකුයි, ගස් දෙකකුයි දැම්මනම් ඇති. ටෑන්ක් ක්ලීනර් දැම්මේ නැත්තං වාසියක් තියෙනවා. ඒ තමා කවදහරි කෑම දාන්න අමතක වුනොත් වැඩි අවුලක් නැතුව මාලු දිය සෙවෙල එහෙම කනවා.

    ReplyDelete
  11. අප්පච්චියේ අක්කා කෙනෙක් නොවෙ මේ මාලු හදලා තියෙන්නේ... අර උඩ කමෙන්ට් එකේ "ගනින්" කියලා මං දැම්මා... ඒක "ගන්න" කියලා රිප්ලේස් කරගන්න ඈ...:P

    ReplyDelete
  12. @චතුවා (ළමයා)- හරි.ආ...සාරි ගප්පි ගොඩක් ලස්සනයි.කොහොමත් ලස්සනයි චූටි මාලු ගොඩක් ඉද්දි.

    ReplyDelete
  13. @බීටා-ඔව් ගොඩක් අය ආසයි.හේතුව නම් මම්ත් හරියටම දන්නෙ නෑ.සජීවී නිසා වෙන්න ඇතිනේ,කාටත් කරදරයක් නෑ,ජරා වෙනවත් අඩුයිනේ,ගේ ඇතුලෙ උනත් තියාගන්න පුලුවන්.අනික මානසික ආතතියටත් හොද ව‍ය්‍යාමයක්ලු

    ReplyDelete
  14. @මධුරංග-ඔව් ගප්පි නම් නිකම්ම බෝ වෙනවා.ස්වෝඩ් ටේල් කියන්නෙ අර කලුයි සුදුයි ඉරී ඉරී උන් නේ

    ReplyDelete
  15. @ඪිනෙශ්- ඔව් භාවනාවක් වගේ තමා.මානසික ආතතිය වගේම ඇස් වලටත් හොදයිලුනෙ

    ReplyDelete
  16. @Sandamal- මටත් පොඩි කාලෙ,පරණ මතකයක් අලුත් වෙලා තමයි මේක ලිව්වෙ :)

    ReplyDelete
  17. @නිම්ශා- ආ ඒ මොකෝ ආස නෑත්තෙ ජරාව නිසාද?ඔව් ඔව් සමහර අය මාලුන්ට ආසයි ඒත් හදන්න කෑමති නෑ.

    ReplyDelete
  18. @සීතල අයියා- අන්න නියම තාත්තා කෙනෙක්.ජෝඩු 32 මෑරුනා...අම්මෝ

    ReplyDelete
  19. @කුක්කු පැටියා- අන්න නියම වෑඩක්

    ReplyDelete
  20. @නෙලුමා- ඔව් ආය කවද අහ්‍රි පටන් ගන්නව අනිවාර්යෙන් :)

    ReplyDelete
  21. @rajith abeysinghe- මටත් එපා වුනේ මාලු ටෑංකිය හෝදන රස්සාව තමා :/

    ReplyDelete
  22. @prasanna86k- ෆිශ් බෝල් එකක්නම් දෑනටමත් අරන් තියෙන්නෙ.තාම මාලු හදන්න හිතක් නෑ.:/

    ReplyDelete
  23. මෙයා මංග්‍යයක් ගැන කතා කරනවා.මට නැති සැපනෙ ඒ මාලුන්ට තියෙන්නෙ.තද වෙනවා ඔය වෙලාවට.

    ReplyDelete
  24. @සීතල අයියා- හික්z...ඔයා ඉතින් ගිටාර් එක බදන් ඉන්න එකනෙ කරන්නෙ,ඔයා කොහෙද මාලු ඇති කරන්නෙ?:)

    ReplyDelete
  25. දැන් ඒකත් නෑ හලෝ.ඔයා ඒක දන්නෙ නැද්ද? :P

    ReplyDelete
  26. @සීතල අයියා- ආ...තාත්තා කඩල විසික්කරා කිවනේ පාඩම් කරන්නෙ නෑ කියල ඔයා හොද වෑඩේ.

    ReplyDelete
  27. ඇති කරන මාලු ගැන ඔනි ප්‍රශ්නයක් අහන්න ගමකට උත්තර දෙන්නන්..

    ඔක්සිජන් තියෙනව නන් ඔනි මාලුවෙක් හදන්න පුලුවන්. එත් guppy,catfish , giant gourami ලට ඔක්සිජන් ඔනි නැ

    ප්ලේටී , sword tail ලාට වතුර මාරු කරා කරාම ලුනු ටිකක් දාන්න ඔනි

    චූටි පැටවුන්ගෙ ඉදන් මාලුන්ට දාන බෙහෙත් වර්ග ගැන වුනත් අහන්න උත්තර දෙන්නන්

    ReplyDelete
  28. @pissigeloke- ආ ඔය ඉන්නෙ මාලු ගෑන හොදට දන්න කෙනෙක්.නියමයි.ආය මාලු හදන පටන් ගත්තොත් කියන්නම්කො ඔයාටත්.

    ReplyDelete
  29. මට ඔය පුරුද්ද ආවේ අපේ තාත්තගෙන්! තාත්තා විනෝදෙට කරපු වැඩෝ මාත් සෑහෙන කල් කලා! ඒ ලෙලවල් කාලේන් පස්සේ නැවැත්තුවා! දැන් ආයේ පුංචි පොකුණක් හදන්න හිතන් ඉන්නේ!

    ReplyDelete
  30. හම්........අ‍‍ෙන්මන්දා

    ReplyDelete
  31. mama malu hadnna gaththa mata aurudu 7/8 edala dan 21 mata thamath hadanawa akath aka bawanawak wagai.mata a gana hoda ta ath dakim theyanawa.tankiya deha balan ennakota asanipa malu unga wanas hasirim gana marawada nadda keyala keyanna puluwan a mama podi kale edan hadana nisa wanna athi.

    ReplyDelete