මට මතකෙ හැටියට මාලු ඇතිකිරීමේ පිස්සුව මට බෝවුනේ 7 වසරේදි විතර.ඒත් ඒ පිස්සුව බෝවුනේ කොහොමද කියල නම් හරිහැටි මතකයක් නෑ.ගෙදර අයත් කවුරුත් කැමති වුනේ නෑ හැබෑයි මේ අදහසට. පව් කාර වැඩ කරන්න යනව,අනික ඔය ආසාව දවසයි දෙකයි,අපිට තමා අන්තිමට කරගහන්නෙ වෙන්නෙ,පූසා එක්ක කොහොමද මාලු හදන්නෙ,උන්ට වෙලාවට කෑම දාන්න ඕනෙ, උන් හදන්න බෑ අපිට මැරෙනව,අනික ටැංකි සුද්ද කරන්නයි,ජරාවයි,අපෝ...ඊ.... අරව මෙවා කතා ගොඩයි.
ඔය අස්සෙ කොහොම කොහොම හරි සියලු වගකීම මම් බාරගන්නව කියල තරයේ කීවම අප්පච්චි කැමතිවුනා අරන් දෙන්න මාලු ටැංකියක්.ඒත් එච්චර ලොකු එකක් නෙමේ සාමනය්‍ය තරමේ එකක්.ඒත් එක්ක මාලු කෑමයි,ටැංකියට දාන්න ගස්, එහෙමත් ගෙනල්ල දුන්න.මතකෙ හැටියට මුලින්ම අරන් දුන්නෙ සාරි ගප්පි ජෝදුවක්,උන් ලස්සනයි,එක එක පාට,පීනද්දි පාට පාට සාරි වනනව වගේ...හරි ලස්සනට පෙනුන.ඒ කාලෙ සාරි ගප්පි ජෝදුවක් රුපියල් 40ක් විතර.
 |
| සාරි ගප්පි |
ඒදවස්වල ඉස්කෝලෙ ඇරිල ඇවිල්ල කරේම මාලු ටැංකිය දිහා බලන් ඉන්න එක,උන්ට කැම දාන එක.අන්තිමට එතන තමයි පාඩම් කරන ස්ථානය වුනෙත්.ටික දවසකින් වල් ගප්පිත් එකතුවුනා.මුන් ඉක්මනට පැටවුනුත් දානව,එකෙක්ගෙ බඩ ලොකුවෙලා තියනවනම් පෑටව් දානකම් ඉවසිල්ලක් නෑ.දවසක් හවස බලද්දි පැටව් ගොඩක් දාල තිබ්බ,උදේ බලද්දි ඔක්කොම වගේ කාල තිබුන කීපදෙනෙක් ඇරෙන්න. එදානම් ගොඩක් දුක හිතුන.
 |
| ගප්පි |
පස්සෙ කාලෙක ප්ලෙටි ජෝදුවකුත් හම්බුනා.අල්ලපු ගෙදර මල්ලිත් මාලු ඇතිකරන්න ගත්තට පස්සෙ,එයාගෙ යාලුවන්ගෙන් හුවමාරු විදියට කහපාට, තෑඹිලි පාට ප්ලේටි පැටව් ටිකකුත් හම්බුනා.ආ...අර පුල්මුඩේ පැත්තෙ තියන සම්බහාල් ඇට වගේ වැලිත් හම්බුනා ටැංකියට දාන්න.
 |
| ප්ලේටි |
ටෑන්ක්ලීනර් ජෝදුවකුත් ගෙනත් දුන්න අප්පච්චි,ටැංකියෙ තියන දිය සෙවල උන් කනව,එතකොට නිතර නිතර ටැංකිය අස් කරන්න ඕනෙ වෙන්නෙ නෑනේ කියල.ඒත් මම් උන්ට වැඩිය කෑමතිවුනේ නෑ.උන් කෑතයි,වෙලාවකට පොඩි මාලු පස්සෙත් පන්නනවා.කොච්චරවත් ටැංකිය බිත්තියෙ එල්ලිලා ඉන්නව,කිසි හැලහොල්මනක් නෑ.
 |
| ටෑන්ක්ලීනර් | |
ඊට පස්සෙ ඇතිකරේ ගෝල්ඩ් ෆිශ් ජෝඩුවක්,උන්ව හදන්න අමාරුයි,ඉක්මනටම මැරිල යනව,එහෙමම කියන්නත් බෑ,සමහර විට මගෙ රෑකබලාගැනීමේ දක්ශතාවය වෙන්නැති ඒ.
 |
| ගෝල්ඩ් ෆිශ් |
අන්තිමට ඇතිකරේ කලුම කලුපාට උන් දෙන්නෙක්,එතකොට මම් ඒලෙවල් කරනවා.ඒ වෙද්දි අනිත් මාලු ඔක්කොම උන් මැරිල ගිහින් හිටියෙ.විභාගෙත් ලග නිසා මාලුන්ට තියෙන සැලකිල්ලත් අඩුවුනා,විභාගෙ දවස් වල අප්පච්චිගෙ මරණෙත් සිද්දවුනා,හත්දවසේ දානෙ දෙන දවස්වල තමා දැක්කෙ මුන් දෙන්නත් මැරිල වතුරෙ පාවෙනව.එදායින් පස්සෙ මාලු ඇතිකරන එක නැවැත්තුවා.
 |
| ගොගලයිස් |
මේ ලගදිත් ආයම මාලු පිස්සුව බෝවෙන්න ගියා,විසික්කරල තිබ්බ මාලු ටැංකිය ආයෙම හෝදල ගත්තා. ඒත් අම්මගෙන් බැනුම් අහලම නිකන් හිටිය,විකාර...ආයෙත් පව් පුරවගන්න හදනව...පොඩි උන් වෙන්න හදනව!...