Saturday, April 9, 2011

සත්තුන්ට ආදරේ අය වෙනුවෙන්


මේක මට ආව ඊ මේල් එකක්.මෙයාලට ඔයාලගෙ උදව් අවශ්යයි, පුලුවන්නම් උපරිම දෙනෙක්ට මේ ලිපිය යවන්න කියල තමයි ඒකෙ කියල තිබ්බෙ.මේ කාලේ තියන ග්‍රීස්මෙ කාටත් දෑනෙනවා අපිට වගේම සත්තුන්ටත්.ඉන්න හිටින්න බෑරි තරමට මේ දවස්වල රස්නේ.

මමත් පුරුද්දක් විදියට ගෙදර ඉස්සරහ තියන අඹ ගහේ පොඩි තෑනක් හදලා සත්තුන්ට කෑම දානවා,වතුර එකකුත් තියල තියනවා.ගෙදර හිටියොත් උදේ කන්න කලින් කරන අනිවාර්ය වෑඩක් ඒක.ලේන්නු,දෙමලිච්චො,කොන්ඩ කුරුල්ලො,බට ගොයෝ,නම් දන්න නොදන්න එක එක සත්තු ජාති එනවා බත් කාලා වතුර බීලා යන්න.

සමහර වෙලාවට වදුරොත් ඇවිල්ලා කට පුරවගන අහුරු අහුරු අරන් යනවා.මම් ඒකෙන් අප්‍රමාන සතුටක් ලබනවා.ඔයාලටත් පුලුවන් නම් මෙයාල වෙනුවෙන් පුංචි උදව්වක් කරන්න.

18 comments:

  1. අපේ ගෙදර මෙයාලට නාන්න,වතුර බොන්න පොකුණක් හදල තියෙන්නෙ

    ReplyDelete
  2. @නදීර සඳරුවන් ලියනගේ
    හොදයිනේ! දවස් දෙකකට සෑරයක්වත් වතුර මාරු කරන්න වෙනවනේ.මොකද අර ඩෙංගු ප්‍රශ්නෙත් තියනවනෙ දෑන්.ඒවත් බලන්න එපෑයි :)

    ReplyDelete
  3. ලුණු ටිකක් දාලා තිබ්බනම් හරිනෙ. :-) :-) :-)

    ReplyDelete
  4. අපේ නැන්දගේ ලොකු දූ නම් ඔහොම කුරුලු ලෑල්ලකට කෑම දාලා තිබ්බා. ගෙදර ගියාම බලන්න ඕනේ ඒක තියෙනවද කියලා. ඒක නැත්නම් ආයෙම කුරුලු ලෑල්ලක් දාලා කෑම ටිකක් දාන්න ඕනේ.

    ReplyDelete
  5. @ සීතල අයියා
    ලුණු දැම්මම මදුරුවො හැදෙන්නනෙ නෑ තමයි. ඒත් එතකොට බොන්න බැහැනේ.. :(

    ReplyDelete
  6. අපි මිනිස්සු ගොඩක් වෙලාවට හිතන්නේ අපි ගැනම විතරයි.. මේ වගේ සත්තු වෙනුවෙන් දෙයක් කරන එක කොයිතරම් දෙයක්ද..

    ReplyDelete
  7. මම කෙසේ වෙතත් අපෙ ලොකු අම්මනම් හැමදාම ඔය වැ‍ඩේ කරනවා උදේට.. අපේ ගේ වටේට ඉන්න ලේන්නු ටික දැන් අලේ ලොකු අම්මා එක්ක හෙන ෆිට්..! :)) :)) :))

    ReplyDelete
  8. @..ChAnDiKa..

    ඒකනෙ පිපාසෙන් ඉන්න කෙනෙක්ට ලුනුවතුර දීල හරියනවද? :(

    ReplyDelete
  9. @ඪිනෙශ්
    අහිංසක සත්තුනෙ :)

    ReplyDelete
  10. @චතුවා (ළමයා)
    ලොකු අම්මා පිං අතේ වෑඩවලට කෑමතියි කියල මමත් දන්නවා.ඔයාවගේ නෙමේ.:))ඔව් හෑමදාම කෑම දාද්දි සත්තු වුනත් යාලුවෙනවා.බයවෙලා දුවන්නෙ නෑ. :)

    ReplyDelete
  11. අපේ ගෙදර තියනවා. එතනට පූසන්ට යන්න බැරිවෙන්න හදලා තියෙන්නේ.. කෑම දාන තැනකුත් තියනවා කුරුල්ලන්ට..

    ReplyDelete
  12. @Nadun Dissanayake

    අපේ ගෙදර ඉන්න පූසා නම් ලේන්නු කීපදෙනෙකුට වග කියලත් තියෙන්නෙ.:(ඒත් මම් කෑම දාන එක අතඇරියෙ නෑ.උන් කන එකත් අතෑරියෙ නෑ. :)

    ReplyDelete
  13. මගේ බ්ලොග් එකේ කුරුළු ලෙන් කතාව කියෙවුවට ඉස්තුතියි .. සත්තුන්ට ආදරේ නම් ඒ බව උන්ට දැනෙනවා. අපේ අම්ම සත්තුන්ටත් දරුවන්ට වගේ ආදරෙන් තමයි කතා කලේ..අම්ම ඉන්න තැන්වල ලඟින් කුරුල්ලෝ හිටිය කිසිම බයක් නැතුව.. හැබැයි අපි ඉතින් දඩි බිඩි සිලවල නිසා අපි ඒකට ඊරිසිය කලා මිසක අපිට එහෙම ලඟට ගන්න බැරි උනා. මේ වැඩේ තියෙන එකම ප්‍රශ්නේ මේ ඩෙංගු වසංගතේ තමයි..

    ReplyDelete
  14. @ Lankapriya -"ත්තුන්ට ආදරේ නම් ඒ බව උන්ට දැනෙනවා."
    සහතික ඇත්ත.

    ReplyDelete