Friday, December 31, 2010

බ්ලොග් ලියන කියවන සියලුදෙනාටම

 ලබන්නාවූ නව වසර සියලු යහපත් බලාපොරොත්තු ඉටුවන සුබ නව වසරක් වේවා!

ගලායයි ජීවිතේ...



කාලෙකට පස්සෙ ගයා අක්ක අපේ ගෙදර ආවා,ඒ එයාගෙ අවුරුදු 2ක් විතරවෙන පොඩි පුතත් එක්ක, බබාටයි එයාටයි දෙන්නටම උන හෑදිලා බෙහෙත් ගන්න ආවගමන් කියලා.ගයා කියන්නෙ අපේ අක්කාගෙ පන්තියෙ හිටපු යාලුවෙක්.මගෙ මතකෙ හෑටියට උසස්පෙල කරද්දි එයා අපේ ඉස්කෝලෙට ආවෙ.වෙනදා තිබ්බ සතුට,සෑහෑල්ලුබව වෙනුවට දුක,තෙහෙට්ටුව පිරිල තිබ්බා එයාගෙ මූනේ,ලොකු කතාවක් කියන්න තටමන බවකුත් පෙනුනා.


එයා කතාව පටන් ගත්තෙ අනේ සමා... දෑන් අරය මේ ලමයවත් බලන්න එන්නෙ නෑනේ... කියාගන. එයා බෑන්දේ නුවර පෑත්තෙ ආරක්ශක අංශයෙ වෑඩ කරන කෙනෙක්ව.ට්‍රාන්සර් එකකුත් හම්බවෙලා කියල තමයි කීව්වෙ ගෙදරට ටිකක් දුර තියන දිස්ත්‍රීක් කාර්යාලයකට.ඒත් ලමයවත් බලන්න නොයෙන්න එයාට ලොකු හේතුවක් තිබ්බා.


ගයා අක්ක කරේ ගුරු රස්සාව,එයා ඉංග්‍රීසි ටීචර් කෙනෙක්.උසස් පෙල කරල කෑම්පස් යන්න තරම් ලකුනු තිබ්බෙ නෑති නිසා එයා ලග ඉස්කොලෙක ස්වෙච්චාවෙන් උගන්නන්න ගියා.පස්සෙ ඒ ඉස්කොලෙම උගන්නන අය්යා කෙනෙක් එක්ක සම්බන්දයක් ඈතිවෙලා,ඒ අය්ය,අසේල මෙයාට වඩා අවුරුදු 9ක් ද කොහෙද වෑඩිමල්.ගයා අක්කලගෙ අම්මලා නම් කිව්වෙ ඒගොල්ලො එච්චරම යමක් කමක් තියන අය නෙමේ කියලා.අනිත්එක බලන කෙනෙකුට වුනත් පේනවා වයස පරතරය,ඒත් ඒ දෙන්න අපි දන්න තරමට ගොඩක් ආදරයෙන් හිටියා.එහෙ මෙහෙ ගියා, හිටපුගමන් අපේ ගෙදරත් ආව ගියා.ඒ වෙද්දි ඒ ගෙවල් දෙකෙන්ම කෑමති වෙලා හිටියෙ මෙයාලගෙ සම්බන්දෙට.පහු වෙද්දි කොහොමත් ඉතින් හා කියවෙනවනෙ ඕවාට වෙන් කරන්නම බෑරිතෑන.


 පස්සෙ දෙවනි වතාවට උසස්පෙල ලියලා ගයා අක්කට විද්‍යාපීඨ යන්න හම්බවුනා.ඒ වෑඩවලටත් අර අසේල අය්යා ගොඩක් උදව් කරා එහෙමෙහෙ යන්න.මොකද ඒවෙද්දිත් ගයා අක්කගෙ එකම සහෝදරයත් විවාහවෙලා වෙනම පදිංචිවෙලා හිටියෙ ටිකක් ඈතක.ගෙදරත් අම්මා, තාත්තා, ගයා අක්කා ඈරෙන්න කවුරුත් නෑ.


අවුරුදු 3ක් විතර එහෙම කාලෙ ගෙවිල ගියා ඒ සම්බන්දෙටත්...ඒ අතරෙ ඈවිදින්න ආවහම,නිවාඩු කාලෙට අර ජෝඩුව අපේ ගෙදරත් ආවා ගියා.ඈවිල්ලා කෑම එහෙමත් කාලා යනවා,මොකද අපේ පවුලත් ගයා අක්කාගෙ ගෙදර අයව හොදට අදුරනවා.


ඔය අතරෙ ගයා අක්කගෙ තාත්තාට ගොඩක් අසනීපවෙලා ඉස්පිරිතාලෙ ඉන්න වුනා ශල්‍යකර්මයක් වෙනුවෙන්,එතකොටත් අසේල අය්යා තමයි ලග හිටියෙ.ගයා අක්කගෙ අය්යා විවාහවෙලා හිටියෙ දුර පලාතකින් නිසා එයාට නිතර එන්න බෑරිතත්වෙ උඩ අසේල අය්යට ඒදේවල් කරන්න සිද්ද වුනා වෙන්නත් ඈති.ඒ දවස් වල අසේල අය්යත් හිටියෙ ගයා අක්කලගෙ ගෙදරමයි.

පස්සෙ ගයා අක්කට නුවර පෑත්තෙ ලොකු ඉස්කොලෙකට ගුරු පුහුනුව හම්බවුනා.ඒ වෙද්දි ගයා අක්ක සල්ලි වලින් උදව් කරලා අසේල අය්යට වාහනයක් එහෙමත් අරගන්න.ඔය අතරෙදි තමයි කිව්වෙ ඒ සම්බන්දෙ නතරකරන්න තරම් හිතිල තියෙන්නෙ,අපේ අම්මලා මේවා දන්නෙ නෑ.අසේල අය්යා රන්ඩුවෙන්වා බනිනවා,අමාරුයි එයත් එක්ක ඉන්න කියලා.


ඒවෙද්දි ඒසම්බන්දෙට අවුරුදු 4ක් විතර.ඒ දෙන්නා වෙන් වෙන්න ගයා අක්කලාගෙ අම්මලා මුල්වුනා කියල තමයි ආරචිය.කොහොම හරි අපෑහෑදිලි හේතුවක් නිසා වෙන්වුනා කියමු.ඒත් එක්කම ටික දවසකින් නුවරින්ම, ඉස්කොලෙ යන්න ගයා අක්ක නෑවතිල හිටිය ගෙදර ලග කෙනෙක් විවාහ යෝජනාවක් ගෙනල්ලා.ං


 සන්සන්දනය කරල බලද්දි නම් ඈත්තටම කලින් අය්යාට වඩා මේ අලුත් කෙනා ලස්සනයි,තරුණයි,පවුලත් ගොඩක් හොදයි,යමක් කමක් තියන කට්ටිය.ගයා අක්කගෙම වයසේ ඒ අය්යත්.ටික කලේකින් මේ දෙන්නා විවාහ වුනා.ගයා අක්කත් නුවර ඒ අය්යගෙ මහ ගෙදරම පදිංචියට ගියා.


ඒත් එක්කම දවසක් අපේ අම්මට  ඒ අය්යා කතා කරලා පෑයක් විතර කියෙව්වා කියල අම්මා කිව්වෙ මම් ගෙදර ගිය දවසක.ගයා ඉන්නෙ සතුටෙන් නෙමේ වගේ...දවසක් ගයා කලින් යාලුවෙලා හිටිය අසේල මුනගෑහිලා ගයා ගෑන විස්තර කියලනෙ අර ලමයට,මගෙනුත් අහුවනෙ ආන්ටිවත් දන්නෙ නෑද්ද කියලා මෙය එහෙම කෙනෙක් කියලා.අම්මා කියල තිබ්බා කලින් සම්බන්දයක් තිබ්බා තමයි ඈයි පුතා ඒක දෑනගෙන හිටියෙ නෑද්ද කියලා.


සම්බන්දයක් නම් තිබ්බ කියල දන්නවා,ගයා මට ඒක කලින් කියල තිබ්බා. ඔච්චර දුර දිග ගිය එකක් කියල දන්නෙ මේ ලගදි අසේල මට හම්බවෙලා ඔක්කොම විස්තරේ කිව්වට පස්සෙ කියල.මම් මොකටද එහෙම කෙනෙක් බදින්නෙ කියලත් කිව්වා කියල තමා අම්ම කිව්වෙ.මේ ගෑන ගයා අක්කලගෙ අම්මලට කියල තියෙන බවත් ඒගෑන කලකිරී ඉන්න බවත් කීව්වලු.ඊට පස්සෙ ටික කාලෙකින් අසේල අය්යත් වෙන ගුරුවරියක් එක්ක විවාහ උනා කියල අපිට ආරංචි උනා.


කොහොම හරි ගයා අක්කට ඒ අය්යගෙ මහගෙදර ඉන්නම බෑරුව නිතර නිතර එයාගෙ ගෙදර ආවා ගියා.පස්සෙ ගයා අක්කට එයාලගෙ ගෙදර ලග ඉස්කෝලෙකට ගුරුපත්වීම හම්බුනා.සති අන්තෙ නුවරත් ආවා ගියාලු.


ගයා අක්ක ගෙදර ඈරලපු මුල් දවස්වල අය්යා එයාව බලන්න ආවත් පස්සෙ ආවෙ ඉදලා හිටලා.අන්තිමට ඒක නෑත්තටම නෑතිවෙලා ගිහින්.ඒත් මෙයා සති අන්තෙට නුවර ඒ අය්යලගෙ මහගෙදර යන එක නෑවෑත්තුවෙ නෑ.බබෙක් ලෑබෙන්න ඉන්නව කියලා දෑනගත්ත දවසෙ හිතුනලු මේ ප්‍රශ්න ඔක්කොම ඉවරයක් වෙලා හොදින් ඉන්න පුලුවන් වෙයි කියලා.බබා ස්කෑන් කරපු දවසෙ පුතෙක් කියලා දෑනගත්තහමත් ගයා අක්ක ගොඩක් සන්තෝස වුනාලු.අය්යා ඉස්සරවෙලාම පුතෙකුට කෑමෑත්තෙන් හිටි නිසාවත් එයාව බලන්න එයි කියලා,  මේ පනිවිඩේ දෑනගත්තම.කෝල් කරල කීවත් ඈවිත් නෑ.


මාස කීපයකට පස්සෙ ගයා අක්කා බබා ලෑබෙන්න අපේ ගෙදර ලග තියන ඉස්පිරිතාලෙට ඈඩ්මිට් වුනා.ඒ පනිවිඩේ දෑනගනවත් අය්යා එයාව බලන්න ඈවිත් තිබ්බෙ නෑ.අපේ අම්මත් නිතර ගිහින් එයාගෑන හොයලා බලලා,එයලගෙ ගෙදර ටිකක් ඈත නිසා උදව්වක් හෑටියට.එයාට පුතෙක් හම්බවුනා ඒ බලන්නත් ඈවිත් තිබ්බෙ කීප සෑරයක් කතාකරලලු.මට මතකයි අපෙ අම්ම කියනවා එතන හිටපු අය ගයා අක්කගෙන් අහනවලු මේ මහත්තයගෙ අම්මද කියලා,මොකද නිතරම බලන්න ගිහින් හොයලා බලනනිසා වෙන්න ඔනේ.


එදා බබා බලන්න ඈවිල්ලත්  හයියෙන් හයියෙන් කතාකලා කියලා අම්ම කිවෙ,සවේදී නෑති මිනිහෙක් වගේ,දරුවෙක් ලෑබිච්ච අම්මා කෙනෙක්ට එහෙමත් කතාකරනවද කියල.ගයා අක්කත් ගොඩක් දුකෙන් හිටියෙ.ගෙදර ගෙනිච්ච බබා ආයමත් ඉස්පිරිතාලෙට ඈඩ්මිට් කරා.බබා කහ වෙලා කියලා.අක්කටත් කිරි නෑ බබාට දෙන්න.ඩොක්ටර්ස්ල කියල තිබ්බෙ මානසික තත්වෙ හදාගන්න, සන්තෝසෙන් ඉන්න කියලා.ං


බබාට අවුරුදු 2ක් වෙනකම්ම ගයා අක්කා උත්සහ කරල තිබ්බා අය්යා එක්ක හොදින් ඉන්න.එයාගෙ සල්ලිවලින් වාහනයකුත් අරන්දීලා.තාමත් ඒකට එයාගෙ පඩියෙන් කෑපෙනවලු.ඒත් ඒක හරි ගිහින් නෑ.රන්ඩු ගහ ගෑනිලි ඉවරයක් තිබ්බෙ නෑ කියල තමා කිව්වෙ.මගෙන් ඩිවෝස් වෙන්න ඕනෙ කියනවා...ඒ වෙනකොට ඒ අය්යත් වෙන සම්බන්දකම් ගොඩනගාගන,ඔහොම 3වෙනි සම්බන්දෙත් ආරචි වෙද්දි තමයි ගයා අක්කා ඩිවෝස් වෙන්න හිතාගන තීරනයක් අරන් තියෙන්නෙ.


විවාහයක පෑවෑත්මට විශ්වාසය, කොයිතරම් දුරට  වෑදගත් වෙනවද?විවාහයට පෙර කල්ක්‍රියාව, මේ හෑම දෙයක්ම හොද පවුල් ජීවිතේකට මොන යම්හරි විදියකින් බලපානවා.අනික කීදෙනෙක්ගේ ජීවිත මේ  ප්‍රශ්න නිසා කරදරෙට පත් වෙනවද?හයක් හතරක් නොතෙරෙන ලමයි?.සමහරුනම් කියන්නෙ පරන දේවල් වෑඩක් නෑ,බෑන්දට පස්සෙ ඒ විශ්වාසය තිබ්බනම් ඈති කියල.අනේ මන්ද?

ප.ලි: නම් ගම් මනඃකල්පිතයි.

Thursday, December 30, 2010

මාව මතකද?

මේ සිදුවීම වෙලා දෑනට අවුරුදු 2කට වෑඩිවෙන්න ඔනෙ මගෙ මතකෙ හෑටියට, ඔන්න කෙටියෙන්ම කියන්නම්කො.එක දවසක් දවල්ට කෑම කන්න කියලා කෑන්ටිමට ගිය වෙලේ ආරංචි උනා අපේ බෑජ් එකේම සහෝදරියකගෙ තාත්තා කෙනෙක් හදිස්සියෙ හාර්ට් ඈටෑක්  එකකින් නෑතිවෙලා කියලා.
ළමයි එකවරම ගියොත් ලෙක්චර්ස් ඔක්කොම නවත්තන්න වෙනනිසා කීපදෙනා කීපදෙනා යං කියල තමයි තීරනේ උනේ.ගොඩක් සමීප යාලුවෙක් නිසා වෑඩේ කල් දාන්නත් බෑ.අනික ඒ පවුලෙ හිටියෙත් අක්කයි නංගියි.උදව්පදව් කරන්න යන්න එපෑයි ඉතින්.
කට්ටියක් කොහොම හරි එදාම 4.30ට තියන බස් එකේ නුවර යන්න කියල තීරණය කරා. එහෙම තීරණය කරලා කොහොම හරි නුවරට එද්දිත් ටිකක් විතර රෑ වෙලා.මළ ගෙදර තියෙන්නෙ කෑගල්ලෙ.කෑගල්ලෙම ගෙවල් තිබ්බ යාලුවෙකුත් එක්ක තමයි එදා ඒ ගමන ආවේ.
ඔහොම ඈවිල්ලා එදා මළ ගෙදර ඉදලා පුලුපුලුවන් හෑටියට උදව් උපකාර එහෙමත් කරලා ,දවසකට පස්සෙ එන්න පිටත් උනා.ආයෙත් නුවර ස්ටෑන්ඩ් එකේ.නෑග්ගෙ ... බස් එකකට.ටික වෙලාවකුත් තියනවා බස් එක යන්න.ඒත් එක්කම  ආව කෑට වගයක් අර ගත්ත මල්ලිලා සෙට් එකක්.ඔන්න දෑන් බස් එකට නෑගලා කියවනවා එක්කෙනෙක්.
අඩුපහසුකම් තියන පෑතිවල ඉන්න, මුදල් ප්‍රශ්න තියන ඉගන ගන්න ළමයින්ට උපකාර කරන්න තමයි මෙහෙම මේ බස් ගානේ ගිහින් මේවගේ දෙයක් කරන්නෙ කියාගෙන.
ඒත් එක්කම  අර මළගෙදර ගියකට්ටිය ඉන්න තෑනටත් ඈවිල්ලා.එදා එතන ඉදලා තියෙන්නෙ ගෑණු ළමයි  පිරිමි ළමයි ඔක්කොම 8ක් විතර.එතන හිටිය ශරීරෙන් පොඩි ටිකක් කටකාර කෙනෙක්.(තාමත් ඉස්කෝලෙ යන කෙනෙක් වගේ පෙනුමෙන් පොඩිම පොඩී) ගියොත් තෑනකට මොනවහරි මතක හිටින දෙයක් කරලමයි එන්නෙ.ඒනිසා කට්ටියත් බයයි ටිකක් මෙයත් එක්ක ගමන් යන්න.
එක පාරටම අර කියපු කෙනා ටිකක් සද්දෙට ඈහුවලු අර කෑටේ අරන් ආව ළමයගෙන්
මාව දෑකලා නෑද්ද ?...කියල
ඒ ළමයා පුදුමෙන් වගේ බලන් ඉදලා කිව්වලු
නෑනේ...
හොදට මතක් කරපන්...
නෑ...අය්යා...
මාව දෑකල නෑද්ද කෑම්පස් එක ඈතුලෙදි?...
මටනම් අය්ය මතක නෑ.
එහෙනම් උඹ දෑකලම නෑනේ මාව...
 නෑ...
අහ්...උඹ කාටද කඩේ යන්නෙ?...
කාටවත් නෑ අය්ය මේ...කියල ආයමත් අර විස්තරේ කියාගන ගියාලු.
අහ්...එහෙමද?
මොකද්ද උඹේ කාඩ් එක? 
...................
ඔච්චර මතක් කරලත් මාව මතක නෑ එහෙනම් ආ...
ඒ ළමයා හොදටම බයවෙලා බලන් ඉන්නවාලු..දාඩියත් දාලා.
ඊට පස්සෙ අර කෙනාට රුපියල් 20ක් දීලා  හරි... එහෙනම් පස්සෙ හම්බවෙමු!... කියල කිව්වලු.
ඒ ළමයා  යන්නම් අය්යෙ...කියල බස් එකෙන් බෑහෑල ගිහින්,
ගියාට පස්සෙ එයත් එක්ක හිටපු අනිත්අය අරකෙනාට හොදට ඈමතුවලු.මොකද්ද ඒ කරපු ජරා වෑඩේ කියලා.අනික මෙතන කොල්ලො 4දෙනයි.බෑරිවෙලාවත් උන් දෑන ගත්තනම් අපි ..... කෑම්පස් එකේ නෙමේ කියල ඉල්ලන් කන්නනෙ වෙන්නෙ,දෑක්කනෙ සයිස් එක කියලා.
කොහොම හ‍රි කරපු වෑඩේ බරපතල කමටද මන්දා පෑය 4ක ගමන අවසාන වෙනකොට අර කෙනා හොදටම හෙම්බත් වෙලා කබරයා දාලාම,මොකද ඒ පාරෙත් ටිකක් වංගු.

Wednesday, December 29, 2010

සොදුරු සිතැත්තී ...

මේක මට අහම්බෙන් යාලුවෙක් අහන්න දුන්න සින්දුවක්.බලන්නකො අක්කෙ මේකෙ තියෙන්නෙ මගෙ කතාව වගේ එකක් නේ කියලා.මම් එයාගෙ කතාව දන්න නිසා මමත් හිතුවෙ මේක කියන්නෙ එයාටමයි කියලා.මේ සිංදුවෙන් කියනදේ දෑන් කාලෙ සිද්දවෙන සුලබ දෙයක්.මොකද මූණුපොතේ චෑට් කරද්දි කාට කාටත් මේ වගේ දේවල් වෙලා ඈති මගෙ හිතේ.ඔයාලත් අහල බලන්නකො ගොඩක් ලස්සන සින්දුවක්.

සංවාද කුටියෙන් ඈරඹුනු කතාවේ...
අරාධනාවෙන් ලංවූ කුමාරී...
තරුනයන දල්වමින් පෙම්බස් දොඩන්නී...
සිතපුරා ප්‍රේමයේ උනුහුම සොයන්නී...

සිතමිතුරු
කෑල මුවට සිනහා මල් කෑකුලක්වී...
සිතපුරා හිනෑහෙන්න සොම්නස සොයන්නී...
මා සනසමින් මා වෙත සිනහව දුන් රුවත්තී...
මම ඔබෙයි හෑමදාම මගේ සොදුරු සිතැත්තී ...

නිදි නොලද රාත්‍රියේ අහිමි සෑනසුමක් සොයා...
ඔබ තුරුලු වූයේ මාසිත බිදින්නයි සිතා...
මා සනසමින් මා වෙත සෙනෙහස දුන් රුවෑත්තී...
ඔබ මගෙයි හෑමදාම මගේ සොදුරු සිතැත්තී ...

Friday, December 24, 2010

සැමට සුබ නත්තලක් වේවා!



සැමට සාමය සතුට පිරි සුබ නත්තලක් වේවා කියල මුලින්ම ප්‍රාර්ථනා කරනවා.මම ඊයෙ රෑ ලස්සනම ලස්සන ඇනිමේෂන් ෆිල්ම් එකක් බෑලුවා.ටිකක් විතර පරන එකක් වුනත් ඒක ගොඩක් ලස්සන ෆිල්ම් එකක්.පුංචි පිරිමි ළමයෙක් නත්තලට කලින් දවසේ යාලුවො ගොඩාක් එක්ක අරුම පුදුම කෝච්චියක උත්තරධ්‍රවයට යන කතාවක් ඒක,The Polar Express(2004)තමයි ඒකෙ නම්, ගොඩක් අය මේ වෙද්දිනම් මේ ෆිල්ම් එක බලලා ඈති,බලපු නෑති අයට ඔනේ නම් ඒක බලන්න පුලුවන් මෙන්න මෙතනින්.

කෑම නොකෑම

මේක පොඩ්ඩක් විතර කෑම සම්බන්ධ කතාවක්,පොඩ්ඩක් විතර කිව්වට මේ කියන්න යන්නෙ කෑමක් නිසා වෙච්ච සංගදියක් ගෑන.එතකොට මම අට වසරෙ විතර.ඒ දවස්වල අපේ ගෙදර වෑරදිලාවත් කෑමක් තියන්න බෑ.අඩුගානෙ හංගලාවත් තියන්න බෑ.කොහොම හරි මම් එක හොයාගන ඒකට වග කියනවා.

 අනික අක්කත් මට වඩා ටිකක් වයසින් වෑඩිමහල් නිසා කවුරු මොනව කරත් මටමයි ඈගිල්ල දික්වෙන්නෙ.ඔන්න එක දවසක් ඉස්කෝලෙ නිවාඩුවට අපි ඔක්කොම ගමේ ගිහින් එන්න ගියා.දවස් 4-5ක් ඉදල එන්න ආවා.ඈවිල්ලා ටික දවසක් යද්දි මොනවහරි දේකට මීපෑණි ඕනෙ උනා..බලද්දි ගෙදර තිබ්බ බාගෙ මීපෑණි බොතලෙන් භාගයක්ම නෑ.ඒකටත් අහුවුනේ මම් ,බීලා තියෙන්නෙ මම කියලා,බෑලින්නම් කූඹ් තමයි වෑඩේ කරල තියෙන්නෙ.ඒකට මට නිකන් දොස් අහන්න වුනා.
අනිත් එක තමයි දවසක් ගෙනාව සෑමන් ටින් එකක්, එකෙ හෑඩයත් ටිකක් වෙනස්,අර සිහින් දිගටි හෑඩය නෙමේ,අර රුපෙ වගේ එකක්.ඔන්න දවසක් හදන්න ඔනේ වෙලා හොයනව හොයනව එක නෑ.අපි ඒක කෑවෙ නෑ,හෑමෝම කිව්වෙ එහෙම.,ඒත් හෙව්ව හෙව්ව හම්බුනෙත් නෑ.

ඒකටත් ඈගිල්ල දික් වුනෙ මට.මම් තමයි ඔයවගේ වෑඩක් කරන්න ඈත්තෙ කියලා.පස්සෙ ඒ හෙවිල්ල එදායින්ම් අතෑරල දාල.ඒකත් මගෙ එකවුන්ට් එකට බෑර වුනා.ඔන්න දවසක් අප්පච්චිට මේ ටින් එක හම්බ වෙලා කුනුගොඩේ දාල තිබිලා.මම් ඈත්තටම ඒක කෑවෙ නෑ.ඒත් අම්මා නම් කිවෙ එක්කො අප්පච්චි නෑත්තම් පොඩි පුතා කියලා.මොකද ඔයවගෙ වෑඩක් කරන්න ඉන්න එකම කෙනා මම් නිසා  වෙන්න ඈති.

මේක අදටත් නොවිසදුනු කතාවක්.ඒ කියන්නෙ කෑවෙ කවුද කියල අදටත් දන්නෙ නෑ,මේක කෑවකෙනා ප්‍රසිද්දියෙ පිලිගත්තෙත් නෑ.මගේ ගිණුමට බෑර කරල නිකන් හිටියා.අදටත් නෑදෑයො අතරෙ "සෑමන් පුංචි" කිව්වම කවුරුත් දන්නව ඒ කවුද කියලා.ඒහෙම එකතුවෙලා එකතුවෙලා මේ වෙද්දි සෑහෙන බර ලොකු එකවුන්ට් එකක් තියනව.

Monday, December 20, 2010

අක්ෂර සෑබෑවීම සහ නොදුටු එකතුව


ඔන්න කාලෙක ඉදල හිතන් හිටිය දෙයක් සෑබෑ වුනා.එක අතකට මේක මේ ජාලෙම නිසා සිද්දවුනු  දෙයක්.මේකට සම්බන්ද කට්ටිය දෑනට 6දෙනෙක් විතර, තව කීපදෙනෙකුත් එකතු වෙන්නත් බලාපොරොත්තුවෙන් ඉන්නවා.විශේස දෙයක් කියන්නත් තියනවා මේ සම්බන්දෙන්,ඒක තමා මේ එකතුවෙලා කරන වෑඩේට සම්බන්ද කීපදෙනා මේතාක් එකිනෙකා හෑබෑහින් දෑකලනම් නෑති විත්තිය.ඒත් කාලයක් ඉදලා දන්න හදුනන උදවිය.ඒ නිසා ඒ අය අතරෙ හොද තේරුම් ගෑනීමකුත් විස්වාසෙකුත් ගොඩ නෑගිල තියනවා.

ඔය කතාබහ කෙරන අතරෙ, හොදයි කියල හිතෙන යමක් කරන්න කල්පනා කරල තමයි මේ දේ පටන්ගත්තෙ.මේ ඔක්කොමලාම වගේ තවම උසස් අධ‍‍‍ය්‍යාපනයෙ යෙදෙන අය.ඉතින් නිවාඩු පාඩුව තියන වෙලාවට මේදේට සම්බන්ද වෙන්න තමයි ඒ ඔක්කොමලා හිතාගන ඉන්නෙ.

කරන්න යන්නෙ මොකද්ද කියල මම් කියනවට වඩා ඔයාලම ගිහින් බලන එක තමා හොද.පුලුවන්නම් නිවාඩු පාඩුව තියන වෙලාවක ඈවිත් යන්න එන්න.ඒ මොකද්ද කියලා බලන්නකො මෙතනින්.


Saturday, December 18, 2010

ආ අක්කා සීට් එක


එදා අපි ලෙක්චර්ස් යන දවසක්,උදේ තිබ්බෙ 9 -12 සිස්ටම් ලෙවල් ප්‍රෝග්‍රෑමින් ලෙක්චර් එක.ඒක ඉවරවෙලා එද්දිම මගෙ යාලුවට ඔනේ උනා බොක් එකට යන්න.ඒත් ඒකට ටවුන් එකට යන්න එපෑයි.ඒත් ඉතින් මොනවා කරන්නද හොදම යාලුවෙක් නෙ.කමක් නෑ කියල කෑම්පස් එක ඉස්සරහින්ම බස් එකට නෑගල ටවුන් එකට ආවා.පොඩි දුරක් නෙ,රුපියල් 10ක විතර.

ඒත් එදා බොක් එකේ පෝලිම,කමක් නෑ ආව එකේ අරන්ම යන් කියල පෝලිමේ හිටියා.ඉදලා ඉදලා සල්ලි අරගන අනික් පෑත්තට එන්නත් ඔනේ.මොකද 1ට ආය ලෙක්චර් එකක්.කොහොම හරි සල්ලිත් අරන් හොදටම බඩගිනී,කකා ඉන්න වෙලාවක් නෑ යන්නත් එපෑයි.බ්‍රික්සි එකට ගිහින් කූල් 2ක් බිලා පන්සල ඉස්සරහ හෝල්ට් එකට වෙලා හිටියා බස් එකක් එනකන්.

බලාගන හිටිය හිටිය කරුමෙටද මන්ද එදා වෙලාවට බසුත් නෑ.අහ්...ඔන්න එතකොටම එකක් ආවා.සෙනග පිරිල,මේකෙ නොගියොත් ලෙක්චර් එක මිස් වෙනවා ඒ නිසා දෙන්නා නෑගල ආවා.කොහොමත් මගින් සෙනග අඩුවෙනවනෙ කියලා.ඒ අස්සෙ කන්ඩක්ට හා... පස්සට යන්න...තව ඉඩ තියනවා... කිය කියා කෑගහනවා.

කෑගෑහිල්ල හින්දම අපිදෙන්නත් ටිකක් පස්සට ගියා.මෙන්න එක පාරටම කොල්ලෙක් නෑගිටල සීට් එක දෙනවා.එත් එක්කම ආය මොකටද හිටගන යන්නෙ කියලා,වාඩිඋනා මම බෑග් එකත් අරගන.ඒත් එක්කම එහා පෑත්තෙ හිටපු ටිකක් වයසක ගෑණු කෙනෙක් ඔරවල බලපි මම් දිහා.අර කොල්ල බහින පාටකුත් නෑ.ඉස්සරහට ගිහින් හිටගන ඉන්නවා.දෙන්නටම පුදුමයි මේ වෙච්චදේට මේ මොකෑ...බොලේ මේ කියලා...

පස්සෙ තමයි වෑඩේ තේරුනේ.මගෙ යාලුවා ටිකක් මහත කෙනෙක්.වෙනදා ගොඩක් වෙලාවට ට්‍රව්සර්ස් බ්ලවුස් අදින මෙයා අද රෑලි දාපු දිගම දිග සායක් ඈදලා.ඈත්තටම එකපාර බලපු කෙනෙක්ට බබෙක් හම්බවෙන්න ඉන්න කෙනෙක් කියලා හිතෙන තරම්.

මට මෑරෙන්න හිනා,ඒ අස්සෙ අර ගෑණුකෙනා ඔරවනවා ලග ඉදන්. කොහොම හරි ටිකකින් අපි බහින තෑන ලංවුන නිසා දනි පනි ගාල ඉස්සරහට ඈවිත් බෑස්සා.මේක නිසා යාලුවටත් ටිකක් දුක හිතිල අප්සට් වගේ.ඒත් ඒ අස්සෙ එයාටත් හිනා.

ප.ලි: බෑහෑල බලද්දි 1ට විනාදි 5ක් විතර වෙලාව.හිනා වෙවි හිනා වෙවී කෙලින්ම ලෙක් යන් කියලා කන්ද නෑංගා.යද්දි ලෙක් එක පටන් අරන්,කුයිස් එකකුත් දීලා.ඒත් යාලුවා එද්දිම කිව්වා වෑඩිය හිනා වෙන්න එපා අඩන්න තමයි වෙන්නෙ කියල.කෝකටත් යාලුවා පව්නේ කියල මම් හොස්ටල් එකේ අයටත් ගිහින් විස්තරේ  කිව්ව.ආ... අර බොක් කියල තියෙන්නෙ BOC atm එකට.

Friday, December 17, 2010

විශාදයෙන් විඳවීම

 මේ කතාවට සම්බන්ධ මිත්‍රයා මට හම්බුනේ ෆේස් බුක් එකෙන්.මේ වෙනකම්ම මම් එයාව හෑබහින් නම් දෑකල නෑ.මට වෑඩිය අවුරුදු කීපයක් විතර වෑඩිමල් කෙනෙක්.එයත් මම් ඉන්න ෆීල්ඩ් එකේමයි.සමහර දවස් වලට අපි ෆේස් බුක් එකෙනුත් චෑට් කලා.ඉගන ගන්න ඔනේ දේවල් වලට එයා මට උදව් කරා විශේෂයෙන් ප්‍රොජෙක්ට්ස් වලදි එන ප්‍රශ්න විසදන්න ගොඩක් උදව් ලෑබුනා,එයා දන්න අයට කියල සයිට්ස්, ඊ බුක්ස් එහෙමත් හොයල දුන්නා.

.එයා ලංකාවෙ ප්‍රසිද් තොරතුරු තාක්ශණ උපාධි ලබාදෙන ආයතනයක උපාධිධරයෙක්.ඒ වගේම දවසක් දෑනගත්ත මට උගන්නපු ලෙක්චර කෙනෙක්ගෙ බෑච්මේට් කෙනෙක් කියලත්.ඒකත් කිව්වෙ එයාමයි.එයා වෑඩ කරේ ප්‍රසිද්ද අයි.ටි කොම්පෑනියක.

පස්සෙ පස්සෙ මට එයාගෙ පවුලෙ විස්තරත් කිව්වා.අම්මයි ආප්පච්චියි,නංගියි ඉන්නෙ කියලත්.නංගි දෑනට කෑම්පස් එකක ඉගන ගන්නවා කියලත්.ඒ මීට මාස 6ය 7කට කලින්.පස්සෙ ටික කාලයක් යනකම් එයා දෑක්කෙ නෑ ගොඩක් වෙලාවට ඔන්ලයින්.

මටත් අමතක වෙලා ගියා.ඒත් දවසක් මෙන්න මෙයා ඔන්ලයින්,හලෝ...කොහොමද නංගි කාලෙකින් නේද? කියාගන.මම්ත් ඈහුවා ගොඩක් කාලෙකින් ඔයා දෑක්කෙ නෑනෙ කියලා.ඊට පස්සෙ එයා කිව්වෙ එයා කරපු ජොබ් එකෙන් අයින් වුනා කියලා.

මටත් පුදුමයි ,මම් ඈහුවා ඈයි ඒ? වෙන එකකට ගියාද කියලා...නෑ...දෑන් ගෙදර ඉන්නෙ...මට පොඩි අසනීපයක් තියනවා ඒ නිසා අමාරුයි ඒ ජොබ් එක කරගන යන්න,ජොබ් එකේ ස්ට්‍රෙස් එක වෑඩී,අයින්වෙලා ටිකක් නිදහස්ව ඉන්න හිතුව,මට කාලෙක ඉදලා ඩිප්‍රෙශන් තියනව දෑන් ඩොක්ටර් කෙනෙක්ගෙන් ට්‍රීට් කරනව කියලත් කීව්වා.

ඒත් මට එයා ගෑන එහෙම දෙයක් කලින් දෑනිල තිබ්බෙ නම් නෑ කතාකරද්දිවත්.මටත් පුදුමයි ඈයි මෙයා මට මෙක කිව්වෙ කියලා.අනික මම් එයාගෙ හොදම යාලුවෙකුත් නෙමේ.අහම්බෙන් ඉදල හිටල කතා කරන්නෙ.මටත් ගොඩක් දුක හිතුනා එයා ගෑන.එහෙම වෙන්න හේතුවක් නම් හරියට කිව්වෙ නෑ මට.

පස්සෙ මම් අන්තර්ජාලයෙ තියන ලිපි කීපයක් කියවලා බෑලුවා.මේවගෙ මානසික බිදවෑටීමකට ගොඩක් හේතු තියෙන්නෙ පුලුවන්ලු.ලගම හිතවත් කෙනෙක්ගෙ වෙන්වීමක් - මියයාමක් නිසා හිතේ ඈතිවන කම්පනය මේකට මූලිකම් හේතුවක් වෙන්න පුලුවන්කියලා තමයි තිබ්බෙ,ඊට අමතරව හෝමෝන අඩුලුහුඩුකම්,ඈල්කොහොල් වගේම මත්ද්‍රවය වලට ඈබ්බෑහිවීම්,ජානමය හේතු,සමාජමය මෙන්ම මනෝවිදයාත්මක සාදකත් මේ විශාදයට හේතුපාදක වෙන්න පුලුවන්ලු.

 උගත් කෙනෙක්ට මෙහෙම උන එක ගෑන මම් ගොඩක් දුක් උනා.හෑම වෙලේම කතාකරද්දි මම කිව්වෙ.ගෙදරටම වෙලා ඉන්න එපා.පුලුවන්නම් යාලුවො,ගෙදර අය එක්ක කොහෙහරි ඈවිදින්න යන්න ,අඩුගානෙ පන්සලට වත් යන්න,තනිවෙන්න හදන්න එපා කියලා.ඒත් එයාට ඕනෙවෙලා තිබ්බෙ හෑමදෙයින්ම අයින්වෙලා ගෙදරට වෙලා ඉන්න.එයාගෙ අම්මටත් මම් ගෑන කියල තිබ්බා.මෙහෙම කෙනෙක් එක්ක එයා කතාකරනවා කියලා.

එක දවසක් කතාකරල කිව්ව අද මම් අම්මත් එක්ක කෑම හෑදුව කියලා නංගි ගෙදර එනවලු කියලා.තවත් දවසක යාලුවෙක් එක්ක ඈවිදින්න ගිහින් ප්‍රදර්ශනයක් බලන්න.එයාට වෙන විශේශ සිදුවීම් කියන්න ගත්තා මම් එක්ක.එක වෙලාවකට මටත් එයාව මග හෑරෙනවා,ඒත් පුලුපුලුවන් වෙලාවට දෑනටත් එයත් එක්ක මම කතාබහ කරනවා. 

එයත් කිව්වෙ අපේ ගෙදර අය අරුනම මේ ගෑන දන්නෙ ඔයා විතරයි, මට එහෙම කතා කලාම හිතට සෑහෑල්ලුවක් දෑනෙනවා කියලා.දවසක් එයා කිව්ව දෙයකින් මටගොඩක් දුක හිතුනා.නංගි මේක කවුරුහරි දෑනගත්තොත් මම් පිස්සෙක් කියල හිතයි නේද?...මම් කිව්වා මට නම් එහෙම හිතෙන්නෙ නෑ.ඔයා ගොඩක් හොද කෙනෙක් කියලා.

අන්තිමටම මට කීවෙ නංගි ඔයා කිව්ව එක හරි, ගෙදරට වෙලා ඉන්න එකේ තෙරුමක් නෑ...මම් ඩේටා එන්ට්‍රි ජොබ් එකක් කරන්න හිතුවා,ඒකට හෙට එන්න කියල තියනවා කියලා.ඊට පස්සෙ නම් තාම මට එයාව හම්බුනේ නෑ.

මාස හයම බනිස්


මේක මගෙ යාලුවෙක්ට උන සිදුවීමක්.ඔන්න ඒ අපි ඉන්ඩ්‍රස්ට්‍රියල් ට්‍රෙනින් ඉන්න කාලෙ.එකම යුද්දයයි,කෝල්ස් එනවා ඉන්ටව් යනවා.මාසයක් 2ක් ඈතුලත ඔක්කොටම වගෙ ට්‍රෙනින් ප්ලේසස් හම්බවුනා.

අපේ ඩිපාර්ට්මන්ට් එකේ ගෑණු ළමයි අඩුයි, ඔක්කොම හිටියෙ 10යි.කොහොම කොහොම හරි ගොඩක් දෙනෙක්ට පාලුවක් නොදෑනෙන විදියට 2, 3 වගේ කට්ටිය හිටියා එකම තෑන හම්බවෙච්ච.මුලින් මුලින් ඉතින් ටිකක් බයයි නෙ,අනික කෑම්පස් එකේ වගේ නෙමේ නෙ.අයිස් ගහන්න බෑ වෑඩ කරන්න එපෑයි.වෙලාවට යන්න ඔනේ.අනික ඒතෑනටත් ටිකක් හුරුවෙන්න කාලෙ යන නිසා තව අදුරන කෙනෙක් ඉන්නව නම් කෝකටත් හොදයිනෙ ඉතින්,කතාබහ කරන්න වත්.

වාසනාවද අවාසනාවද මන්ද කෙල්ලොම දෙන්නෙක් එකම  තෑනට වෑටුනා.ඒදවස් වල මේ කියන කෙනා සන්තොසෙන් හිටියලු.බයක් නෑ දෙන්නෙක් ඉන්නවනෙ මොනව උනත් කියල,නොදන්න දෙයක් උනත් අහන්න,කන්න බොන්න යන්නත් ටිකක් හුරුවෙනකන් දෙන්නෙක් ඉන්න එක හොදයි කියල.

ඒකට හේතුවකුත් තිබුනා,එයාලා දෙන්න වෑඩකරේ නෙට්වර්කින් වලට ගොඩක් සම්බන්ද කොම්පෑනියක.වෙබ් ඩිව් විදියට. එයාලගෙ පෝටල් එකක මොනවද කරන්න තිබ්බ කියල තමයි මතක.වෙලාව කියන්නෙ එතනින් එක්කෙනෙක්ට වෙන කොම්පනියක් හම්බවෙලා යන්න එන්න පහසු තෑනක,ඉතින් එයා ගිහින්.එතන අපිත් එක්කම හිටිය තව පිරිමි ලමයෙකුත් වෑඩ කර නිසා එයාටනම් පාලුවක් දෑනෙන්න නෑතිවෙන්න ඈති.

ඉතින් මේ කියන ගෑණු ළමයා යන්න බෑම කියල අඩලා.එයාගෙ සෙක්ශන් එකේ ඔක්කොම ඉන්නෙ පිරිමි අයලු.ගෙදරිනුත් බෑනල,ඉන්ඩස්ට්‍රියල් කෝඩිනේටත් බෑනල,ඩිග්‍රිය කරන්න ඔනෙ නෑද්ද අහලා.ඒක නිසාම දවසක් වෑඩට ගියෙත් නෑලු.ඒත් කොහොම හරි හිත හදාගන යන්න කෑමති උනාලු.

ගිහින් ඉතින් පවරල තිබ්බ වෑඩ පුලුවන් හෑටියට කරාලු.අහගන්න කෙනෙකුත් නෑලු ,එතන ඔක්කොම නෙට්වර්කින් කරන අයනෙ.එයාලගෙන් අහන්න යන්නෙත් නෑලු.එයාල ඉතින් කතා වෙන්නෙ සර්වර්, රවුටර්ස්, සුවිචර්ස්,.... ගෑනලු. 

මෙයාදේට වෑඩට යන්නෙ මරන්න අරන් යනව වගේලු.සිකුරාදා වෙද්දි ලොකූ සන්තොසෙකින් හිටිය කියල තමයි කිව්වෙ.වීක්එන්ඩ් එකනෙ කියල.අනික ඒ දවස් වල අපේ ෆයිනල් ඉයර් ප්‍රොජෙක්ට් එකත් තිබ්බනෙ කරන්න.වෑඩත් ටිකක් විතර වෑඩී.

මෙන්න බොලේ බෑ බෑ කියල හිටිය එකා දවසක් ෆේස් බුක් එකේ ස්ටේටස් දාලලු " අයි ලව් මා ඉන්ටර්න්" කියලා. අපිත් හිතුවෙ කොල්ලෙක් වත් හරියන්න ඈති කියල ඉන්න තෑනම.පිස්සුද එහෙම එකක් නෙමේලු.එයාට පවරල තිබ්බ වෑඩේ ගොඩ දාන්න පුලුවන් මට්ටමකට ඈවිල්ල.ඈහුවහම නම් කිව්වෙ මාර සෑටිස්.ගොඩක් දේවල් තනියම ඉගන ගත්ත කියලා.

හෑබෑයි පුදුමෙ කියන්නෙ එයා ඔය මාස 6ටම  උදේටයි දවල්ටයි කාලා තියෙන්නෙ බනිස්. කන්න බෑ හලෝ, එතන.ඔක්කොම ඉන්නෙ පිරිමි අනික මට බෑ එයලත් එක්ක ටේබල් එකට ගිහිල්ල කන්න.තනියම කන්නත් බෑ එතන.එයාලා කන්න යනකන් ඉදලා මම් කනව,බත් අරං ගියොත් එයාල කන තෑනට ගිහින් කන්න වෙන නිසා හෑමදාම බනිස් කනවා එක ලෙසියි කියලා.අනික එයාලට නිදහසේ කතා කරන්නත් නෑ ෆයර් වෝල් එකක් වගෙ මම එතන හිටියොත්.මේක මටත් ලේසි කියලා.

ඉතින් මම් දවසක් ඈහුව,ඈයි එතන ඉන්න අය කතා කරන්නෙ නෑද්ද කියල.අනේ නෑ එයලා ගොඩක් හොදයි,ඔක්කොමල නංගි කියල කතාකරන්නෙ,ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි කියලා.ඒත් මම් වෑඩිය කතාවට යන්නෙ නෑ,එයාලා කතාකරොත් කතාකරනවා එච්චරයි,කිව්වා.

ඉතින් මම් අහුව හත් දෙයියනේ! කෑම්පස් ඉන්න කාලෙ ඔයා ඔය හොදට කොල්ලො එක්ක කතාකරේ කියල.කෑම්පස් එකේ වගෙ නෙමෙනෙ මෙහෙලු.අනේ මන්දා කොහොම හරි එයා දීල තිබ්බ වෑඩේ කරල තිබ්බ හොදට.අන්තිමට හොද රිසල්ට් එකකුත් හම්බවෙලා තිබ්බා.

Thursday, December 16, 2010

හොස්ටල් රවුන්ඩ් යාම


මේ කතාව මට කිව්වෙ මගෙ සිස්ටම්40 කියන මිත්‍රයා.ඒ වෙද්දි එයා ලංකාවෙ ..... පෑත්තෙ තියන කෑම්පස් එකක ඩිමෝ හෑටියට වෑඩ කරා ඉංජිනේරු පීඨයෙ.එයත් ඒ කෑම්පස් එකේමයි ඉගන ගත්තෙ,ටික කාලෙකට කලින්.මෙන්න මෙහෙමයි කතාව.

ඔන්න දවසක් මේ කියන සිස්ටම්40 යාලුව තවත් ඩිමෝලා කට්ටියක් එක්ක හොස්ටල් බලන්න(හොස්ටල් රවුන්ඩ් කියල කියන්නෙ) යනවලු.ගිහිල්ල තියෙන්නෙ බෝයිස් හොස්ටල් එකට.මතක හෑටියට නම් මෙයාලත් ඒ කාලෙ ඉදල තියෙන්නෙ ඒ හොස්ටල් එකේමයි. ගිහින් තියෙන්නෙ රෑ 9 ට 10 ට විතර කියල තමයි කිව්වෙ.ඔන්න රෑන්ඩම්ලි එක එක කාමර වලට ගිහින් බලනවලු දොරට තට්ටුකර කර.ඔහොම ගිහිල්ලා ගිහිල්ලා,එක කාමරයක් ලගට ගිහින් තට්ටු කරාලු දොරට.සද්දයක් නෑ...තව සෑරයක් තට්ටු කරාලු.ඒත් සද්දයක් නෑලු.

ඒ උනාට එයාල දෑක්කලු කාමරේ ලයිට් එක නම් දාල තියනවා.කෝකටත් කියල ආය පාරක් දොරට ගහල බෑලුවලු.මෙන්න බොලේ එක පාරටම දොර ඈරියලු.&^(*&)*&*^*&%*)($%^#%$@#% වචන ටිකකුත් පසුබිමෙන් ඈහෙන ගමන්.දොර ඈරපු ලමයා හිටියෙ ...ඈදුමෙන් වගේලු. ඈදගන හිටපු සරමත් උස්සගන.ඩිමෝල දෑක්කම ළමයා හොදටම බයවෙලා.ලමයටත් ඩිමෝලටත් කරගන්න දෙයක් නෑලු.තුශ්නීන්භූත වෙලා බලන්හිටියලු..

පස්සෙ තමයි ලමය විස්තරේ කියල තියෙන්නෙ.මේ ලමයා පාඩම් කර කර ඉද්දි හෑමදාම එකෙක් ඈවිත් දොරට ගහල දොර අරිනකන් බලන් ඉදලා දුවනවලු.බලද්දි ඔනේ කමකටත් නෙමේ මෙයාව අවුස්සන්න.පස්සෙ පස්සෙ දොර අරින්නෙ නෑතුව හිටියලු මේ ලමයා.එතකොටත් අර ලමය ඈවිල්ල දොරට තඩිබබා ඉන්නවලු දොර අරිනකම්ම.බෑරිම තෑන  දොර ඈරල හොදවයින් කියල බෑනල එලව ගන්නවලු.ඒ ලමයට වදයක් වෙන තරමටම සිද්දිය උනාලු.

මෙයා හිතල තියෙන්නෙ අදත් අර ලමය ඈවිල්ල කියල. සිස්ටම්40 නම් කිවෙ, පස්සෙ ඒ ලමය දකින දකින වෙලාවට හිනා යනවා කියල.ලමයත් ලෑජ්ජාවෙන් හිනාවෙලා බිම බලාගන යනවලු.

Wednesday, December 15, 2010

කලකට පසු හමුවීමු III


කතා කර කර ආව අපි දෙන්න කොටුව ස්ටේශන් එක ලගින් 138 ක නෑංගා.බස් එකෙත් සීට් පිරෙන්නවත් සෙනග හිටියෙ නෑ.එයා මටත් එක්ක ටිකට් ගත්තා.ටික වෙලාවක් මම් සද්දයක් නෑතුව බස් එකේ ජනේලෙන් එලිය බලාගන හිටියා.කොහොමත් ඉතින් මම් වෑඩිය කතා කරන්න කෑමති නෑනෙ බස් වල යද්දි.

මොකද කතා නෑත්තෙ?
නෑ...එහෙම එකක් නෑ.
මම් කොලඹ කෑම්පස් එක ලගින් බහිනවා.
හ්ම්...මමත් එන්නද එයාව බලන්න?
ඒ මොකටද?පිස්සුද?
නෑ නිකන්.එයාගෙ ගෙදරින් දන්නවද මේක? 

ඔව්...එයා ඔයා ගෑනත් දන්නවා, මම් කියල තියෙන්නෙ.
හ්ම්...මොනාද මම් ගෑන දන්නෙ එයා?
නෑ මම් නිකන් කීව ඔයා ගෑන. 
ඉතින් එයා මොකද කිව්වෙ? 
එයාට ඒක ප්‍රශ්නයක් උනේ නෑ.මම් කිව්ව ඔයාලගෙ ගෙදරින් කෑමතිඋනේ නෑ කියල මට.
එයාලගෙ ගෙදරින් මොකද කියන්නෙ?
අපේ ගෙදර වගේ තමා.
අහ්... එහෙනම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ.කෝකටත් කන්ෆිර්ම් කරල තියාගන්න එක හොදයි නේද?වෙන ප්‍රශ්න නෑනෙ.ඉගන ගෙනත් ඉවරනෙ.ජොබුත් තියනවා.
ඒක නම් එහෙම තමා.ඒත්...අපේ නංගි ගෑනත් බලන්න ඔනෙනෙ.
හ්ම්...

නෙක්ස් ඉයර් මෑරි කරන්න පුලුවන් එහෙනම් ශෝක්නෙ.අපිටත් කියනවද?
අහ්...ශුවර් එකක් නෑ.තව වෑඩ තියනවනෙ .ඔයාට වගේ නෙමෙනෙ මට.ඈයි කිව්වොත් එන්නද?
ම්...මම් නිකන් අහුවෙ...
ඔයා මාත් එක්ක තරහද නංගි?
නෑහ්...
දුකෙන්ද ඉන්නෙ ඔයා?
පිස්සුද?එක අතකින් ඔයාට ගෑලපෙන කෙනෙක් හම්බවෙච්ච එක හොදයි.නොකෙරෙන දෙයක් ගෑන බලාගන ඉන්න එකේ තේරුමක් නෑ. 

මමත් කෑමෑත්තෙන් ගත්ත තීරනයක් නෙමේ.
ඒ වුනාට ඔයා ගත්ත තීරනෙ හොදයි.
ඉදල ඉදලා මටත් බෑරිම් තෑන තමයි මේ තීරනේ ගත්තෙ.
ඒත් ඒක හොදයි.
ගේත් හදන්න පටන්ගත්ත වේයංගොඩ ......මම් කිව්වෙ ඉස්සර.
අහ්... එකත් හොදයි.

නංගි මම් ඉස්සරහින් බහිනවා.
හ්ම්... 
එයා යන්නම්!... කියල ඔලුවෙන් කියල අතත් වනල කොලඹ් කෑම්පස් එක ලගදි බස් එකෙන් බෑහෑල ගියා.ඈතට යනකම් මම් බලාගන හිටිය.හෑරිලත් බෑලුවා.එයා යනවා.මට දෑනුනෙ මගෙ පපුව හිරවෙනවා වගේ. ඔලුවත් පිපිරෙන්න වගේ. ඈස් දෙකට කදුලු පිරීගන පිරීගන එනවා. ශික්...ලෑජ්ජාවෙ බෑ.බස් එකේ මිනිස්සු දෑක්කොත්!.අමාරුවෙන් වාවගන හිටියා.

ඒ අස්සෙ පරණ දේවල් රිවයින් වෙනව වගෙ එක දිගට....අපි හම්බුන විදිය....මාව බලන්න උදේම කෑම්පස් ආව හෑටි....,අපි රන්ඩු වෙච්ච දවස්....ම්...එක අතකට මෙහෙම උන එකත් හොදා!...

එදානම් කොටුවෙ ඉදන් විජේරාමෙ හංදියට එන්න සෑහෙන වෙලාවක් ගියා කියල මට හිතුනෙ.බස් එකෙන් බෑහෑල අම්ම කිවත් වගේ හංදියෙන් බත් එකකුත් අරන් ත්‍රීවිලර් එකක බෝඩිමට ගියා.අම්මටත් කෝල් කරා.

බෝඩිමට ආවෙ දෑන්.මගදි අරයා හම්බ උනානෙ අම්මෙ!
අහ්.ඒ කොහෙන්ද?මොකද කීවෙ!
කොටුවෙ ස්ටේශන් එක ලගදි.
මොනවත් නෑ...නංගිව විභාගෙකට දාන්න ඈවිල්ල.
හ්ම්...
මම් තියන්නම්.මහන්සියි!
ඈගට පනනෑ වගේ.ඔලුවත් කෑක්කුමයි.බත් එකත් පොඩ්ඩක් කාල මට ටිකක් නින්ද ගියා පෑය දෙකක් විතර.ඈහෑරල බලද්දි ෆෝන් එකට මෑසේජ් එකක්.

මම් ඔයාට තවත් ආදරෙයි නංගි!... ඒ තෑන ගන්න කාටවත් බෑ...

මම් ෆෝන් එක ඕෆ් කරල නිකන් හිටිය.

Tuesday, December 14, 2010

කලකට පසු හමුවීමු II












මොකද්ද නංගිගෙ එක්සෑම් එක?
මේ ඉන්ග්ලිශ් ඩිප්ලෝමා එකක්
හ්ම්... ඒක හොදයි. තාමත් ...... එකේ වෑඩනේ?
එයාගෙ මූනට අමුතු හිනාවක් ආව,ඒත් එක්කම.
ඔව්.අද ආවෙ අපේ නංගි නෙමේ.
එහෙනම්?...අහ්...හ්ම්...මම් හිතුවෙ ඔයාගෙ නංගි කියලා.
මටත් බලන්න ආසයි.මම් දෑකල නෑනේ.
හ්ම්...
පෙපර් එක පෑය කීයක්ද?කොහෙද එක්සෑම් එක?
රෝයල් එකේ,පෑය තුනක එකක්.
හ්ම්...

එක්සෑම් එක පටන් ගන්නකන් ඉදල මම් ආවෙ,පෑය 3ක් එතන්ට වෙලා ඉන්න බෑනේ.
අහ්...
එයා දන්නවනම් ඔයා මාව හම්බවෙන්න ආව කියල! 
නෑ...ඉතින් මොකද? 
ඈයි එහෙම ඈහුවෙ? එහෙම එන එක හොද නෑනෙ ඉතින්.
කාලෙකින් දෑක්කෙ නෑතිනිසා බලන්න එන්න හිතුන.
හ්ම්...

දවසක් ශානි මට කිව්ව ඔයාව දෑක්ක කියල ට්‍රෙන් එකේදි එයත් එක්ක.
මම? වෙන්න බෑ...
මම් දන්නෙ නෑ.එයා තමයි කිව්වෙ,එයා හෑමදාම ගෙදර යන්නෙ ට්‍රෙන් එකෙනෙ. 
මම් දෑක්කෙ නෑනෙ.
එයා දෑකල කතා කරන්නත් හදල නිකන් ඉදල.
හ්ම්...
මට කිව්ව තොට හොද වෑඩේ... කියල.
ඔයා මොකද කීවෙ?

මම් මොනවත් කිව්වෙ නෑ.ස්කයිප් එකෙන් චෑට් කරන වෙලාවක කිවෙ.හරියටම මතක නෑ.දෑන් සති 2කට විතර කලින්.
හ්ම්...වෙන කෙනෙක්ට රෑවටිලා වෙන්න ඈති.
දන්නෙ නෑ.
අපි ආපහු යමු.මට පරක්කුත් වෙනව.
හ්ම්...

පන්සල හරියෙ වංගුව ලගටම ගිහින් අපි දෙන්නා ආයම හෑරිල ආවා.
එයා මොකද කරන්නෙ?අක්කෙක්ද නංගියෙක් ද?
ටීචින්..නංගි! ඔයාට වඩා අවුරුද්දක් බාලයි.
ඔයාගෙ කෑම්පස් එකේ හිටිය කෙනෙක්ලු නේද?
ඔයා කොහොමද ඒක දන්නෙ?

මට දවසක් දර්ශි කිව්වා,ශානි අර කතාව කිව්වට පස්සෙ මම් නිකන් මෑසේජ් එකක් දාල අහල බෑලුවා.එයාලගෙ බෑජ් එකේලු නේද?එයාටනම් එච්චර මතකයක් නෑ කිව්වා.
හ්ම්...ඔව්.ඉකෝන් ස්පෙශල් කරේ.
අහ්...හ්ම්.මම් වෑඩිය අහන්න ගියෙ නෑ.ඈත්තද කියල බලන්න ඔනේ උනේ.
හ්ම්...කොහොමද බෝඩිම,ට්‍රෙනින් එක එහෙම?

බෝඩිම නම් අවුලක් නෑ. සමන්තිත් ඉන්නවනෙ.ට්‍රෙනින් එකනම් එපාවෙලා.ඒකෙ ඔක්කොම ඉන්නෙ කොල්ලො.අපේ සෙක්ශන් එකෙ එක කෙල්ලෙක් නෑ,මමයි ටී ගර්ලුයි ඈරෙන්න.
ඉතින් හොදයි නෙ.කොල්ලො ගොඩේ ඉන්න පුලුවන්.
ඔව් ඔව්...ලස්සන කොල්ලො ඉන්නවා.ඔයාට ඊරිසියද?
පිස්සුද?
හ්ම්...

Monday, December 13, 2010

කලකට පසු හමුවීමු I


ඒ මම් ඉන්ඩස්ට්‍රියල් ට්‍රෙනින් ඉන්න කාලෙ. දවසක් ගෙදර ඉදල කොලබ එන ගමන් මගෙ ෆෝන් එකට කෝල් එකක් ආව, මරදාන හරිය කිට්ටු වෙද්දි.මම් හිතුවෙ, ගියාද බලන්න අම්ම කතා කරනව ඈති කියල,මොකද තනියම ගිහින් ටිකක් පුරුදුත් නෑති නිසා අම්ම නිතරම කෝල් කරල, දෑන් කොහෙද?...හා තව ටිකයි නෙ... කිය කියා අහනවනෙ, නෑ... අම්ම නෙමේ...බෑලින්නම් මෙයා...ආන්සර් නොකර ඉන්න හිතුවත් මොකක්දෝ අහේතුවකට මම් ආන්සර් කරා.

හෙලෝ...
හෙලෝ...කොහොමද?කොහෙද ඉන්නෙ?
මම් මේ කොලබ එන ගමන් ට්‍රේන් එකේ.
ආ... මමත් කොලබ ආවා...නංගි එක්කගන,එයාට එක්සෑම් එකක්...
හ්ම්..
කොයි හරියෙද දෑන් ඉන්නෙ?මම් එන්නද?බලන්න ආසයි...
හෙලෝ හෙලෝ... මට ඈහෙන්නෙ නෑ... 

කියල මම් ෆෝන් එක කට් කරා. ෆෝන් එක කට් කරාට මටත් ආස හිතුන එයාව බලන්න.ගොඩක් කාලෙකින් නෙ.මාස 9කට 10කට විතර කලින් දෑක්කට පස්සෙ දෑක්කෙත් නෑනේ.එයා දිගටම රින්ග් කරා.මම් අන්සර් කරේ නෑ හිතලම.අනික මේ සද්දෙ නිසා ඈහෙන්නෙත් නෑ.බෑහෑල යද්දි කෝල් කරොත් ගන්නවා කියල හිතල නිකන් හිටියා.හිතුවත් වගේම රින්ග් කරනව දිගටම.ඔනෙ දෙයක් වෙලා යන්න කියල ආන්සර් කරා මම්.

හෙලෝ...
හෙලෝ දෑන් කොහෙද ඉන්නෙ, මම් මේ එන ගමන් විනාඩි 5 ක් විතර යයි කමක් නෑනේ.ටිකක් ඉන්න හොදද?.ඒත් එක්කම අම්ම රින්ග් කරනවා.
හෙලෝ...ආ...අම්මේ ආවා...දෑන් ස්ටේශන් එකේ ඉන්නෙ...අද ටිකක් කලින් ආව වගේ.
ඒකනෙ කියන්නෙ සෙනග ඉන්නවනෙ,බයක් හිතුන්නෙ නෑනෙ?
නෑහ්...මහන්සි...මම් බොඩිමට ගිහින් කතා කරන්නම්.
හ්ම්...138 ක යන්ඩ පුතේ.දන්නවනේ.බයනෑ නේ..
නෑ නෑහ්...
තුනුරුවන් සරනයි...පරිස්සමෙන් ගිහින් කතාකරන්ඩ ඔනෑ ගියපු ගමන්.
හ්ම්.. 
එහෙනම් විජේරමෙ හංදියෙන් කෑම එකක් අරන් යන්ඩ.පයින් යන්ඩ එපා...ත්‍රිවිලර් එකක යන්ඩ.
හා හා... හ්ම්...

ඒ අස්සෙ අරයා වේයිටින්!.
හෙලෝ...අහ් මම් මේ ලග...උඩ බලන්නකො මම් නම් ඔයාව දෑක්ක.
කෝ...මට පෙන්නෙ නෑ.
පාලම උඩ! දෑක්කද?
නෑ.මට පෙන්නෙ නෑ.
දෑන් දෑක්කද?...
ආහ්...ඔව් ඔව්.
 ඒකනෙ...

මට ලගට එනකම්ම එයාව අදුරගන්න බෑරිඋනා.ටිකක් විතර මහත් වෙලා.කෑම්පස් හිටිය කාලෙ වගේ නෙමේ.ලොකු මිනිහෙක් වගේවෙලා මට පෙනුනෙ.බඩත් ටිකක් ඈවිල්ල.

ඔයත් ටිකක් මහත්වෙලා වගේ නේ...
ඔව්,ඉතින් වාඩිවෙලාමනෙ ඉන්නෙ.දෑන් නම් එපාවෙලා.
දෙන්න ලෑප් එක මම් ගන්නම්.
ඕනෙ නෑ...අද වෑඩිය බරක් නෑ...අනිත් බෑග් එකේ ඈදුම් විතරයි.අද කෑම නෑ...
කමක් නෑ දෙන්න...
හ්ම්...

යන්ද මොනව හරි බීල එන්න?මහන්සිත් නේද?
බෑ... යන්න ඔනේ.පරක්කුවෙලා අම්මත් දෑන් කතාකරා.මම් ගිහින් කතා කරනකන් බලාගන ඉන්නව ඈති.
හ්ම්...අම්මා සනීපෙන්ද? එහෙනම් ටිකක් ඉස්සරහට ඈවිදගන යන්?
ඔව්, හා යං,අම්මා ඔයාවත් මතක් කරා දවසක් අර සින්දුව යද්දී,.

ඔහොම කතා කර කර ටිකක් ඉස්සරහට පයින්ම ගියා අපිදෙන්නා.

දෙකවීමේ ප්‍රීතිය හෙවත් කොත්තුව


මේකත් ඉතින් ටික කාලෙකට කලින් උනු සිද්දියක්,ඒ මම් ඉස්කෝලෙ යන කාලේ.පොඩි කාලෙ ඉතින් අපි තෑගි ගන්න ගොඩක් ආසයි නේ.ඔන්න මටත් තෑග්ගක් දෙනව කිවා හොදට විභාගෙට ලකුණු එහෙම ගත්තොත්.අක්කයි මමයි අතරෙ තරගෙකුත් තිබ්බා,ඒත් ඒක තිබ්බෙ මගෙ හිතේ හෑබෑයි,එයාට වඩා හොදට මම් වෑඩ කරන්න ඔනෙ කියල.සබ්ජෙක්ස් වලට හොදට ලකුනු තිබ්බොත් ඉතින් කියන පමාව විතරනෙ.රිපොර්ට් එක පෙන්නුව ගමන් සෑටිස් නම් ඉල්ලන දෙ අරන් දෙන්ව ආය ඒකෙ දෙකක් නෑ.

ඒ කාලෙ ටිකක් විතර ඉතින් උනකුත් තිබ්බ,වෑඩි ලකුනු ගන්න. මිශ්‍ර ඉස්කෝලයක් නිසා ගෑනු පිරිමි ලමයි අතරෙ තරගයකුත් තිබ්බ.ගුරුවරු එහෙම කරේ අපිව වෑඩි වෑඩියෙන් උනන්දු කරන්වන්නනේ.කොහොම කොහොම හරි ශිෂ්‍යත්වය පාස් වෙලා අලුත් ඉස්කෝලෙට ගිය මුල්ම වාරෙ මම් පංතියෙ 26, හිටියෙ ලමයි50.මොනව කරන්නද?.කිසි පිලිගෑනීමක් නෑ.අම්මලත් වෑඩිය ඉතින් සෑලකිල්ලක් නෑ 26 නෙ.ඒ දවස් වල මටත් හිතුනෙ ශා..මටත් අරවගේ ප්‍රයිස් ගිවින් එකෙන් තෑගිගන්න තියනව නම් කියල ස්ටේජ් එකට නෑගල.ඔක්කොම බලන් ඉන්නව,අප්පුඩි ගහනවා,කොච්චර සන්තෝසද?.

එත් ඉතින් පංතියෙ ප්ලෙසස් ගන්න එකත් ටිකක් අමාරුයි.කලින් ඉස්කොලෙ වගේ නෙමේ නෙ.එත් මම් ඉතින් උත්සහය අත ඈරියෙනෑ.කොහොම කොහොම හරි උනන්ඩුවෙන් වෑඩ කරල වාර 2කදී 7,5 වෙනිය වෙලා අන්තිමට ඊලග වාරෙ 2 උනේ නෑතෑයි මටම පුදුමයි ඒක.

රිපොර්ට් එක ගෙදර ගෙනියනකන් ඉවසිල්ලක් නෑතුව හිටියෙ.මොකද දෙමව්පිය අත්සනක් දාන්නත් තියනවනේ.ඒකටමත් නෙමේ ඉතින්,මගෙ යටි අරමුන වෙන දෙයක් නෙ.රිපොර්ට් එක පෙන්නල මමත් ඉතින් ගොඩක් සතුටු උනා.අම්මලත් කිවෙ ඉතින් ඉගන ගන්නව නම් ඔනෙ දෙයක් දෙන්ඩ බෑරියෑ කියල.

ඒ කාලෙ ඉතින් කඩ කෑම එච්චර කන්න ලෑබෙන්නෙ නෑනේ.කඩවල් වල ජරාව කියල.ඒත් ටීවී එකෙන්ද කොහෙද දෑකල මට එදානම් ඕනෙම උනා කොත්තුවක්ම කන්න.එතකොට මම් 7 වසරෙ.අම්මට කීවට වෑඩක් උනේ නෑ,අම්ම අප්පච්චිටත් කියල බෑනුම් කෝටියයි,අක්කත් ඒකට උල්පන්දම් දෙනවා.මෙයාටත් ඉතින් කොහෙන්හරි ......(ඒක ඔනෙ නෑ) දෑක්කොත් ඒකත් ඔනෙ කියයි කියල.ඒත් මම් ඉතින් උත්සහය අත ඈරියෙ නෑ අඩ අඩා කොත්තුවක්ම ඔනේ කියල ඉල්ලුවා.

 පංතියෙ 2 වුන නිසා මොනවත් ඉල්ලුවෙත් නෑ නෙ.පස්සෙ ඈඩිල්ල නිසාම මට එදා රෑම කොත්තුවක් හිතේ හෑටියට රස බලන්න හම්බවුනා.ආසාවට ගත්තට මොකද කොත්තුවෙන් 1/2 වත් කන්න පුලුවන් උනේ නෑ.කොත්තු කතාව එතනින් අවසාන උනෙත් නෑ.

එදාම පාන්දර 3.00 විතර සමස්ත ප්‍රතිපලේ හම්බවුනා.අනේ මන්ද කොත්තුව අරන් තියෙන්නෙත් දන්න අදුරන හොදයි කියන කඩේකින් ලු.වෙලාව තමයි,නොනවත්වාම අදාල දේ සිද්ද උනා මදි නොකියන්නම.කොත්තුවට ගිය මුදලට වඩා දෙතුන් ගුනයක් බෙහෙත් වලට ගියා කියල තමයි අම්මනම් කිවෙ පස්සෙ.ඉස්කොලෙත් දවස් කීපයක්ම යන්න හම්බ උනේ නෑ.මේ තමයි මගෙ ජීවිතේට මතක තියන  තනියෙන් රහ බලපු හොඳම කොත්තුව.මේ කතාව අපෙ නෑදෑයොත් අතර පෑතිරිලා මට හොද නම්බුනාමයකුත් හම්බුනා ඊට පස්සෙ,ඒකෙ සියලුම වගකීම දෑරුවෙ අපේ අක්කා.



Sunday, December 12, 2010

ජීවිතයම සුලග වගේ

සුලග වගේ එන කරදර
සුලග වගේ යයි මගහෑර
වෙස් පෙරලෙයි එක මොහොතින්
සුලග වගේ... ජීවිතයම සුලග වගේ...
මද සුලගින් සෑඩ සුලගට
සෑඩ සුලගින් මද සුලගට
වෙස් පෙරලෙයි එක මොහොතින්
ජීවිතයම සුලග වගේ...
 නෙත කදුලින් හසරෑල්ලට
හසරෑල්ලෙන් යලි කදුලට
වෙස් පෙරලෙයි එක මොහොතින්
ජීවිතයම සුලග වගේ...
සුලග වගේ එන කරදර
සුලග වගේ යයි මගහෑර
වෙස් පෙරලෙයි එක මොහොතින්  
සුලග වගේ... ජීවිතයම සුලග වගේ...
මේක මට අහම්බෙන් අහන්න ලෑබුන ගීතයක්.බලන්න මේ කියන්නෙ අපේ ජීවිත ගෑන නේද කියල,එක  විටෙක සුලග වගේ දුක් කරදර අපේ ජීවිත වලට එනවා,සෑඩ සුලං වලට අපි ගසාගන යනවා,ආයමත් ඒව අපේ ජීවිතවලින්, ආ ලෙසටම ඉවත්ව යනවා.අපේ ජීවිත වල සභාවය පදපේලි කීපයකට ගලපලා තියන අපූරුව බලන්න.පද රචනය කරල තියෙන්නෙ පූජ්‍ය පල්ලේගම හේමරතන හිමියන්,සංගීතය පේමසිරි කේමදාසයන් ගෙන්,ගායනය අමරසිරි පීරිස් මහතා.මේ තුන් ඈදුතු බෑම්මෙන් කොච්චර සුන්දර නිර්මාණයක් ද බිහිවෙලා තියෙන්නෙ!.කටහඩෙනුත් ගීතයට ලොකු අලංකාරයක් එක්කරලා අහල බලන්නකො  මෙතනින්
 ප.ලි:මේ ගීතය යූ ටියුබ් වෙබ් අඩවියට එක්කල මිතුරාට මාගේ ස්තූතිය!








මීට අවුරුදු අටකට කලින්


ඒ හරියටම මීට අවුරුදු අටකට කලින්,මම ඉස්ඉස්සල්ලම A/L විභාගෙට ලියන්න සූදානම් වෙනව.උදේ ඉදන් රෑ වෙනකම් ම ටියුශන්,තියරිද ටියුට්ද ඉවරයක් නෑ.කොහොමින් කොහොමින් හරි විභාගයත් හොදටම ලං උනා.අපිට මුලින්ම තිබ්බෙ බයෝ.පේපර් එක ඒතරම්ම අමාරුවක් දෑනුනෙ නම් නෑ.

එදා ගෙදර ඈවිත්  ඒ පොත් ඔක්කොම අයින් කරල ලෑස්ති උනා ඊලග එකට.ඒ මට තිබ්බ අමාරුම සබ්ජෙක්ට් එක,ෆිසික්ස්! සබ්ජෙක්ස්ට් අතර මෑද ගෑප් එකක් තිබ්බ නිසා ඒහෑටි ස්ට්‍රෙස් එකක් තිබ්බෙ නෑ,ඒත් ලොකු බයකුත් තිබ්බෙ නෑතුව නෙමේ.මොකද ඉස්සරවෙලාම ලියන විභාගෙනේ.

ගෙදර කට්ටියත් පුලුපුලුවන් හෑම විදියටම මට උදව් කරා.ඒදවස් වල ගෙදර අනිත් සියලු වෑඩකටයුතු වලින් නිදහස්නේ,විභාගෙට පාඩම් කරන නිසා.මේ දවස් වල මගෙ ඉස්කොලෙ යාලුවෙකුත් අපෙ ගෙදර නෑවතුනා.ඒ එයාගෙ ගෙදර තිබ්බෙ ටවුමට ගොඩක් දුර නිසා,අනික ටියුශන් යන්නත් ලේසිනෙ.අපේ ගෙදරත් කවුරුත් නෑ,අක්කත් කෑම්පස් පලවෙනි අවුරුද්දෙ,ගෙදර එන්නෙත් සතිදෙකකට සෑරයක් විතර.මේ යාලුව ආව නිසා මගෙ ඉගනීමෙ වෑඩවලට පහසුවක් උනා වගේම පාලුවත් නෑතිඋනා.

දවසක් හදිස්සියෙම අප්පච්චි ටිකක් විතර උණ ගතිය,පපුවත් ටිකක් රිදෙනවා වගේ කියල බෙහෙත් ගන්න ගියා,පෙනිච්ච විදියට සාමාන‍‍‍ය්‍ය උණක්, අප්පච්චිත් එක වෑඩිය ගනන් ගත්ත බවක් පෙනුනෙ නෑ.

ඒ ෆිසික්ස් දවසට කලින්.දවස් ඔහොම ගෙවිලගියා,හෙට ෆිසික්ස්! මමයි මගෙ යාලුවයි ෆිසික්ස් කෙටි ප්‍රශ්න පත්තරයකට උත්තර ලියනව.එයා කාමරේ, මම් සාලේ.ඒක අපි ප්‍රෑක්ටිස් වෙන්නත් කියල වෙලාව තියල ලිව්වෙ මොකද හෙටනෙ විභාගෙ.ඔන්න එතකොටම අප්පච්චි දෙතුන් සෑරයක් සාලෙ ඉදල කුස්සිය පෑත්තටත්,ආයම කුස්සියෙ පෑත්තෙ ඉදන් සාලෙටත් එනවා මම් දෑක්කා.

මට අමුත්තක් දෑනුනෙ එහෙම කීප සෑරයක්ම ගිය නිසා,මම් ගනං හදන එක පෑත්තකින් තියල නෑගිටල,ඈයි අප්පච්චී...කියල වෙනද වගේ ඈහුවා. මගෙ මූණ වත් බලන්නෙ නෑතුව නෑ...මොනවත් නෑ...කියාගනම...යන්න ගියා කුස්සිය පෑත්තට.

ටික වෙලාවකින් එකපාරටම අම්මගෙ කටහඩ කුස්සිය පෑත්තෙන්, පොඩි පුතේ...කියනවා මට ඈහුනා. ඒත් එක්කම මොකක් හරි වෑටෙන සද්දයක්... මම් දුවගන ගියා.දෙය්යනේ...අම්ම අප්පච්චිව වත්තන් කරගන්න හදනව,මම් හිමින් සෑරේ අප්පච්චිව අල්ලගන බිමින් තිබ්බ,ඔලුව බිම වදින්නෙ නෑතිවෙන්න.අප්පච්චි ඈස් පියාගන අමාරුවෙන් ඈස් අරින්න හදනව,මම් අප්පච්චි... අප්පච්චී...කියල කතාකරා,අත් දෙක අල්ලගන හයියෙන් අතුල්ලල අප්පච්චී...කිව,එතකොටම හිමින් සෑරේ ම්..හ්ම්..හ්ම්...කියල අමාරුවෙන් ඈස්දෙක ඈරිය.ඒ අප්පච්චි මම දිහා බලන් ඉන්නව දෑක්ක අන්තිම වතාව.

අම්ම ගල් ගෑහිලවගේ බලන් ඉන්නව,මම් යාලුවට කිව්වා පුලුවන්නම් පාරෙ යන ත්‍රීවීලර් එකක් නවත්තන්න කියල,අප්පච්චිට අම්ම හදපු තේ එක එහෙම්මම...බිලා නෑ...

මට ඔනෙ වුනෙ අප්පච්චිට නින්ද යන්නෙ නෑතුව ඈහෑරවල තියාගන්න,ඒත් ඒක ලේසි වුනේ නෑ.අමාරුවෙන් ඈස් අරින්න උත්සහ කරන අප්පච්චි ලගට වෙලා හිටිය මම්.අහල පහල අයත් එක්ක කොහොම හරි විනාඩි ගානක් ඈතුලත අපි අප්පච්චිව ඉස්පිරිතාලෙට අරන් ගියා...

අපි කිවට මට යන්න හම්බවුනේ නෑ.අම්ම තමයි අප්පච්චි එක්ක ගියෙ අන්තිම වතාවට.මම් ගෙදරට වෙලා යාලුවත් එක්ක අප්පච්චියි අම්මයි එනකන් බලාගන හිටියා.අම්ම කියල ගියෙ බෙහෙත් අරන් එනකන් පාඩම් වෑඩ බලාගන්න කියල.මොන පාඩම්ද?  හිතේ දෙගිඩියාවෙන් බලාගත්ත අත බලාගන හිටිය එක තමයි කරේ.

 හොද වෙලාවට ඒ දවස් වල අල්ලපු ගෙදර ඈනෙක්ස් එකේ හිටියෙ ඉස්පිරිතාලෙ වෑඩ කරපු නර්ස් කෙනෙක්.එයා ඉක්මනට අප්පච්චිව ඉස්පිරිතාලෙ ගෙනියන්න කියල එයත් ගියා,ඒදව්ස් වල එයා වෑඩකරේ අයි සී යූ එකේ.

බලන් හිටිය හිටිය තාම නෑ...හවස 6.30ට විතර ගිය අම්මලා ගෙදර එද්දි රෑ 9ත් පහුවෙලා.අල්ලපු ගෙදර අන්කල්,ඈන්ටි එක්ක අම්ම ආව.මට අම්මල පරක්කු වෙද්දිම තෙරුම් ගියා අප්පච්චිට අමාරු ඈති විත්තිය.

ගෙදර ආව අම්මගෙන් මට මොනවත් අහන්න හයියක් තිබ්බෙ නෑ.මට ඒ වෙද්දිත් මොකද්දෝ දෙයක් දෑනිල තිබ්බ.අනික අම්මගෙ මූනෙ  ස්භාවයෙන් මම් තත්වෙ ටිකක් බෑරෑරුම් ඈති කියල තේරුම් ගත්තා.අම්ම කිසි දෙයක් කිවෙ නෑ,ඒත් මට දෑනගන්න ඔනේ වුනා දෑන් අප්පච්චිගෙ තත්වෙ මොකද්ද කියල, එතකොටම අල්ලපු ගෙදර අන්කල් කීව, අප්පච්චිට ටිකක් අමාරුයි...ඈඩ්මිට් කරා...මම් ඉන්න හෑදුවට ලෙඩා ලග ඉන්න දුන්නෙ නෑ...කියල.අර නර්ස් උදව් කරා.දෑන් බයක් නෑ කියලා.

පස්සෙ තමයි කිව්වෙ,අමාරු නිසා වාට්ටුවෙන් අයි සී යූ එකට දෑම්ම කියල.මගෙ මුලු ඈගම සීතල වෙලා පන නෑතුව යනව වගේ දෑනුනා.ඔහේ බලාගන හිටිය...මම් දන්න කාලෙක අප්පච්චි ඉස්පිරිතාලෙක ඉදල නෑ.පස්සෙ ටික වෙලාවක් කතාකර කර ඉදලා එයාල යන්න ගියා.මට මතක හෑටියට ඈගට පනනෑතුව යනව වගේ දෑනුන නිසා ඈදට ගිහින් ටිකක් ඈලවුනා.

ටික වෙලාවක් මට නින්ද ගිහින් ඈහෑරුනේ අම්මගෙ සද්දෙට!. අම්ම කෝල් එකක් ගන්න හදනව වගෙ ඈහුන නිසා මමත් ගියා නෑගිටල,අල්ලපු ගෙදර ඈනෙක්ස් එකේ නර්ස් ගෙ නම කියල එයාට කතා කරන්න ඔනෙ කියල අම්ම කිව්වා.ඉන්න ටිකක් කියල ගියා ගියාමයි උත්තරයක් ලෑබුනෙනෑ.ඒ වෙද්දි පාන්දර 3ට 3.30ට වගේ.කීපසෑරයක් උත්සහ කරල අන්තිමට උත්තරයක් නෑති තෑන නිකන් ඉන්න සිද්ද වුනා.

අම්ම උදේම ඔනේකරන කලමනා ලෑස්තිකරගන අප්පච්චිව බලන්න ඉස්පිරිතාලෙට ගියා.මට විභාගෙට යන්න කියල යාලුවත් එක්ක.ඒත් එක්කම අල්ලපු ගෙදර ඈන්ටි කවදාවත් නෑතුව මගේ මූණවත් බලන්නෙ නෑතුව යාලුවව පෑත්තකට එක්ක ගිහින් කතාව.මට තාමත් පුදුමයි ඈයි මම් ඒ මොකද කියල අහන්න ගිය නෑත්තෙ කියල.මොකක් නමුත් අසුබ දෙයක් කියල මට තෙරුනාවෙන්න ඈති ඒවෙලාවෙ.

යාලුව ඈවිත් කිවෙ අපි අක්කටත් එන්න කියමු කියල විතරයි.ඒත් මම් කතාකරෙ මාමාට.කතාකරගන්න හයියක් මට ඒවෙලාවෙ තිබ්බෙ නෑ.මම් වෙනුවට කතාකරේ මගෙ යාලුවා.ඒත් එක්කම අම්ම කතාකරල කිවෙ මම් එන්න පරක්කුවෙයි...යාලුවත් එක්ක විභාගෙට යන්න...අම්මා එනකන් ඉන්න එපා කියල.

වෙලාතියන දේ තෙරුන් ගිහින් තිබ්බත් මගෙ හිත එහෙම දෙයක් පිලිගන්න සූදානමක් තිබ්බෙ නෑ,එදා මම් යාලුව එක්ක විභාගෙට ගියා.අපි දෙන්න විභාගේ ලීවෙ වෙනම පන්ති කාමර දෙකක.කීපදෙනෙක් ඈවිත් මම් ඉන්නවද කියල බලල යනවනම් මතකයි.ඒ පෑය දෙක සෑහෙන කාලයක් වගේ මට දෑනුනේ.ඉක්මනින් ගෙදර එන්නයි ඕනෙකම තිබ්බෙ මට.යාලුවත් එක්ක බස් එකේ ඈවිත් ගෙදරට හෑරෙන වංගුවෙදිම මම් දෑක්ක,අපේ ගෙදර ලග වට පිටාවෙ අය එකතුවෙලා ඉන්නව.තවකෙනෙක් ගේ ඉස්සරහම අඹගහේ සුදු කොඩියක් බදිනවා.

ඒක දකිද්දිම මගෙ යාලුවා කරේ, මගෙ අත හයියෙන් අල්ලගත්ත එක...අප්පච්චි නෑතිවෙලා...හෘදයාබාධයකින්...නෑතිවෙලා තියෙන්නෙ පාන්දර 1ට විතර.අම්ම කෝල් එක ගන්න කොටත් අප්පච්චි නෑතිවෙලා...අර කලින් කිව්ව නර්ස් අල්ලපු ගෙදරට කතා කරල විස්තරේ කියල. අම්මට කතා කරල නෑ ඒ වෙලාවෙ...පස්සෙ තමයි අපි ඒක දෑන ගත්තෙ.අප්පච්චි අමාරුව දෑනිලත් ඉවසගන ඉදල තියෙන්නෙ,මම් බයවෙයි කියලලු,පොඩි එකා විභාගෙට ගිහාම යමු...නෑත්තං කලබල වෙයි කියල කිවලු.අම්ම කිවෙ ටික දවසකට පස්සෙ!.