Tuesday, January 31, 2012

අසූ නමය අවුරුද්ද

මේ අවුරුද්ද මගේ ජිවිතේ ලොකු වෙනසක් කරපු අවුරුද්දක්,මගේ විතරක් නෙමේ අපේ පවුලේ, අම්මා,අප්පච්චී,අක්කා මේ හෑමෝගෙම.හරියටම ඒවෙද්දි මට අවුරුදු හතරක්,මට මතකෙ හෑටියට ලොරියක බඩුපටවගන අපි ටවුන් එකේ, අප්පච්චි කලින් හදල තිබ්බ ගෙදරට අවා.ඒකාලෙ මහ දරුනු කාලයක් කියල අම්මල කියනව,ඒ ගෑන නම් මට තියෙන්නෙ පොඩිම පොඩි මතකයක්.ගමේ ගෙදර දාල එන්න බෑරුව අම්ම ඈඩුව මට මතකයි.

ගම අතහෑරදාල නගරෙට එන්න ලොකුම හේතුව උනේ,අම්ම කියන හෑටියට ජෙවිපි කලබල තදේට ගමේ තිබ්බ නිසා,අනික අපේ ගෙදර අයටත් ලොකු කරදරයක් වෙලා.දවසක් රෑ කට්ටියක් ඈවිල්ල ගේ වට කරල සල්ලි ඉල්ලලා,තුවක්කු බිදින සද්දෙ අම්මට හොදටම ඈහුනලු.කෑගහන්න එපා කියල,සද්දකරොත් ඔක්කොම මරනව කියල.අප්පච්චිගෙ නම කියල එලියට අවොත් මරනව... තියන සල්ලි ඔක්කොම දීපන් ...කීවලු,අම්ම කිවෙ අපි දෙන්න(අක්කයි මමයි)පොඩියි,අනික රෑ නිසා හොදටම නිදිලු.අපි බයවෙලා කෑ ගෑහුවනම් මොනවයින් මොනාවෙයිද දන්නෙ නෑලු.

 අපේ අම්මයි අප්පච්චියි කරේ ඉස්කෝල ගුරු රස්සාවනේ,ඒ හෑටි සල්ලියක් තිබිලානෑ.ඒ අස්සෙ අම්ම ලොකු වීරකමක් කරල මරන්න හොයල තියෙන්නෙ අප්පච්චිනෙ,අපේ ලොකු අත්තත් ඒ දවසේ අපේ ගෙදර ඉදල,ඒ කියන්නෙ අපේ අම්මගෙ අප්පච්චී.ඒ දෙන්නම වී තියන කාමරේට දාලා වහල,ලොකු අත්තා වයසයි නේ,හොදටම වෙව්ලනවලු බයට,ඈයි ඉතින් මරන්න හොයනවනේ,ඒ අස්සෙ ගේ වටේට අඩි සද්දෙ,තුවක්කු කඩන සද්දෙත්.

අම්ම එකතුකරල තිබ්බ සල්ලි ඔක්කොම ගුලි කරල ශොපින් එකක දවටල ඈහුවලු, කොහොමද  සල්ලි දෙන්නෙ කියල,(පස්සෙ නම් කිවෙ අතට අහුවෙච්ච ටික දුන්න කියල බයටම) ජනේල කවුලුවකින් දාන්න කීවලු.අම්මා සල්ලි මිටියම කවුලුවෙන් විසික් කරල එලියට.කාටවත් මේගෑන කියල ඉබ්බොත් පවුලම මෑරෙන්න ලෑස්තිවෙයල්ල කියල උන් යන්න ගිහින්.අඩි සද්දෙ නෑතිවෙනකම්ම බලන් ඉදල අම්ම අප්පච්චීයි ලොකු අත්තයි එලියට අරන්.

 අපේ ගෙදර තිබ්බෙ ගමේ කොනක.එක පෑත්තකින් වෑව,අනික් පෑත්තෙන් කුඹුරු යාය.කුඹුරුයායට ඈතින් පෙනුනෙ කොක්කබේ කියන කන්ද.අම්ම කියනව මතකයි ඉස්සර කොටි හිටියලු ඒ කන්දෙන් එහාපෑත්තෙ.(කොටි ආව කතාව වෙනම දවසක කියන්නම් කෝ).ගෙදර තිබ්බෙ පොල් වත්තක මෑදට වෙන්න.අනිත් පෑති දෙකේත් ගෙවල් දෙකත් තිබ්බ ගොඩක් ඈතට වෙන්න.

 පෑය 2 - 3 ක් ගියාට පස්සෙ "අම්මෝ..."කියන සද්දයක් එක්ක වෙඩිපාරවල් කීපයක් ඈහුනලු ටිකක් ඈතින් වෑව පෑත්තට වෙන්න.අම්ම කියන විදියට ඒ වෙද්දි රෑ දොලහ පහුවෙලා.උදේ එලිවෙලා බලද්දි ගේ වටේටම සෙරෙප්පු අඩිපාරවල්ලු.ටික වෙලාවකින් ආරංචිවෙලා වෑව ලග ගමේ කොල්ලො දෙන්නෙක් මරලදාල කියල. අම්මලත් ගියාලු බලන්න අපිත් එක්කම.මටනම් ඒ හෑටි මතකයක් නෑ.වෑව අයිනේ පාරෙ තිබ්බ මිනීදෙක ලග ලියුමකුත් තිබ්බයි කියල තමයි ආරංචිය.දධුවමක් හෑටියට වුන මරනයක්!

 පස්සෙ දෑනගත්ත විදියට අපේ ගෙදරට ඈවිල්ල තියෙන හොරු, අල්ලපු ගමේ දන්න අදුනන මිනිස්සු කීපදෙනෙක්ලු.ඒකාලේ පුද්ගලික තරහ මරහ පිරිමහන්න එක එක දේවල් මුවාවෙන් හොරකන් කරාකියනවනේ.මේ සිද්දියෙන් පස්සෙ අප්පච්චි තිරනෙ කරල ගමෙන් යන්න.මොනව නෑතත් ජීවිත වටින නිසා.අම්මනම් වෑඩිය කෑමතිවෙලා නෑ.අම්ම බෑදල අප්පච්චිගෙ ගමට ආවට පස්සෙ තමයි ,අපි හිටිය ගෙදර හදල තියෙන්නෙ.අම්මත් ගොඩක් මහන්සි උනාලු ගේ වෑඩවලට.අම්ම ඉස්කොලෙ ඈරිල ඈවිල්ල අපිටත් කවල පොවල වතුර අදිනවලු ගේ හදන්න,අප්පච්චිත් එක්කම.

ගමෙන් එද්දි ලොරියෙ බඩු පටවගන ආව දවසනම් මට හොදට මතකයි.ගමේ හංදිය ලග ටයර් දාපු මිනියක් පිච්චෙනවා මම් දෑක්කෙ අප්පච්චිගෙ ඔඩොක්කුවෙ වාඩිවෙලා එස්සරහම සීට් එකේ ආව නිසා.ගමේ ගෙදර වහල දාල නගරෙට එන්න තිරනය කරප්පු අප්පච්චි නිසා අද අපි මිනිස්සු විදියට මෙහෙම ඉන්නවා.හොදම වෑඩේ කියන්නෙ නගරෙට ආවයි කියල බය හිතෙන සිද්ධිවලින් නම් අඩුවක් තිබ්බෙ නෑ,අක්කටයි මටයි.

මේ එක සිද්ධියක්,දවසක් අක්කයි මමයි ගෙදර ලගකඩේට යනව පාන් ගේන්න.තාම මතකයි ශොපින් එකක් අරන් කඩේදුවන හෑටි, මමත් ඔය වෑඩේට ආසයි,මොකද ඒ කඩේ තියනව රෝසයි සුදුයි ඉරීඉරි,වට්ටක්ක ගෙඩිවගේ සීනිබෝල,(මගෙ ප්‍රියතම කෑම).මට ඉතින් ඕවලින් කීපයක් හම්බවෙනව කඩේයන දාට. 

මෙන්න බොලේ කඩේ ලග මිනිස්සු පිරිල අපි දෙන්නත් මිනිස්සු අතරින් රිංගල ගිහින් හොට දාලා බෑලුවා.මොන බෑලිලිද? එතන හිටපු කෙනෙක් මේ පොඩිලමයි මොකද මෙතන...යන්න... යන්න...ගෙදර කියල අපි දෙන්න ගෙදර එලෙව්වා.පස්සෙ තමයි අප්පච්චි කිවෙ කොල්ලෙක් මරල ඔලුව බෑග් එකක දලා එල්ලලලු කඩේ ඉස්සරහ.ඒ අපේ රටේ එක අදුරු කාල සීමාවක්.

අක්ක 5 වසර විභාගෙට ලිව්වෙත් අප්පච්චීත් එක්ක ලොරියක නෑගල ඈවිල්ල.ඒකාලේ බස් අඩුයිනේ.අපෙ ගමේ ඉස්කෝලෙ  ලමයින්ට ඉදගන්න පුටු තිබිල නෑ.අම්ම අදටත් කියනව බිම ඉදගන ලියල මගෙ කෙල්ල පහේ විභාගෙ පාස් උනා කියල.

 කොහොමින් කොහොමින් හරි අසූනමය අවුරුද්ද ඉවර වෙද්දි අක්කට නගරෙ තියන මෑදි විදුහලට යන්න පුලුවන් උනා.මටත් හොද ඉස්කෝලයක් ලෑබුන.අම්මයි අප්පච්චියිත් නගරෙ ඉස්කොල දෙකක ගුරුවරු විදියට සේවය කරා. ඒ මගේ ජීවිතේට හොදම අඩිතාලම වෑටුනු අවුරුද්ද.



29 comments:

  1. සමාවෙන්න . . මේ බැක්ග්‍රවුන්ඩ් එක නිසා කියවද්දී ඇහට හරිම අමාරුයි.

    ReplyDelete
  2. Looks promising, but please use a lighter background and a dark font colour to maximise readability.

    we read blogs - not just view them.

    ReplyDelete
  3. story is nice and sensitive one. bt you have 2 use more bright background. because its too tired to eyes. solve the lightning issue in your next job.... good luck.....

    ReplyDelete
  4. තීම් එක වෙනස් කරපු එක හොඳයි.ලියන ශෛලිය අපූරුයි.දිගටම කරගෙන යන්න .ජය

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. මගේ සුභ පැතුම්.

    ReplyDelete
  7. අපේ අත්තටත් ඒ කාලෙ එකෙක් කණට ගැහුවළු UNP කියල.
    පස්සෙ පොර හිරේ ඉඳන් එලියට එනකං ඉඳල අපේ මාම කෙනෙක් (අත්තගෙ නංගිගෙ පුතා) උගෙ අත කඩල "උඹ මාමට ගැහුවෙ මේ අතින් නේද ?" කියල.

    වෙලාවට අපි ඒ අවාසනාවන්ත යුගය දකින්න ඒ වෙද්දි ඉපදිලාවත් නෑ.

    ReplyDelete
  8. අලේ.. පවු අනේ ඔයා.. මම හිතියනං ඕකුංගෙ තත්තෙ පලනවා. මම දකල තීනව මිනිත්තු මෙහෙම මලා ගන්නවා. උන්ත වෙන වැද නැද්ද මන්ද.. අනුන්ට දුක් දෙන්නෙ. අපිව ඒ අතීතයත එක්ක ගිය නදී යාලුත ස්තුති හා තුබ පතමින් මම යමි. ලොකු නොවී නොතේලෙන මේ වයසේම ඉන්ට අත්නම්.

    ReplyDelete
  9. හ‍නේ මම නම් 89ට අවුරුද්දක් පහුවෙලා ඉපදුනේ.. හැබැයි අම්මගෙන් එහෙම අහලා විස්තර ටිකක් දන්නවා.. මහ ලොකුවට ජේ වී පී එකේ උන්ට බැණ බැණ උඹලාම තමා කැම්පස් අස්සේ උන් පස්සේ යන්නේ.. :P

    ReplyDelete
  10. eththa nangi,a katuka kalaye nomekena mathaka satahan matath mathakai.

    ReplyDelete
  11. Actually Nadee this is very nice effort .all the people have unforgettable incident in their life.they may be happy or sad.they like to share it with others .then they can get some relief .people also can share their lfe experience it help to think and make correct decision .so i admire your work.

    ReplyDelete
  12. ඒ අඳරු යුගේදි තමය මම ජන්ම ලාභය ලබන්නේ. හැබැයි ඉතිං අපේ පවුලටත් ඔය අඳුරු සෙවනැලි වැටිල තිබුනා. අපේ පොඩි මාමා. ඒ කිව්වට මටනම් මතක නෑ මට මාස ගානයි. ඒ මාමා දොස්තර විභාගෙ කරල පුහුණු ඉස්පිරිතාලයක් හම්බවෙනකම් ඩිස්පැන්සරියක් දාගෙන මාරවිල ප්‍රෙද්ෂයෙ හිටියේ. කැම්පස් අවුට් උන ගමන් නේ.
    ඉතිං එයාට ජීවිතෙන් සමුගන්න උනේ මම ඉපදිලා මාසෙකිං. ... .

    ReplyDelete
  13. @දුකා - බොහොම ස්තූතියි කොමෙන්ටුවට සහෝ.මම් වෙනස් කරන්නම්,බෑක්ග්‍රවුන්ඩ් එක.

    @kathandara & chethana -tnks for ur comments brothers.

    @තීර්ත යාත්‍රිකයා & විකී -ඔයාලටත් බොහොම ස්තූතියි.

    @චානු -හ්ම්...ඒ වහේ නරක කාලයක් ආය එන එකක් නෑ!

    @මාරබබා -මමත් ආසයී,ඒත් සහෝ වයසට යන එක නවත්තන්න බෑනේ.

    @චතූ -අනේ අපි එහෙම නෑ.


    @lakmal -ow.oyath e paththene.oyatath megana hodata athdekiim athi.

    @kumara -tnks for ur comment brother.


    @පොඩී -අනේ...අහන්නත් දුකයි.රටවටින මිනිස්සු කියක් නම් නෑතිවෙන්න ඈත්ද!

    ReplyDelete
  14. මොනවා නැතත් ලිවීම අපූරුයි!!! අවාසනාවන්ත යුගයක්. මතකයක් නැති එත ගැන සතුටුයි මට.

    ReplyDelete
  15. අපේ පොඩි කාලෙ ගැන ඇත්ත
    ලස්සනට ගලපලා තියෙනව
    ඒත්, මගේ හිතත් ඒ කාලෙට ගියා පොඩ්ඩකට
    ඔය අත්දැකීමම ලබපු ඔයයි මමයි තව කී දෙනෙක් ඉන්නවද මේ රටේ

    අපිටත් කටක් ඇරල කියන්න තරම් අතීතයක් තියෙනවා
    පුහ් !

    ReplyDelete
  16. හ්ම්ම් ඔය අවුරුද්ද මටත් පේන්න බැහැ. අපේ ගෙදර තිබුනෙ මූද ලඟම. අපේ ගදර ඉස්සරහ ටයර් සෑයක් තියෙනව. පාරෙ යන මිනිස්සු අහගෙන් යන්නෙ අද කීයද කියල. මම ශිෂ්ශත්වෙ පාස් උනා විතරයි. ඊට පස්සෙ අපි කොළඹ පදින්චියට ආව මේක බලන්න බැරි නිසා. ඒ ගාල්ලෙ ඉස්කෝලෙ පොරක් වෙලා හිටිය මම කොළඹ ඉස්කෝලෙ තවත් එක කොල්ලෙක් විතරයි. 90 වෙද්දි ජවිපෙ කලබල අඩුවෙද්දි අපි ආයෙත් ගාල්ලෙ ගෙදරට ආව.

    ReplyDelete
  17. @ගයාන් - මතක තියෙන්න පුලුවන් කමක් නෑ.ඔයා ගොඩක් පොඩිම කාලෙ වෙන්න ඔනෙ.

    @වැට නොබැදි සිත - ඔව්,අතීතයක් තියෙනවා,ඒත් ඒක ඒතරම් සුන්දර නෑනේද?

    @රංග - ඒදවස් වල රටේ හෑම තෑනම ඔහොමලුනෙ.මම් අර කියල තියන ඔලුව අයිතිකාරයගෙ කකුල් තිබිල තියෙන්නෙ පොළ ලග.කද කොටස වෙන කොහෙදෝ.මිනිස්සු බල්ලො බලල්ලු වගේ මරල දාපු කාලයක්.

    ReplyDelete
  18. වෙලාව හම්බවෙන විදිහට කියවලා කියවලා සෑහෙන ටිකක් ඉවර කලා... ලිවීම නියමයි... මේ කතාව කියෙව්වම මම බාගෙට ලියපු කතාවක් ඉවර කරන්ට හිතුනා...

    ReplyDelete
  19. මට එතකොට අවුරුදු දෙකක් විතර ඇති. ඒ නිසා මට ඕවා ගැන නම් එච්චර මතකයක් නෑ. එපේ අම්මා දවසක් අපට කිව්වා ඉස්සර දෙමල මිනිස්සු හිටන් මරලා දාලා ඒ අයගේ කඩ කුඩු කරලා වටින කියන දේවල් අරන් ගිහින් කියලා.

    එහෙම මැරිච්ච මිනිස්සුන්ගේ මාල මුදු එහෙමත් සමහරු ගලවගෙන ගිහින් තියෙනවා.බොර දියේ මාලු බාන එවුන් කොහෙත් ඉන්නවා. ශික් මෙහෙමත් එවුන් !!!!!

    ReplyDelete
  20. @මධුරංග- ඔව් ඒ සින්හල-දෙමල කලබල කාලෙ,ආ ඒ ගෑන තව කතාවකුත් මතක් වුනා මට.ඔව් ජාති ආගම් ප්‍රශ්නයක් නෑ කොහෙත් ඉන්නව දෙවිවරු වගේ මිනිස්සුත් යක්කුවගේ උනුත්.

    ReplyDelete
  21. මේ කාලේ අපි බොහෝම සුන්දර තාරුණ්‍යයේ සිටියේ. ඒ දවස්වල ජීවිතේ බේරුනා කියන්නේ නැවතත් ලෙසියෙන් මැරෙන් නැහැ. මරණය අද්දරට ගිහින් ආපු දිනත් තිබුනා. මගේ බ්ලොග් එකේ මේ ගැන ලියවෙයි. හැබැයි ඒකට තව කාලයක් යයි. මට ඒ ගැන තාම හිත හදා ගන්න අමාරුයි.

    ReplyDelete
  22. මගෙත් අම්මයි තාත්තයි දෙන්නම ගුරුවරු 89 අවුරුද්දේ මේ වගේම සිද්දියකට මුහුන දුන්නා..ජීවිතයක් නැති උනා හැබැයි...පෝස්‍ටුවකින්ම ඒක දාන්න ඉන්නේ...

    ReplyDelete
  23. ඇයි මේ පැරණි ලිපි නැවතත් පළ කරන්නෙ?

    ReplyDelete
  24. අපි ඉතිං කොහෙද ඒ කාලේ..

    ReplyDelete
  25. මටත් මතකයි ගේ ඉස්සරහ ගඟේ සමහර දවසට මිනිස්සු පාවෙනවා.පාලම උඩ ඉඳල වෙඩි තිබ්බම කෙලින්ම වැටෙන්නේ ගඟට.ලොකු මතකයක් නැහැ.මටත් ඒ කාලේ වුරුදු 4 ක වගේ..

    ReplyDelete
  26. මේ ගැන මගේ තියනවා මතක ගොඩක්. ඒත් මම ඒ ගැන පොස්ට් එකක්ම ලියන්නම් තව ටික දවසකින්,...

    ReplyDelete
  27. මේ කාලෙ ගැන කියවනකොට තවම ඇඟට පණ නැතිවෙනව මගේ... අපේ තාත්තගෙ ජීවිතෙත් මේ වගේ අනූනවයෙන් බේරුනේ...අපි ඉස්කෝලෙ ගියේ ටයර් සෑයවල් මැදින්...අපටත් ගෙවල් දොරවල් දාල යන්න උනා... කිසිම දෙශපාලනයක් නිසා නෙවේ.... තාත්ත වැඩ කරපු ආයතනය නිසා.... මට පොතකට තරම් දේවල් තියෙනව මේ කාලෙ ගැන ලියනවා නම්... ඒත් මං දන්නව මට නම් කවදාවත් ඒකට හිත හදාගන්න බැරිවෙයි කියලා....

    ReplyDelete
  28. Macho.....!!!!!

    Oya gama tiyenne Aniradhapure neda?????

    ReplyDelete