වෙනද වගේම එදත් අප්පච්චි පත්තරේ බලබල හිටියා.පුරුද්දක් විදියට අපේ ගෙදරට ගත්තෙ සතියන්ත පත්තර දෙක.අනිත් දවස් පහේම අප්පච්චි ගෙදර ලග කඩෙන් ලංකාදීපෙ ගෙනත් බලනවා.
බලලා කලින් දවසෙ පත්තරේ රෑ අටට විතර ගිහින් දෙන්නෙ.එදා පත්තරෙත් ඒත් එක්ක ඉල්ලගන එනවා.
ඒ දවසෙත් අප්පච්චි සාලෙට වෙලා පත්තරේ බලනවා,අක්කයි,අම්මයි මමයි ටීවී බලනවා.ඔහොම ඉද්දි රෑට කොන්ඩෙ පීරල ගොතලනෙ මම් නිදියන්නෙ,(මම හය වසරෙ ඉද්දි)ඉතින් කොන්ඩෙ පීරලා ගොතාගන පනාවත් අරන් ආවා සාලෙට.
අප්පච්චි කණ්ණාඩි දෙකත් දාගන පත්තරේ බලනවා.අප්පච්චිගෙ ඔලුවෙ ඉස්සරහ පොඩ්ඩක් තට්ටෙ පෑදිලා,පිටිපස්සෙ හරියෙ කොන්ඩෙ තිබ්බා.
වෙනද වගේ මම විහිලුවට අප්පච්චිගෙ කොන්ඩෙ පීරුවා.පීරලා මම් කොන්ඩෙට දාල හිටිය කලු පාට හෙයා බෑන්ඩ්ස් දෙකෙන් අප්පච්චිගෙ චූටි කොන්ඩ දෙකක් බෑන්දා.(ඒදවස් වල මම් ලග තිබ්බ හොද හෙයා බෑන්ඩ්ස් කලෙක්ශන් එකක්,එක එක පාට ,ලස්සන ලස්සන ඒවා අම්ම අරන්දීපු).
ටික වෙලාවකින් මටත් ඕක අමතක උනා ටීවි බෑලිල්ල නිසා.ඒත් එක්කම අප්පච්චී කඩේට ගියා ඊයෙ ගෙනාව පත්තරේ දීල එන්න,ගෙදර ලග කඩේට.
ඔන්න ටික වෙලාවකින් අප්පච්චි එනවා,ඈවිල්ල කියනව අහ්... අද මාරවෑඩේනෙ මට උනේ කියලා.අපි ඔක්කොම ටීවී එක බෑලිල්ල පෑත්තක තියලා අප්පච්චි පෑත්තට හෑරුනා.
මම් කඩේට ගියා පත්තරේ දෙන්න..ඉතින් වෙනදවගේ කතා කරකර මුදලාලි හිනා වෙනව,මටත් ගානක් ගියෙනෑ.කඩේට ආව කොල්ලෙකුත් හිනා වෙවීගියා,ඒත් මම් බෑලුවා සරම වත් ඉරිලද කියල,එහෙමත් නෑ.
එතකොටම මුදලාලි ඈහුවනෙ මහත්තයා කොන්ඩෙ ඈදෙන්න මොනවත් කරනවද කියලා.
එතකොට තමයි තේරුනේ මේ පොඩි එකාගෙ වෑඩ.මේකා මගෙ කොන්ඩෙ පීරපීර ඉදලා කොන්ඩ දෙකක් බෑදල, මම ගානක් නෑතුව ගියානෙ කඩේට.