Tuesday, January 24, 2012

පෙරභවයේදී සිරුරට වූ හානියක් යළි ඉපදීමකදී ඒ විදියටම පිහිටන්න පුලුවන්ද?


"අභිරහස් පුනර්භව" කියන්නෙ මම අලුතින්ම කියවන්න කියල ගත්ත පොත.ලියල තියෙන්නෙ තිස්ස ජයවර්ධන මහත්තයා.

මිනිස් සිරුරේ දකින්න ලැබෙන ලප කැලල් ,ශරීර කොටස් අඩුවීම් පිළිබදව පුනර්භව පර්යේශණ මගින් හෙළි කරගත්ත අවස්ථා බොහොමයක් ගැන මේ පොතේ සදහන් කරල තියනව.

පෙරභවයන් හෙළිකරපු සමහර දරුවෝ ශරිරේ උපතින් ඇතිවී තියෙන අඩුපාඩු, පෙරභවයට සම්භන්ධ සිදුවීම් නිසා ඇතිච්ච දේවල් විදියට අනාවරණය කිරීම් කරලත් තියනව.

පෙරභවයේදී සිරුරට වූ හානියක්  යළි ඉපදීමකදී ඒ විදියටම පිහිටන්න පුලුවන්ද?

පුනර්භවය ගැන පර්යේශණ පවත්වන ලෝකේ ඉන්න ප්‍රධාන පෙළේ මනෝ වද්‍යවරුන්ගේත් අවධානය ට පත් වෙලා තියන ඒවගේ සිදුවීම් අභිරහස් පුනර්භව විදියට සැලකෙනව.ඒවගේ අභිරහස් කීපයක්ම පොතේ සදහන් කරල තියනව.

මුල්ම නිදසුන විදියට ලංකාවේ වෙච්ච සිද්දියක් විස්තර කරල තියනව.කෙනෙක් මනුස්සයෙක්ව කඩුවකින් කපලා මරලා හිරේ ගිහින් තියනව.ඒ මනුස්සය මැරිලා ඉදලා තියෙන්නෙ අත්දෙක වෙන්වෙන විදියටම කැපිලා,ඒ වැදිච්ච කඩු පහරට.මරපු මනුස්සයා හිරේ ඉදලා නිදහස් වෙලා ආවට පස්සෙ ඒ මනුස්සයගෙ දරුවෙක් ඉපදිලා තියනව.හරියටම අර මැරිච්ච මනුස්සයා වගේම අත්දෙක උරහිසෙන්ම නැතුව.

මරණ පරීක්ශණ තොරතුරු, සිද්දියට අදාල පුද්ගලයන්ගෙන් ලබාගත් තොරතුරු බොහෝ ප්‍රමාණයක් පොතට අඩංගු කරල තියනව.දොස්තර වරුන්ගේ නිගමනයට අනුව ඒ දරුවට එහෙම Birth Defect එකක් වෙන්න වෙන කිසිම ප්‍රශ්ණයක් තිබිලා නෑ.ඒ කියන්නෙ හේතුවක් හොයාගන නෑ.

අවසානේදී මරපු මනුස්සයම කියල තියනව සමහර විට  මැරිච්ච කෙනා මගෙ දරුවෙක් වෙලා ඉපදුනාවත්ද කියල එයාට සැකයක් තියනව කියල.

කුතුහලය ඇති වෙන පොතක් එක හුස්මට කියවගන යන්න පුලුවන්.හම්බුනොත් ඔයාලත් කියවලා බලන්න.


අභිරහස් පුනර්භව
තිස්ස ජයවර්ධන
ISBN 955-1178-57-2

45 comments:

  1. “දොස්තර වරුන්ගේ නිගමනයට අනුව ඒ දරුවට එහෙම Birth Defect එකක් වෙන්න වෙන කිසිම ප්‍රශ්ණයක් තිබිලා නෑ.“

    එහෙම නැතුව හේතුවක් නිසා සිදුවුන දෙයක් පෙර භවයට සම්බන්ධකමක් නැතුවඇතිද???

    හොඳ මාතෘකාවක්... බලන්න ඕන අරගන පොත.

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්නකො පොත පොඩී ඔයාත්,අමුතු අමුතු දේවල් ටිකක් තියෙන්නෙ.

      Delete
  2. නියම පොතක් වගේ අක්කේ..

    ReplyDelete
    Replies
    1. කියවලා බලන්නකො.සමහර දේවල් විශ්වාස කරන්නත් බෑ.

      Delete
  3. ඇත්තටම කියවන්න ආස , වටින පොතක්.. උපන් ලප ඇතිවෙන්නෙත් ඒ වගේ කියලා මං අහලා තියෙනවා.. ඒ වගේම යම් කිසි අනතුරක් වෙලා පණ පිටින් මැරුණ අය නැවත ඉපදෙද්දි ගියආත්මයේ ඒ අනතුරේ මතකයන් එක්ක යම් යම් දේ වලට ප්‍රතික්‍රියා දක්වන්නෙ වෙනස් විදිහකට.. ස්තූතියි මේ පොත ගැන සඳහන් කලාට.. :)

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම ලප ඇතිවෙන හැටි ගැනත් ඒ පොතේ කියල තිබුනා.හ්ම් ගින්දරට, වතුරට,බස් වලට එහෙම බය වෙන්නෙ සමහරු එහෙම දේවල් වලින් අනතුරු වෙලා මැරුනහම කියල එක නිදසුනකුත් ඒ පොතේ තිබ්බා.

      Delete
  4. මේ ආත්මෙදි පලදෙන කර්ම විපාකය ගැන ආචාර්ය නන්දසේන රත්නපාල මහත්තයාගේ පොත කියෙවුවද ? නොමිලේ අච්චුගහල පන්සල් වල තියන්න වටිනා පොතක්..
    සිරුරේ කැළැල් නෙවෙයි අපි එකතු කරන ගුණ ධර්ම (හොඳ නරක දෙකම) අපි ආත්මෙන් ආත්මෙට අරන් යනවා කියන එක ඇත්ත.. එකයි අපි මේ ආත්මෙදි පුළුවන් තරම් කුණු ගොඩවල් විසිකරලා යන්න ඕන..

    ReplyDelete
    Replies
    1. පත්තරේ ගිය ලිපි පෙල නම් කියෙව්වා.ඔය පොත ගැන මට හරියටම මතකයක් නෑ.බලන්න ඔනේ හොයලා

      Delete
  5. කියවන්න වටින පොතක් වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. හම්බුනොත් කියවලා බලන්ඩකො

      Delete
  6. සියවස් ගනනාවක් තිස්සේ කාන්තාවන්ගේ කන විද්දත් කන් පෙතිවල සිදුරු එක්ක බිළිදියක් ඉපදුනු බවක් නම් කොහේවත් සඳහන් වෙලා තියෙනව දැකල නැහැ.....ඔය පොතේවත් තියෙනවද දන්නෑ......

    ReplyDelete
    Replies
    1. මේ පොතේ එහෙම එකක් තිබ්බ.එයා සිංහල ළමයෙක් විදියට ඉපදිලා තියෙන්නෙ. කන්වල දෙමළ අය කරාඹුදාන විදියට කන් පෙත්තෙ ඉහල සිදුරු තිබිලා තියනව.නළල මැද පොට්ටුවකුත් තිබිලා,ඒ ලමයගෙ පින්තූර පවා දාල තියෙනව.විශ්වාස කරන්න අමාරුයි එහෙම සිද්ධි.

      එයා කියන්නෙ එයා ගිය ආත්මෙක දෙමළ කෙනෙක් වෙන්න ඇතිලු.ගොඩක් දෙමළ කෑම ජාත් වලටත් ආසලු.කෝවිල් යන්නත් ආසලු.අනික දෙමළ අය දැක්කම ගොඩක් සමීප බවක් දැනෙනවහ් කියල කියල තිබුනා.:)

      Delete
  7. මම නම් ඒකට එතරම් එකඟ නැහැ. පිහිටන්නත් පුළුවන්. හැබැයි පුනර්භවය කියන සංකල්පය ඉතා සීරුවෙන් කල්පනා කරන්න ඕනෙ දෙයක්. ගෙඩිය පිටින්ම මේ අත්මෙන් ඊලග භවයට යනවා කියන එක මම නම් පිළිගන්නේ නැහැ. මම හිතන්නේ අපි කරන කර්ම ඒවායේ විපක ඊලඟ භවයේ අපේ උපත සිදු වීමට වැදගත් වෙනවා. නමුත් මේ මමම ඊලඟ භවයට යන්නේ නැහැ. මේ කර්ම ගතිය භවයෙන් භවයට කර්ම රැස් කරමින් යන එක නවත්වන්න තමයි අපි බලන්න ඕනෙ. ලංකාප්‍රිය කියන දේ හා ඒකඟයි. ජය මෙවැනි ලිපි තවත් ලියන්න. ඔබට සදා ජය!!

    ReplyDelete
    Replies
    1. ඔව්. කවදාහරි අපි යන තැනකට අරන් යන්නෙ අපි කරන හොද නරක දේවල් වලින් ලැබෙන ප්‍රථිඵලේ කියල මමත් පිළිගන්නව.ඒ පොතේ කියල තිබුන සමහර දේවල් පිළිගන්න බැරිතරම් පුදුම දේවල්.එක අවස්ථාවක් තිබුනා පෙර ආත්මය කියන ලමයා ඉපදෙද්දි කලින් ආත්මේ ඒ මනුස්සයා මියගිහින් තිබුනේ නැති අවස්ථාවකුත්.සමහර ප‍ර්යේශණ මෙතුමාගෙ අධීක්ශණය යටතේ කෙරුන ඒවා.

      http://en.wikipedia.org/wiki/Ian_Stevenson

      Delete
  8. මාත් හිතන්නෙ මේ ආත්මෙ අපි තුළ ඇතිවෙන විශේෂ දක්ෂතා වගෙම ඥානය වගෙ දේවලුත් ඊලඟ භවයට ගෙනියනව කියලයි. [දුර්ගුණත් සමගම]

    ReplyDelete
    Replies
    1. මමත් හිතන්නෙ එහෙමයි.

      Delete
  9. සමාවෙන්න නදී මම මෙසේ කියන්නේ මා පුනර්භවය සහ මෝහනීය ප්‍රතිගමනය විශ්වාස නොකරන පුද්ගලයෙකු නිසා විය හැකිය.
    "පෙරභවයන් හෙළිකරපු සමහර දරුවෝ ශරිරේ උපතින් ඇතිවී තියෙන අඩුපාඩු, පෙරභවයට සම්භන්ධ සිදුවීම් නිසා ඇතිච්ච දේවල් විදියට අනාවරණය කිරීම් කරලත් තියනව" මෙවැනි සිදුවීම් හුදෙක්ම සන්නිපාත සිද්දීන් වීමේ ලොකු හැකියාවකුත් තියනවානේ, අනික ඔය විස්තර කරලා තියන උදාහරනයේත්!!!!!
    මම කියන්නේ අපිට උගන්වලා තියනවා හැම දෙයටම හේතුවක් තිබිය යුතුබව! අවසානයේ පැහැදිලි යමක් නොදුටු වෙලාවට අපි ඒවා ගිය ආත්මයේ ගිණුමට බැර කරනවා.

    ReplyDelete
    Replies
    1. ඔව්.ඔයා කියන එකත් ඇත්ත.එහෙම උපතින් අඩුපාඩු සිද්ද උනා කියල ඒව පෙරභවයේම වෙච්ච් දේවල් වල බලපෑමක්ය කියලා කියන්න බෑනේ.ඔව් හේතුව හොයාගන්න බැරිඋනාම ඒවා පෙරභවයට කරුමෙට බැර කරනව සමහරු.බුදු හාමුදුරුවොත් කියන්නෙ හැමදේකටම හේතුවක් තියනව කියලනේ.

      එතකොට ඔය මානසික වද්‍යවරු ප්‍රතිකාර වලදී එහෙම මෝහන ප්‍රතිගමනය පාවිච්චි කරන අවස්ථා තියනවනේද?

      Delete
    2. පෙර භවය කියන්නේ හේතුවක් නැති දෙයක් නෙමෙඉ. එකත් හේතුවක් ඇතුව වෙන දෙයක් අපිට පෙන්නේ නැති උනාට. පේන දේවල් විතරක් විශ්වාස කරන්ඩ ගියොත් ඔයාට ගොඩක් දේවල් මගහැරෙනවා. බුදු හාමුදුරුවොත් පෙර භවය ගැන හේතු ඇතිව කියල තියෙනවා. කව්රු හරි කරපු පව් මගහරින්නට පෙර භවය විශ්වාස නොකර හිටියට හරියන්නේ නෑ.

      Delete
    3. පෙර භවය කියන්නේ හේතුවක් නැති දෙයක් නෙමෙඉ. එකත් හේතුවක් ඇතුව වෙන දෙයක් අපිට පෙන්නේ නැති උනාට. පේන දේවල් විතරක් විශ්වාස කරන්ඩ ගියොත් ඔයාට ගොඩක් දේවල් මගහැරෙනවා. බුදු හාමුදුරුවොත් පෙර භවය ගැන හේතු ඇතිව කියල තියෙනවා. කව්රු හරි කරපු පව් මගහරින්නට පෙර භවය විශ්වාස නොකර හිටියට හරියන්නේ නෑ.

      Delete
    4. මේ ලිපියත් කියවල බලන්න
      http://www.silumina.lk/2012/05/06/_art.asp?fn=am1205061

      Delete
  10. මේ බෞතික ශරීරය නොහොත් රූප කාය හැදිලා තියෙන්නෙ රූප කලාප කියන පරමනුවට වඩා ගොඩාක් සිඋම් අනුවකින් ( අනුවක් කිව්වට එකත් අනිත්ත දෙයක් ) මෙහෙම බවයෙන් බවයට කැලැල් ඇතිවෙන විදිය වැටහෙන්නනම් අබිදර්මය කියවන්න. ගැබුරු උනත් නිරෞල් මනසකින් කියෙව්වොත් වැටහෙනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්.කාලෙ අරන් නිවීසැනසිල්ලෙ කියවන්න ඔනේ සමහර දේවල් තේරෙන්නෙ නෑ.

      Delete
  11. ඔහොම දේවල් වෙනවා කියලා හිතාගන්න බැ. පොත අරගෙන කියවල බලන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මටත් සමහරදේවල් හිතාගන්න බැරිඋනා.කියවලා බලන්නකො

      Delete
  12. nishanthak41@yahoo.comJanuary 25, 2012 at 3:08 PM

    "artisteer3"soft wear එක මා ලඟ තියෙනවා...key gen එකත් සමග.....කොහොමද ඒක ඔයාට එවන්නේ.....nishanthak41@yahoo.com

    ReplyDelete
    Replies
    1. ඔයා කවුද මම් ඔයාව දන්නෙ නැනේ?:)

      Delete
  13. ඔයවගේ දේවල් එකපාරටම නෑ කියන්න බෑ. මොකද මට මතක විදියට බුරුමේ හරි තායිලන්තේ හරි රටක මිනිහෙක් මැරුණාම ඒ මනුස්සයාගේ ඇඟේ ලපයක් තියල ආයේ ඉපදෙන්න කියල ඉල්ලනවා. ඕක කරන්නෙත් ගොඩක් රහසින්. දෙන්නෙක් තුන්දෙනෙක් තම දන්නේ මිනියේ කොතනද ලපය තිබ්බේ කියල. ඊටපස්සේ කවුරුහරි පුනුරුත්පත්තිය කියනකොට එයාලගේ ඇඟේ ලපය සටහන් කරපු කෙනෙක් ඉන්නවනම් එය ඇවිත් බලනවාලු මේ කෙනාගේ ඇඟේත් ඒ ලපය එහෙමම තියනවද කියල. රිවිර පත්තරේ යන පෙරභාවය ගැන කතා මාලාවේ මේවගේ සිද්ධි ගොඩක් සටහන් කරලා තියනවා. www .rivira .lk ලිපිනයෙන් ගිහින් ඔයාලටත් ඒ ලිපි කියවන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ඔය ගැන මේ පොතෙත් සදහන් කරල තිබ්බා.

      Delete
    2. මාත් මේ ගැන ගොඩක් විස්තර කියෙව්වෙ රිවිර පත්තරෙන්....

      Delete
  14. හප්පා !!! මේකේ තියෙන සමහර එවුවා මට තේරුම් ගන්න පුලුවන් වේද මන්දා !!!

    ReplyDelete
  15. බලන්න ආස හිතෙන මාතෘකාවක්... හොයාගෙන කියවන්න බලන්න ඕනේ. මරණෙන් පස්සෙත් ඒ ඒ සලකුණූ එන්න පුළුවන් කියලා මමත් අහලා තියෙනවා. මගෙත් එහෙම ලපයක් තියෙනවා. හැබැයි ගිය ආත්මෙට සම්බන්ධද දන්නෑ... හි හී...!

    ReplyDelete
    Replies
    1. මමත් ඔය කුතුහලය හින්දමයි ඒ පොත කියවන්න ගත්තෙ.මගෙත් තියනවා.:)

      Delete
  16. ඔය වගෙ සිද්ධි ගැන මමත් කියවලා තියෙනවා. කුතුහලය පිරුණු මාතෘකාවක්.

    ReplyDelete
    Replies
    1. හ්ම්.මමත් ඒ නිසාමයි පොත් ගත්තෙ කියවන්න.

      Delete
  17. අහ්හ් කියවන්න ඕනා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් කියවලා බලන්ඩකො වෙලාවක

      Delete
  18. ඔය හුස්මටම මෙන්න මෙයාගේ පොත් 2 3 කුත් හොයාගෙන කියවන්න අෆ්ෆා...
    http://en.wikipedia.org/wiki/Abraham_Kovoor

    ReplyDelete
    Replies
    1. එබ්‍රහම් ටී කොවුර් මහත්තයගෙ පොතක් මම් කියවලා තියනව,

      Delete
  19. එක පොතක pdf එකක් නම දැනුත් මා ගව තියෙනවා ඕනේ නම දෙන්නම්

    ReplyDelete
    Replies
    1. අනේ පුලුවන් නම් එවන්න.මට ඔයාගෙ මේල් එක හොයාගන්න බෑනේ.
      blogwanninayaka@gmail.com.

      Delete
    2. මටත් එවන්ඩෝ. මයේ මේල් ඇඩ්‍රස් එක දන්නවා නේ.

      Delete
  20. අනේ දන්නෑ ලමායි. ඕවගෙ ඒව ඉරිදා පත්තර වල නම් තියෙනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
  21. කිසියම් සිද්ධියක් සිදු උනේ මොන නියාම ධර්මයට අනුවද කියල නිවැරදිවම කියන්න පුලුවන් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමකට විතරයි. අපි කල යුතු වන්නේ ලප කැලැල් කෙසේ ඇතිවී ද යන්න විමසන එක නොවේ, වහ වහා චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට උත්සාහ කිරීමයි.

    ReplyDelete