Monday, January 23, 2012

මේ දැන් බාපුවා...

මේ දැන් බාපුවා...
ගොඩක් දෙනෙක් කැමති කෑමක් තමා බඩඉරිගු කියල කියන්නෙ.නම අහද්දිම ගොඩක් දෙනාගෙ කටට කෙළ උනනවත් ඇති.

මේ දවස් වල අපිත් ඇතිවෙනකම් බඩ ඉරිගු කනව.ඉස්සර වගේ නෙමේ දැන් අවුරුද්දේ වැඩිකාලයක් බඩඉරිගු දකින්න පුලුවන්.වගාලිං එහෙම කපලා තියන නිසා වතුර ගහලා ගොඩක් මිනිස්සු බඩඉරිගු හදනව.

ගොඩක් අය කැමති දලුවා කන්ඩ,ඒ ඒවා කිරි රහ නිසා.කඩපු ගමන් කන්න තියනව නම් තමා හැබෑම රහ එන්නෙ.

තම්බලා ලුනුදාල පොල් කෑල්ලක් එක්ක කෑවම මාරම රහක් තියෙන්නෙ.

සමහරු දලුවා කඩපු ගමන්ම දරලිපේ අගුරු උඩ පුච්චල ලුනු ඉහගනත් කනව. එහෙමත් රහයි.

හැබැයි ඉතින් හොදට හපලා තමයි කන්න ඔනේ නැත්තන් ඇට පිටින් එළියට යන්නෙ :).

වසක් ඔහොම ගෙනාපු මෝරපු බඩඉරිගු කරලක් තිබ්බ ඉතින් මම් ඒකේ ඇට ටික අරන් වතුරට දාලා තිබ්බ පැළවෙයිද බලන්න.ම්හු...පැලවෙන පාටක් නෑ.මම් කරපුදේ ඔක්කොම අල්ලලා විසික් කරා.

මෙන්න ටික දවසක් යද්දි ඒව පැල වෙලා.දැන් අපි බලාගන ඉන්නෙ ඒවා ටික  ටික ලොකු වෙනකම්,අම්ම නම් කියන්නෙ ඕව ඔහොම හැදෙන්නෙ නෑ කියල. 

38 comments:

  1. ඉස්සර වැඩ කරපු අපේ රෝහල් පරිශ්‍රයෙත් බඩ ඉරිඟු වගාව පල දරලා . ඒවා නෙලපු දවසේ රෝහලටම බඩ ඉරිඟු තම්බලා දුන්නා මතකයි. නදීගේ වගාවත් සමහර විට ඵල දරයි. හැම දෙයක්ම ඵල දරන මේ රට සරු පොළවක් නේ !

    ReplyDelete
    Replies
    1. අහ් ඔයාලගෙ ඉස්පිරිතාලෙත් හිටවලා තිබ්බද.හ්ම්ම් බලමුකෝ හැදෙයිද කියල.

      Delete
  2. මම නං ආසා බඩ ඉරිඟු පුච්ච්ලා පොල් එක්ක කන්න. ෂුහ් ... මාර රහයි.
    අපේ අප්පච්චි ඒ කාලෙ වැඩ කළා .. මිනිපෙ නුත් එහා කැලෑ ගමක තිබ්බ ඉස්කෝලෙක. එහෙදි බඩ ඉරිඟු කෑව පැලෙනකම්..[හේනෙදිම පුච්චල ගන්නෙ]
    දැන්නම් ඉති කඩෙන් සල්ලි දීල කෘමි නාශක ගොඩක් ගහල හදපු විෂ සහිත ඒව තමයි කන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔව් දවසක් මමත් හේනකට ගිහින් ඒ වෙලාවෙම දළුකරල් කඩලා පුච්චලා ලුනු ඉහලා කෑවා.මාරම රහක් තිබ්බෙ.

      Delete
  3. අයියෝ මේවා දාන්න එපෝ ..මට දුකයි මමත් ආසම කෑමක් තමා බඩ ඉරිඟු ..ආයෙත් ලංකාවට ආවම ඇති තරම් කනවා

    ReplyDelete
    Replies
    1. අහ් ඇයි ඔයා ඉන්න පළාතේ නැද්ද මේවා?

      Delete
  4. මාත් මේවා කෑව ගිය ඉරිදා.අම්මා තම්බලා දුන්නා.මමයි බාප්පලහ චූටි නංගියි එකතුවෙලා කරල් දෙකක් පිහියේ අග්ගිස්සෙ ගහලා ගින්දරට අල්ලලා පුච්චල කෑව අම්මෝ රසායි.හැබැයි ළා ඒව නෙමෙයි නිසාද කොහෙද වැඩි කිරි රසක් නෑ.ඒ උනාට ඉතුරු උනෙත් නෑ.මගේ ආසම කෑමක්..නදී අක්කා ගැන නම් ඉරිසිය හිතෙනවා.අපිට කොයින්ද ඉතිං පූසෝ මාළු..කරවල තමා කනවා :D

    ReplyDelete
    Replies
    1. හිහි කඩපු ගමන්ම කන්න පුලුවන් නම් ඉතින් ගොඩාක් රහයි නේද?

      Delete
  5. මගෙත් ප්‍රියතම කෑමක්. පිට පලාත්වල යන කොට රුපියල් 20ක් දීලා එතනම ඉඳගෙන හරි හිටගෙන හරි රස බලනවා. ඔය පුච්චනවා කියන්නේ බාබේකිව් කොරන එකනේ. එහෙමත් කාලා තියෙනවා. ඒත් පොල් එක්ක නම් කාලා නෑ. අපේ ගෙදර හදනවා හොඳට තම්බලා ඇට ටික වෙන් කරලා අරන් බටර් එක්ක කෑවම මාර රහයි. ඒකම කඩේ තියෙනවා රස කාරක එහෙම දාලා හැබයි ගාන වැඩියි. පොප්කෝන් හදන්නේත් මේවා වලින්ම නේ..

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සර රජ මාවතේ යනකොට රු.20 දීල අරන් කනව.ගොඩක් වෙලාවට බඩඉරිගුකාරයෝ නගිනව බස් එකට.සමහර වෙලාවට අලුත් කරල් හම්බ වෙනව.ආය කද්දි පොල් කෑල්ලක් එක්ක කන්නකො.මාර රහයි.

      Delete
  6. අපිත් බඩ ඉරිගු වගා කලා.
    නමුත් එවුවා වැස්සට අහු උනා. හරියට ඇට හැදුන් නෑ.

    ReplyDelete
    Replies
    1. මේ සැරේ හදපුවා ගොඩක් ඒව වැස්සට ගියානේ :(

      Delete
  7. අපිට බඩ ඉරිඟු නැතත්...කන්න නම් හරිම ආසයි...ආනමඩුවේ උන්න බාප්පගෙ යාළුවෙක් ඉස්සර ගෙනත් දෙනවා..වැඩි උනාම පුංචි ඒවා වේලනවා...ඊට පස්සෙ බැදලා දෙනවා ...පොප් කෝන් වගේ...

    දැනුත් කොහේන් හරි දැක්කොත් අරන් කනවා

    ReplyDelete
    Replies
    1. හ්ම්ම් එහෙමත් රහයි තමා.මම් නම් ආස තම්බලා කන්න.

      Delete
  8. හප්පේ මමත් ආසම කෑමක්...තම්බලා ලුනු දාලා ගත්තම එළ ඈ......

    ReplyDelete
  9. කොහොම කෑවත් නියම කෑමක්..... හික්...

    ReplyDelete
  10. ඇයි අක්කේ මෙහෙම කරන්නනේ?? ගොඩ කාලෙකින් බඩ ඉරිගු කරලක් කෑවේ නෑ..

    ReplyDelete
    Replies
    1. අයියෝ ඔහෙ නැද්ද මෙව්වා?

      Delete
  11. මම කොලබ ඉදල ගෙදර යද්දී වරකපොලෙන් බඩ ඉරිගු කන්න අමතක කරන්නේ නැහැ!
    අපේ අප්පච්චිත් බඩ ඉරිගු වගාවක් දැම්ම ගෙවත්තේ, තවම නම ලොකුවෙලා නැහැ.

    ReplyDelete
    Replies
    1. මමත් ඉස්සර රජමාවතේ යද්දි අනිවාර්යෙන්ම කනව.බඩඉරිගු වෙලෙන්දෝ නගිනවනේ බස් එකට.කරලක් 20යි.

      Delete
  12. අපේ තාත්තත් ගෙදර හදල තියෙන්නෙ. ඔක්කොමත් හරි කරල් පැහෙන කාලෙට ගිරවුන්ගෙන් බේර ගන්න එක තමා ලෝකෙ තියෙන අමාරුම වැඩේ. මේ දැන් කඩපු බඩ ඉරිඟුවක් තම්බගෙන කන කොට දැනෙන කිරි රස..

    ReplyDelete
    Replies
    1. ඒ රහ නම් කියල වැඩක් නෑ.

      Delete
  13. අම්මෝ.... බොහොම අමාව්වෙන් කමෙන්ට් බො‍ක්ස් එක මතු කර ගත්තෙ...

    මගෙත් ආසම කෑමක් ඔය.තම්බලා ලුනු දාලා දෙකක් තුනක් කෑවකි එක පාර.බත් නොකා වේල පිරිමහ ගත්ත හැකි.හැබැයි මෝරපුවානම් කන්න හිතෙන්නෙ නෑ.

    අපිත් පොළොන්නරුවෙ ඉන්නකොට වැවුවා.දැන්නම් වවන්න බෑ වදුරන්ගෙන් බේර ගන්න බෑ

    ReplyDelete
  14. අම්මෝ.... බොහොම අමාව්වෙන් කමෙන්ට් බො‍ක්ස් එක මතු කර ගත්තෙ...

    මගෙත් ආසම කෑමක් ඔය.තම්බලා ලුනු දාලා දෙකක් තුනක් කෑවකි එක පාර.බත් නොකා වේල පිරිමහ ගත්ත හැකි.හැබැයි මෝරපුවානම් කන්න හිතෙන්නෙ නෑ.

    අපිත් පොළොන්නරුවෙ ඉන්නකොට වැවුවා.දැන්නම් වවන්න බෑ වදුරන්ගෙන් බේර ගන්න බෑ

    ReplyDelete
    Replies
    1. ආයෙත් අහලා කරල් කීපෙකටම වග කිව්වැකි නේ.

      Delete
  15. ෂහ් මාත් ආ...........සම කෑමක්. ගියසැරේ නං මම ගෙදර ඉස්සරහ ඉරිගු වගාවකුත් දැම්ම.

    ReplyDelete
    Replies
    1. මගෙත් පැල කීපයක් තියනව.

      Delete
  16. මමත් ආසම කෑමක්.. බද ඉරිගු අපේ අක්කා කෙනෙඋත් හිටෙව්වා ජොලියට කියලා පැල දෙකක්. ඒවා නම් හරිගියා.

    ReplyDelete
    Replies
    1. මගෙ ඒවත් හරියයිද කියලමම් මේ බලන් ඉන්නෙ.

      Delete
  17. බඩුම තමා.. හිටපල්ලකෝ මෙදා පොටේ ලංකාවට එනකම්.

    ReplyDelete
    Replies
    1. ඇහ්.කාගන කාගන යන්නම්කො නේද.

      Delete
  18. මම නම් කැමති ලපටි එවුව අමුවෙන් කන්නයි..

    ReplyDelete
    Replies
    1. ආහ් අමුවෙන්?කිරි රහයි නේ.

      Delete
  19. මමත් කැමති ලපටි ඒවට. ඒ වුනාට අපි ගමනක් යනකොට ගන්න බඩ ඉරිඟු සෙට් එකේ ලපටිම ඒවා පොඩි අයට දිරවන්න ලේසි නිසා එයාලට දෙනවා. මම ආස ලපටි ඒවට කියලා අනික වයිෆ් ගන්නවා. අනේ මටත් ඕනෙ අමුවා කියලා තවන් ඉන්න අමුත්තොත් ලපටි ඒවා අරගත්තම ඉතුරු වෙන්නෙ අනිවා මෝරපු එකක්. ඉතිං මම ඒක කනවා.

    ඒක නෙවෙයි නදී මොකද අනේ මේවගෙ මඩගිනි දැනෙනෙ පෝස්ට් දාන්නෙ?

    henryblogwalker the Dude

    ReplyDelete
  20. "පුන් සඳ රෑට ඇවිදින් හේනේ කළුව බිඳ,
    රන් කෙඳි සේම රන් වන් 'ඉරිඟු' ඉඹින වද..."

    ReplyDelete
  21. මගෙත් ප්‍රියතම කෑමක් බඩ ඉරිඟු... මෙහෙදිත් ගන්නව පැකට් කරපු ළා ඒවා... ඒත් ලංකාවෙදි වගේ රස දැනෙන්නෙ නෑ.... දිවටද නැත්නම් හිතටද මන්දා....

    ReplyDelete