Saturday, January 21, 2012

*ක පල්ලෙන් බේරෙන කලිසම්


එක දවසක ,ඒ කියන්නෙ මට හරියටම දිනේ මතක නෑ.දවසක් බස් එකේ යනව,එච්චර දුරකුත් නෙමෙයි හරියටම කියවනව නම් රුපියල් 10ක විතර දුර.සීට් වල පිරෙන්න සෙනග හිටියා,තව කීපදෙනෙකුත් හිටගන යනව.

මෙන්න එක පාරට තරුණ පහේ "කොල්ලෙක්" බස් එකට නැග්ගා.සීට් නැති නිසා එයා බස් එකේ ඉස්සරහම සීට් හරියෙ හිටගන පොල්ලෙ එල්ලිලා යනව.තව කීපදෙනෙක්ම එහෙම හිටගන ගියා.ඉතින් ඕක ඔය හැටි දෙයක් යෑ නේද?.ඒකයෑ කාරණාව...

ටික වෙලාවකින් බස් එක යන අතරමග මේ කොල්ලා නැමි නැමී  ඉස්සරහ බලන්න ගත්තා හරියට අර බහින්න තියන තැන මග ඇරෙයි... මග ඇරෙයි...වගේ.අම්මපා එතකොට තමා බස් එකේ සෙනග නොසන්සුන් උනේ.ඔයාල හිතන්නෙ මොකක් නිසා කියලද ?ඔහොම ඉන්නකො කියන්න.

මේකා අර * පල්ලෙන් බේරෙන ඩෙනිම් කලිසමක් ඇදලා හිටියෙ.ඉතින් නැමෙන නැමෙන ගානට ඒක තව තව පහලට යනව.සෑහෙන ප්‍රමාණයක් පහලට බැහැලා,හරියට තව ටිකකින් බිම වගේ.මම් හිතන විදියට  යටට වෙන ඇදුම් ඇදලා හිටියෙත් නෑ.ඒක සෑහෙන අපහසුතාවක් උනා බස් එකේ අයට.ඔක්කොටම පේනව,අපහසුතාව බස් එකේ වාඩිවෙලා යන මිනිස්සුන්ට.ඒ කොල්ලට ගානක් වත් නෑ.අඩුගානෙ කලිසම පහළට ගිහින් කියල දැනුනෙ වත් නැති ගානයි.

ඉස්සරහ සීට් එකක හිටිය පොඩි පුතෙක් අම්මට පෙන්න පෙන්න හිනා වෙනව.අම්මේ! අම්මේ! අර...අර... කිය කියා.අම්ම නොදැක්කා වගේ අහක බලාගන ඉන්නව.:).

පස්සෙ ටික වෙලාවකින් "ශෝ එක" පෙන්නලා කිසිම ගානක් නැතුව ඒ කොල්ල බැහැල ගියා.බස් එකේ අය මූණෙන් මූණ බලාගන හිනා උනා.

92 comments:

  1. අර * නිසා මොනාවත් තේරෙන්නෙ නෑ. ඒකට එන්න ඕන වචනෙ මොකක්ද?

    A.J.

    ReplyDelete
    Replies
    1. දන්නෙ නැත්තම් නිකන් හිටු.

      Delete
    2. එමෙහ කියලා බෑ. ප්‍රශ්ණවලට උත්තර ඕන
      A.J.

      Delete
    3. මම මේකේ කොමෙන්ට් දාන තැන හොයා ගන්න බැරි වුන නිසයි මෙතන මගේ අදහස දැම්මේ.
      මගේ බ්ලොග් එක ප්‍රසිද්ද කරගන්න කරන උත්සාහයක් මේ කියල හිතෙනවනම් මේ කොමෙන්ට එක ඩිලීට් කරලා දාන්න
      මමත් අවස්ථා දෙකකදී මේ සිදුවීම ගැන ලිව්වා
      මේ පලවෙනි එක

      http://latapatalk.blogspot.com/2011/10/yata-aduma-penenna-adeema.html

      මේ දෙවෙනි එක

      http://latapatalk.blogspot.com/2012/01/epa-karapu-bus-karayo.html

      අපි මේවට විරුද්දව කතා කරන්න ඕනේ. නිහඩව ඉන්න එකත් අපරාදයක්. නිහඩව ඉදීමෙන් අපි කරන්නේ ඒවාට උඩගෙඩි දීම

      Delete
    4. jeromy- will send u a msg oki.:)

      All in one- අර තියෙන්නෙ කොමෙන්ට් දාන තැන පහල. හා කමක් නෑ කොහොම හරි කොමෙන්ට් එක දැම්මනේ.ස්තූතියි ලින්ක් වලට මම් බලන්නම්කො.

      Delete
  2. ඔය මොහොස්තරේට අඳිනව නං බ්‍රැන්ඩඩ් නමක් ඇති මිල අධික යට ඇඳුමක් ඇඳල ඉන්ට ඕනැ. මමකියන්නෙ අලුත් මොහොස්තර හොඳා ගෙදරිං කාර් එකට නැගලා තරු පහෙං බැහැල කාර් යතුර වැලේට දෙන ඈයොන්ට.බස් එකේයන්ට අඳින්ට අපෙ රටේ කොල්ලො කෙල්ලො කවුරුත් වගෙ දන්නෙ නැහැ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා අනුන්ව අහපසුතාවයට පත් නොකර ඕනේ දෙයක් නේද.

      Delete
  3. මරේ මරු.....ඕකට දිල් කියන්නෙ " ඔන්න වැටෙන්න....මෙන්න වැටෙන්න කලිසම " කියලා....හොඳ කතාවක් තියෙනවා..පෝස්ට් එකකින්ම දාන්නම්කො....

    ReplyDelete
    Replies
    1. අහ් එහෙනම් ලියන්නකො අපිටත් කියවන්න.

      Delete
  4. හපොයි ඔය ශෝ එකම ඒ/සී බස් එකක් කොන්දෙක් කළා දවසක්. පොර ඉස්සරහට ගිහින් 2ට නැමිලා රියදුරු සගයත් එක්ක කතා කළා. බස් එක ඉස්සරහ හරි මැද්දේ...

    ReplyDelete
    Replies
    1. අන්න ඔය තියෙන්නෙ :)

      Delete
  5. මාත් උසස්පෙළ කරන්න ගම්පහ යන දවස්වල කලිසම බස්සලා ඇඳලා තියෙනවා. හැබැයි මම් නම් ෂර්ට් එක හොදට යට කරලා අඳින්නේ නැත්නම් පස්ස එලියේ නෙව. හික්ස් :)

    පස්සේ දවසක අම්මත් එක්ක ගමනක් ගියපු වෙලාවක අපේ අම්මා මයේ කලිසම දැකලා ඉන අඩු කරලා මහලා තිබ්බා. අපරාඅදේ :(

    ReplyDelete
    Replies
    1. අම්ම හොද වැඩක් කරල තියෙන්නෙ.හොද වැඩේ.

      Delete
  6. ඔය මෝස්තරේ මුලින්ම පටන්ගත්තේ මයිකල් ජැක්සන් "Calvin Klein " යට ඇදුම් වලට පබ්ලිසිටියක් දෙන්න.

    ඇත්තටම කියනවානම් කලිසම මෙහෙම අදින්න හේතුව උනේ ඉනේ ආපු විසප්පුවක්.ඌ ඒකත් විකුණලා කීයක් හරි හොයාගත්තා.

    ReplyDelete
    Replies
    1. MJ එහෙම කරපු නිසානේ මේ අපේ එව්වො ශෝ දාන්නෙ,බලන්නකො විලිජැජ්ජයි.:)

      Delete
  7. දැන් ඔය වගේ එව්වා ඉතින් සුලභ දසුනක් නේ අක්කේ

    ReplyDelete
  8. මම දවසක් පිටකෝට්ටේ ෆුඩ් සිටි එකේ වාහනේ නවත්තල ඉන්නවා. හාමිනේ ඇතුලෙ බඩු ගන්නවා. මම ෆුඩ් සිටි එකේ වීදුරුවෙන් කම්මැලිකමෙන් ඇතුල බලන් ඉන්නවා. ආවා මහතැන් කෙනෙක්, කොට කලිසමක් ඇදලා, මේකත් ඔබ කිව් ජාතියේ එකක්. මෑන් මොනවදෝ උඩ රාක්කෙකින් ගන්න ඉස්සුනා. එතකොටම කලිසම දෙපතුලගාව. මෑන් වට පිට බැලුවා. බොලේ මම මහ හයියෙන් හිනා වෙනවා. මට බඩ අල්ලන් හිනා. මාව කන්න වගේ බලන් ඉඳලා කලිසම හදාගත්තා. අර කෙල්ලො ටික දිව්වා පැත්තකට. මේකා යනගමන් මගේ ලඟට ඇවිත් හයියෙන් කෙල පාරක් බිමට ගහල ගියා. මට තවත් හිනා. තමනට කන්ට්‍රෝල් නැති මගුල් මොකට කරනවද. ලෝකෙ හිනස්සනවා.

    ReplyDelete
    Replies
    1. හිකිz හූඌඌඌ.... කියන්න තිබ්බෙ.ලොල්

      Delete
  9. අපි වගේ හොද ලමයි නම් ඔහොම අදින්නේ නැ..... කට්ටියට ෆ්‍රි ශෝ එකක් පෙන්නන්න හිතෙන්න ඇති කොල්ලට..........

    ReplyDelete
    Replies
    1. එක එක අසහනකාරයෝ තමා.

      Delete
  10. යටට ඇඳලද තිබ්බෙ කියලත් නදී හොඳට බලන් ඉඳල.... දැන් ඌව බ්ලොග් එකේ චාටර් කරනව... චිකේයියා....

    ReplyDelete
    Replies
    1. එහෙම තමා පෙවුනානෙ ඉතින්.නොබලා කොහොමද :)

      Delete
  11. ඔක්කොමත් හරි යටට ඇඳලද නැද්ද කියලා හොයාගත්තු එකනෙ වැඩේ..

    ReplyDelete
    Replies
    1. ඉතින් බස් එකේ මිනිස්සු ඔක්කොම ඒක දැක්කා.ඔක්කොම මිනිස්සු යන්නෙ ඉස්සරහ බලාගනනේ.බලෙන් බලන්ඩදෙයක් නෑ පෙනුනා.සික්

      Delete
  12. නදී බෙල්ටි එකක් කාරිය දාලා තිබුන්නෑ

    ReplyDelete
  13. නදී බෙල්ටි එකක් කාරිය දාලා තිබුන්නැ ඒ කොලුගැටයා

    ReplyDelete
    Replies
    1. ඒක නම් හරියටම මතක නෑ.තිබ්බනම් හැලෙන්න විදියක් නෑ.:)

      Delete
    2. ඔච්චර දෙයක් පෙනෙද්දි බෙල්ට් එකක් තිබ්බද කියල හොයන්නේ කවුද?

      Delete
    3. ඒකනේ බෙල්ට් දිහා බලන්න කවුද? එහෙම වෙලාවක.ශෝ එක බලනව මිසක්.:)

      Delete
  14. "අවිශ්වාසයේ සංකේතය" කියන්නෙ ඕකට තමා

    ReplyDelete
    Replies
    1. කොයි වෙලේද සුවර් නෑනේ.ඒක වෙන්ටැ.

      Delete
  15. Oyata kathawak hoya gannama baruwada meka damme

    ReplyDelete
    Replies
    1. ඇයි එහෙම කියන්නෙ.මේකත් කතාවක් තමයි :)කතා නම් එමටයි.එකවර ලියන්න බෑනේ.:)

      Delete
  16. හෆ්ෆෝ.. ඔහොම එවුන් නම් මට පේන්න බෑ හෆ්ෆ..:/

    ReplyDelete
  17. චණ්ඩි *කනේ.... මහජන ප්‍රදර්ශනයට විවෘත නොකලොත් හරි නෑ. ඒකයි ඒ...

    ReplyDelete
  18. චණ්ඩි *කනේ.... මහජන ප්‍රදර්ශනයට විවෘත නොකලොත් හරි නෑ. ඒකයි ඒ...

    ReplyDelete
  19. http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/398606_10150464373200806_664980805_9025363_178802309_n.jpg

    ReplyDelete
  20. http://a6.sphotos.ak.fbcdn.net/hphotos-ak-ash4/398606_10150464373200806_664980805_9025363_178802309_n.jpg

    ReplyDelete
  21. ඔ‍හොම ඇඳපු අපේ එකෙකුට තවත් අපේම එකෙක් කරපු වැඩක් තමයි මේ...
    sathangeadaviya.blogspot.com/2011/08/blog-post_13.html

    ළඟදි මූණු පොතේ තිබුන පොටෝවක් හරහ තමයි දැනගත්තෙ ඔය ස්ටයිල් එක ඇවිත් තියෙන්නෙ ඇමරිකාවෙද කොහෙද හිරගේකින් කියල... උන් නම් ඒහෙම අඳින්නෙ හිරගේ ඇතුලෙදි ලිංගික අවශ්‍යතා ඉෂ්ඨ කරගන්න පාට්නර් කෙනෙක් ඕන කියන සිග්නල් එක දෙන්නලු... හැබැයි ඒ හොයන්නෙ නම් සමලිංගික පාට්නර් කෙනෙක් කියනවනෙ... මෙහෙ ඔහොම අඳින උදවියගෙත් අදහස ඒකද දන්නෙ නෑ..

    ReplyDelete
    Replies
    1. එව්ව කියන්න බෑ.ඒත් මොකක් හරි කෙහෙම්මලක් රටින් ආව නම් ඒක අපේ අය පිළිගන්නෙ ඉස්මුදුනින්නේ.ගැලපෙනවද බලන්නෙ නෑ අදිනව.අදින එකක් හරියට ඇදකෝ අනිත් මිනිස්සු අපහසුතාවට පත් නොකර.

      Delete
  22. සිකේ... මහ ලැජ්ජා නැති උන්.........

    ReplyDelete
    Replies
    1. ලැජ්ජාව තියනව නම් ඔහොම යයිද?

      Delete
  23. ඊයා.. මාර කොල්ලෝ තමයි ලංකාවෙත් ඉන්නේ.

    ReplyDelete
  24. ඔව්වට නේ හලෝ පැසන් කියන්නේ :D

    ReplyDelete
    Replies
    1. ආනේ එහෙමද මාර පැසොන් නේ එව්වා.

      Delete
  25. මටනම් ඔහොම බාගෙට අඳිනවා කියන්නේ ඊටවඩා ඔක්කොම එලියේ දාන් යන එක සැපක්..

    හරයක් ඇති දේවල් සහ හරයක් නැතිදේවල් වෙන්කරගන්න තරම් බුද්ධිමට්ටමක් සමහරුන්ට නෑ..

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත.අදින එක ඇදකෝ බාගෙට නැතුව.

      Delete
  26. ඒක එයාගේ කැමැත්ත!

    ReplyDelete
  27. Kellanta wage apitath pennanna mokak hari thiyenna epaya..

    ReplyDelete
  28. මම නම් එදා ඉඳන්ම කලිසම අඳින්නේ මටයි අනුන්ටය දෙගොල්ලන්ටම අපහසුතාවයක් නැති වෙන විදියට....:D

    ReplyDelete
    Replies
    1. එහෙම තමා වෙන්න ඔනේ :)

      Delete
  29. මල් පෝච්චිය පෙන්වාගෙන යනවා කියලා නේ ඔය සිස්ටම් එකට කියන්නේ ..

    ReplyDelete
    Replies
    1. එහෙමද මම් දැනගන හිටියෙ නෑනේ.

      Delete
    2. එතකොට කොහෙද බොලේ මල් පෝච්චිය තියෙන්නෙ.....?

      පේන්නෙ piggy bank එක විතරයිනෙ.... ;D

      Delete
  30. හොද වෙලාවට එයාට පිටිපස්සෙන් නදී හිටියේ නේද?

    ReplyDelete
    Replies
    1. ඒකනේ නැත්තම් බලාගන්න බැරිවෙනව,මදෑ නොමිලේ ඔච්චර හරියක් බලාගත්තා.:)

      Delete
  31. ඊයා, අක්කත් බලන ඒවා......

    ReplyDelete
    Replies
    1. බලන්ඩනේ පෙන්නන්නෙ ඉතින් බැලුවම මොකද නොමිලේ පෙන්නනව නම් .:)

      Delete
    2. ඒක ඇත්ත අක්කේ.:) අපිත් ඒ තියරිය තමයි අනුගමනය කරන්නේ. කොටට ඇඳගෙන, අරහෙන් මෙහෙන් පලාගෙන ඇවිත් පෙන්නනවා නම් අපිත් අනිවා බලනවා. නැත්තන් අපරාදේ නේ.:ඩී

      Delete
    3. අපිත් එහෙම අය දිහා බලනව :)

      Delete
  32. කාලෙන් කාලෙට වෙනස් වෙන අළුත්ම තාල ඕවා... අක්කලාට ඉරිසියාව...

    ReplyDelete
    Replies
    1. මොකට ඊරිසියා කරන්නද?වැඩේමයි.

      Delete
  33. එක එක පිස්සෝ ඉන්නවනේ. ඌ හිතනවා ඇති උගේ *ක අනුන්ට පට්ට ලස්සනයි කියල. දවසක් ඔහොම එකෙක් ෂෝ එකක් බස් එකකදී දැම්මම වයසක් ආච්ච් කෙනෙක් මහා හයියෙන් කෑගහල කිව්වා කොලුවෝ ඔන්න උඹේ කලිසම බිම වැටෙයි කියල. ඒක කිව්ව සැනින් මේකා ලාම්පුතෙල් ගෑවුන ගැරඩිය වගේ බස් එකෙන් මාරු උනා..

    ReplyDelete
    Replies
    1. අන්න එහෙම තමා කරන්න ඔනේ ලැජ්ජා කරල යවන්න ඔනේ ඔයවගෙ අයව.හික්z

      Delete
  34. හෆොයි මෙහෙමත් කොල්ලො ඈ..

    ReplyDelete
  35. නිකම් පෙන්නපු ෂෝ එක බලලා මෙතන ඌට බැනලා පෝස්ට් එකකුත් ලියලා .. .

    කැතයි හොඳේ . . හි හී

    ReplyDelete
    Replies
    1. හෙහ් ඒකත් ඇත්ත ආය කවදා ඔහොම ශෝ එකක් දකින්නද

      Delete
  36. මම එක පාරක් ‍රැව‍ටුනා ඔය මොඩල් එකක් දැකලා...ලංකරලා බැලින්නං කොලු තඩියෙක්..කොන්ඩෙත් වවලා ඈතට පෙනුනෙම ගෑනු පරානයක් වගේ....

    ReplyDelete
    Replies
    1. හිහ් මදැයි ඔයින් ගියා.

      Delete
  37. මම නං කොහෙදිද මන්ද කියෝපු හැටියට මේක කොල්ලන්ට අනතුරුදායක කොල්ලංගෙ විලාසිතාවකි.

    ReplyDelete
  38. ඔකට කියන්නේ කොල්ලගේ කලිසම අවිශ්වා‍සයේ සංකේතය කියලා. හැබැයී ඉතිං මම මේ ඇස් දෙකින්ම කෙල්ලොත් ඔය විදියට ඇදන් යනවා දැකලා තියෙනවා. එව්වට නම් කියන්න වෙන්නේ විලිලැජ්ජාවක් නැතිකම කියලා.

    ReplyDelete
    Replies
    1. කෙල්ලො මේ විදියට ඇදන් යනව මම් දැකල නෑ.

      Delete
  39. හාහා... ඔන්න බලාගෙන ඔය කලිසම වැටෙයි පුතේ... කියලා නදීට කියන්න තිබ්බේ.බෙල්ට් එකක් ගන්න සල්ලි නැති තරම් අපේ තරුණයෝ බංකොලොත්...

    ReplyDelete
    Replies
    1. බෙල්ට් එකක් ගන්න සල්ලි නැති කමද වෙන මොකක් හරිද අනේ මන්දා...

      Delete
  40. ඇයි කොල්ලන්ගේ විතරද ඔය සීන් එක දැකලා තියෙන්නෙ, මම නං කෙල්ලන්ගෙත් දැකලා තියනවා ....

    ReplyDelete
    Replies
    1. අහ් මම් දැකලා නෑනේ.

      Delete
  41. මේක කියවලා කතාවක් මතක් වුනා..

    http://samanalpatiya.blogspot.com/2012/01/blog-post.html

    ReplyDelete
  42. කෙල්ලො හිතාමතා ම ඔය විදියට ඇඳගෙන තමන්ගෙ නෙවේ වගේ ඔය පාරෙ යන්නෙ, එතකොට අපට වෙන අපහසුතාවය ගැන කතා කරන්න කවුරුත් නෑ... x-(

    ReplyDelete
    Replies
    1. උඹ කියන කතාවත් ඇත්ත මචන්..

      Delete
  43. ඕකට අපේ පවුලේ වචනය බට් ක්‍රැක් එක පේන්න අඳින කලිසම කියලා. මමත් ඔය ගැන ලියපු පෝස්ට් එකක් තවම ඩ්‍රාෆ්ට් එකේ තියෙනවා.

    henryblogwalker the Dude

    ReplyDelete
  44. ඕක ගණන් ගන්න එපා.. අනිත් එක ඔය පැත්තෙ මොනව පේන්නද.. හික්.. ඔය වගේද කෙල්ලෝ.
    කලිසම ගැලවුණොත් මිසක් ඉතින් අවුලක් නෑ...

    ReplyDelete
  45. කතාව ලියපු කෙනා ෙනාමිෙල් seen එක බලලා වාෙග්

    ReplyDelete