Wednesday, January 18, 2012

සිළුමිණි සෑය වැන්දෙමි


මාතෘකාව දැක්ක ගමන් පුදුම වෙන්න ඇති නේද මම් තව්තිසා දෙව්ලොව ගිහින් ආව වද්ද කියල,මොකද සිළුමිණි සෑය තියනව කියල අපි අහල තියෙන්නෙ තව්තිසා දිව්‍යලෝකෙනේ.බුදුරජාණන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කරන කොට කපලා අහසට විසිකර දැම්ම කේශධාතූන් කරඩුවක තැන්පත් කරල සක්‍ර දෙයියෝ සිළුමිණි සෑය කරවලා තියනව කියල තමයි පොත පතේ සදහන් වෙන්නෙ.  .ඒවගේම අහල ඇතිනේ සිළුමිණි සෑය ගැන කියන මේ බොදු ගීය.

සිළුමිණි සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ
ගලනා මිණි කද සේ නිල් සිසිල් ජලෙන් හොබනා
ලංකාර වූ අනොමා ගංගා තිරෙ දී එදිනා

සිරිමත් සිරි සිදුහත් කපාලා තමන් හිසකේ
මම මතු බුදු වේ නම් රැදේවයි සිතා ගුවනේ
අහසේ දැමුව ලෙසා සක් රජුන් මහත් තෙදිනා
රැගෙනා සන්තොසිනේ රම්‍ය තව්තිසා භවනේ

සිළුමිණි සෑය සදා කේසදා නිදන් කරලා
සෑමා අමුදගෙනා තුන් නිවන් පතා වදිනේ
සිළුමිණි සෑය වදිම් රම්‍ය තව්තිසා භවනේ
පතමින ශාන්ත අමා සුන්දර සම්පත් නිවනේ

කාලෙකට පස්සෙ වටේ පිටේ කට්ටිය එක්ක චාරිකාවක් යන්න හම්බවුනා.ඒ යන අතරේදි තමයි මේ ස්ථානෙත් දැක බලාගන වැදපුදාගන එන්න පුලුවන් උනේ.

සිළුමිණි සෑයෙ අනුරුව හදල තියෙන්නෙ කුරුණෑගල දිස්ත්‍රීක්කයේ හොරම්බාව ප්‍රදේශයේ පන්සලක.මේ සෑයෙත් කේශධාතුන් නිධන් කරල තියනව කියල තමයි කියන්නෙ.කුරුණෑගල පැත්තෙ උදවිය නම් මේ පන්සල ගැන දන්නව ඇති,කලින් මේ පන්සලට ගියපු අයත් ඇති.මම් නම් ගියෙ මුල්ම වතාවට.

ඔන්න ගිහින් නැති අයට බලාගන්නත් එක්ක පින්තූර ටිකක් එකතු කරා.මේ සෑය හදලා තියෙන්නෙ තට්ටු කීපයක් වෙන්න,නෙලුම් පෙති වල කුඩා සෑයවල් හතරකුත් තියනව,පේනව ඇතිනේ මේ පින්තූර වලින්.



 

21 comments:

  1. සාදු සාදු...මම මවාගෙන හිටිය සිළුමිණ සෑය මේ වගේ නෙවෙයි .

    ReplyDelete
    Replies
    1. අහලා තිබුනට මට නම් මේවගේ කියල හිතේ තිබ්බෙ නෑ.:)

      Delete
  2. යන්ඩ ඔ්න අප්ප වෙලාවක! :)

    ReplyDelete
  3. අක්කා මෙච්චර ලගට ඇවිදින් හොරෙන්ම ගිහින්නේ,, නිකමටවත් කිවේ නැනේ එනවා කියලා.. කිවානම් ඉතින් කථා කරලාවත් යන්න මුන ගැහෙන්න තිබුනනේ,,,

    ඔය තෑන ඉස්සර තරම් දැන් නම් ප්‍රසිද්ද නැ.. ඔය තැන ගැන කියන කථා ගොඩාක් තියනවා.. කොහොම උනත් ඒවා ඇත්තද කියලා මම හරියටම නොදන්න නිසා ඔනේ නැ.. ඒත් ආයේ මේ පැත්තේ එනවා නම් කියලා එන්න

    ReplyDelete
    Replies
    1. මල්ලි මම් දැනගන හිටියෙ නෑ ඔයා මේ පැත්තෙ කෙනෙක් කියලා.අනික යනකම් එහෙ තියෙන්නෙ කියල මම් දැනගන හිටියෙත් නෑ ඒ පංසල.ආයෙත් එන්න ලැබුනොත් අනිවාර්යෙන් කියන්නම්කො.

      Delete
  4. මම ගිහින් නෑනේ....

    ReplyDelete
    Replies
    1. පුලුවන් වෙච්ච දවසක ගිහින් බලන්ඩකො.

      Delete
  5. සිදුහත් කුමාරයා තවුස් දම් පුරන්න කෙස් වැටිය කපලා ඉහළට විසි කරපු අවස්ථාවේ ශක්‍ර දෙවියෝ ඒ කේශ ධාතු අරගෙන සිළුමිණි සෑය නිර්මාණය කළා වගේම සිදුහත් කුමාරයා තමන්ගේ රාජා ඇඳුම් අයින් කරලා තවුස් ඇඳුම් ඇඳගත්තාට පස්සේ සිදුහත් කුමාරයා ඇඳගෙන උන්නු රාජ ඇඳුම් ටිකත් අරගත්තු ශක්‍ර දෙවියෝ ඒවා තැන්පත් කරලා සළුමිණි සෑය නිර්මාණය කරනවා.

    ඒ වගේමයි බුදුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් අනතුරුව ආදාහනය කළාට පස්සේ සර්වඥ ධාතු බෙදද්දී ද්‍රෝණ බමුණා හොර රහසේ තමන්ගේ හිසේ සඟවා ගන්න දළදාවත් ශක්‍රය ද්‍රෝණගේ හිසෙන් රහසේම අරගෙන සිළුමිණි සෑයේ තැන්පත් කරලා තවමත් පුද පූජා පවත්වනවා කියලා තමා කියන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විස්තරේට මල්ලි.ඔයා ඉතිහාසය ඉගන ගන්න නිසා අපට වඩා මේවා ගැන ගොඩක් විස්තර දන්නවා ඇති.

      Delete
    2. මේ විස්තරේ නම් දන්නේ දහම් පාසලේ ලොකු සර් දවසක් මේ ගැන කරපු පාඩමක් නිසා :)

      Delete
    3. මේ විස්තරේ නම් දන්නේ දහම් පාසලේ ලොකු සර් දවසක් මේ ගැන කරපු පාඩමක් නිසා :)

      Delete
  6. මෙහි නිර්මාණකරුවාට ඔහුගේ මියගිය පියා වරින් වර සිහිනෙන් පෙනී සිට සැලැස්ම කියා දුන්නාය කියලයි මම අහලා තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඔව් මමත් ඔය කතාව අහල තියනව.එයා අනුරාධපුරේ කෙනෙක්ලු.හරියටම විස්තර දන්නෙ නැති නිසයි සදහන් කලේ නැත්තේ.

      Delete
  7. මම නම් ගිහින් නෑ. යන්න ආසයි.
    ඒත් නිවාඩු කොයි ???

    ReplyDelete
  8. කාලයක් නම් සිළුමිණ සෑයේ පාට ගාන්ඩ කියලා උපාසක අම්මලාගෙන් සල්ලි එකතු කළා, සාදු කියා කියා තමයි දුන්නේලු!

    "මාතෘකාව දැක්ක ගමන් පුදුම වෙන්න ඇති නේද මම් තව්තිසා දෙව්ලොව ගිහින් ආව වද්ද කියල" - කුරුනෑගල ආව කියන්නේ තව්තිසාවේ ගියා වගේ තමයි; හික්ස්..........

    ReplyDelete
    Replies
    1. අහ් එහෙමද? හිහි අපි නොදන්න කුරුණෑගල.:ඩි.
      මම් AL class ගියෙත් ඔහෙ.තව්තිසාවක්ම තමයි :))

      Delete
    2. @ sajith,
      අනිවාර්යෙන් ම මචන්! නේද...

      @ නදී,
      AL class ආව නම් අක්කත් දන්නව ඇති නෙ... ;)

      Delete
    3. ඔව් මොකද මම් නොදන්නෙ.:)

      Delete